Prajwal Devaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prajwal-devaraj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 03:31:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prajwal Devaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prajwal-devaraj/ 32 32 Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tatsama-tadbhava-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tatsama-tadbhava-2023-sinhala-subtitles/#comments Thu, 26 Oct 2023 17:34:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58603 Tatsama Tadbhava Sinhala Sub Tatsama Tadbhava Sinhala Subtitles Tatsama Tadbhava (2023) Sinhala Sub Tatsama Tadbhava (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම!! ඔන්න කන්නඩ සිනමාව පැත්තෙන් තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා… චිත්‍රපටය නමින් Tatsama Tadbhava (2023)… මේක ⁣2023 සැප්තැම්බර් 15 වෙනිදා සිනමාශාලා වලට නිකුත් පහුගිය 20 වෙනිදා OTT වෙතට මුදා හැරුණු කන්නඩ චිත්‍රපටියක්..   මේකේ කතාව […]

The post Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tatsama Tadbhava Sinhala Sub
Tatsama Tadbhava Sinhala Subtitles
Tatsama Tadbhava (2023) Sinhala Sub
Tatsama Tadbhava (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!!

ඔන්න කන්නඩ සිනමාව පැත්තෙන් තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා… චිත්‍රපටය නමින් Tatsama Tadbhava (2023)… මේක ⁣2023 සැප්තැම්බර් 15 වෙනිදා සිනමාශාලා වලට නිකුත් පහුගිය 20 වෙනිදා OTT වෙතට මුදා හැරුණු කන්නඩ චිත්‍රපටියක්..

 

මේකේ කතාව වගේම අධ්‍යක්ෂණයත් සිදු වෙලා තියෙන්නේ Vishal Atreya අතින්..හොඳම කාරණාව තමයි මේ Vishal Atreya ගේ පලවෙනි චිත්‍රපටය..එහෙමත් නැත්තන් Debut ෆිල්ම් එක..ඉතින් පළවෙනි චිත්‍රපටය විදියට Vishal මේ චිත්‍රපටියෙන් සාර්ථක ආරම්භයක් අරගෙන තියනවා ෆිල්ම් එක බැලුවම ඔයාලටම තේරුම් යාවි..? ඒ වගේම මේක Pannaga Bharana, Spurthi Anil සහ Chethan Nanjundaiah කියන තුන්දෙනාගේ නිෂ්පාදනයක් විදියට තමයි සිනමා තිරයට ඇවිත් තියෙන්නේ..

මේකත් අදාළ වෙන්නේ Crime / Thriller ශාරණයටම තමයි… රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි දැනට Tatsama Tadbhava චිත්‍රපටයට IMDb දර්ශකයේ 8.2/10 අගයක් ලැබිලා තියනවා..ඒ වගේම ගූගල් පරිශීලක මනාප 94%ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Gentleman (2020) , Inspector Vikram (2021) , Veeram (2023) වගේ චිත්‍රපටි වල ප්‍රධාන චරිත මවපු කන්නඩ සිනමාවේ Dynamic Prince (ඩයනමික් ප්‍රින්ස්) විදියට හඳුන්වන Prajwal Devaraj තමයි මේකේ ප්‍රධාන චරිතය වන ඉන්ස්පෙක්ටර් අරවින්ද්ට පන පොවන්නේ..පහුගිය කාලයක් තිස්සේ අසාර්ථක චිත්‍රපටි රැසකට කොටුවෙලා හිටිය Prajwal මේ ෆිල්ම් එකෙන් ආපහු පරණ ට්‍රැක් එකට වැටිලා තියනවා කිව්වොත් හරි…මොකද කිව්වොත් පහුගිය ටිකේම Prajwal ලැබුණේ එකම ආකා⁣රයේ චරිත..කන්නඩ සිනමාව එක්ක ඉන්න කෙනෙක්නම් ඒක හොඳටම දන්නවා ඇති..ඉතින් මේ ෆිල්ම් එකෙන් ඒ ඒකාකාරීබවට තිත තියන්න ප්‍රජ්වාල්ට හැකියාව ලැබිලා තියනවා..ප්‍රජ්වාල්ට අමතරව මේකේ Main Female Character එකට පන පොවන්නේ Meghana Raj විසින්..මේඝනා කියන්න මීට අවුරුදු කීපෙකට කලින් දිවි ගමනෙන් සමුගත්ත Chiranjeevi Sarja ගේ බිරිඳ..මේඝනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ විදියට Tatsama Tadbhava චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආවේ..ඇයගෙනුත් මේ ෆිල්ම් එකට හොඳ සහයෝගයක් ලැබිලා තියනවා කියන එකනම් කියන්නම ඕන..ඉතින් මේ දෙන්නට අමතරව Aravind Iyer , Mahati Bhat , Girija Lokesh , T.S. Nagabharana , Balaji Manohar ව⁣ගේ නලු නිලි පිරිසක් මේ චිත්‍රපටයත් එක්ක එකතුවෙලා ඉන්නවා..

අපි දැන් කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

මේ කතාව පටන් ගන්නේ තමන්ගේ මහත්තයා අතුරුදහන් කියාගෙන පැමිණිල්ලක් දාන්න පොලීසියට එන ආරිකා කියන කාන්තාවගෙන්..ඉතින් ආරිකාගේ මහත්තයා වුණ සංජයි තමයි මේ විදියට හිටි හැටියේ අතුරුදහන් වෙලා තියෙන්නේ..ආරිකාගේ මේ පැමිණිල්ල භාරගන්නේ අපේ කතා නායකයා වෙන ඉන්ස්පෙක්ටර් අරවින්ද්..මුලින් මේ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ..මෙහෙම දවසක් දෙකක් යද්දි ආරිකාට තමන්ගේ ගෙදරින් අමුතු ගඳක් එනවා දැනෙවා..ඒ ගඳ දිගේ ගිහින් බැලුවම ආරිකා නවතින්නේ තමන්ගේ ගෙදර බෙස්මන්ට් එකෙන්..ඒ බේස්මන්ට් එකේ තිබ්බ එක පෙට්ටියක් ඇරලා බලපු ආරිකාට දකින්න ලැබෙන්නේ තමන්ගේ මහත්තයා වුණ සංජයිගේ නරක් වුණ මළ සිරුර..ඔන්න දැන් තමයි ප්‍රශ්න පත්තරයක්ම දි⁣ග ඇරෙන්න පටන් ගන්නේ..ඉතින් සංජයිව මැරුවේ කවුද? මොකක් නිසාද සංජයිව මැරුවේ ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න ඉන්ස්පෙක්ටර් අරවින්ද් එක්ක මෙතන ඉදලා ඔයාලත් එකතු වෙන්න කියන ගමන් හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා…

මේක Crime / Thriller චිත්‍රපටයක් නිසා අවසානේ වෙනකන් අපිව එක එක පැත්තට යොමු කරලා අපේ හිත් වලට කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා..ෆිල්ම් එකේ අවසානෙට අපිට තව ඉඟියකුත් දෙනවා..ඒකත් මොකද්ද කියලා ඔයාලම බලන්න…එහෙනම් තවත් ⁣ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා… චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න…

හැමෝටම බුදු සරණයි..!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tatsama-tadbhava-2023-sinhala-subtitles/feed/ 2
Gentleman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gentleman-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gentleman-2020-sinhala-subtitles/#respond Thu, 09 Feb 2023 23:48:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1080 The post Gentleman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Gentleman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gentleman-2020-sinhala-subtitles/feed/ 0