Noma Dumezweni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noma-dumezweni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 Feb 2024 23:39:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Noma Dumezweni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noma-dumezweni/ 32 32 Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/#comments Tue, 19 Sep 2023 06:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54403 Retribution Sinhala Sub Retribution Sinhala Subtitles Retribution (2023) Sinhala Sub Retribution (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action […]

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Retribution Sinhala Sub
Retribution Sinhala Subtitles
Retribution (2023) Sinhala Sub
Retribution (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා…  කොමන්ටුවකුත් හලාගෙන යන්න යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්න!!

Name – Retribution 2023

Catagory – Thriller/Action

IMDB – 5.3/10 (4K+ Vote)

Director – Nimród E. Antal

Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion

Box office – $13 Million

Running Time – 90m

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/feed/ 1
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-little-mermaid-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-little-mermaid-2023-sinhala-subtitles/#comments Tue, 25 Jul 2023 17:20:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45002 The Little Mermaid Sinhala Sub The Little Mermaid Sinhala Subtitles The Little Mermaid (2023) Sinhala Sub The Little Mermaid (2023) Sinhala Subtitles   වෝල්ට් ඩිස්නි සමාගම කියන්නේ ළමා කාටුන් සහ චිත්‍රපට වලට අතිශයින්ම ජනප්‍රිය සමාගමක්. අපේ පුංචි කාලය වගේම දැන් ඉන්න පොඩි ළමයින්ගේ ළමා කාලය ලස්සන කරන්නත් මේ සමාගම විසින් නිෂ්පාදනය කරපු සහ නිෂ්පාදනය කරන […]

The post The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Little Mermaid Sinhala Sub
The Little Mermaid Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Sub
The Little Mermaid (2023) Sinhala Subtitles

 

වෝල්ට් ඩිස්නි සමාගම කියන්නේ ළමා කාටුන් සහ චිත්‍රපට වලට අතිශයින්ම ජනප්‍රිය සමාගමක්. අපේ පුංචි කාලය වගේම දැන් ඉන්න පොඩි ළමයින්ගේ ළමා කාලය ලස්සන කරන්නත් මේ සමාගම විසින් නිෂ්පාදනය කරපු සහ නිෂ්පාදනය කරන නිර්මාණ ඇත්තටම අගය කරන්න ඕන. එහෙම නිෂ්පාදනය කරපු නිර්මාණ අතර The Little Mermaid කියන්නේ කාටත් හුරු පුරුදු, කවුරුත් ආදරය කරන නිර්මාණයක්.

The Little Mermaid කාටුන් චිත්‍රපටයක් විදිහට මුලින්ම එළි දැක්වෙන්නේ 1989 අවුරුද්දේ. මේ චිත්‍රපටයේ දෙවෙනි කොටස 2000 අවුරුද්දේ The Little Mermaid 2: Return To The Sea විදිහටත්, තුන් වෙනි කොටස 2008 අවුරුද්දේ The Little Mermaid: Ariel’s Beginning විදිහටත් එළි දැක්වෙනවා. මීට අමතරව 2019 අවුරුද්දේ The Little Mermaid Live! කියලා රූපවාහිනී වැඩසටහනකුත් නිර්මාණය උනා. ඒ විතරක් නෙමෙයි The Little Mermaid TV සීරීස් එකකුත් ආවා 1992 අවුරුද්දේ. ඒ යටතේ සීසන් 3 ක් එළි දැක්වුනා. මේ දේවල් කියන කොට ඔයාලට හිතෙනවා ඇති නේද The Little Mermaid කියන්නේ කී පාරක් ලෝකයේ ජීවත් වන ලොකු පොඩි හැමෝම අතර කතා උන නිර්මාණයක් ද කියලා.

1989 වර්ෂයේ නිර්මාණය කල The Little Mermaid කාටුන් චිත්‍රපටය

ඉතින් මේ ඉතිහාසය තවත් වතාවක් අලුත් කරන්න වෝල්ට් ඩිස්නි සමාගම 2023 අවුරුද්දේ තීරණය කරා. ඒ ඇත්ත මිනිසුන් යොදාගෙන The Little Mermaid සිනමා නිර්මාණය එළි දැක්වීමෙන්. මේ චිත්‍රපටය එන්න කලින් පූර්ව ප්‍රචාරක පටය ඒ කියන්නේ Trailer එක දැක්කම ගොඩක් අය ඔලුවේ අත ගහ ගත්තා. ඒ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ඒරියල්ට සුදු කෙල්ලෙක් නැතුව කළු කෙල්ලෙක් යොදා ගත්තේ ඇයි කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නය මටත් තිබුණා. මොකද අපේ හිතේ ඉන්න ඒරියල් සුදු, ලස්සනම ලස්සන කෙනෙක් නිසා. සමහරු නම් හිතුවේ මේ චිත්‍රපටය අසාර්ථක වෙයි කියලා මේ හේතුවත් එක්ක. හැබැයි ඒ හැමෝටම මේ වෙනකොට උත්තර ලැබිලා තියනවා. ඇමරිකානු ඩොලර් 250 ක පිරිවැයකින් නිෂ්පාදනය කල මේ චිත්‍රපටය මේ වෙනකොට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඇමරිකානු ඩොලර් 550 කට ආසන්න අදායමක් ලබාගෙන තියෙනවා. මම දකින විදිහට ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ චිත්‍රපටය නිර්මාණය කරන්න භාවිතා කරපු තාක්ෂණය. ඒක ඔයාලට මේ චිත්‍රපටය බලන කොට තේරෙයි.

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. කතාවට අනුව මුහුද කොටස් 7 කට බෙදලා, ඒ එක් එක් ප්‍රදේශය බලා ගන්න මුහුදට අධිපති ට්‍රයිටන් රජතුමා (Javier Bardem) තමන්ගේ දිය කිඳුරු දියණියන් 7 දෙනාව පත් කරලා තියනවා. 

මුහුදු ප්‍රදේශ 7 පාලනය කරන දිය කිඳුරියන් 7 දෙනා 

උඩ රූපයේ පේනවා වගේ ඒ අයගෙන් එක්කෙනෙක් තමයි ඒරියල් (Halle Bailey) කියන්නේ. ඒරියල් මුහුදෙන් පිට ලෝකය දකින්න, ඒ ගැන හොයලා බලන්න ගොඩක් උනන්දු කෙනෙක්. එයා ආස නැහැ තාත්තා කියන දේ අහගෙන මුහුදට වෙලා ඉන්න. ඒරියල් මිනිස්සු ගැන අහලා තියනවා. ඒ එයාගේ කුරුළු යාලුවා ස්කට්ල් (Awkwafina) හරහා. ඉතින් ඒරියල්ට ඕන කොහොම හරි මිනිස්සු දැකලා, මිනිස්සු ජීවත් වෙනවා වගේ සතුටින් ජීවත් වෙන්න. එයා මේ දේවල් ඔක්කොම කියන්නේ එයාගේ හොඳම යාළුවා ෆ්ලෞන්ඩර් (Jacob Tremblay) එක්ක තමයි. මෙයාලා එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි සෙබස්තියන් (Daveed Diggs) කියන පුංචි කකුළුවා. සෙබස්තියන්ව රජතුමා පත් කරලා තියෙන්නේ ඒරියල්ව බලා ගන්න.

දවසක් එරික් (Jonah Hauer-King) කියන මනුස්ස රජ කුමාරයා, තමන්ගේ පිරිස එක්ක නැවක මුහුදේ යනකොට කුණාටුවකට අහු වෙලා ලොකු කරදරයක වැටෙනවා. ඉතින් එරික්ව බේරා ගන්නේ අපේ මේ කතා නායිකාව ඒරියල්. මෙතනින් එහාට මොකද වෙන්නේ? ඔව්.. ඒ දෙන්න අතරේ ආදරයක් ඇති වෙනවා. හැබැයි ඒ ආදරය පටන් ගන්නේ කොහොමද, කෙලවර වෙන්නේ කොහොමද කියලා මම කියන්න යන්නේ නැහැ. ආ තව දෙයක්. ගොඩක් කතාවල වගේම මේ කතාවෙත් සතුරෙක් (හැතිරියක්) ඉන්නවා. ඒ තමයි අර්සුලා (Melissa McCarthy) කියන බූ වල්ලිය.

The Little Mermaid (2023) චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Rob Marshall. Pirates of the Caribbean: On Stranger Tides (2011) චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරෙත් මෙයා තමයි. චිත්‍රපටය මේ වෙනකොට IMDb 7.2 ක අගයකුත්  Rotten Tomatoes 66% ක අගයකුත් ලබාගෙන තියෙනවා.

මේ උපසිරැසිය අරන් එන්න යුරාන් මල්ලි දුන්න උදව්ව මතක් කරන්නම ඕන. දෙබස් ගාන වැඩි නිසා මම යුරාන්ගෙන් කොටසක් කරමුද කියලා ඇහුවම එයා බැහැ නොකියා බාර ගත්තා වගේම ඉක්මණට කරලත් දුන්නා.

එහෙනම් තවත් උපසිරැසියක් එක්ක ආපහු ඔයාලව හම්බවෙන්න එන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-little-mermaid-2023-sinhala-subtitles/feed/ 1