Nora Navas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nora-navas/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 16 Aug 2023 09:30:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nora Navas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nora-navas/ 32 32 Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/#comments Wed, 16 Aug 2023 09:28:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50848 Mirage Sinhala Sub Mirage Sinhala Subtitles Mirage (2018) Sinhala Sub Mirage (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා. මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක […]

The post Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mirage Sinhala Sub
Mirage Sinhala Subtitles
Mirage (2018) Sinhala Sub
Mirage (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා.

මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක වෙලා තියනවා. Oriol Paulo කියන්නේ විශිෂ්ඨ ස්පාඤ්ඤ අධ්‍යක්ෂක වරයෙක්. මෑතකදී අපේ බයිස්කෝප් අඩවියෙන් ලබාදුන්න The Body (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණ මුල් නිර්මාණය වන 2012 දී නිර්මාණය වුණු The Body චිත්‍රපටිය හා Badla (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණු, කලින් මම උපසිරැසි අරගෙන ආපු The Invisible Guest (2016) චිත්‍රපටිය කියන දෙකම අධ්‍යක්ෂණය හා රචනය මෙයාගෙ. ඒ වගේම මම කලින් අරගෙන ආපු Boy Missing (2016) රචනා කලෙත් මෙයා. ඉතින් ඒවා වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්.

Adriana Ugarte, Chino Darín, Javier Gutiérrez, Álvaro Morte වගේ අය රංගනයෙන් දායක වුණු Drama, Fantasy, Mystery වර්ගයේ නිර්මාණයක් වුණු මේකට IMDB දර්ශකයේ 7.4 ක අගයක්, කුණු තක්කාලි 75% ක්, ගුගල් පරිශීලකයන් ගෙන් 94% ක් වගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබිල තියනවා. ඉතින් අපි කතාවත් පොඩ්ඩක් බලමු.

1989 නොවැම්බර් 9 වෙනිදා යුරෝපා ඉතිහාසයේ වැදගත් දිනයක් වෙන්නේ ජර්මනියේ ප්‍රකට බර්ලින් පවුර බිඳ වැටිලා අවුරුදු 27 කට පස්සෙ කොටස් දෙක එකට එකතු වීම නිසා. හරියටම එදාම ස්පාඤ්ඤයට දවස් 3ක් එක දිගට පවතින අකුණු කුණාටුවක් ඇති වෙනවා. නිකෝ කියන්නෙ පොඩි ළමයෙක්. එයා කැමරාවක් ටීවී එකට සෙට් කරලා තමන්ගේ වීඩියෝ එකක් කරන්න ලැස්ති වෙනවා. ඒ අතරතුරේ ඉස්සරහ ගෙදරින් ඇහෙන සද්දයක් නිසා එහෙට ගිහින් බලද්දි ගෙදර අයිති ඇන්ජල් ගෙ නෝනා මරල දාල. ඇන්ජල් ලේ ගෑවුණු පිහියකුත් අරගෙන එනවා. නිකෝ ගෙදරින් පැනල දුවද්දි වාහනේකට හැප්පිලා මැරෙනවා. ලේ ගෑවුණු පිහියත් අරං පාරට ආව නිසා තවත් අය ඇන්ජල්ව දකිනවා.

හරියටම අවුරුදු 25 කට පස්සේ, 2014 නොවැම්බර් 9 වෙනිදා කලින් එකට හරියටම සමාන පැය 72 ක් තියන අකුණු කුණාටුවක් එනවා. ඒ වෙද්දී කලින් නිකෝ හිටපු ගෙදර ඉන්නෙ අලුතෙන් පදිංචියට ආපු වේරා කියන හෙදිය, ඇගේ සැමියා ඩේවිඩ් සහ කුඩා දියණිය ග්ලෝරියා. එයාලට හදිස්සියේ ගෙදර තිබිල හම්බවෙනවා පරණ කැමරාවයි ටීවී එකයි. ඒ එක්ක තියන ටේප් රෙකෝඩ් දාල බලද්දී ඒවායේ තියෙන්නේ නිකෝ ගිටාර් ගහන වීඩියෝ. එදාට හරියටම අවුරුදු 25 ක් සම්පූර්ණ වෙන නිකෝ මියගිය දවසේ කරපු අන්තිම වීඩියෝ එකත් බලල ටේප් එක අයින් කරාටත් පස්සෙ ටීවී එක ඉබේම වැඩ කරන්න ගන්නවා. එදා නිකෝ අන්තිම වීඩියෝ එක කරන්න කලින් ටීවී එක දාද්දි ඒකෙ ගියපු බර්ලින් පවුර බිඳ වැටීමේ ප්‍රවෘත්තිය නැවත විකාශය වෙන්න ගන්නවා. මේ අරුම පුදුම සිදුවීම ගැන එදා රෑ කෑමට ඔවුන්ගේ නිවසට ආපු ඔවුන්ගේ අසල්වැසි මිත්‍රයා අයිතෝර් ට කිව්වට එයා ඒක පිළිගන්නේ නෑ.

අයිතෝර් කියන්නේ වේරා ට කාලෙකට කලින් දුම්රියේදී හමුවුණු මිත්‍රයෙක්. එයා වේරාට කැමැත්තෙන් හිටියත් වේරා අයිතෝර් හරහා හඳුනාගත්ත, ඔහුගේ මිත්‍රයෙක් වෙන ඩේවිඩ් එක්ක විවාහ වෙනවා. අයිතෝර් ටීවී එකේ කතාව පිළිගත්තෙ නැතත් වීඩියෝ ටේප් ගැන කියනවා. නිකෝ කියන්නෙ තමන්ගෙ පොඩිකාලෙ හොඳම යාළුවා බවත්, අවුරුදු 25 කට කලින් වුණු සිදුවීමත් එයා විස්තර කරනවා. ඒත් අයිතෝර් ගෙ අම්ම ඒවා කියනවට කැමති නෑ. එදා රෑ නින්දට ගිය අතරේ වේරා ට ආයෙත් ටීවී එකේ සද්දෙ ඇහිලා ඇහැරෙනවා. ගිහින් බැලුවම අතීතයේ ඉන්න නිකෝට ටීවී එක හරහා වේරාත්, වර්තමානයේ ඉන්න වේරට ටීවී එක හරහා නිකෝත් පේන්න ගන්නවා. වීඩියෝ කෝල් එකක් වගේ. දෙන්න කතා කරනවා. එහා ගෙදර සද්දේ ඇහුණාම නිකෝ යන්න හදද්දී වේරා ඔහුව නවත්තන්න උත්සාහ කරනවා. යන්න එපා, ගියොත් හැප්පිලා මැරෙයි කියල නිකෝගේ ජීවිතේ බේරන්න බලනවා.

නිකෝ ඒ කියන දේ අහල නවතියිද? එහෙම නැවතුණොත් එයාගෙ ජීවිතේ බේරෙයි. හැබැයි එහා ගෙදර වුණු මිනීමැරුම එළි වෙන එකක් නෑ. එතකොට අතීතය වෙනස් වීම වර්තමානයට කොහොම බලපායිද? ෆිල්ම් එක අරගෙන බැලුවම ඒවා දැනගන්න පුළුවන්.

අතීතයේ වෙන යම් දෙයක් වෙනස් කිරීම අනාගතයට බලපාන්නේ කොහොමද? කාලතරණ සංකල්පයට විරුද්ධව ඉදිරිපත් වෙන විරුද්ධාභාෂ ගොඩක් තියනවා. ප්‍රසිද්ධ එකක් තමයි Grandfather paradox කියන්නේ. ඒකට අනුව යම්කිසි කෙනෙක් අතීතයට යනවා. ගිහින් තමන්ගෙ සීය කුඩා කාලයේම මරල දානවා. සීය කුඩා කාලයේ මැරුණ කියන්නේ කාල සංචාරකයා ගේ අම්ම හෝ තාත්ත දෙන්නගෙන් කෙනෙක් ඉපදෙන්න විදියක් නෑ. ඒ කියන්නේ කාල සංචාරකයා ඉපදෙන්න විදියකුත් නෑ. එතකොට ඔහුට අතීතයට ගිහින් සීයව මරන්නත් බෑ. ඒ කියන්නේ අතීතයේ වෙනසක් කරන්න බෑ.

ගිහින් පොඩි වෙනසක් කරා කියල හිතමු. ඒත් අනාගතයේ ඒකෙ බලපෑම ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ කතාවම අරගෙන බලන්න. වේරා එපා කිව්වට නිකෝට එහා ගෙදරට ගිහින් බලන්නම ඕන. ඒත් ටිකක් සැකයක් ඇතිවුණු නිසා තනියම යන්නෙ නැතිව යාළුවා අයිතෝර් වත් එක්කගෙන යනවා. ඒ ගිහින් වාහනේට හැප්පිලා මැරෙන්නෙ අයිතෝර්. එහෙම මැරුණ නම් එයා වේරගේ යාළුවෙක් වෙන්න විදියක් නෑ. එහෙනම් වේර ඩේවිඩ් දෙන්න මුණ ගැහෙන්නෙත් නෑ. ඒ දෙන්නට දුවෙකුත් නෑ. වර්තමානය තනිකර වෙනස් වෙලා. (නෑ නෑ, කතාවෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ)

එහෙමනම් කතාව අරගෙන බලන්න. කාලතරණයේ ගැටළු ගැන වැඩිය හිතන්න යන්නෙපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/feed/ 2