Rachel Matthews Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rachel-matthews/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 24 Nov 2023 17:15:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rachel Matthews Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rachel-matthews/ 32 32 Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/frozen-ii-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/frozen-ii-2019-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 19:51:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49538 Frozen II Sinhala Sub Frozen II Sinhala Subtitles Frozen II (2019) Sinhala Sub Frozen II (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ෆ්‍රෝසන් කිව්වම ඔයාල දන්නවා අර අපූරු සොයුරියෝ දෙදෙනාගේ කතාව මොකද්ද කියල. ආනා සහ එල්සා කිව්වම ඒ ගැන නොදන්නා පොඩි දරුවෙක් නැති තරම්. ඒ බලපෑම කොයිතරම්ද කියනවා නම් […]

The post Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Frozen II Sinhala Sub
Frozen II Sinhala Subtitles
Frozen II (2019) Sinhala Sub
Frozen II (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ෆ්‍රෝසන් කිව්වම ඔයාල දන්නවා අර අපූරු සොයුරියෝ දෙදෙනාගේ කතාව මොකද්ද කියල. ආනා සහ එල්සා කිව්වම ඒ ගැන නොදන්නා පොඩි දරුවෙක් නැති තරම්. ඒ බලපෑම කොයිතරම්ද කියනවා නම් ඒ වෙනුවෙන් කෙලි බාණ්ඩ, ඇඳුම්, පොත් පත් වගේ සැහෙන දේවල් වල ෆ්‍රෝසන් චරිත සහිත ඡායාරූප සමගින් උණු කැවුම් වගේ අදටත් විකිනෙනවා. කොටින්ම ඩිස්නි සමාගමට ෆ්‍රෝසන් පළමු චිත්‍රපටයේ පටන් මේ දක්වාම ආදායම් ගෙන්න සමත් උන දෙදෙනෙක් තමයි ආනා සහ එල්සා කියන්නේ. ඉතින් එවැනි පසුබිමක තමයි ඩිස්නි සමාගම එහි දෙවැන්න වෙනුවෙන් වැඩකටයුතු සූදානම් කරලා දෙවැන්න මේ විදිහට නොසිතු අවස්ථාවකට ඔබට මට මෙහෙම අන්තර්ජාලය හරහා බලන්න ලැබෙන්නේ.

විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන දෙකකට නාමයෝජනා සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මතක ඇතිනේ පළමුවැන්න ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගත්තා කියලා. බොහෝදුරට ඔස්කාර් සම්මාන උළෙල තුලත් ෆ්‍රෝසන් දෙවැන්න ලොකු පෙරලියක් කරාවි කියන බලාපොරොත්තුව තිබෙනවා. දැනට හොඳම සජීවිකරණ චිත්‍රපටය සහ හොඳම ගීතය වෙනුවෙන් “Into the Unknown” ගීතය යෝජනා වී තිබෙනවා. ඉතින් බොහෝදුරට ගෝල්ඩන් ග්ලෝබ් පමණක් නෙමේ ඔස්කාර් සම්මානයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබේවි. කලින් විදිහටම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Chris Buck, Jennifer Lee දෙදෙනා මෙවරත් ඒ කර්තව්‍ය බාරගෙන හොඳින් ඉටුකර තිබෙනවා. හඬ කැවීම් දායකත්වයෙන් Kristen Bell (ආනා), Idina Menzel (එල්සා), Josh Gad (ඔලාෆ්) සහ Jonathan Groff (ක්‍රිස්ටෝෆ්) ගේ චරිත සඳහාත් කලින් පිරිසම සහභාගී වී තිබෙනවා. දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටය ලැබූ ආදායම ගැන විශේෂයෙන්. චිත්‍රපටය නිර්මානය කිරීමට වැයවූ ඩොලර් මිලියන 150 අද දින වනවිට ඩොලර් මිලියන 1233 ක ආදායමක් කරගැනීමට ආනා සහ එල්සා නිවුන් සොයුරියෝ දෙදෙනා සමත් වී තිබෙනවා. පසුගිය නොවැම්බර් 20 තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය මේ මොහොත වනවිටත් චිත්‍රපට ශාලා වල තිරගත වන අතර ලෝකයේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් 19 ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. බොහෝ දුරට දෙවැන්න පළමුවැන්නට වඩා සාර්ථක විය හැකියි. මොකද පළමුවැන්න නතර උනේ ඩොලර් මිලියන 1274ක ආදායමකින්. එය අභිබවා යන්න තව කෙටිකලකින් දෙවැන්නට අවස්තාව උදා වේවි.

           

එහෙනම් චිත්‍රපටය ගැන ටිකක් බලමු… කලින් කිව්වා වගේම ඔයාල ආනා සහ එල්සා ගැන දන්නවනේ. මේ සහෝදරියන්ගෙන් කෙනෙක්ට විශේෂ මායා බලයක් තියෙනවා. ඒ බලය ලැබුණේ කොහොමද සහ එහි අතීතය අපිට දැනගන්න ලැබුණේ නැහැ පළමු චිත්‍රපටයේදී. පළමු චිත්‍රපටය තුල අපිට දැනගන්න ලැබුණේ එල්සාට කරන්න පුළුවන් දේවල් සහ ඇයට ඉතා විශාල බලයක් හිමිවෙලා තියෙනවා කියල. ඇය එය පාලනය කරගන්න බැරුව වෙනම අයිස් මාලිගාවක් නිර්මාණය කරගෙන හිටියා. එත් අවසානයේ සහෝදරියෝ දෙදෙනා නැවත එකතු වෙලා එයාලගේ රාජ්‍යය උන එරන්ඩල් නැවත හොඳින් පාලනය කරන්නට උනා. ඉතින් මේ අලුත් චිත්‍රපටය තුල කතා නායිකාව වෙන්නෙත් එල්සා. එල්සාට එක්තරා හඬක් ඇසෙන්න ගන්නවා. ඇය හිතන්නේ කවුරුන් හෝ ඇයට කතාකරනවා කියලා. හැමදාම මෙහෙම ඇයට විතරක් ඇහෙන මේ හඬ කොහෙන්ද එන්නේ ඇයි ඇයට විතරක් ඒ හඬ ඇහෙන්න කියන එක එල්සට ලොකු ගැටළුවක්. ඉතින් මේ ගැටළුව එල්සගේ අම්මා සහ අප්පච්චිගේ අතීතයටත් සම්බන්ධයි. එල්සා දවසක් ඇයගේ මායා බලය යොදාගෙන මේ හඬ මොකද්ද කියල හොයන්න උත්සාහයක් අරගන්නවා. ඒ අවස්ථාවේදී තමයි එල්සට තේරුම් යන්නේ තමන් කල දේ ඇති බරපතල කම ගැන. ඉතින් මේ වැරැද්ද නිසා එරන්ඩල් වලට ලොකු බලපෑමක් වෙනවා වගේම එරන්ඩල් වල අනාගතය රැඳී තියෙන්නෙත් මේ සොයුරියෝ දෙදෙනා අතෙයි. වෙනදා වගේම කතා කරන හිම මිනිහා ඔලාෆ්, ක්‍රිස්ටෝෆ් හෙවත් ආනාගේ පෙම්වතා සහ ස්වෙන් නමැති ක්‍රිස්ටෝෆ්ගේ පිණි මුවා මේ චිත්‍රපටයටත් එකතු වෙනවා මේ අලුත් වික්‍රමාන්විත ගමන යන්න.

Film එක බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/frozen-ii-2019-sinhala-subtitles/feed/ 0
Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 05:59:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45259 Happy Death Day 2U Sinhala Sub Happy Death Day 2U Sinhala Subtitles Happy Death Day 2U (2019) Sinhala Sub Happy Death Day 2U (2019) Sinhala Subtitles හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න […]

The post Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Happy Death Day 2U Sinhala Sub
Happy Death Day 2U Sinhala Subtitles
Happy Death Day 2U (2019) Sinhala Sub
Happy Death Day 2U (2019) Sinhala Subtitles

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න.

ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. ඒ වගේම 6.3ක IMDB අගයක් මේකට හිමිවෙලා තියනවා. ඉතින් නලුනිලියන් නම් කලින් එකේ කට්ටියම තමයි ඊට අමතරව තව අලුත් චරිත කීපයකුත් ඉන්නවා.

හරි එහෙනම් මුලින්ම පළවෙනි චිත්‍රපටය ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් හොදල් තියෙන්නේ ට්‍රී මැරුනට ඒ දවසේ මැරෙන්න කලින් වුන දේවල් මතකයි. ඉතින් මෙයා සැක කරුවන්ගේ ලයිස්තුවක් හදනවා. ඊට පස්සේ එකිනෙකා ගැන හොයන්වා. අන්තිමේදි එයා හොයාගන්නවා එයාව මරන්නේ වෙන ක්වුරුත් නෙමේ එයාගේ රූම් මේට් ලෝරී කියලා. ඉතින් ට්‍රී ගහන පයින් පහරකින් ලෝරී ජනේලෙන් පහලට වැටිලා මැරෙනවා. ඉතින් එතනින් අර දවස රීසෙට් වෙන එක නතර වෙනවා.

ඉතින් Happy Death Day 2U මේ චිත්‍රපටය පටන් ගන්නේ අර චිත්‍රපටය අවසන් වෙන තැනින්. ඉතින් කලින් චිත්‍රපටයේ තිබුන් හොර ගතිය ටිකක් අඩු කරලා SiFi පැත්තට බර කරලා තියනවා. මේකෙදි වෙන්නේ කාටර්ගේ රූම් මේට් රයන් (අර චීන කොල්ලා) එක පාරටම ට්‍රී වගේ එකම දවසේ හිරවෙන්න ගන්නවා. ඉතින් එයා යාලුවොත් එක්ක එකතුවෙලා ඒක්ට උත්තර හොයන්න ගන්නවා. බලනකොට ඒකට්ස් හේතුව එයා හදන සිසී කියන යන්තරය ඉතින්. හොයලා බලනකොට එයාව මරන්නේ එයාගෙම රූපකාය තියන කෙනෙක්. ඉතින් මූ එක හදන්න යනවා එතනදි මොකක් හරි වෙලා ට්‍රී ආපහු එකම දවසේ හිරවෙන්වා. ඉතින් හොයලා බලද්දි ට්‍රී දැන් ඉන්නේ වෙනමම මානයක. (සමාන්තරව ලෝකයක වගේ) ඉතින් ලෝරී ඒ ලෝකෙදි ට්‍රීව මරන්න එන් නෑ. ඒ වගේම ට්‍රීගේ අම්මත් ඉන්නවා. ඒත් වැඩේ කියන්නේ කාටර් ඒ ලෝකෙදි ට්‍රීට ආදරේ කරන්නේ නෑ. එයා ඩැනියල් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒත් මිනී මරුවෙක් නම් ඉන්නවා. ඉතින් ට්‍රීට කලින් ලෝකේ නැති හුගක් දේවල් මේ ලොකයේ තියන්වා. එතනින් එහාට මොකද් වෙන්නේ කියලා ඔයාලම බලන්න.

බුදු සරනයි!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් සචින්ත (සචී) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/feed/ 0
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/happy-death-day-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/happy-death-day-2017-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 05:30:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45242 Happy Death Day Sinhala Sub Happy Death Day Sinhala Subtitles Happy Death Day (2017) Sinhala Sub Happy Death Day (2017) Sinhala Subtitles හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක ගැන කියනවනම්, මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5ක imdb අගයක් ලැබිලා තියනවා. […]

The post Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Happy Death Day Sinhala Sub
Happy Death Day Sinhala Subtitles
Happy Death Day (2017) Sinhala Sub
Happy Death Day (2017) Sinhala Subtitles

හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක ගැන කියනවනම්, මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5ක imdb අගයක් ලැබිලා තියනවා. Horror | Mystery | Thriller ගණයට තමයි මේක අයිති වෙන්නේ. මේකදට නිෂ්පාධකයන් දරා තියන වියදම ඩොලර් 4,800,000 වුවත් තිරගතවීම ආරම්බ කර පළවෙනි සතිය තුලදිම මෙය ඩොලර් 26,039,025 මුදලක් උපයන්න සමත් වෙලා තියනවා. හොලිවුඩයේ ජනප්‍රිය නලුනිලියෝ රුසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඔනෙ නැහැ, චිත්‍රපටිය පැත්තට යමු…

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් එයාල මේ මීනි මරුවා හොයාගනියිද, ඇයි ට්‍රි මැරැණත් ආපහු පණ එන්නේ, එවයා මොකද එකම දවසේ හිරවුනේ, කවුද ට්‍රිව මරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්නනම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

‼Get Up. Live Your Day. Get Killed. Again‼

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් සචින්ත (සචී) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/happy-death-day-2017-sinhala-subtitles/feed/ 0