Om Puri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/om-puri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Sep 2024 15:19:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Om Puri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/om-puri/ 32 32 Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/#respond Mon, 09 Sep 2024 13:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12186 Agneepath (2012) Sinhala Sub ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි […]

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agneepath (2012) Sinhala Sub

ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි මෙම චිත්‍රපටියත් නිර්මානය කරන්නේ. ඒ 1990 නිකුත් වුන අම්තාබ් බච්චන් විසින් රනගනයෙන් දායක වුනු ච්ත්‍රපටක ප්‍රති නිර්මානයක් ලෙසින් 2012 වසරේ Agneepath චිත්‍රපටය ප්‍රෙක්ශකයා අතරට එන්නේ.

මෙම චිත්‍රපටියේ චරිත ගැන, එහෙමත් නැති නම් නලු නිලියෝ ගැන කිව්වොත්, මෙහි ප්‍රධාන චරිතටය පන පොවන්නේ අපි කවුරුත් දන්න අපේ හිටපු අගමැති තුමගේ වචනයෙන් කිව්වොත් හිරිකිති රෝශන් ? හෙවත් Hrithik Roshan (Vijay Deenanath Chauhan) සහ අපි කවුරුත් ආදරය කරන Sanjay Dutt (Kancha Cheena) ඔහු ගැන ඔහුගේ රංගනය ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. පහුගිය අප්‍රියල් මස 30 වෙනිදා රසික පිරිස් කම්පාවට පත් කරමින් අප අතරින වෙන් වුනු විශිශ්ට ගනයේ රන්ගන ශිලිපියෙක් වන Rishi Kapoor ද මෙම සිනමා සිත්තමට (Rauf Lala) ගේ චරිතයෙන් පන පොවයි. ඒ වගේම Priyanka Chopra ( Kaali Gawde ) චරිතයටත් පන පොවනව.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා මේකේ එන විශේෂිතම දෙයක් තමයි ITEM SONG එක කියල කිව්වොත් නිවැරදියි මන් හිතන්නේ. හුගක් දෙනෙක් දන්න, ජනප්‍රිය Chikni Chameli සින්දුවට Katrina Kaif නර්තනයෙන් දායක වෙලා තියනවා, ඒ විතරක්ම නෙමෙයි මේ ච්ත්‍රපටයේ ලස්සන සින්දු කිහිපයක්ම තියනවා, ඒ සිංදුවලට උපසිරසි ලබා දුන්නේ අපේ MTR තරිඳු රුක්ෂාන් සහෝදරයා. එයාටත් ඒ සඳහා ස්තුතිය පිරිනමනවා.  එවාත් හොදට රස විදින්නකෝ එහෙනම්.

අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඔනේ. Hrithik Roshanගේ මම බලපු ච්ත්‍රපට වලින් උඩින්ම තියන්න පුලුවන් චිත්‍රපටක් තමයි Agneepath කියන්නේ, මෙම ච්ත්‍රපටයට සම්මාන රැසකටම හිමිකම් කියනවා වගේම පසුගිය දශකයේ නිකුත් වූ රිතික් රෝෂන්ගේ ෆිල්ම් අතරින් යහපත් ආදායම් වාර්ථාද තියපු ච්ත්‍රපටක්. Zee Cine Awards, IIFA Awards, Stardust Awards, Mirchi Music Awards ආදී සම්මාන උළෙලවල් හිදී සම්මාන රැසකටට උරුම කම් කියන්න යම්කිසි හෙතුවක් ඇතිනේ, බලලම තීරනය කරන්නකෝ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම මෙන්න මේකයි වෙන්නේ.

“ඉන්දියාවේ එක්තරා පුන්චි ගම්මානයක් තියනවා මාන්ද්වා කියලා, ඒ ගමේ හැම හොද වැඩකදීම වගේම ගමට නපුරක් නරක් සිද්ද වෙනව නම් ඒ හැම මොහොතකදීම තමන්ගේ  ජීවිතය ගැනවත් නොතකා ඉදිරිපත් වෙන ගමේ ගුරුවරෙයෙක් එහෙමත් නැත්නම් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඔනෑම තැනක හොදක් කරන්න ගියොත් එතනට කෙලින එකෙක් ඉන්නවනේ අන්න ඒ වගේ කාන්චා කියන චරිතේ ඒ ගමට එනවා, ඔහු එම ගමේ ආධිපත්‍යය පතුරවාගන්න ඔන නිසා ගුරුවරයට විරුද්ධව ගමේ මිනිස්සුන්ව කුපිත කරවලා ඔහුව වැරදි දේකට අසු කරල මරල දානව. එම ගුරුවරයාගේ පුතා තාත්තා මරපු පලිය ගන්න අවුරුදු 15 ක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඉතිං දීර්ඝ කාලීනව එම සිදුවීම වටා ගොඩ නැගුනු කතාවක් තමා අග්නිපත් කියන්නේ. ඊට වැඩිය කතාව කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් වෙන්නෙ නෑනේ, ඒ නිසා මෙතැන් සිට ඔබට බාරයි. ? “

“දුර්වලයන්ට කියන්න බැහැ අපි බලවතුන්ට සමාව දෙනව කියල.
ඒ වෙනුවට, දුර්වලයන් බලවත් වෙන්න ඕන..”

Agneepath (2012) Sinhala Sub

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/feed/ 0
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/#respond Fri, 10 May 2024 00:30:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49340 Bajrangi Bhaijaan Sinhala Sub Bajrangi Bhaijaan Sinhala Subtitles Bajrangi Bhaijaan (2015) Sinhala Sub Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි […]

The post Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bajrangi Bhaijaan Sinhala Sub
Bajrangi Bhaijaan Sinhala Subtitles
Bajrangi Bhaijaan (2015) Sinhala Sub
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටියේ කතාව රචනා කරලා තියෙන්නේ කාගේත් අවධානය දිනාගත් Baahubali චිත්‍රපටියේද කතාව රචනා කල K. V. Vijayendra Prasad විසින් බව. එකම පුද්ගලයෙකු අතින් කතාවන් සැකසුනු මේ චිත්‍රපටි දෙකේ පමණක් මේ වෙද්දී ආදායම ඉන්දියානු රුපියල් කෝටි 850 කටත් වැඩියි. බජ්රන්ගි භායිජාන් චිත්‍රපටියේ රේටින් ගැන කියනවා නම් IMDB අගය මේකට 8.5 ක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ek tha Tiger චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල් කබීර් කාන් විසින්. එමෙන්ම නිෂ්පාදනය සල්මන් කාන් විසිත්ද, සංගීතය ප්‍රීතම් විසින්ද සපයා ඇති මිනිත්තු 158ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Eros International ආයතනය විසින් 2015 ජූලි 15 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් 4000කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය සඳහා බෙදාහරිනවා. කවුරුත් දන්නවනේ ඉතින් චිත්‍රපටියේ රංගනයේ නිරත වෙන අය කවුද කියලා. සල්මන් කාන්, කරීනා කපූර්, නවාසුද්දීන් සිදිකි, සහ ළමා චරිතයෙන් හර්ශාලි මල්හෝත්‍රා මේ සඳහා තාම රංගන දායකත්වයන් සපයනවා. කතාව ගැනත් යමක් කියමුකෝ.

ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!! ඔයාලා බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/feed/ 0
OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 01:12:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61479 OMG: Oh My God! Sinhala Sub OMG: Oh My God! Sinhala Subtitles OMG: Oh My God! (2012) Sinhala Sub OMG: Oh My God! (2012) Sinhala Subtitles OMG Oh My God! (2012) Sinhala Subtitles ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර […]

The post OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
OMG: Oh My God! Sinhala Sub
OMG: Oh My God! Sinhala Subtitles
OMG: Oh My God! (2012) Sinhala Sub
OMG: Oh My God! (2012) Sinhala Subtitles
OMG Oh My God! (2012) Sinhala Subtitles

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….OMG

මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න.

ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??OMG

ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද?

ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්. OMG

අහ්! තව කියන්න දෙයක් තියනව. මේකට සබ් දාන්න මම අපේ ධනා සහෝගෙගෙත් උදව් ලබා ගත්ත. ඉතින් බොහොම වැඩ රාජකාරි මැද්දෙ වුනත් ඔහු කල උපකාරයට ස්තූති කරනවා. අපි දෙන්න හුඟක් මහන්සි වෙලා මේක කරේ. ඔයාල කමෙන්ට් එකක් දාල යයි කියල හිතනව.. එහෙනම් හැමෝටම ජය වේවා!!! අපේ ධනා සහෝගෙ වචන වලින් නොකිව්වොත් අඩුවක් වෙයිනෙ,, අහිංසක හිත්නෙ෴

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දිදුල Kd සිල්වා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/feed/ 0