Noah Taylor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noah-taylor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 01:36:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Noah Taylor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noah-taylor/ 32 32 Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanilla-sky-2001-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanilla-sky-2001-sinhala-subtitles/#comments Sun, 03 Nov 2024 01:30:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=212 David Aames has it all: wealth, good looks and gorgeous women on his arm. But just as he begins falling for the warmhearted Sofia, his face is horribly disfigured in a car accident. That’s just the beginning of his troubles as the lines between illusion and reality, between life and death, are blurred.

The post Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
David Aames has it all: wealth, good looks and gorgeous women on his arm. But just as he begins falling for the warmhearted Sofia, his face is horribly disfigured in a car accident. That’s just the beginning of his troubles as the lines between illusion and reality, between life and death, are blurred.

The post Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanilla-sky-2001-sinhala-subtitles/feed/ 1
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/#respond Tue, 14 Nov 2023 06:20:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60427 Charlie and the Chocolate Factory Sinhala Sub Charlie and the Chocolate Factory Sinhala Subtitles Charlie and the Chocolate Factory (2005) Sinhala Sub Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Adventure / Comedy / Fantasy ගනයට අයත් Charlie and the Chocolate Factory කියන පුංචි කාලෙ ආසාවෙන් බලපු කවදාවත් අමතක […]

The post Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie and the Chocolate Factory Sinhala Sub
Charlie and the Chocolate Factory Sinhala Subtitles
Charlie and the Chocolate Factory (2005) Sinhala Sub
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Adventure / Comedy / Fantasy ගනයට අයත් Charlie and the Chocolate Factory කියන පුංචි කාලෙ ආසාවෙන් බලපු කවදාවත් අමතක නොවන ලස්සන කතාවයි

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සනම ලස්සන චිත්‍රපටිය ලොකු පොඩි හැමෝටම රසවිඳින්න කියලා සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Pirate.lk හි පලවූ ඉෂාන් ගිහන්ත සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlie-and-the-chocolate-factory-2005-sinhala-subtitles/feed/ 0
Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/skyscraper-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/skyscraper-2018-sinhala-subtitles/#comments Sat, 02 Sep 2023 02:30:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52530 Skyscraper Sinhala Sub Skyscraper Sinhala Subtitles Skyscraper (2018) Sinhala Sub Skyscraper (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්. ලෝකේ […]

The post Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Skyscraper Sinhala Sub
Skyscraper Sinhala Subtitles
Skyscraper (2018) Sinhala Sub
Skyscraper (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්.

ලෝකේ උසම ගොඩනැගිල්ල මොකක්ද? බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද? නැහැ. හොං-කොං හි පර්ල් කුළුණ! එම්පයර් ස්ටේට් කුළුණ අඩි 1250ක් උසයි. බර්ජ් කලීෆා කුළුණ අඩි 2717 ක් උසයි. දැන් මේ කියන්න යන පර්ල් කුළුණ අඩි 3500ක් උසයි. එම්පයර් ස්ටේට් කුළුණ වගේ තුන්ගුණකට පොඩ්ඩයි උසින් අඩු වෙන්නේ.

හොං-කොං හි පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන මෙහි භාවිතා කෙරෙන්නෙ අති නවීනම තාක්ෂණය. විශේෂයෙන්ම, ගිණි නිවීම සඳහා මේ පර්ල් ගොඩනැගිල්ලේ භාවිතයට ගැනෙන්නේ, මේ ගොඩනැගිල්ලටම ආවේණික ආකාරයේ ස්වයං මුද්‍රා තැබෙන වාතාශ්‍ර පද්ධතියක්. ඒ වගේම, ශක්තිමත් ජල විදිනය වගේම, කාබන්ඩයොක්සයිට් දහරාව නිසා, බොහොම පොඩි වෙලාවකින් ඕනෑම ආකාරයේ ප්‍රබල ගින්නක් නිවලා දාන්න පුළුවන්කම තියෙනවා. ගොඩනැගිල්ලේ මේ හැමදෙයක්ම නිරීක්ෂණය කෙරෙන්නෙ හැතැප්මක් ඈතට වෙන්න පාලන පහසුකම් තියෙන තැනක ඉඳන්. තට්ටු 220කින් සමන්විත වෙන, ලොව හොඳම ආරක්ෂක ව්‍යුහය සහිත, ලොව උසම ස්ථානය තමයි මේ හොං-කොං හි පිහිටා තිබෙන පර්ල් කුළුණ. ඒත්, ඇත්තටම පර්ල් එක කියන්නේ වෙනම දෙයක්. කුළුණ මුදුනටම වෙන්න තියෙනවා අදහාගන්න බැරි ආකාරයේ ගෝලයක්. මේ ගෝලය සමන්විත වෙන්නේ චලන සංවේදී ප්‍රක්ෂේපණ පැනල් 317 කින්. ඒ වගේම, මේ ගෝලය සමන්විත වෙනවා, 8K මයික්‍රෝ කැමරා දෙපැත්තටම හයි කරපු, අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් පැනල් විසිපන්දාහකින් විතර. මේ හේතුව නිසාම මේ පර්ල් කුළුණ ලෝකේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

විල් සෝයර්! ඇමරිකානු මැරීන් බලකායේ රාජකාරි නියතු සෙබලෙක්. අවුරුදු හයක් පුරාවට ඇමරිකානු FBI ආයතනයේ රාජකාරි නියතු නියෝජිතයෙක්. අවුරුදු අටක් පුරාවට ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමක සේවයේ නියතු සෙබලෙක්. හැබැයි, ඒ බොහොම කාලයකට ඉස්සර. අවසාන ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම නිමාවට පත්වුණේ මේ වීරෝදාර සෙබලාට සිය ජීවිත කාලයටම අමතක නොවන අන්දමේ මතකයන් රැසක් හිමිකර දෙමින්. බොහොම දරුණු විදියට තුවාල වෙච්ච මේ සෙබලා, අවසානයේ සිය ජීවිතය බේරගන්න සමත් වුණා. නමුත්, ඔහුගේ කකුලක් නම් ඉවත් කරන්න සිද්ධවුණා. මේ තමයි විල් සෝයර්ගේ හමුදා ජීවිතයේ අවසානය. අවුරුදු ගණනාවක් ගතවුණා. දැන් ඔහු දරුවන් දෙදෙනක් ඉන්න ආදරණීය පියෙක්. බොහොම සෙනෙහෙබර ස්වාමියෙක්. හමුදාවෙන් විශ්‍රාම ගත්ත දවසේ ඉඳලා තුවක්කුවක් අතින් වත් අල්ලලා නැහැ. නමුත්, සමහර දේවල් වලින් අපි කොච්චර ඈත් වෙලා ඉන්න හැදුවත්, ඒ දේවල් කොහොමහරි අපිව හොයාගෙන එනවා.

ඔබගේ පවුල ඔබට කොච්චර වටිනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබට ඔබගේ ජීවිතය අවදානමේ දාගන්න වුනොත් ඔබ මොකද කරන්නේ?

සැකයක් නැහැ, ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරාවි. මොකද, ඔබගේ පවුල තමයි මේ ලෝකේ ඔබට තියෙන වටිනාම දේ. මොන දේ කැපකරලා හරි, ඒ දේ බේරගන්න තමයි මේ ලෝකේ ඕනෙම කෙනෙක් උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝක ධර්මතාවය. මේ ධර්මතාවට මිනිස්-සත්ව දෙගොල්ලොන්ටම පොදු ධර්මතාවයක්. ඒක මේ විල් සෝයර් නම් කකුලක් අහිමි වෙච්ච, වීරෝධාර සෙබළටත් පොදු ධර්මතාවයක්!

නවීන තාක්ෂනය එක්තැන් කරලා නිෂ්පාදනය කරපු අහස සිඹින පර්ල් කුළුනේ ආරක්ෂක උපදේශක තනතුර සඳහා මේ විශ්‍රාමික සෙබළ විල් සෝයර්ව බඳවා ගන්නවා. නමුත්, රැකියාව ලැබිලා පැය කීපයක් යන්න කලින් හැමදෙයක්ම කණපිට ගැහෙනවා. කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු මේ විශ්වකර්ම නිර්මාණය බුර බුරා නැගෙන ගිණි ජාලාවක් බවට පත්වෙනවා. හයක් හතරක් නොතේරෙන දරු දෙන්නත් එක්ක, විල් සෝයර්ගේ බිරිඳ මේ ගිණි ජාලාවට මැදි වෙනවා. කොහොමද එක සැරේටම මෙහෙම වෙන්නේ? කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු ලෝකේ අටවෙනි පුදුමය හිටි හැටියෙම මෙහෙම ගිණි ගන්නේ කොහොමද? කිසිම හේතුවක් නැතුවද? නැහැ, ලොව ප්‍රමුඛ පෙළේ අතිශය දරුණු අපරාධකරුවෙකු විසින් මෙහෙයවන්නා වූ කල්ලියක් මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. බොහොම සූක්ෂම විදියට සැලසුම් කරලා සිද්ධකරපු මේ ප්‍රහාරයෙන් අති විශාල ව්‍යසනයක් වෙන්නයි යන්නේ. ආබාධිත තාත්තා කෙනෙක් විදියට විල් සෝයර් මේ සියල්ල දිහා අසරණව බලාගෙන ඉන්නද? තමන්ගේ පවුල තම ඇස් පනාපිටම ගින්නෙන් පිච්චිලා යනවා බලාගෙන ඉන්න පුළුවන් මොන තාත්තා කෙනෙක්ටද?

Dwayne Johnson, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදියට “රොක්” ප්‍රධාන රංගන දායකත්වය සපයන නවතම සිනමා සිත්තම තමයි ඔබ වෙතට මේ ආකාරයෙන් අරගෙන එන්නේ. 2018 වර්ෂය වෙනුවෙන් “රොක්” රංගනයෙන් දායක වන අවසාන චිත්‍රපටය බවට බොහෝදුරට මෙය පත්වේවි. Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, ජූලි 13 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 125කට අධික දැවැන්ත පිරිවැයක් දරමින්, මේ වසරේ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට ලැයිස්තුවට එකතු වෙන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා. මේ සටහන ලියවෙන මොහොත වනවිට, Imdb දර්ශකයේ 6.1 ක මනාප අගයක්ද, Rotten Tomatoes හි 48% ක මනාප ප්‍රතිශතයක් හිමිකර ගැනීමටද සමත්කම් දක්වමින්, ඇමරිකානු ඩොලර් මිලියන 280 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්, තවමත් සාර්ථක අයුරින් සිනමා ශාලා තුල තිරගත වෙමින් පවතිනවා. Dodgeball: A True Underdog Story (2004), We’re the Millers (2013), Central Intelligence (2016) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Rawson Marshall Thurber තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂත්වයක් තියෙනවා, Comedy කැටගරියෙන් ඈත්වෙලා ප්‍රථම වතාවට තමයි Rawson Marshall Thurber මේ වගේ තනිකරම ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ. මෙච්චර කාලයක් තිස්සේ කොමඩි චිත්‍රපට අධ්‍යක්ෂණය කර කර ඉඳපු මනුස්සයට මේ චිත්‍රපටයත් එක්ක ක්‍රියාදාම චිත්‍රපට හිතට අල්ලලා ගිහිල්ලද මන්දා, ඔන්න Wonder Woman චිත්‍රපටය තුලින් අතිශය ජනාදරයට පත්වෙච්ච Gal Gadot එක්ක “රොක්” ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන Red Notice නම් ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් Rawson Marshall Thurber මේ දවස් වල ලහි ලහියේ ලෑස්ති වෙනවලු ?

මේ සිනමා නිර්මාණය ගැන කතා කරනවා නම්, තිරගත වෙන්න පෙරාතුව පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමගම ඇතිවෙච්ච කැළඹීම නම් සුළු පටු නැහැ. මොකද, චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා, “රොක්” පාලමක් දිගේ දුවගෙන ඇවිත් බොහොම ඈතින් තියෙන වෙනත් ගොඩනැගිල්ලකට පනිනවා. මෙන්න මේ පනින පිම්ම නිසා තමයි මේ චිත්‍රපටය ගොඩක් දෙනා අතර කතා බහට ලක්වුණේ. පහතින් ඔබට එම දර්ශනයේ ජායාරූපයක් බලාගන්න පුළුවන්.

මේ සිද්ධිය නිසා කොච්චර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුනාද කියනවා නම්, ගණිතමය වශයෙන් මේ පිම්ම සිදුකරන්න බැහැ කියලා ඔප්පු කරන්න පවා සිනමාලෝලීන් උනන්දු වුණා. ඔවුන් පවසන විදියට “රොක්” මෙහිදී අනිත් ගොඩනැගිල්ලට පනින කෝණය අනුව ඔහුට කිසිසේත්ම අනිත් ගොඩනැගිල්ලේ තියෙන විවරයට පැනගන්න නොහැකි වෙනවා වගේම, මේ පිම්ම සිදුකරන්න නම්, පැයට සැතපුම් 28.4ක වේගයක් සහිතව පාලම මතින් දුවගෙන පැමිණ, අදාළ පිම්ම පැනීමට සිදුවෙනවා. නමුත්, ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලබා සිටින උසේන් බෝල්ට්ගේ පවා උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට සැතපුම් 27.4 ක වේගයක්. මේ නිසාම මේ පිම්ම, “සියවසේ ප්‍රෝඩාකාරීම/අතාත්විකම සිනමා දර්ශනය” විදියට පවා හඳුන්වා දෙන්න සිනමාලෝලීන් සහ විචාරකයින් අමතක කලේ නැහැ.

හැබැයි, විචාරකයෝ මොනවා කිව්වත්, චිත්‍රපටය බැලුවොත් ඔබටම තේරේවි, කොච්චර අතාත්වික වුනත් මේ පුදුමාකාර පිම්මත් එක්ක චිත්‍රපටයට කොච්චර නම් ආලෝකයක් එකතු වෙනවද කියලා. සිනමා ශාලාවක පුළුල් තිරයකින් මේ දර්ශනය නැරඹුවා නම් මං මේ කියන කාරණාව තව දුරටත් හොඳින්ම ඔබට තේරුම් යනවා ඇති. අතාත්වික දර්ශනයක් වුනත්, ඒකෙන් ප්‍රේක්ෂකයා පිනවන්න පුළුවන් නම්, ප්‍රේක්ෂකයා හට වින්දනයක් ලබාදෙන්න පුළුවන් නම්, ඒකෙ ඇති වරදක් නැහැ කියලයි මගේ නම් පෞද්ගලික මතය.

එහෙනම්, ඔබ “රොක්” ගේ සිනමා රසිකයෙක් නම්, ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඇඩ්වෙන්චර් චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඔබ සොයන්නේ කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් නම්, දෙසැරයක් හිතන්නේ නැතුව අරගෙන බලන්නයි තියෙන්නේ. ලොව උසම ගොඩනැගිල්ල මත තම ජීවිතය පරදුවට තබමින් ආදරණීය පියෙකු විසින් සිදුකරන්නා වූ අතිශය භයංකාර, පුදුමාකාර, වික්‍රමාන්විත මෙහෙයුම ඔබව මොහොතකට පියවි ලෝකයෙන් ඈත්කර තබාවි. ඩොලර් මිලියන 125කට අධික මුදලක් වියපැහැදම් කරලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය පුරාවටම තාක්ෂනය බොහොම ඉහලින් පාවිච්චි කරලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම්, රොක් රංගනයෙන් දායක වන ඇක්ෂන්, ඇඩ්වෙන්චර් චිත්‍රපට අතුරින්, මේ චිත්‍රපටය ඉහළම ස්ථානයක තියන්න පුළුවන් බය නැතුව. වගකීමෙන් කියනවා, හෝරා එක හමාරක් ගෙවිලා යනවා ඔබට දැනෙන එකක් වත් නැහැ. ඔබගේ ඇස් දෙක ලොකු කරවලා, ඔබව පුටුව උඩ ඉන්දවන්න තරම් ඇඟ හිරිවට්ටන ඇඩ්වෙන්චර් දර්ශන කීපයක්ම චිත්‍රපටයේදී ඔබට බලාගන්න හැකියාව ලැබේවි. මේ වර්ගයේ චිත්‍රපට නරඹන්නන් මගනොහැර ගත යුතුම චිත්‍රපටයක් විදියට ඉහලින්ම නිර්දේශ කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/skyscraper-2018-sinhala-subtitles/feed/ 1
Predestination (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/predestination-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/predestination-2014-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 17:53:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48566 Predestination Sinhala Sub Predestination Sinhala Subtitles Predestination (2014) Sinhala Sub Predestination (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි. චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව […]

The post Predestination (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Predestination Sinhala Sub
Predestination Sinhala Subtitles
Predestination (2014) Sinhala Sub
Predestination (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි.

චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව ඉතින් මොනවා කියන්නද නේද… Rotten Tomatoes විචාරක / ප්‍රෙක්ෂක ප්‍රතිචාරය වෙන්නේ 88%. ප්‍රධාන නිළුවා වෙන්නේ Ethan Hawke ඔස්කා නිර්දේශිත මේ නළුවා ගැනත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නියම නළුවෙක් බව හැමෝම දන්නවා නෙව. චිත්‍රපටියට Sarah Snook, Noah Taylor, Alexis Fernandez, Christopher Kirby හා තවත් ලොකු පිරිසක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම, ඔයාලා දන්නවානේ Sarah Snook, Jessabelle (2009) චිත්‍රපටියේදි ජෙසී විදිහට සුපිරිම රංගනයක් දුන්නා. ඒ වගේමයි මේ චිත්‍රපටියේදිත්. ජේන් ලෙස පෙනී ඉන්න මෙයා ඇත්තටම සුපිරිම සුපිරි දෙබිඩි රංගන චරිතයක් මවනවා. ඔයාලට ඒක චිත්‍රපටියේදි බලාගන්න පුළුවන්. චිත්‍රපටිය දිහාවට හැරුනොත් මම ඉස්සරලත් කීවා වගේ සුපිරි ගණයේ විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාල දන්නවානේ “කාලය” කියන්නේ මුදල් වලටත් වඩා ඉතාම වටිනා දෙයක් කියලා. චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි “කාලය”. ජේන් කියන්නේ, කාත් කවුරුවත් නැති අනාථාගාරයක හැදුනු ගැහැණු ළමයෙක්. මෙයාට කවුරුවත් කැමති නෑ. හැබැයි මෙයා කාටවත් නැති අසාමාන්‍යය හැකියාවල් වලින් පිරිපුන් කෙනෙක්. පාසල් අධ්‍යාපණය හදාරලා ඉවර වෙලා මෙයා රැකියාවක් තෝරගන්නවා. ඒ අභ්‍යාවකාශ ආයතනයක රැකියාවක්. මැය, මේ සඳහා විශිෂ්ට අන්දමින් තෝරාපත්කර ගනු ලබනවා. නමුත්, මේ අභ්‍යාවකාශ ආයතනය යම්කිසි රහස් සංවිධානයක්. ඒ රහස් සංවිධානය මොකද්ද? මම ඉස්සරලා කීවා වගේ “කාලය” මේකට බලපාන්නේ කොහොමද?

ඔයාලට මේ හැම එකක් ගැනම නිවැරදි තේරුමක් ලැබෙයි චිත්‍රපටිය බලනකොට. හැබැයි මම කියන්නේ ඔයාට චිත්‍රපටියේ සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕන නම්, චිත්‍රපටිය මුල ඉඳන් අගට හොඳින් තේරුම් අරගන්න ඕන… හොඳයි, එහෙනම් චිත්‍රපටිය බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. අමතක නොකර ඔයාගේ අදහසත් පහලින් එකතු කරලම යන්න. අපි ගියා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යස්මික සෞභාග්‍යය සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Predestination (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/predestination-2014-sinhala-subtitles/feed/ 0