Pavithrah Marimuthu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavithrah-marimuthu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 16:54:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pavithrah Marimuthu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavithrah-marimuthu/ 32 32 Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/#respond Fri, 05 Jan 2024 14:13:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63990 Mudhal Nee Mudivum Nee Sinhala Sub Mudhal Nee Mudivum Nee Sinhala Subtitles Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ” ( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. […]

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mudhal Nee Mudivum Nee Sinhala Sub
Mudhal Nee Mudivum Nee Sinhala Subtitles
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles

මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ”
( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. )

දර්බුක සිවා

කතාව ගැන කියන්න කලින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ.. එයාගේ නම ” දර්බුකා සිවා ” එයා මුලින්ම නළුවෙක්.. ” Rajathandhiram ” ” Thodari ” ” Mo ” මේ වගේ දෙමළ ෆිල්ම් වල එයා රඟපාලා තියෙනවා.. ඒත් ප්‍රධාන චරිතේ නෙවෙයි.. ඉතින් ඔන්න ඔහොම මෙයාගේ සිනමා ජිවිතේ ගෙවීගෙන යද්දී මෙයා එක පාරටම දනුෂ්ගේ ” Enai Noki Paayum Thota ” ෆිල්ම් එකට සංගීතය කරනවා.. ” Gautham Vaasudev Menon ” ගේ.. ඉතින් ඒ සිංදු ටික මිනිස්සු අතරේ මාර විදිහට ප්‍රසිද්ධ වෙනවා.. අද උනත් ඔයාලා YouTube එකට ගිහින් බැලුවොතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා.. ” Maruvaathai Pesadhey ” සහ ” Visiri ” කියන සිංදු දෙක ලොකු වීව්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා YouTube වල.. හරි ඔන්න ඔහොම ඉඳපු කෙනා.. අද එයාගේ මුල්ම සිනමා නිර්මාණය කරලා තියෙනවා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ඒකෙත් සංගීතය එයාම තමයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා මේ ෆිල්ම් එක එයාගේ කිව්වම.. ඒ තරම් මේ ෆිල්ම් එක ලස්සනයි.. අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නම බැහැ ඒ තරම් මාරම ෆිල්ම් එකක් මේක.. ” දර්බුකා සිවා ” එක සම්මුඛ සාකච්ඡාවක කියනවා ” Gautham Vasudev Menon ” මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා කියලා.. මම මේක කරන්නම් කියලා.. ඉතින් එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ ?

හරි එහෙනම් කතාව ගැන පොඩියට ඔයාලට කියන්නම්..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ පාසල් කාලයේ සුන්දරත්වය ගැන.. පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තව පාසල් මිතුරන් එක්ක ගෙවුන කාලයේ සුන්දරත්වය.. ඒ වගේම පාසල් කාලයෙන් පස්සේ එයාලව මුණගැහුනම දැනෙන සතුට.. ඒ වගේ දේවල් තමයි..

ඊට අමතර මේ ෆිල්ම් එකේ ලස්සනම දේ තමයි.. ” ඒක නම් මාරම පණිවිඩයක් ජිවිත වලට ” අපි අපේ ජිවිතේ හරි තැනදී ගන්න ඕන තීරණ පරක්කු වෙලා ගත්තම හෝ හදිස්සියට වැරදි තීරණ ගත්තම.. අපේ ජිවිත වලට මොනවද වෙන්නේ.. අපේ ජිවිත වලට ඒවා කොච්චර බලපානවද කියලා ලස්සනට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා..

මෙහෙම කිව්වට මේක දැනෙන්නේ නැහැ.. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක අරගෙන බලන්න.. රඟපාන අය අලුත් උනත් කිසිම අලුත් ගතියක් එයාලගෙන් දැනෙන්නේ නැහැ.. ඒ තරම් ලස්සනට එයාලා හැමෝම එයාලගේ චරිතය රඟපානවා..

හරි එහෙනම් අද ඉඳලා මේ ලස්සන ෆිල්ම් එක ඔයාලට බාරයි..

ෆිල්ම් එකේ ප්‍රධානම සිංදුවේ කොටසක් එක්ක එහෙනම් සමුගන්නම්..

 


“ප්‍රථමයත් නුඹයි… අවසානයත් නුඹයි”
“කාල තුනත් නුඹයි”
“සාගරය නුඹයි… වෙරළත් නුඹයි”
“සුළඟ පවා නුඹයි”
“හදවත තුල එක් තුවාලයක්”
“නුඹ ගැන නොසිතු දිනයක් නොමැත”
“මා විලසද මා නොමැත…”
“මාවත පුරා නොයෙක් රූපයන්”
“ඒ මා සැතපුණු උරහිසෙහි”
“නුඹ මෙන් කවුරුත් නොමැත…”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/feed/ 0
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pizza-3-the-mummy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pizza-3-the-mummy-2023-sinhala-subtitles/#respond Sun, 10 Sep 2023 08:18:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53585 Pizza 3: The Mummy Sinhala Sub Pizza 3: The Mummy Sinhala Subtitles Pizza 3: The Mummy (2023) Sinhala Sub Pizza 3: The Mummy (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින් පිසා චිත්‍රපටි බලලා තියනවා නම් ඒ ගැම්මෙන්ම මේක […]

The post Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pizza 3: The Mummy Sinhala Sub
Pizza 3: The Mummy Sinhala Subtitles
Pizza 3: The Mummy (2023) Sinhala Sub
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින් පිසා චිත්‍රපටි බලලා තියනවා නම් ඒ ගැම්මෙන්ම මේක බලන්න ලැස්ති වෙන්න නම් එපා. කලින් ෆිල්ම් දෙකේම අන්තිමට අපි නොහිතපු තැනකින් නේ ඉවර කරන්නේ. මේක නම් එහෙම කතාවක් නෙමෙයි. මේ පාර මේ චිත්‍රපටිය සමාන්‍ය හොරර් චිත්‍රපටියක්ම විතරක් කරලා. හැබැයි මේකේ තියන කතාව නම් හොදම විදියේ එකක් කියලා කියන්න ඕනි. කලින් චිත්‍රපටි නොබැලුවා කියලා මේක බලන්න කිසිම අවුලක් නැහැ. චිත්‍රපටියේ නම එක උනාට වෙනස්ම වෙනස් කතා මේකේ තියෙන්නේ…

කතාව ගැන කිව්වොත් පුරාණ ඊජිප්තු මමි බොනික්කෙක් ඉන්නවා මේ බොනික්කාට පුලුවන් පුරහද තියන දවසට ඒ කියන්නේ පෝය දවසට මැරුණ ආත්ම වලට මේ ලොකේට එන්න පාර හදලා දෙන්න. නාලන් කියන්නේ කැම කඩයක් කරන කෙනෙක්. දවසක් මේ කැම කඩේට ආපු කෙනෙක් අතින් මේ මමි බොනික්කාව කඩේ දාලා යනවා. අයිතිකාරයා හොයාගන්න බැරි උන නිසා මේ අය මේක කඩේ රාක්කෙක තියනවා. කොහොම හරි පුරහද පායන රැයක් උදා වෙනවා. එදා රෑ ඉදන් නාලන්ගේ මේ කඩේ ඇතුලේ වෙන්නේ හිනෙකින්වත් නොහිතපු දේවල්…. ඉතින් ඒ මොන වගේ දෙවල්ද? මේ බොනික්කා නිසා පණ ආව ආත්මය ඇයි මේ කඩේ අස්සේ සැරි සරන්නේ වගේ ගොඩක් දේවල් වලට උත්තර දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නැරබුවොත් තමයි…

එහෙනම් ඔයාලට ආරාධනා කරනවා මේ කතාව පහලින් Download කරන් රසවිඳින්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නුවන්ග ලක්ෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pizza-3-the-mummy-2023-sinhala-subtitles/feed/ 0