Park Seo-jun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-seo-jun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:52:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park Seo-jun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-seo-jun/ 32 32 The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-marvels-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-marvels-2023-sinhala-subtitles/#respond Tue, 16 Jan 2024 16:40:48 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63292 The Marvels Sinhala Sub The Marvels Sinhala Subtitles The Marvels (2023) Sinhala Sub The Marvels (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මුලින්ම, සුබ නත්තලක් වේවා හැමෝටම! හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කට්ටිය ෆෙස්ටිව් ස්පිරිට් එකෙන් ඉන්න දවසේ ඔන්න අරං ආවා THE MARVELS… එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. 2019 අවුරුද්දේ Avengers: Infinity War වලින් Avengers: Endgame […]

The post The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Marvels Sinhala Sub
The Marvels Sinhala Subtitles
The Marvels (2023) Sinhala Sub
The Marvels (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මුලින්ම, සුබ නත්තලක් වේවා හැමෝටම! හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කට්ටිය ෆෙස්ටිව් ස්පිරිට් එකෙන් ඉන්න දවසේ ඔන්න අරං ආවා THE MARVELS…

එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. 2019 අවුරුද්දේ Avengers: Infinity War වලින් Avengers: Endgame ෆිල්ම් එකට ඇතිවුණු අතිවිශාල හයිප් එක අතරේ රිලීස් වුණු ෆිල්ම් එකක් තමයි Captain Marvel (2019) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ තැනෝස් එක්ක කරට කර යන්න පුළුවන්, කෙවින් ෆයිගී කියන විදියට ‘මාවල්හි බලවත්ම සුපිරිවීරයා’ කියන Captain Marvel ව හඳුන්වා දීමයි. ෆිල්ම් එකේ කොලිටිය නම් හොඳටම මදි වුණත් හයිප් එක නිසා සෑහෙන ආදායමක් ඉපැයුවා කියාන් එක තමයි මාත් ඇතුළුව ගොඩක් අයගේ අදහස. ඉතින් මේ අරගෙන එන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක: The Marvels.

ෆිල්ම් එකේ female superheroes ලා තුන් දෙනෙක් ඉන්නවා: කැප්ටන් මාවල්, මිස් මාවල් සහ කැප්ටන් මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ව ඉහත කී ෆිල්ම් එකෙනුත්, මිස් මාවල්ව Ms. Marvel ටීවී සීරිස් එකෙනුත්, මොනිකා රැම්බෝව Wandavision එකෙනුත් හඳුන්වා දෙනු ලැබුවා. කතාව තේරුම් ගන්න ඒ ඔක්කොම බලලා තියෙන්න ඕනේ නෑ. පළවෙනි කැප්ටන් මාවල් ෆිල්ම් එක ටිකක් මතක නම් ඇති.

ෆිල්ම් එකට දැනට IMDb දර්ශකයේ 5.9 ක අගයක් ලැබිලා තියෙනවා. චරිතවලට පණපොවන්න Brie Larson (කැරොල් ඩැන්වර්ස්), Teyonah Parris (මොනිකා රැම්බෝ), Iman Vellani (කමාලා ඛාන්), Samuel L. Jackson (නික් ෆියුරි), Zawe Ashton (ඩාර්-බෙන්) ආදිය රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Fantasy ගණයටයි. ෆිල්ම් එකේ ඔරිජිනල් ඩිජිටල් කොපිය එන්න තියෙන්නෙ 2024 ජනවාරි 09 වෙනිදා.

ෆිල්ම් එකේ කතාව යන්නේ මෙහෙමයි. කැප්ටන් මාවල් ගිහින් “උත්තරීතර බුද්ධිය” හෙවත් Supreme Intelligence එක විනාශ කළාට පස්සේ සිවිල් යුද්ධයක් ඇවිලිලා Hala වලට ස්වභාවික සම්පත් නැතුව යනවා. අඩු තරමේ වාතයවත් හුස්ම ගන්න සුදුසු වෙන්නේ නෑ. මහා නියඟයක් පැතිරෙනවා. තමන්ගේ මිනිස්සුන්ව මේකෙන් බේරගන්න සහ තමන්ව මේ ඉරණමට පත් කරපු “විනාශ කරන්නිය” හෙවත් කැප්ටන් මාවල්ගෙන් පළිගන්න හිතාගෙන ක්‍රී අධිරාජ්‍යයේ නායිකාව වන ඩාර්-බෙන්, කැප්ටන් මාවල් ආදරය කරන අය ඉන්න ලෝකවල තියෙන භෞතික සම්පත් පැහැර ගන්නවා; ජලය, වාතය, සූර්යයා වගේ දේවල්.

එයා මේක කරන්නේ ජම්ප් පොයින්ට්ස් (wormholes) හරහායි. කැප්ටන් මාවල් සහ කැප්ටන් රැම්බෝ මේ ජම්ප් පොයින්ට්ස් ස්පර්ශ කිරීම නිසා එයාලා දෙන්නගේ සහ මිස් මාවල්ගේ බලයන් පටලැවෙනවා. මේ හේතුවෙන් එයාලා තමන්ගේ බලයන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ තැන් මාරු වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තියාගෙන මුළු විශ්වයම අවධානමේ දාගෙන, කැප්ටන් මාවල්ගෙන් එයා ආදරේ කරන අයව උදුරගන්න හදන මේ දුෂ්ටයාව පරද්දන්න කැප්ටන් මාවල්ට පුළුවන් වෙයිද?

මේක පළවෙනි ෆිල්ම් එකට වඩා නම් හොඳ බව නම් කියන්න ඕනේ. මං වෙන මොකුත් නොකියා ඉන්නම්. පළවෙනි ෆිල්ම් එකට වඩා හොඳයි කියලා masterpiece එකක් බලාපොරොත්තුවෙන් ෆිල්ම් එක බලන්නත් එපා. ඒවගේම ෆිල්ම් එකට ෆෙමිනිසම් ගැන චෝදනා එල්ලවෙනවා. ඒත් අපි ඒවා ගැන නොහිතා bias නැතුව ෆිල්ම් එකක් විදියට ෆිල්ම් එක බලමු නේද?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-marvels-2023-sinhala-subtitles/feed/ 0
Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/concrete-utopia-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/concrete-utopia-2023-sinhala-subtitles/#comments Sun, 08 Oct 2023 21:51:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56191 Concrete Utopia Sinhala Sub Concrete Utopia Sinhala Subtitles Concrete Utopia (2023) Sinhala Sub Concrete Utopia (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මිලියන තුනකටත් වඩා රසික පිරිසක් සිනමා ශාලාවන් තුළදි නරඹා ඇමරිකන් ඩොලර් මිලියන 22.5කටත් වඩා ඉපැයූ වගේම මේ වසරේ තුන්වෙනියට වැඩිම ආදායමක් ලැබූ Concrete Utopia චිත්‍රපටය සැප්තැම්බර් 26 වෙනිදා VOD Services වලට නිකුත් වුනා. Concrete […]

The post Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Concrete Utopia Sinhala Sub
Concrete Utopia Sinhala Subtitles
Concrete Utopia (2023) Sinhala Sub
Concrete Utopia (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මිලියන තුනකටත් වඩා රසික පිරිසක් සිනමා ශාලාවන් තුළදි නරඹා ඇමරිකන් ඩොලර් මිලියන 22.5කටත් වඩා ඉපැයූ වගේම මේ වසරේ තුන්වෙනියට වැඩිම ආදායමක් ලැබූ Concrete Utopia චිත්‍රපටය සැප්තැම්බර් 26 වෙනිදා VOD Services වලට නිකුත් වුනා.

Concrete Utopia Universe එකේ නිකුත් වෙන දෙවනි Project එක විදිහට වෙන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Vanishing Time අධ්‍යක්ෂක Uhm Tae Hwa විසින්

7/10 ක IMDb අගයක් 100%ක Rotten tomatoes අගයක් හිමිකරගත්ත Concrete Utopia චිත්‍රපටය මේ වසරේ නිකුත් වුන අති සාර්ථක චිත්‍රපටයක් බවට සැකහැර කියන්න පුලුවන්.

••CAST ••

  • >>Lee Byung-hun as Yeong-tak
  • >>Park Seo-joon as Min-seong
  • >>Park Bo-young as Myeong-hwa
  • >>Kim Sun-young as Geum-ae
  • >>Park Ji-hu as Hye-won

විශාල භූමිකම්පාවකින් පස්සේ මුළු නගරය විනාශ වී නටඹුන් වී ඇති වෙලවක තමන්ගෙ ජීවිත බේරගත්ත අය ගැන තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. ඔය අතරවාරයේදී තමන්ගෙ මහල් නිවාසය පිටස්තර මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්නත් මේ අයට සිද්ධ වෙනවා.

මේ තත්ත්වෙට ඒ අය කොහොම මූණ දෙයිද?

මොන මොන ගැටලු මේ අයට ඇතිවෙයිද?

මේ හැමදේටම මේ අය කොහොම විසඳුම් හොයයිද?

ඉතින් මේ එකී මෙකී නොකී හැම ප්‍ රශ්නෙකටම උත්තර දැනගන්න වෙන්නෙ මේ ෆිල්ම් එක බලලම තමා..

හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/concrete-utopia-2023-sinhala-subtitles/feed/ 4
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-evil-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-evil-2015-sinhala-subtitles/#respond Sun, 20 Aug 2023 07:30:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51507 The Chronicles of Evil Sinhala Sub The Chronicles of Evil Sinhala Subtitles The Chronicles of Evil (2015) Sinhala Sub The Chronicles of Evil (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! EVERYTHING WAS PERFECT UNTIL I KILLED MAN AND HIS DEAD BODY TURNED UP IN FRONT OF ME Movie: The Chronicles of Evil Revised romanization: Akui Yeondaegi […]

The post The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Evil Sinhala Sub
The Chronicles of Evil Sinhala Subtitles
The Chronicles of Evil (2015) Sinhala Sub
The Chronicles of Evil (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

EVERYTHING WAS PERFECT UNTIL I KILLED MAN AND HIS DEAD BODY TURNED UP IN FRONT OF ME

  • Movie: The Chronicles of Evil
  • Revised romanization: Akui Yeondaegi
  • Hangul: 악의 연대기
  • Director: Baek Woon-Hak
  • Writer: Baek Woon-Hak
  • Producer: Choi Won-Ki
  • Cinematographer:
  • Release Date: May 14, 2015
  • Runtime: 102 min.
  • Genre: Thriller / Mystery
  • Distributor: CJ Entertainment
  • Language: Korean
  • Country: South Korea

ඔන්න අද තවත් කොරියන් Thriller /Crime ගණයට අයත් වෙන ෆිල්ම් එකක් අරන් ආවෙ අපි හැමෝම ආස කොරියන් තඩියා ma Dong Seok සහ Son Hyun joo යන සුපිරි රංගනශීල්පින්ගෙන් යුත් මෙ චිත්‍රපටය 2015 තිරගතවෙන අතර IMDB අගය 6.8 ගන්නත් සමත්වෙන අතර A hard day , The terror Live කියන සුපිරි ෆිල්ම් දෙක හදපු අයගෙම තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුලුවන් . කතාව පැත්තට ගියොත්.

කොරියානු පොලිසියේ ඉහල සම්මානයට පාත්වෙන ,රටේ හොදම රහස්පරීක්ෂ නිලධාරියා බවට කියන්න පුලුවන් මිනීමැරූම් පිළිබද පරීක්ෂක Choi chang sik අතින් මිනිසෙක් ඝාතනය වෙනවා . ඔහු එ උන තැනිත් කවුරුත් නොදැක්කා කියලා හිමීට පලාගියත් පසුදා උදෑසන පොලිසිය ඉදිරිපිට වැඩබිමක දොඹකරයක එල්ලා තියෙන මලසිරුරක් හමුවෙනවා. ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ ඊට වඩා කීවොත් පැය 1යි විනාඩි 40 ක් පුරා බලන්න හොද කොරියන් ක්‍රයිම් ෆිල්ම් එකක කතාවෙ රසය නැතිවෙනවා . එ නිසා ඉතුරු ටික බලන්න ඔයාලටම ඉඩ දීලා සමුගන්නවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-evil-2015-sinhala-subtitles/feed/ 0