Nizhalgal Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nizhalgal-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 16:51:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nizhalgal Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nizhalgal-ravi/ 32 32 Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 16:30:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90913 Oshana Sinhala Sub Oshana Sinhala Subtitles Oshana 2024 Sinhala Sub Oshana (2024) Sinhala Sub Oshana (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oshana Sinhala Sub
Oshana Sinhala Subtitles
Oshana 2024 Sinhala Sub
Oshana (2024) Sinhala Sub
Oshana (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/feed/ 0
Irai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/irai-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/irai-2022-sinhala-subtitles/#comments Mon, 10 Feb 2025 10:40:54 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=88937 Irai Sinhala Sub Irai Sinhala Subtitles Irai 2022 Sinhala Sub Irai 2022 Sinhala Subtitles Irai (2022) Sinhala Sub Irai (2022) Sinhala Subtitles Irai TV Series Sinhala Subtitles Irai TV Show Sinhala Subtitles

The post Irai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Irai Sinhala Sub
Irai Sinhala Subtitles
Irai 2022 Sinhala Sub
Irai 2022 Sinhala Subtitles
Irai (2022) Sinhala Sub
Irai (2022) Sinhala Subtitles
Irai TV Series Sinhala Subtitles
Irai TV Show Sinhala Subtitles

The post Irai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/irai-2022-sinhala-subtitles/feed/ 2
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/#comments Wed, 20 Nov 2024 01:26:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81895 Kishkindha Kaandam Sinhala Sub Kishkindha Kaandam Sinhala Subtitles Kishkindha Kaandam (2024) Sinhala Sub Kishkindha Kaandam (2024) Sinhala Subtitles කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. […]

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Sub
Kishkindha Kaandam (2024) Sinhala Subtitles

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/feed/ 1
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 04:45:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78174 Nandhi Varman Sinhala Sub Nandhi Varman Sinhala Subtitles Nandhi Varman (2023) Sinhala Sub Nandhi Varman (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් Thriller film හොය හොය හිටපු අයට එක හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලට යනකල්ම කුතුහලයෙන් බලාගෙනම ඉන්න හිතෙන සුපිරියක් අරගෙන ආවා..අනිවාර්යයෙන් හැමෝම මේක බලන්න නැත්තම් ලෝක අපරාධයක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ඔන්න එක ගමක […]

The post Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nandhi Varman Sinhala Sub
Nandhi Varman Sinhala Subtitles
Nandhi Varman (2023) Sinhala Sub
Nandhi Varman (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් Thriller film හොය හොය හිටපු අයට එක හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලට යනකල්ම කුතුහලයෙන් බලාගෙනම ඉන්න හිතෙන සුපිරියක් අරගෙන ආවා..අනිවාර්යයෙන් හැමෝම මේක බලන්න නැත්තම් ලෝක අපරාධයක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න එක ගමක නන්දි වර්මන් කියලා රජ කෙනෙක් අතීතයේ ජීවත් වෙලා තියෙනවා..මේ රජතුමාගේ ජීවත් වෙලා ඉන්න කාලේ නිධානයක් තිබිලා තියෙනවා විහාරස්ථානයක..ඒක දැන් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම පස් වලින් යටවෙලා ගිහින් තියෙන්නේ..ඔන්න මේක ගැන කැණීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එනවා මේ ගමට..මේ ගොල්ලෝ ආපු ගමන් ගමේ අමානුෂික විදියට මිණීමැරුම් වෙන්න ගන්නවා..ගමේ මිනිස්සු හිතන්නේ ඒ මිණීමැරුම් කරන්නේ අවතාරයක් කියලා..එහෙම වෙන්නේ අර විහාරස්ථානය කැණීම් කරන්න ආපු හින්දා කියලා ගමේ මිනිස්සු මේ කැණීම් කරන එක නවත්වන්න කියලා බල කරනවා..ඉතින් මේ පුරාවිද්‍යා කණ්ඩායමට ආරක්ෂාව සපයන්න ගුරු කියලා පොලිස් නිලධාරියෙක්ව රජය විසින් යොදවනවා..මේ ගුරූ කියන පොලිස් නිලධාරියා මේ මිනීමැරුම් කරන්නේ කව්ද කියලා හොයන්න ගන්නවා..එතකොට එයාට තේරෙනවා මේ මිණීමැරුම් කරන්නේ අවතාරයක් නෙමෙයි කියලා..

මේ සාහසික අපරාධ කරන්නේ කව්ද ????
අවතාරයක්ද නැත්තම් වෙන කවුරු හරිද ????
මේ හැමදේම පිටිපස්සේ සැගවුණු බිහිසුණු රහස මොකද්ද ????

මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග ඇර ගත්තොත් ඒක ලෝක අපරාධයක්..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/feed/ 0
Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 07:05:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77788 Annamalai Sinhala Sub Annamalai Sinhala Subtitles Annamalai (1992) Sinhala Sub Annamalai (1992) Sinhala Subtitles මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්. මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. […]

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Annamalai Sinhala Sub
Annamalai Sinhala Subtitles
Annamalai (1992) Sinhala Sub
Annamalai (1992) Sinhala Subtitles

මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්.

මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. Annaamalai හි සාර්ථකත්වත් එක්ක මෙය තෙලුගු භාෂාවට 1993දී Kondapalli ලෙසත් 2003 දී කන්නඩ භාෂාවෙන් Gokarna ලෙසත් ප්‍රති නිර්මාණ කරන ලදි. Rajinikanth, Sarath Babu ප්‍රධාන චරිතයද Khushbu , Radha Ravi, Nizhalgal Ravi,  Manorama සෙසු චරිතයන් විය..

මේ චිත්‍රපටයේ සංගීතය දේවා විසින් කරල තියෙන්නේ. ගීත ලියා ඇත්තේ වෛර මුත්තු විසින් . මේකට සංගීතය සපයන්න හිටියේ ඉලයරාජා. නමුත් කවිතාලයා එකේ නිෂ්පාදක බාලචන්දර් හා ඉලයරාජා අතර වුන වැරදිවැටහීමක් නිසා මේක දේවාට ගිහින් තියෙන්නේ. මේ වැඩේට රජිනිකාන්ත් හා සුරේස් ක්‍රිෂ්ණා එච්චර කැමතිවෙලා නෑ. ඒ දේවා බාලචන්දර් හා රජිනිකාන්ත් එක්ක එකතුවෙන ප්‍රථම චිත්‍රපටය මේක. දේවා එයා කවුද කියන එක පෙන්නුවා මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හොදම දේ ඒකේ සින්දු. විශේෂයෙන් ” රෙක්ක කට්ටි පරක්කුදඩි අන්නාමලයි සයික්කල් ” මගේ ෆේවරිට් සින්දුව ” ඔරු පෙන්පුරා ” තාත්තා දුව අතර බැදීම විහිදුවන සින්දුව. හැම සින්දුවක්ම හිට් සින්දු වුනා මේ චිත්‍රපටයේ .

කතාව බලමු

දුප්පත් කිරිකාර අන්නාමලයි හා පොහොසත් අශෝක් අතර කුඩා කාලයේ සිට ඇතිවෙන මිත්‍රත්වය තරුණයන් වූ පසු එහි ඇතිවන පලුදුව හා එයි ප්‍රතිඵල ලස්සනට විදහා දක්වන සාර්ථක චිත්‍රපටයක් අන්නාමලයි .

විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ පිටපත . බොහෝම අමාරුවෙන් හොයා ගත්තේ . හොද කොලිටි ප්‍රින්ට් එකක්. සිනෙරු එකෙන්ම බා ගන්න. තියෙන පිටපත්වලට සබ ගැලපෙන්නේ නැතිවෙයි.

එහේනම් පරන සුපිරි ෆිල්ම් එකක් බලලා කියන්න කොහෝමද කියල.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/feed/ 0
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/#respond Wed, 17 Apr 2024 18:17:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68956 Kandukondain Kandukondain Sinhala Sub Kandukondain Kandukondain Sinhala Subtitles Kandukondain Kandukondain (2000) Sinhala Sub Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kandukondain Kandukondain Sinhala Sub
Kandukondain Kandukondain Sinhala Subtitles
Kandukondain Kandukondain (2000) Sinhala Sub
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/feed/ 0
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 15:52:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68567 Vadakkupatti Ramasamy Sinhala Sub Vadakkupatti Ramasamy Sinhala Subtitles Vadakkupatti Ramasamy (2024) Sinhala Sub Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles

The post Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vadakkupatti Ramasamy Sinhala Sub
Vadakkupatti Ramasamy Sinhala Subtitles
Vadakkupatti Ramasamy (2024) Sinhala Sub
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles

The post Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/feed/ 0
Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ratham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ratham-2023-sinhala-subtitles/#comments Thu, 07 Dec 2023 18:48:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62097 Ratham Sinhala Sub Ratham Sinhala Subtitles Ratham (2023) Sinhala Sub Ratham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ.. 2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ […]

The post Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ratham Sinhala Sub
Ratham Sinhala Subtitles
Ratham (2023) Sinhala Sub
Ratham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ..

2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් අය ආස කැටගරි එකක් වෙච්ච crime-thriller කියන පැත්තට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ C. S. Amudhan කියන අධ්‍යක්ෂකතුමා..ෆිල්ම්ස් ගොඩක් කරල නැති නිසා වෙන්න ඇති නම කියපු ගමන් මීටරේට එන්නෙ නෑ.. එතකොට මේකෙ කතාව ලියල තියෙන්නෙත් එයාමයි..

රංගනය පැත්තට ගියොත් ප්‍රධාන චරිතය සදහා රංගනයෙක් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන දමිළ නළු Vijay Antony විසින්.. මේක විජේගෙ මේ අවුරුද්දෙ ආපු 4 වෙනි ෆිලුම..හැබැයි කලින් 3ම ස්ටෝරි සාමාන්‍ය මට්ටමක තිබුන නිසාදෝ මන්දා ප්‍රේක්ෂකයො වැඩි ප්‍රතිචාරයක් දැක්කුවෙ නම් නෑ ඒවට.. හැබැයි ඒ 3ටම වඩා මේ ෆිලුම හොද මට්ටමක තියෙනව කියල අනිවා කියන්න ඕන..විජේගෙ රංගනය උනත් කලින් ඒවගෙ තිබුනට වැඩිය හොද මට්ටමක තිබුණ.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Cast
Vijay Antony as Ranjith Kumar (Kumar)
Mahima Nambiar as Sangeetha/Annapoorani Sebastian
Nandita Swetha as Madhumitha (Madhu)
Remya Nambeesan as Keerthi, Chezhiyan’s fiancee
Nizhalgal Ravi as Rathna Pandian (Pandian), Chezhiyan’s father
John Mahendran as Inspector Vimal Raj

ලොකුව විස්තරේ කියන්න යන්නෑ මොකද මේක Thriller ෆිලුමක් නිසා..රංජිත් කුමාර් කියන ක්‍රයිම් ජර්නලිස්ට් නිතර නිතර සිද්ද වෙන ඝාතන වගයක් හෙළි කරගන්න දරණ උත්සහය තමයි මේක පුරාවටම තියෙන්නෙ..

ඔයාලම බලන්නකො එහෙනම් විජේගෙ මේ අවුරුද්දෙ ආපු අන්තිම ෆිලුමත් කොහොමද කියල…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ratham-2023-sinhala-subtitles/feed/ 4
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/#comments Fri, 13 Oct 2023 00:46:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54543 Mark Antony Sinhala Sub Mark Antony Sinhala Subtitles Mark Antony (2023) Sinhala Sub Mark Antony (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට […]

The post Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mark Antony Sinhala Sub
Mark Antony Sinhala Subtitles
Mark Antony (2023) Sinhala Sub
Mark Antony (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට ඇන්ටනි ගැන තිබුණ ආදරය නිසා එයා කෑම කන්නෙ ඇන්ටනිගේ පුතා මාර්ක් අහර කටක් කෑවට පස්සෙදියි. මාර්ක් එයාගේ තාත්තට, තාත්තා කරපු රැකියාවට වෛර කලා. ඒ නිසාම මේ තරම් ආදරය කරන ජැකී තාත්තත් එක්ක ඉන්න පවා මාර්ක් කැමති වෙන්නෙ නැහැ. මාර්ක්ට එයා ජීවත් වුණ නගරය දාලා යන්න ලොකු උවමනාවක් තිබුණා. මොකද ඇන්‍ටනි කියන නම නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු මාර්ක්ට පහත් ආකාරයෙන් සැළකුවා. ඒ විතරක් නෙවෙයි මාර්ක්, ඇන්ටනිගේ පුතා කියලා දන්නවා නම් අවුරුදු 3ක් ආදරය කරපු රම්‍යාගේ දෙමව්පියන්ව එකඟ කරගෙන විවාහය සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. නගරයෙන් පිටවෙලා යාම එකම විසඳුම කියලා හිතලා මාර්ක්ගේ ගරාජ් එක විකුණන්න තීරණය කලා. ඒත් ජැකී මාර්ක්ට ගරාජ් එක විකුණන්න හෝ මාර්ක්ට නගරයෙන් පිටවෙලා යන්න දුන්නෙ නැහැ. දවසක් රම්‍යාගේ අම්මා මාර්ක්, ඇන්ටනිගේ පුතා බව දැනගන්නවා. මාර්ක් කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා රම්‍යාගේ අම්මා දන්නවා වුණත් ඇන්ටනිගේ පුතාට එයාගේ දුවට බන්දලා දෙන්න කැමති වුණේ නැහැ. මේ සිද්දියෙන් හිතට වේදනාවක් ඇති වුණ මාර්ක් මත්පැන් පානය කරනවා. වෙරිමතින් රම්‍යාට කෝල් එකල් අරගෙන කතා කරන්න බැලුවත් බිල ගෙවපු නැති නිසා සම්බන්ධතාව විසන්ධි කරලා තිබුණා. කේන්තියෙන් ගරාජ් එකේ බඩු පෙරලන මාර්ක්ට අමුතු හැඩයේ ෆෝන් එකක් හොයාගන්න ලැබෙනවා. හරි සිහියක් නැති නිසා මේ ෆෝන් එකෙන් රම්‍යාගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. කෝල් එක අරගත්තෙ රම්‍යාගේ අම්මා. අඬා වැලපෙමින් රම්‍යාගේ අම්මට එයාව රම්‍යා එක්ක එකතු කරන්න කියලා අයදිනවා. රම්‍යා තවම 4 වසරේ ඉගෙන ගන්න ළමයෙක් කියලා රම්‍යාගේ අම්මා මාර්ක්ට හොඳටම බැනලා ෆෝන් එක තියනවා. ආයෙත් සැරයක් කෝල් එකක් ගත්තත් ඒ විදියටම කියලා බැන වදිනවා. මේක පටලැවිල්ලක් වෙලා තියෙද්දි, මාර්ක්ට මේ ෆෝන් එක ගැන උපදෙස් ලියලා තිබුණ පොතක් ලැබෙනවා. මේක කාලය තරණය කරන්න පුළුවන් ෆෝන් එකක්. කාල තරණය ගැන කියද්දිම මාර්ක්ට මතක් වුණේ එයාගේ තාත්තා ඇන්ටනිව. මාර්ක්ට එයාගේ තාත්තට හොඳට බනින්න උවමනා වෙලා තිබුණා. එහෙට මෙහෙට කෝල් කරලා කොහොම හරි ඇන්ටනිව සම්බන්ධ මරගෙන එයා එක්ක කතා කරනවා. ඒත් මාර්ක්, ඇන්ටනි ගැන හිතාගෙන හිටිය තරමට වඩා ගොඩක් දරුණුයි කියලා එදා දැනගත්තා. ඒ නිසා එයාගේ තාත්තා දාමරිකයෙක් වෙන්න හේතු වුන තත්වය වළක්වන්න හිතුවා. ඇන්ටනි හොඳ කෙනෙක් වුණොත් මාර්ක්ව සමාජයේ කොන් කිරීමකට ලක් වෙන්නෙ නැහැ. පුස්තකාලයෙන්, අහල පහල මිනිස්සුන්ගෙන් ඇන්ටනි ගැන විස්තර එකතු කරන්න ගත්තා. සෑහීමකට පත් වෙන්න පුළුවන් විස්තරයක් හොයාගන්න ලැබුණෙ නැහැ. ඒ වුණත් ඇන්ටනිට ජැකී ඇරෙන්න සමීප තවත් කෙනෙක් ගැන හොයාගන්න ලැබුණා. ඒ ඇන්ටනි වෙනුවෙන් නඩු කටයුතු වලට පෙනීසිටි නීතීඥ සෙල්වම්. ඒත් ඇන්ටනි මැරිලා කීප දවසකින්ම සෙල්වම් මැරිලා තිබුණා. සෙල්වම් මැරෙන්න මාස කීපයකට කලින්ම කෝල් එකක් අරගෙන ඉදිරි මාස කීපයේ සිදුවන සිදුවීම් ගැන කියනවා වගේම, ඔහුව මරණයෙන් බේරාගන්න අවවාද කරනවා. මාර්ක් ගැන විශ්වාසයක් තියෙනවා නම් දවසක් වෙලාවක් කියා(වර්ථමානය) මාර්ක්ව හමුවෙන්න එයාගේ ගරාජ් එකට එන්න කියලා ඉල්ලනවා. විනාඩි කීපයක් ගත වුණාට පස්සෙ නීතීඥ සෙල්වම් මාර්ක්ගේ ගරාජ් ඉදිරියෙන් මතුවෙනවා.

දෙමළ සිනමාවේ බිහි වූ විශිෂ්ඨම වාණිජ සිනමා චිත්‍රපටය Bassha (1995)චිත්‍රපටයයි. දෙමළ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ඨම දුෂ්ඨයා මාර්ක් ඇන්ටනි. බාෂා චිත්‍රපටයේ මාර්ක් ඇන්ටනිට පණ දුන්නේ විශිෂ්ඨ නළු රඝුවරන්. මාර්ක් ඇන්ටනි චරිතය තමන්ව බලපවත්වමින් රඝුවරන් රඟපෑ බව බාෂා රජිණිකාන්ත් විසින් සඳහන් කරනවා. Bassha චිත්‍රපටයේ දෙවෙනි කොටසක් නිර්මාණය වීමට තිබූ එකම අවස්ථාවත් වැසී යන්නේ රඝුවරන්ගේ අභාවප්‍රාප්ත වීම නිසායි. “බාෂා ඉන්නවා, ඇන්ටනි කොහේද?” රජිණිගේ උත්තරය වුණේ ඒක.

මාර්ක් ඇන්ටනි නමින් නම් කරත් චිත්‍රපටයේ කතාවට බාෂා කතාව හෝ මාර්ක් ඇන්ටනිගේ චරිතයේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. කොහොම වුණත් මාර්ක් ඇන්ටනි කතාවට Sardar (2022), Baba (2002), Sandakozhi (2005), Vikram (2022), Oke Oka Jeevitham (2022), Maanaadu (2021) කියන චිත්‍රපටවල ආභාෂය ලබගෙන තිබෙනවා. මේ අතරින් වඩා කැපී පෙනෙන්නේ සර්දාර් චිත්‍රපටයේ කතාව. මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේ විෂාල් ක්‍රිෂ්ණන්, SJ සූර්යා, රිතූ වර්මා, සුනිල් වර්මා, රෙඩින් කින්ග්ස්ලි, අභිනයා, සෙල්වරාඝවන්, නිළල්ගල් රවී, YG මහේන්ද්‍රන් යන අය රඟනවා. කාර්ති තම හඬින් මෙහි කතාව ඉදිරිපත් කරනවා.

පසුගිය මාසයේ නිකුත් වූ Jailer (2023) චිත්‍රපටයේ “Kaavaalaa” ගීතය මහත් ආකර්ෂණයට ලක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටියේ ට්‍රේලරයේ “Panju Mittai Selai Katti” ගීතයේ කොටස ට්‍රේලරයට වඩා උත්කර්ෂවත් නිමාවක් ලබා දුන්නා. ඉතින් ඒ කාවාලා සින්දුවේත්, මේ පංජු මිටායි සින්දුවෙත් දර්ශනයේදී දකින්න ලැබෙන්නෙ සුනිල්ව. සුනිල් Maaveeran (2023) චිත්‍රපටයෙන් කොලිවුඩයට ප්‍රවේශ වුණා. මේ මාස 3 ඇතුලත මාසයකට එක බැගින් සුනිල් රඟපෑ දෙමළ චිත්‍රපට 3ක්ම තිරගත වෙලා තියෙනවා. මීලඟට කාර්තිගේ Japan (2023) දෙමළ චිත්‍රපටයේත් Game Changer (2024), Guntur Kaaram (2024), Pushpa 2 : The Rule (2024) තෙළිඟු චිත්‍රපට වලද සුනිල් රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ GV ප්‍රකාෂ් කුමාර්. ප්‍රකාෂ්ගේ සංගීතය මේ චිත්‍රපටයේ මුදුන් නාරටිය බඳුයි. ට්‍රේලරය නිකුත් වීමත් එක්කම ප්‍රකාෂ් සංගීතයෙන් ලොකු වැඩ කොටසක් කරයි කියලා ප්‍රේක්ෂකයින් ඉහළ බලාපොරොත්තුවක් තබා ගත්තා. බලාපොරොත්තු සුන් වීමක් නම් වුණේ නැහැ, හිතපු විදියටම ප්‍රේක්ෂකයින්ට සංගීතයෙන් හිත පිරෙන්නම සංග්‍රහයක් ලැබුණා. මෑත කාලීනව චිත්‍රපටවලට පැරණි චිත්‍රපට ගීත යොදාගැනීම දකින්න පුළුවන්. ඒ ආකාරයට මෙහි “Panju Mittai Selai Katti”[Ettupatti Raasa (1997)], Varuthu Varuthu Vilagu Vilagu”[Thoongathey Thambi Thoongathey (1983)], “Adiye Manam Nilluna”[Neengal Kettavai (1984)] යන ගීත තුන එකතු කරගෙන තියෙනවා.

ආදික් රවිචන්ද්‍රන් අධ්‍යක්ෂක වරයෙක් විදියට සිනමාවට අවතීර්ණ වෙන්නේ Thrisha Illana Nayanthara (2015) චිත්‍රපටයෙන්. වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටය නිකුත් කෙරුනා.(බ්‍රිතාන්‍යයේදී ඇර) ප්‍රකාෂ් කුමාර් ප්‍රධාන චරිතය රඟපෑවා. ඔහු විසින්ම ඊට සංගීතය ද සැපයුවා. ඉන් පසුව ආදික් Anbanavan Asaradhavan Adangadhavan (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලා. මේ චිත්‍රපටයට යොමු වෙන්නේ Virgin Mappillai නම් චිත්‍රපටියකට යොමු වී සිටින අතරතුරදියි. මේ AAA චිත්‍රපටය බොහෝ ප්‍රශ්න මැද නිෂ්පාදනය වුණ චිත්‍රපටයක්. හේතුව සිලම්බරසන්ගේ නොහික්මුණ හැසිරීමත් විවිධාකාරයේ බධා කිරීමත් නිසායි. පළමු ෂෙඩූලයේදිම මේ පිළිබඳව චෝදනා ගොනු කෙරුණා. මාස දෙකක් යනතුරු නිළියක් එකඟ කර ගැනීමටද නොහැකි වුණා. සිලම්බරසන්ගේ ඉල්ලීමෙන් රූගත කිරීම් වෙනත් ප්‍රදේශයක් වෙත යනවා. මොකද සිලම්බරසන් මදුරෛ ඌෂ්ණ කාළගුණයට අකමැති වුණා. ඒ වුණත් තවදුරටත් සිම්බු රූගත කිරීම් ප්‍රතික්ෂේප කරමින් සිටියා. නියමිත කාලයට ෂෙඩූලය නිම කරගන්න බැරි වෙනවා. සිම්බු අසාධාරණ විදියට ශ්‍රියා සරන්ව මාරු කරන ලෙසටත් ඉල්ලනවා. ඉන් පසු රූගත කිරීම් ඩුබායි වෙතට මාරු කරනවා. ඒ වගේම සිම්බු තිර කතාවේ ඇති පරිදි සිරුරේ බර අඩු කරගන්නා බවටත් බොරු පොරොන්දු දෙනවා. දින 78ක ෂෙඩූලයකින් ඔහු රූගත කිරීම් වලට සහභාගි වී තිබුණේ දින 38ක් බව නිෂ්පාදක වරයා කියා සිටියා.

Adhirudha ගීතය අසල් කෝලාර් විසින් රචනා කර තිබෙනවා. DD Returns (2023) චිත්‍රපටයේ උපසිරැසි ලිපියේ අසල් කෝලාර් ගැන විස්තරයක් සඳහන් කරලා තියෙන නිසා ආයෙත් හඳුන්වලා දෙන්නෙ නැහැ. අධ්‍යක්ෂක ආදික් රවිචන්ද්‍රන් මෙහි “I Love You Di” ගීතය රචනා කර, ගායනා කර තිබෙනවා. චිත්‍රපටියේ කිසි තේරුමක් නැතිව “I Love You Di” ගීතය එක් කරලා තිබෙන බවක් දකින්න පුළුවන්. ඇත්තටම මේ සින්දුව චිත්‍රපටියට එක් කරන්න හේතුවක් වුණේ විෂාල්ගේ Enemy (2021) චිත්‍රපටයේ එන ‘Tum Tum’ සින්දුව ඉන්ස්ටග්‍රෑම් වැඩිම රීල්ස් ප්‍රමාණයක් නිකුත් වුණ දෙමළ ගීතය වීමයි.

“ආම්බල ආම්බල… ආහ් අහ් ආම්බල” පසුබිම් වාදනය එක්ක ජීප් එකේ උඩ පාවෙලා එන විෂාල්ට පහුගිය කාලය එතරම් හිතකර නැහැ. චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තිබුණත් අවුරුදු ගාණකින් විෂාල්ට සැළකිය යුතු තරමේ සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. Irumbu Thirai (2018) චිත්‍රපටිය විෂාල්ට දැවැන්ත සාර්ථකත්වයක් ලබා දුන්නා. ඉන් පස්සෙ විෂාල්ට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, හැකින් (Hacking) ගැන වඩා උනන්දුවක් ඇති වුණා. Chakra (2021) බැලූ බැල්මට irumbu Thirai එක සමාන තේමාවක් හා නිමාවක් සහිතයි. මේ චිත්‍රපටියටත් තාක්ෂණය, විද්‍යාව සම්බන්ධ තේමාවක් ඇතුලත්. මාර්ක් ඇන්ටනි රූගත කිරීම් අතරේදී විෂාල් අනතුරකටද ලක්වෙනවා. අවසන් ජවනිකාවේ දැවෙන ට්‍රක් රථය පාලනයෙන් ගිලිහී කඩාගෙන වදින වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. මේ ඒ අනතුරද කියන්න නම් දන්නෙ නැහැ. කොහොම වුණත් විෂාල් මේ සැප්තැම්බර් 15 නිකුත් වුණ මේ මාර්ක් ඇන්ටනිගෙන් ආයෙත් සාර්ථකත්වයක් අත්කර ගන්නවා. Thupparivaan 2 චිත්‍රපටය සහ Vishal 34 නමින් නම් කෙරුණු චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි. තුප්පාරිවාලන් 2 චිත්‍රපටය පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල මිස්කින් විසින් නොකරන බවත් විෂාල් විසින්ම එය අධ්‍යක්ෂණය කරන බවත් ඔහු විසින් සඳහන් කලා. මොකද මේ වෙද්දි විෂාල් හා මිස්කින් අතර මතභේදය දුරදිග ගොස් දෙදෙනා විරසකව තිබෙනවා. Vishal 34 චිත්‍රපටය Saamy (2003), Thaamirabharani (2007), Singam (2010) චිත්‍රපට අධ්‍යක්ෂණය කල හරි විසින් අධ්‍යක්ෂණය කරනවා. සංගීතය සපයන්නේ DSP හෙවත් දේවි ශ්‍රී ප්‍රසාද්. මීට පෙර හරි, විෂාල් රඟ පෑ Thaamirabharani (2007), Poojai (2014) චිත්‍රපට අධ්‍යක්ෂණය කලා.

රඟපෑමට ආසාවෙන් සිනමාවට පිවිසුණ SJ සූර්යා චිත්‍රපට කිහිපයක සුළු චරිත ඉදිරිපත් කරනවා. ඒත් ප්‍රධාන නළුවෙක් වෙන්න නම් බොහෝ කල් ගතවෙනවා කියලා සූර්යාට තේරුම් ගියා. ඒ නිසා විවිධ සම්බන්ධකම් මාර්ගයෙන් සූර්යා සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙනවා. කුළුඳුල් සිනමා නිර්මාණය විදියට Vaali (1999) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. එය දින 270ක් පුරා තිරගත වෙමින් වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තා. මීට සම්මාන කීපයක්ද හිමි වුණා. අජිත් කුමාර්, ජ්‍යෝතිකා රඟන මේ වාලි චිත්‍රපටයේ කතාවේ ඇතුලත් වෙන්නේ තම බාල නිවුන් සහෝදරයාගේ බිරිඳ ඉදිරියේ බාල සොහොයුරා ලෙසින් පෙනී සිටිමින් අයුතු වාසි ලබාගන්නට උත්සාහ කරන වැඩිමහල් සහෝදරයෙකුගේ කතාවක්. රාමායණයේ එන වාලි නම් මිත්‍යා පුරාවෘත්තය මීට ආභාෂය කරගෙන තියෙනවා. පසුව සූර්යා Kushi (2000) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබනවා. මේ චිත්‍රපටයද සාර්ථක අයුරින් තිරගත වූවා වගේම සම්මාන කිහිපයකට හිමිකම් පෑවා. ඒ විතරයි නෙවෙයි, Kushi නමින්ම තෙළිඟු, හින්දි භාෂා වලින් සූර්යා විසින්ම ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. තෙළිඟු චිත්‍රපටයද අති සාර්ථක වුණා. ඒත් හින්දි චිත්‍රපටය ආදායම් වශයෙන් අසාර්ථක වුණා. සූර්යාගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය ලෙසින් New සහ Naani චිත්‍රපට සමාන්තරව අධ්‍යක්ෂණය කරනවා. මීට පාදක වන කතාව Big (1998) චිත්‍රපටයේ අනුවර්තනයක්. ප්‍රධාන චරිතය වෙනුවෙන් අජිත් කුමාර් යොදා ගැනීමට උත්සාහ කලත්, අජිත් ඒ වන විටත් තෝරාගෙන තිබූ චිත්‍රපට සමඟින් කාර්යබහුල වීම නිසා දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සූර්යා ඉදිරිපත් කරනවා. තෙළිඟු චිත්‍රපටයට මහේෂ් බාබු සම්බන්ධ කරගන්නවා. නිව් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් ලෙසින් වාරණ මණ්ඩලය නියම කලා. වාරණය කල කොටස් නැවතත් ඇතුලත් කිරීම සහ සහතිකකරණයට ඉදිරිපත් කිරීමේදී අසභ්‍ය දර්ශන සහිත ගීතයක් ඉදිරිපත් නොකිරීම වාරණ මණ්ඩලයේ සහතික කිරීම සම්බන්ධයෙන් කීප වතාවක්ම සූර්යාට අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් සූර්යා ආසාවෙන් හිටියා වගේම ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයද ආදායම් වශයෙන් සාර්ථක වුණා. නානි චිත්‍රපටය අසාර්ථක වුණත් මහේෂ් බාබුගේ රංගන කුසලතා නිසාවෙන් ඔහුට ‘නානි’ කියන නම පටබැඳෙනවා. හතරවැනි සිනමා අධ්‍යක්ෂණය විදියට BF(Best Friend) නමින් චිත්‍රපටයක් තාවකාලිකව නම් කර වැඩ කටයුතු පටන් ගන්නවා. ඒත් මේ BF දෙශපාලනිකව පවා මතභේදයට තුඩු දුන්නා. මොකද සූර්යාගේ මීට පෙර චිත්‍රපට පිරික්සලා බලද්දි මේක Blue Film වෙන්නත් පුළුවන් කියලා. පස්සෙදි මේ BF, දෙමළ හෝඩියේ මුල් අකුරු දෙක A Aah විදියට මාරු කරනවා. මේකේ දිගුවක් විදියට Anbe Aruyire (2005) ලෙසට නම් කරනවා. නැවතත් අවුරුදු 10කට පසුව ඔහුගේ 5 වැනි සිනමා අධ්‍යක්ෂණය විදියට Isai (2015) චිත්‍රපටය නිර්මාණය කරනවා. 2004 සිටම මේ චිත්‍රපටය ආරම්භ කරන්නට උත්සාහ කලත් නොයෙක් කාරණා නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වුණා. මේ චිත්‍රපටයට The Truman Show (1998) චිත්‍රපටය අභාෂය ගෙන තිබෙනවා. තවද මෙහි ඒ.ආර්. රහුමාන් සහ ඉලෛයරාජා අතර සිදුවුණ සැබෑ සිදුවීම් ආභාෂය ලබා තිබෙනවා. මෙවර සූර්යා ඉසෛ(සංගීතය) චිත්‍රපටයෙන් සංගීතය අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මීට යහපත් ප්‍රතිචාර හිමිවුණා වගේම වාණිජමය වශයෙන් සාර්ථකත්වයක්ද අත්කර ගත්තා. මේ අතරතුරදි සූර්යා චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නොවන චරිත ද ඉදිරිපත් කලා. Iraivi චිත්‍රපටයේ අරුල් දාස් චරිතය සූර්යාගේ හොඳම රංගනයක් දැකගත හැකි චරිතයක්. පසුව සූර්යා Spyder (2017), Mersal (2017), Maanaadu (2021), Don (2022) චිත්‍රපටවල ප්‍රතිමල්ලව චරිත ඉදිරිපත් කරනවා. Nenjam Marappathillai (2021) චිත්‍රපටියේ සෙල්වරාඝවන් තමන්ගේ හිතින් හිතපු ආකරයටම සූර්යා චරිතයට ජීවය දුන්නා කියලයි කියන්නෙ. ඉදිරියේදී තිරගත වීමට නියමිත Jigarthanda Double X (2023), Game Changer (2024) සහ ධනුෂ්ගේ 50 චිත්‍රපටයේ සූර්යා රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටයේ වියෝ වූ නිළි සිල්ක් ස්මිතාව, වෙනත් නිළියක්ව යොදාගෙන මුහුණ CG මඟින් සැබෑ රූපය ලබාදෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එය එතරම් සාර්ථක නැහැ. ඒ වගේම සිල්ක් ස්මිතාට කාමුකත්වය ඇවිස්සෙන ආකාරයේ කටහඬක් දී තිබුණත්, සැබෑ තත්වය ඊට වෙනස්. සැබෑම කාරණාව නම් එකල සිල්ක් ස්මිතා තම ලයාන්විත රංගනයෙන් පාළු වීමට තිබූ බොහෝ සිනමාශාලා දර්ශනවාර පිරවීමට හේතු වුණා. නළුවන් බෙදාගෙන කණ්ඩායම් බෙදුනත් ස්මිතාට බොහෝ පිරිමි ප්‍රේක්ෂකයින් සිල්ක්ගේ කණ්ඩායමට අයිතියි. සිල්ක් ස්මිතා නොහොත් විජයලක්ෂ්මි අසභ්‍ය දර්ශන, අඩ නිරුවත් දර්ශන රංගනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් නිළියක්. කුරිරු සමාජයක් මැද ජීවිතය ගෙනවිත් ඇයට මේ වෘත්තීය තෝරාගැනීමට සිදු වනවා. හරිහැටි ඉන්න හිටින්න තැනක් පවා නැතිව තියෙද්දි නළු විනු චක්‍රවර්ති ඇයට උපකාර කරනවා. අවසානයේ නොයෙක් තර්ජන, මානසික ආතතිය වැනි හේතු නිසාවෙන් ඇය 35 වියේදි සියදිවි නසාගන්නවා.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ යහපත් ප්‍රතිචාර ලැබුණා. නිකුත් වූ දින ගෝලීය වශයෙන් ඉ.රු. කෝටි 12ක් පමණ හා දින5ක කාලයක් තුල ඉ.රු. කෝටි 62ක පමණ මුදලක් උපයා ගන්නවා. කෝටි 100 කඩයිම තව නොබෝ දිනකින් පසු කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්.නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

❗ළමායි ලින්ක් Original පිටපතට Update කරල තියෙන්නෙ ❗

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/feed/ 6
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 09:08:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49708 Por Thozhil Sinhala Sub Por Thozhil Sinhala Subtitles Por Thozhil (2023) Sinhala Sub Por Thozhil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් […]

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Por Thozhil Sinhala Sub
Por Thozhil Sinhala Subtitles
Por Thozhil (2023) Sinhala Sub
Por Thozhil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම, මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා කෘෘර වදහිංසා දීම හා ඉන්පසු ඝාතනය කිරීම, ඔවුන් විසින් සිදුකල එම අපරාධය හසුනොවන ආකාරයට සැලසුම් සහගතවීම ආදී ක්‍රියාවන් සිදුකර ආත්ම තෘප්තියක් ලබන මෙවන් පුද්ගලයින්ව එක් පැතිකඩක විකෘති මානසික ආබාධ තත්වයන්ගෙන් පෙලෙන අය ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් ඇත්ත වශයෙන්ම සමාජයට බරක් මෙන්ම අහිංසක ජනයාගේ ආරක්ෂාවටද දැඩි අවදානමක් ගෙන දෙනවා. එසේ නම් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි විකෘති මානසික ආබාධ සහිත අයෙක් බවට පත්වන්නේ කෙසේද? මෙය වෙනත් ස්ථානයකදි මනෝ විද්‍යාත්මක සාධක සමඟින් ගැඹුරින් සාකච්ඡා කල හැකි සංවාදයට විවතෘ මාතෘකාවක්. පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. ඔහු කරන ක්‍රියාවන් යහපත් ඒවාද අයහපත් ඒවාද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුව සහ ඔහුගේ ජීවිතයට ඉඳුරාම බලපෑමක් එල්ලකල හැකි අනෙකුත් පුද්ගලයින් අනුව යැයි. ඈත අතීතයේ විසු ශාස්තෘවරුන් පවා දේශනා කර තිබෙන බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. එම නිර්නායක ද්විත්වයට අනුව ගත් කල විකෘති මානසික ආබාධයට පත්වූ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවලට වඟකිව යුත්තේ ඔහු පමණක්මද? මොවුන්ට අප අනුකම්පා කල යුතුද? දඬුවම් දීම පමණක්ම කල යුතුද?

සිනමාපටය තුල ගැබ්වී තිබෙන කතාවෙහි සමාජයට නිකුත් කරනු ලබන වැදගත් පණිවිඩයක් තිබෙනවා. මෙය සිනමාපටයකට ආවේණික වූ ප්‍රේක්ෂකයාට ලබාදෙන තෘප්තිය ඉතා ඉහල මට්ටමකින් තබාගෙන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රායත් සාර්ථක කරගන්නා අතරම මෙම වැදගත් පණිවිඩය සිය ප්‍රේක්ෂකයින් හට ලඟා කිරීමට මෙහි රචනය සිදුකල Alfred Prakash සහ රචනය මෙන්ම අධ්‍යක්ෂණයද පවා සිදුකල නවක සිනමා අධ්‍යක්ෂ Vignesh Raja සමත්ව තිබෙන බව අවිවාදයෙන් යුතුව කිවයුතු කරුණක්. මෙම සිනමාපටයට අදාල මාගේ සමාලෝචනය මෙතැනින් නිමාකොට සිනමාපටයේ අනෙකුත් තොරතුරු වෙත යොමුවෙනවා.

පොලිස් අධිකාරිවරයා :- කවුද මේක ඉස්සෙල්ලාම දැක්කේ?
පොලිස් කොස්තාපල්වරයා :- අපේම කෙනෙක් සර්. රෑ මුර සංචාරේ යන ගමන් දැකලා.

පොලිස් අධිකාරිවරයා :- මොකද මෙච්චර කළුවර? ලයිට් දෙකක් තුනක් දැම්මනම් හරි නේද?

පොලිස් කොස්තාපල්වරයා :- සර් තාම කරන්ට් වයර් අදින ගමන්.
පොලිස් අධිකාරිවරයා :- හරි හරි ඉක්මන් කරනවා.

පොලිස් අධිකාරිවරයා :- මැරිලා ඉන්න කෙල්ල කවුද කියලා අඳුරගත්තද?
පොලිස් කොස්තාපල්වරයා :- අපි බලන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ආවාද?
පොලිස් කොස්තාපල්වරයා :- මඟ එන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලත් නෑ. තාම ලයිට් වලට වයර් ඇදලත් නෑ.

පොලිස් අධිකාරිවරයා :- ඒත් තමුසේ සේරටම කලින් මට කතා කරලා මාව ගෙන්නුවා. චික් විතරක්.

පොලිස් කොස්තාපල්වරයා :- සර්, මීට දවස් තුනකට කලින් අර වැඩට යන කෙල්ලක්ව මරලා දාලා තිබුණා මතකද?

පොලිස් අධිකාරිවරයා :- ඔව්, ඒ අර තූවාකුඩි ගම පැත්තෙනේ.

පොලිස් කොස්තාපල්වරයා :- ඔව් ඒ සිද්ධිය තමයි සර්.

පොලිස් අධිකාරිවරයා :- ඒක මොකටද ඕයි දැන් මතක් කරන්නේ?

පොලිස් අධිකාරිවරයා :- ඒ සිද්ධිය දැකලා දවස් දෙකක් යනකල් මට පාඩුවේ නිදාගන්නවත් බැරුව හිටියේ.

පොලිස් කොස්තාපල්වරයා :- සර් මේ කෙල්ලවත් මරලා තියෙන්නේ ඒ විදියටමයි.

පොලිස් කොස්තාපල්වරයා :- ඔළුව පිටිපස්සට ඇදලා, අත් දෙකේ ගැට ගහලා, ඉස්සරහින් බෙල්ල කපලා දාලා.

පොලිස් කොස්තාපල්වරයා :- මේ මිනිමැරුම් දෙකම කරලා තියෙන්නේ එකම මිනිමරුවා සර්.

අපරාධ පරීක්ෂණයන් පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම සිනමාපට අතුරින් අවම වශයෙන් එකක් හෝ ඔබ නරඹා තිබේ නම් මේවාගේ තිබුණු රචනය, අධ්‍යක්ෂණය, සියුම් හා තියුණු ලෙසින් කතාව ගොඩැගීම, ඉතා අනර්ඝ තිර රචනය, තාත්වික දෙබස්, තාත්වික පසුතල සැකසුම, මනරම් පසුබිම් සංගීතය ආදි සිනමාපටයක් ඉතාමත් තාත්වික අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඔවුන්ව මවිත කර මංමුලා කරන්නට යොදාගත්තාවූ ඒ සියලූම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ඔබටත් හොඳ මතකයක් ඇති. මේවා මඟහැරුණු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹා සිටින ලෙසද මේ අවස්ථාවේදි මා නිර්දේශ කර සිටිනවා. ඒ තරම්ම මෙම සිනමාපට අල්පය දමිළ සිනමාවේ එවක දැඩි ලෙසින් කතා බහකට ලක්වූවා. මේ ලැයිස්තුවට නිතරඟයෙන්ම නවතමයෙන් එක්වීමට නියමිත මෙම සිනමාපටය තවත් සුවිශේෂි එකක් වෙනවා. ඒ තමයි මේ සිනමාපටය මෙහි අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමාපටය වීම සහ මේ තුල…

  • ගීත අඩංඟු නොවීම.
  • සටන් ජවනිකා නොමැති වීම.
  • ප්‍රේම ජවනිකා නොමැති වීම.
  • කිසිදු ආකාරයක පසුගාමී ජවනිකාවක් නොමැති වීම.

ආදි කරුණු සුවීශේෂි කරණු ලෙසින් පෙන්වා දෙන අතරම මෙම සිනමාපටයත් දමිළ සිනමාවේ අපරාධ පරික්ෂණයක් පාදක කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් ලෙස යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඉහතින් දක්වා ඇති මේ වන විටත් ලොවපුරා වෙසෙන දමිළ සිනමා රසිකයින් සහ සිනමා විචාරකයින් විසින් දක්වන ලද යහපත් ප්‍රතිචාරයන් මත Crime හා Thriller සුවිශේෂි වූ දමිළ සිනමාපට පෙළගැස්මට මෙම සිනමාපටයත් මේ මොහොත වන විටදි ඇතුලත් වී අවසන්. මේ වසරේ ජුනි මස 09 දින ලොවපුරා තිරගත කිරීමට දින කිහිපයකට මත්තෙන් මෙය මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයින් හට විශේෂ දර්ශන වාරයක් ප්‍රදර්ශනය කරන්නට මෙහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබුණා. එම නිසා මෙම සිනමාපටය නරඹන්නට මත්තෙන් පූර්ව ප්‍රචාරක පටයද නැරඹු බොහෝ ප්‍රෙක්ෂකයින් සිනමා විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ද ධනාත්මක අදහස් දැක්වීම් තුලින්ද දැනුවත් වෙමින් සිනමාපටය පිළිබඳව ඉස්පාසුවක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන සිනමාහල් වෙතට පියනඟන්නට වුණා. ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සඵල කරමින් ඉතාමත් ජයග්‍රාහි ලෙසින් දසදෙසින් ධනාත්මක ප්‍රතිචාර ලබාගනිමින් සිනමාපටය තිරගත වූ අතර මුළු ඉන්දියාව පුරාම දිනෙන් දින දර්ශන වාරගණන වැඩිකරමින් තිරගතකර දින කිහිපයක් ඇතුලත වාර්තාගත ආදායමක් ලබාගෙන Blockbuster ලේබලයද ඉතා පහසුවෙන් අලවා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුනා.

සිනමාපටය සඳහා ලැබුණු ධනාත්මක ප්‍රතිචාර කිහිපයක්…

මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Vignesh Raja ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූවත් ඔහු සිය දක්ෂතාවය මනා ලෙසින් විදහාපෑමට එම හේතුව කිසිදු අයුරකින් ගැටළුවක් බවට පත්කරගෙන නොමැති බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි. එහි සත්‍ය අසත්‍යභාවය සිනමාපටය නැරඹු පසු ඔබටත් අවබෝධ වේවි සහ ඔබත් පුදුමයට පුදුමයට පත්වේවි.

මෙහි ප්‍රධාන චරිතයන් මෙහෙයවන Sarathkumar සහ Ashok Selvan යන නළුවන් දෙදෙනා තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨකරමින් මනා අවබෝධයකින් යුතුව රඟදක්වනවා දැකගත හැකි අතර, කැමරාකරණය සහ සංස්කරණයද සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගන්නට හැකි අයුරින් ඉහලම මට්ටමකින් සිදුකර තිබෙනවා.

අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව පිළිබඳව නම් කිසිවක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරන්නට සූදානම් නෑ. මෙම සිනමාපටය නරඹනවාද නැද්ද යන්න තීරණය කරන කෙනෙකුට ඉහතින් දක්වා ඇති තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා සිතනවා. ඇතැම් විට මෙම ලිපියේ කිසිම පිළිවෙලක් නැතිවෙන්නත් පුළුවන්. එසේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් එයටත් සමාව අයදිනවා. සිනමාපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද දැක්වීමට කාරුණිකව වන ලෙසින් ඉල්ලා සිටිමින් ‘එන්න තවත් අපරාධමය අභිරහසක් අනාවරණය කරනා අයුරු කුතුහලයෙන් බලා සිටින්නට’ යැයි ආරාධනාද කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/por-thozhil-2023-sinhala-subtitles/feed/ 2