Puja Gupta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/puja-gupta/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Dec 2023 02:54:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Puja Gupta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/puja-gupta/ 32 32 OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 01:12:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61479 OMG: Oh My God! Sinhala Sub OMG: Oh My God! Sinhala Subtitles OMG: Oh My God! (2012) Sinhala Sub OMG: Oh My God! (2012) Sinhala Subtitles OMG Oh My God! (2012) Sinhala Subtitles ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර […]

The post OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
OMG: Oh My God! Sinhala Sub
OMG: Oh My God! Sinhala Subtitles
OMG: Oh My God! (2012) Sinhala Sub
OMG: Oh My God! (2012) Sinhala Subtitles
OMG Oh My God! (2012) Sinhala Subtitles

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….OMG

මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න.

ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??OMG

ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද?

ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්. OMG

අහ්! තව කියන්න දෙයක් තියනව. මේකට සබ් දාන්න මම අපේ ධනා සහෝගෙගෙත් උදව් ලබා ගත්ත. ඉතින් බොහොම වැඩ රාජකාරි මැද්දෙ වුනත් ඔහු කල උපකාරයට ස්තූති කරනවා. අපි දෙන්න හුඟක් මහන්සි වෙලා මේක කරේ. ඔයාල කමෙන්ට් එකක් දාල යයි කියල හිතනව.. එහෙනම් හැමෝටම ජය වේවා!!! අපේ ධනා සහෝගෙ වචන වලින් නොකිව්වොත් අඩුවක් වෙයිනෙ,, අහිංසක හිත්නෙ෴

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දිදුල Kd සිල්වා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/omg-oh-my-god-2012-sinhala-subtitles/feed/ 0
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:33:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49237 Hate Story 3 Sinhala Sub Hate Story 3 Sinhala Subtitles Hate Story 3 (2015) Sinhala Sub Hate Story 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012) ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් […]

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story 3 Sinhala Sub
Hate Story 3 Sinhala Subtitles
Hate Story 3 (2015) Sinhala Sub
Hate Story 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012)

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි…

වෛරයේ දෙවන දිගහැරුම Hate Story 2 (2014)

ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම් ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට…?

අද කතාව, වෛරයේ තෙවන දිගහැරුම Hate Story 3 (2015)

ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?

ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!

සෙල්ලම පටන් ගත්තා…

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.
-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”

“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා.. පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව,
අද සම්පුර්ණ කරන්නට…!!

Film එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න එහෙනම් මෙතැන් පටන් ඔයාලට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/feed/ 0