Mirchi Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mirchi-vijay/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 24 Jan 2025 07:47:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mirchi Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mirchi-vijay/ 32 32 Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 07:41:54 +0000 https://braszers.tk/?post_type=movies&p=16596 Hey! Sinamika Sinhala Subtitles Hey! Sinamika (2022) Sinhala Subtitles A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hey! Sinamika Sinhala Subtitles

Hey! Sinamika (2022) Sinhala Subtitles

A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/feed/ 0
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 01:40:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55101 Let’s Get Married Sinhala Sub Let’s Get Married Sinhala Subtitles Let’s Get Married (2023) Sinhala Sub Let’s Get Married (2023) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment […]

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let’s Get Married Sinhala Sub
Let’s Get Married Sinhala Subtitles
Let’s Get Married (2023) Sinhala Sub
Let’s Get Married (2023) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්‍රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්‍රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්‍රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටයම දමිළ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්…

චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න… හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්?

හරි එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/feed/ 0
Adiyae! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adiyae-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adiyae-2023-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 16:50:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55817 Adiyae! Sinhala Sub Adiyae! Sinhala Subtitles Adiyae! (2023) Sinhala Sub Adiyae! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අවුරුද්දේ නිකුත් වුණ මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ scientific / romance / Thriller කියන Category එකට..IMDB අගයත් මේ වෙද්දී 6.4/10 ක්‌ අරගෙන තියෙනවා..ඒවගේම ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන G.V. ප්‍රකාශ් කුමාර්.. මෙයාගේ Pencil […]

The post Adiyae! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adiyae! Sinhala Sub
Adiyae! Sinhala Subtitles
Adiyae! (2023) Sinhala Sub
Adiyae! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අවුරුද්දේ නිකුත් වුණ මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ scientific / romance / Thriller කියන Category එකට..IMDB අගයත් මේ වෙද්දී 6.4/10 ක්‌ අරගෙන තියෙනවා..ඒවගේම ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන G.V. ප්‍රකාශ් කුමාර්.. මෙයාගේ Pencil 2016, Jail 2021 වගේ ෆිල්ම්ස් බලපු කට්ටිය නම් දන්නවා කොල්ල ගැන..

ෆිල්ම්ස් බලලා නැති කට්ටියත් කොහෙන් හරි මෙයාගේ නම අහල ඇති.. ඔව් ඒ වෙන කොහෙන්වත් නෙවෙයි ඉන්දියන් සුපර් ස්ටාර්ලාගේ ෆිල්ම්ස් වල Music Director කියන නමින්.. විජේගේ බ්ලොක් බාස්ටර් ෆිලුමක් වෙච්ච Theri…එතකොට මේ ඊයේ පෙරේදා ආපු ධනුෂ්ගේ Vaathi..එතකොට ධනුෂ්ගෙ එන්න තියෙන Captain Miller 2023 වගේ ෆිල්ම්ස් ගොඩකට මියුසික් කරේ මෙයා තමයි..

ඒවගේම ගොඩක් දෙනා දන්න කියන වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක් වෙන Venkat Prabhu ද මේකෙ ප්‍රධාන චරිතයක් කරනවා.. පොරගේ ආතල් කොමඩි ටිකකුත් තියෙනවා හැබැයි.. බලන්න data පොඩ්ඩක් කපා ගත්ත කියලා පාඩු නෑ.

ෆිලුම ගැන පොඩ්ඩක්…

කෙටියෙන් සරලවම කියනවා නම් මේක කාල තරණය සම්බන්ද ෆිලුමක්…අපි හැමෝම මේ ජාතියේ ෆිල්ම් බලලා තියෙනවානේ අප්පා නෑ නෑ මේක කෙලින්ම අතීතේට අනාගතේට යන එක විතරක්ම Focus කරපු කලින් බලලා තියෙන ජාතියේ ෆිල්ම් එකක් නෙවෙයි.. සාමන්‍යයෙන් ෆිල්ම්ස් වල කතා නොකරන Alternative Reality කියන පැත්ත මේකෙ කතා කරල තියෙනවා…

ඈ… මොකක්ද මේ Alternative Reality කියන්නේ… ඉන්න මං පැහැදිලි කරන්නම්!

අපි ඉස්කෝලේ යන කාලේ මැත්ස් වලට සම්භාවිතාව කියලා පාඩමක් ඉගෙනගෙන තියෙනවා නේ.. එකේදී කියලා දෙන්නේ සිද්දියක්‌ විය හැකි හා නොහැකියාව නේ.. මේකත් අන්න ඒවගේ.. සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්…

අයිසෙක් නිව්ටන් කියන Scientist ගුරුත්වාකර්ෂණය හොයාගත්ත ඇපල් ගෙඩියේ කතාව අපි හැමෝම වගේ දන්නවනේ… නිව්ටන් ගහයට ඉදගෙන ඉන්නකොට ඒ ඇපල් ගෙඩිය වැටෙනවා නේ.. බැරි වෙලාවත් නිව්ටන් ඒ ඇපල් ගෙඩිය ඇයි බිමට වැටුනේ කියලා නොහිතා, ඒක කෑවා නම් අද ගුරුත්වාකර්ෂණය කියලා විද්‍යාවක්‌ තියෙයිද, අපි ඉගෙනගනීද මේ ලෝකේ..?හැබැයි Alternative Reality ලෝකේ නිව්ටන් එහෙම කරා වෙන්න පුළුවන්, කියලයි මේ ෆිලුමෙ නම් පෙන්නන්නෙ!

හැමදේකම විය හැකි පැත්තක් සහ විය නොහැකි පැත්තක් තියෙනවා නේ..

අපි මේ ඉන්න විශ්වයට තමයි Reality කියන්නෙ…

එතකොට අනික් විශ්වය තමයි Alternative Reality කියන්නේ..

හැබැයි Alternative Reality එකේදී සිද්ද වෙන්නෙ, Reality ලෝකේ සිද්ද වෙන දේවල් වලට හාත්පසින්ම වෙනස් දේවල්..

මේ චිත්‍රපටියට අනුව, Reality ලෝකේ…

ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන ඇත්ත ලෝකේ, ඔයා තනිකඩව ඉන්නවා කියලා හිතන්නකෝ..

හැබැයි Alternative Reality ලෝකේ, ඔයා කසාද බැදලා ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්….

කාලයන්ත්‍රයක්‌ හරහා ඔයාට ඒ Alternative ලෝකෙට ගිහින් එන්න පුළුවන් උනොත් කොහොමට තියෙයිද..

සරලවම ඔන්න ඕක තමයි මේ කතාවේ තේමාව…

ජීවාගෙයි සෙන්තානිනීගෙයි ආදර කතාවට මේ ටයිම් ට්‍රැවලින් කියන දේ කොහොම බලපායිද කියලා දැනගන්න මේ ලස්සන ෆිලුම බලන්නකෝ…

පොඩ්ඩක් Science සම්බන්ද ෆිලුමක් නිසා පටලගන්නේ නැතුව මුල ඉදන් බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා…

හැමෝටම බුදුසරණයි!! ජේසු පිහිටයි!!

Sinhalasub.lk එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adiyae! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adiyae-2023-sinhala-subtitles/feed/ 0