Radhika Sarathkumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radhika-sarathkumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Apr 2025 14:38:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Radhika Sarathkumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radhika-sarathkumar/ 32 32 Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vendhu-thanindhathu-kaadu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vendhu-thanindhathu-kaadu-2022-sinhala-subtitles/#respond Thu, 03 Apr 2025 14:37:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30465 Vendhu Thanindhathu Kaadu Sinhala Sub Vendhu Thanindhathu Kaadu Sinhala Subtitles Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Sub Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

The post Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vendhu Thanindhathu Kaadu Sinhala Sub
Vendhu Thanindhathu Kaadu Sinhala Subtitles
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Sub
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

The post Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vendhu-thanindhathu-kaadu-2022-sinhala-subtitles/feed/ 0
Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 16:46:59 +0000 https://braszers.tk/?post_type=tvshows&p=17558 After newlyweds Ajay and Geetha are brutally murdered, their families come together in grief. But the situation takes a new twist when the suspected killer arrives at their doorstep.

The post Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After newlyweds Ajay and Geetha are brutally murdered, their families come together in grief. But the situation takes a new twist when the suspected killer arrives at their doorstep.

The post Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/feed/ 0
Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 00:30:15 +0000 https://braszers.tk/?post_type=movies&p=17077 Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage […]

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles

Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles

Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage to be – male dominance over females.

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/feed/ 0
Jail (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jail-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jail-2021-sinhala-subtitles/#respond Wed, 12 Feb 2025 00:40:17 +0000 https://braszers.tk/?post_type=movies&p=16976 Jail Sinhala Subtitles Jail (2021) Sinhala Subtitles Three youngsters in a resettlement colony that houses people displaced from their neighbourhood because of gentrification try to chart out a life for themselves.

The post Jail (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jail Sinhala Subtitles

Jail (2021) Sinhala Subtitles

Three youngsters in a resettlement colony that houses people displaced from their neighbourhood because of gentrification try to chart out a life for themselves.

The post Jail (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jail-2021-sinhala-subtitles/feed/ 0
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thangamagan-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thangamagan-2015-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 16:15:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81555 Thangamagan Sinhala Sub Thangamagan Sinhala Subtitles Thangamagan (2015) Sinhala Sub Thangamagan (2015) Sinhala Subtitles 2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන […]

The post Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thangamagan Sinhala Sub
Thangamagan Sinhala Subtitles
Thangamagan (2015) Sinhala Sub
Thangamagan (2015) Sinhala Subtitles

2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.

තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thangamagan-2015-sinhala-subtitles/feed/ 0
Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:32:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80951 Operation Raavan Sinhala Sub Operation Raavan Sinhala Subtitles Operation Raavan (2024) Sinhala Sub Operation Raavan (2024) Sinhala Subtitles 2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු […]

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Raavan Sinhala Sub
Operation Raavan Sinhala Subtitles
Operation Raavan (2024) Sinhala Sub
Operation Raavan (2024) Sinhala Subtitles

2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..

කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/feed/ 0
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 16:49:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67556 Merry Christmas Sinhala Sub Merry Christmas Sinhala Subtitles Merry Christmas (2024) Sinhala Sub Merry Christmas (2024) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා […]

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Merry Christmas Sinhala Sub
Merry Christmas Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Sub
Merry Christmas (2024) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/feed/ 0
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 17:45:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63178 Aadikeshava Sinhala Sub Aadikeshava Sinhala Subtitles Aadikeshava (2023) Sinhala Sub Aadikeshava (2023) Sinhala Subtitles Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ […]

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadikeshava Sinhala Sub
Aadikeshava Sinhala Subtitles
Aadikeshava (2023) Sinhala Sub
Aadikeshava (2023) Sinhala Subtitles

Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.

බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.

ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.

ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු උදයංඟ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/feed/ 0
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/#respond Sun, 29 Oct 2023 17:01:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56062 Chandramukhi 2 Sinhala Sub Chandramukhi 2 Sinhala Subtitles Chandramukhi 2 (2023) Sinhala Sub Chandramukhi 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! දෛවය කාටවත්ම වෙනස් කරන්න බැහැ. අපේ දෛවයේ ලියවිලා තියන කිසිම දෙයක් කාටවත්ම වෙනස් කරන්න බැහැ… රංගනායගීගේ පවුලට දිගින් දිගටම කරදර ඇති වෙනවා. එයාලගේ පවුලේ පූජකවරයා ගෙන්නලා මේකට විසඳුමක් හොයනවා. මේ කරදර ඇති වෙන්න හේතුව […]

The post Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandramukhi 2 Sinhala Sub
Chandramukhi 2 Sinhala Subtitles
Chandramukhi 2 (2023) Sinhala Sub
Chandramukhi 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

දෛවය කාටවත්ම වෙනස් කරන්න බැහැ. අපේ දෛවයේ ලියවිලා තියන කිසිම දෙයක් කාටවත්ම වෙනස් කරන්න බැහැ…

රංගනායගීගේ පවුලට දිගින් දිගටම කරදර ඇති වෙනවා. එයාලගේ පවුලේ පූජකවරයා ගෙන්නලා මේකට විසඳුමක් හොයනවා. මේ කරදර ඇති වෙන්න හේතුව රංගනායගීගේ පවුල උපන් ගම දාලා නගරයට ආව දවසෙ ඉඳන් කුලදෙවි කෝවිලට ගිහින් පූජාවක් නොකරපු එක. පූජකවරයා මෙයාලට තමන් ඉපදුන ගමට ගිහින් කුලදෙවි කෝවිලේ දුර්ගාෂ්ඨමි දවස වෙනකල් පූජාවන් කිහිපයක් කරන්න කියලා අවවාද කරනවා. ඉතින් රංගනායගීගේ පවුල ගොඩක් ලොකු, ඒකාබද්ධ පවුලක්. එයාලා කුලදෙවි කෝවිල ආසනයෙන් නවාතැන් ගන්න තැනක් හොයනවා. ඒ ආසන්නයෙන් ඒ තරම් දෙනෙක්ට නවාතැන් ගන්න තිබුණේ මාළිගාවක් විතරයි. කට්ටියම මේ මාළිගාවට ගිහින් නවාතැන් ගන්නවා. මාළිගාවේ අයිතිකාරයා මුරුගේසන්, මාළිගාවේ දකුණු පැත්තට යන්න එපා කියලා දැඩිවම අවවාද කරනවා. හේතුව මොකක්ද කියලා ඇහුවට පැහැදිලි උත්තරයක් දෙන්නෙ නැහැ. මේ අයත් තමන්ට අදාල නැති නිසා හාරා අවුස්සන්න ගියේ නැහැ. හිතාගෙන ආව විදියටම පහුවදා හැමෝම පිටත්වෙලා කෝවිලට යනවා. කෝවිල සම්පූර්ණයෙන්ම බැද්දෙන් වැහිලා වල්බිහි වෙලා තිබුණා. ඒ ළඟම තිබුණ පැල්පතක පූජකවරයෙක් නැවතිලා හිටියා. පූජකවරයා හමුවෙලා කෝවිලට මේ තත්වය ඇති වුණේ කොහොමද කියලා විමසුවා. “චන්ද්‍රමුකිගේ ආත්මය මේ කෝවිලට එළිය ලැබෙන්න දෙන්නෙ නැහැ. කෝවිල සුද්ද කරන්න ආව හැමෝම මැරුණා. තමන්ගේ කරදරවලට විසඳුමක් හොයාගන්න ඊටත් වඩා කරදර තියෙන තැනකට ඇවිල්ලා. හැමෝම පුළුවන් තරම් ඉක්මනින්ම මෙහෙන් පිටවෙලා යන්න” කියලා පූජකවරයා මෙයාලට අවවාද කරා. රංගනායගී හිතන් ආව දේ ඉෂ්ඨ කරගන්නෙ නැතිව යන්න ලැහැස්ති වුණේ නැහැ. කොන්ත්‍රාත්තුකාරයෙක් අල්ලගෙන මේ කෝවිල සුද්ද කරන්න කොන්ත්‍රාත්තුව දෙනවා. ඒ අතරෙදි මාලිගාවේ උඩ මාලයෙන් ගීතයක් ගයන හඬක් ඇහෙනවා. තවත් අද්භූත දේවල් සිදු වෙනවා. ඊට වඩා පූජකවරයා කිව්වා වගේම කෝවිල සුද්ද කරන්න ගිය දෙන්නෙක්ම අභිරහස් විදියට මැරිලා යනවා. කෝවිල සුද්දකරන එක නතරකරලා වහාම ඒ ගමෙන් පිටවෙලා යන්න කියලා පූජකවරයා ආයෙත් එයාලට අවවාද කරනවා. මේ සිද්දියෙන් පස්සෙ කෝවිල සුද්දකරන්න කිසිම කෙනෙක් එන්න කැමති වුණේ නැහැ. අවසානයේ රංගනායගීගේ පවුලේ අය එකතුවෙලා කෝවිල සුද්දකරන්න ලැහැස්ති වෙනවා. ඔය වෙලාවෙදි රංගනායගීගේ හිතවතෙක් වුණ පාන්ඩියන් තනිවම කෝවිල සුද්ද කරන්නම් කියලා බාරගන්නවා. පාන්ඩියන් කෝවිල සුද්ද කරන අතරේ මාලිගාවේ උඩමාලයෙන් තෙළිඟු බසින් කතා කරන කාන්තාවකගේ හඬක් ඇහෙන්න ගන්නවා. බඩු මුට්ටු බිඳෙමින් මුළු මාලිගාවම දෙදරන්න ගන්නවා. රංගනායගීගේ පවුලම සිද්ද වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්නේ නැතිව බයේ ගැහි ගැහී හිටියා. ටික වෙලාවකින් මේ දේවල් ඔක්කොම නතර වුනා. කෝවිල සුද්ද කරලා පාන්ඩියන් ආයෙත් පණපිටින්ම මාලිගාවට ආවා. මේ වතාවේ නම් රංගනායගී පවුලත් එක්කම ආයෙත් ගෙදර බලා යන්න ලැහැස්ති වුනා. මේ මාලිගාව දාලා ගියත් එයාලා වටේ සිද්දවෙන කරදර නතරවෙන්නෙ නැහැ කියලා පාන්ඩියන් කියනවා. මොකද, මේ වෙද්දි රංගනායගීගේ පවුලේ කෙනෙක් චන්ද්‍රමුකගේ බලපෑමට ලක්වෙලා කියලා පාන්ඩියන්ට දැනගන්න ලැබුණා.

චන්ද්‍රමුකි චිත්‍රපටය නිර්මාණය.

Baba (2002) අසාර්ථක වීමත්(කරවීම) එක්ක කළකිරීමට පත් වුන රජිණි සිනමාවෙන් සමුගන්න තීරණය කළා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙත් සිනමාවට එනවා කියලා කේ.එස්. රවිකුමාර් යොදාගෙන ජග්ගුභායි නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදනය කලා. දින කිහිපයක් රූගත කරද්දි ජග්ගුභායිටත්, බාෂාටත් බොහෝ සමානකම් තිබෙන නිසා එම ව්‍යාපෘතිය නතර කරලා දානවා. කොහොම වුනත් මේ කතාව පස්සෙ කාලෙකදි සරත්කුමාර් යොදාගෙන Jaggubhai (2010) නමින්ම නිෂ්පාදනය කරලා තිරගත කලා. ඊට පස්සෙදි 2004 දි මන්නන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුන පී. වාසුගේ Apthamithra (2004) කන්නඩ චිත්‍රපටය සාර්ථක වීමත් එක්ක ඔහුට රජිණි සුබ පැතුම් එක් කලා. අප්තමිත්‍රා චිත්‍රපටියේ තිරකතාව රජිණිගේ සිත ඇදගැනීම නිසා පී. වාසු ලවා මේ චිත්‍රපටය නිර්මාණය කරන්න හිතුවා. සිවාජි ගනේෂන්ගෙ පුතෙක් වුන රාම්කුමාර් ගනෙෂන්ට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා රජිණි ඇරයුමක් කරනවා. කොහොමත් Mannan (1993) චිත්‍රපටය සාර්ථක වීම වෙනුවෙන් පැවැත්වුන හමුවෙදී සිවාජි ප්‍රඩක්ෂන් එකේ 50 චිත්‍රපටයේ තමන් රඟපාන බව රජිණි ප්‍රකාශ කලා. වාසු අප්තමිත්‍රා තිරකතාව රජිණිගේ ශෛලීය රංගනයට ගැලපෙන විදියට වෙනස් කලා. මල්ටිපල් පර්සනලිටි ඩිසෝඩර් ව්‍යාධිය ගැන කොලිවුඩ් සිනමාවේ සඳහන් වෙන පලමු චිත්‍රපටිය චන්ද්‍රමුකි. ඒත් මේ මේ ව්‍යාධිය චිත්‍රපටියක් ඔස්සේ ඉන්දියාව අතරේ වඩාත් ප්‍රසිද්ධ වුණේ ඊට මාස කිහිපයකට පස්සෙ තිරගත වුණ Anniyan (2005)චිත්‍රපටියෙන්. මේ කාලයේ ප්‍රේක්ෂකයින්ගේ සැළකිය යුතු තරම් සංගීතයට ආකර්ෂණයක් තිබුණ නිසා චිත්‍රපටයේ සංගීතයට වැඩි ඉඩක් දෙන්න කියලා රජිණි විද්‍යාසාගර්ට කියනවා. චිත්‍රපටයකට ලැබුණු සෘණාත්මක ප්‍රතිචාර නිසා අසාර්ථක වෙන්න ගිය සමහර චිත්‍රපට පවා සංගීතය නිසා විශාල පාඩුවකින් ගැලවුණ අවස්තා කිහිපයක්ම තියෙනවා. චන්ද්‍රමුකී ඇල්බමයේ තිබෙන ගීත හයම ජනයා අතරේ ප්‍රසිද්ධියට පත් වුණා. ඇල්බමය අලවියෙන් බොහෝ ලාභ ලැබුණා. චන්ද්‍රමුකී චිත්‍රපටියට විද්‍යාසාගර්ගේ සංගීතය කොඳු නාරටියක් වුණා. අදටත් ඔහු චන්ද්‍රමුකි වෙනුවෙන් නිර්මාණය කළ ගීත නැවුම් භාවයක් තියෙනවා වගේම නව පරම්පරාවත් රසවිඳිනවා. දෙවන කොටසේ සංගීතය සැපයීමේ අවස්ථව ඔහුට හිමි නොවීම ඇත්තටම ලොකු පාඩුවක්.

දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කිරීමේදී පලමුවෙන්ම චන්ද්‍රමුකිගේ චරිතය කරන්න සිම්රන්ව තෝරාගෙන තිබුණත් ඒ වෙද්දී ඇය ගර්භනී නිසාවෙන් අවස්ථාව මඟ හැරෙනවා. Manassinnakare (2003) චිත්‍රපටයේ නයන්තාරගෙ රංගනය දැක ඇයව දුර්ගාගේ චරිතය වෙනුවෙන් තෝරාගන්නවා. රජිණි විසින් මුරුගේසන්ගේ චරිතය වෙනුවෙන් වඩිවේළුව තෝරාගන්නා ලෙසටත්, රූගත කිරීම් කිරීමට පෙරම රාම්කුමාර්ට කියා ඔහුගෙන් දින ඉල්ලා ගත්තා. පඩයප්පා චිත්‍රපටයේ දුෂ්ඨිය නීලාම්බරීගේ ආභාෂය සාමුණ්ඩරීස්වරී චරිතයට ලැබී තිබුණා. සරවණන් හා සාමුණ්ඩරීස්වරී අතරෙ ඇතිවුණ ගට්ටනය වඩාත් කැපී පෙනෙනවා.

චන්ද්‍රමුකි ශාන්ති නම් සිනමා ශාලාවේ දින 890ක් දක්වාම තිරගත වුණා. එකල දීර්ඝ කලක් තිරගත වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය වුණේ චන්ද්‍රමුකි යි. පසුව Magadheera (2009) දින 1000 පසුකර තිරගත වී එම වාර්ථාව බිඳ දමනවා.

සාමාන්‍යයෙන් මේ සමයේ රජිණිගේ ෆිල්ම් වල රටාව වුණේ තමන් රඟපාන ප්‍රධාන චරිතය වටේ ගෙතීගෙන යන ප්‍රධාන චරිතයේ නමින් නම් කරපු කතාවක්.(මුත්තු, භාෂා, වීරා, අන්නාමලෛ, පඩයප්පා, අරුණාචලම්, බාබා) කාන්තා නමක් වුන චන්ද්‍රමුකී මේ දාම නාමාවලිය බිඳ දැමීමක්.

“එන්න කොඩුමෛ සරවණන් ඉදු?” – සෙන්දිල්, “ඉරුක්කු, ඉන්ද වීට්ල ප්‍රශ්නම් ඉරුක්කු.” රාමචන්ද්‍ර ආචාර්‍යා, කියන දෙබස් ප්‍රේක්ෂකයින් අතරේ බොහෝ ප්‍රසිද්ධ වුණා. සමාජමාධ්‍යය භාවිතය එක්ක මේවා මීම් ටෙම්ප්ලේට් එකක් වුනා.

චන්ද්‍රමුකී Horror-Com චිත්‍රපට රැල්ලට මග පෑදුවා. මේ Horror-Com ට්‍රෙන්ඩ් එකේ බොහෝ චිත්‍රපටි නිර්මාණය වුණත් ඒ අතරින් සාර්ථක චිත්‍රපට විදියට Muni/Kanchana චිත්‍රපට මාලාව, Aranmanai චිත්‍රපටි මාලාව, Yavarum Nalam (2009), Eeram (2009), Pizza (2012) වගේ චිත්‍රපටි සඳහන් කරන්න පුළුවන්. Aranmanai චිත්‍රපටයේ සුන්දර් සී රඟන ‘රවී’ චරිතය ආභාෂයට ගෙන ඇත්තේ චන්ද්‍රමුකි චිත්‍රපටයේ මනෝවිද්‍යාඥ සරවණන්ගේ චරිතයෙන්.

වෙනස්කම්.

විශ්නුවර්ධන් සමඟින් චිත්‍රපට කිහිපයක්ම කළ පී වාසු Manichithrathazhu (1992) චිත්‍රපටය කන්නඩ බසින් Apthamithra නමින් ප්‍රතිනිර්මාණය කරනවා. කලින් කිව්වා වගේ මේ චිත්‍රපටය තමයි දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කරන්නෙ. මේ තිරකතාවේ නාගවල්ලිගේ නම වෙනස් කරන්න කියලා රජිණි වාසුගෙන් ඉල්ලුවා. ඒ විදියටයි නාගවල්ලි චන්ද්‍රමුකි වෙන්නෙ. විශ්නුවර්ධන් වාණිජමය චිත්‍රපට වෙනුවෙන් නැඹුරු වූ කෙනෙක් නිසා ඔහු මේ අප්තමිත්‍රා චිත්‍රපටයට වාණිජමය අංග එක් කරනවා. මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන වීරයා චිත්‍රපටියට ඇතුල් වෙන්නෙ විනාඩි 55ක් පමණ කාලයක් ගෙවුණට පස්සෙදි. ඒත් කන්නඩ චිත්‍රපටියෙදි වීරයා ආරම්භයේදිම චිත්‍රපටියට ඇතුල් වෙනවා. ඉන්දියාවේ ඕනම වාණිජ චිත්‍රපටියකදි තාර්කිකත්වය, භෞතිකය, යථාර්ථය අපචාරයට ලක්වෙනවා කියලා දන්නවනේ. චන්ද්‍රමුකී චිත්‍රපටියේ රජිණිකාන්ත් ඇතුලත් වන දර්ශනය බොහෝ දෙනාට මතක හිටින එකක්. ඒ දර්ශනය පසුබිම් වාදනය එක්කම කන්නඩ චිත්‍රපටයෙන් අරගත් එකක්. අප්තමිත්‍රා තිරකතාවේදී මුල් චිත්‍රපටයේ කතාවේ සමහර කොටස් අතහැරලා, තවත් සමහර කොටස් එකතුකරලා වෙනස්ම තිරකතාවක් දීලා තිබුණා. මනිචිත්‍රතාලු චිත්‍රපටියෙදි ගොදුර වෙන්නේ ගංගාගේ සැමියා වුණත් අප්තමිත්‍රා චිත්‍රපටියේදි සැමියාගේ අප්ත මිත්‍රා නැත්නම් ගජ මිතුරා ගොදුර බවට පත් වෙනවා. දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කරද්දි ගොඩක් දුරට කන්නඩ තිර කතාවටම සමාන කතාවක් දැක්වුණත් ලොකු වෙනස්කම් කිහිපයක් කරලා තිබුණා. ඒ වෙනස්කම් නිසා සරවණන් කියන චරිතය සෙන්දිල්ගේ පවුල සමඟ වඩාත් සමීප බැඳීමක් පෙන්නුම් කරනවා.

චන්ද්‍රමුකී, අප්තමිත්‍රාගෙන් තවත් වෙනස් වන තැනක් වෙන්නෙ “ලක ලක ලක” හඬ සහ අඩි 30ක දැවැන්ත නාගයා. ලක ලක හඬ වාණිජමය නිමාවක් වෙනුවෙන් එක් කල එකක්. රජිණි කුඩා කාලයේ නැරඹූ මරාති චිත්‍රපටයක දුෂ්ඨයෙක් මේ ලක ලක හඬින් ශබ්දයක් කරන බවත් මේ ශබ්දය එයින් ආභාෂයට ගත් බවත් සඳහන්. වේට්ටෛයන් මාලිගාවේ අභිරහස් නාගයෙක් එහා මෙහා යනවා දකින්න ලැබෙනවා. මේ නාගයා මෙහෙම තේරුමක් නැතිව සැරින් සැරේට පෙන්නන්නේ මොකද කියලා කුතුහලයක් ඇති කරනවා. මලයාලම් හා කන්නඩ චිත්‍රපට දෙකේදිම කිසිම නයෙක් දකින්න ලැබුනේ නැහැ. බියජනක භාවය තවත් වැඩි කරන්න චිත්‍රපටයට එක් කරන්න ඇති. චන්ද්‍රමුකි චිත්‍රපටයේ අවසානයෙදි චන්ද්‍රමුකීගේ ආත්මය පිටවෙලා ගියාට පස්සෙ මේ දැවැන්ත නාගයාත් ගෙදරින් පිටවෙලා යනවා. එක් වරක් සරවණන්(රජිණි) චන්ද්‍රමුකී කාමරයේ නැටුම් නටද්දි දොර අරින්න උත්සාහ කරත් දොර ඇරෙන්නේ නැහැ. ඊට හේතුව මේ නාගයා දොර අවහිර කරගෙන හිටියා කියලා වාසු කියනවා. ඒ වුනත් මේක විශ්වාස කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. රජිණිකාන්ත්ට නගයන් පිළිබඳව සංවේදී විශ්වාසයක් තියෙනවා. මේක හුඟ කාලයක ඉඳන්ම තිබුණ දෙයක්. Bhairavi, Thambikku Entha Ooru, Rajadhi Raja, Annamalai, Muthu, Padayappa, Lingaa චිත්‍රපටවලදී නාගයින් සම්බන්ධ දර්ශන දකින්න පුළුවන්. ඒ විතරක් ද? විද්‍යාත්මක තේමාවක් තිබෙන Enthiran චිත්‍රපටියේදි එක් අවස්ථාවක චිට්ටිලා එකතුවෙලා නයෙක් විදියටත් හැඩ ගැහෙනවා. සැබෑ ජීවිතයේදී, රජිණි දේශපාලනයට ප්‍රවේශ වෙන්න උත්සාහ කරද්දි රජිණි මක්කල් මන්ඩ්‍රම් පක්ෂයේ ලකුණ විදියට නාගයාව යොදාගන්න උත්සාහ කරත් ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වීම නිසා පසුව බාබා සළකුණ යොදාගන්නවා.

නාගවල්ලිගේ ශෝකාන්තය. (සත්‍ය සිදුවීම.)

අලුමූට්ටිල් මෙඩා, අලපුල්ලා දිස්ත්‍රික්කයේ මුට්ටම්වල පිහිටා තිබෙන තරවාඩු නම් ඒකාබද්ධ පවුල් ජීවත්වන සාම්ප්‍රදායික නිවහනක්. මධු මනිචිත්‍රතාලු චිත්‍රපටයට රචනා කරලා තියෙන්නෙ මේ ශෝකාන්තය ආභාෂයට අරගෙන. මනිචිත්‍රතාලු මලයාලම් සිනමාවේ හොඳම මානසික-ත්‍රාසය ජනක චිත්‍රපටයක් විදියට සැලකෙනවා. ගස් කොළන් වලින් මේ මාළිගාව වැහිලා තිබුණත් තවමත් හොඳ තත්වයෙන් පවතිනවා. ඇලුම්මෝටිල් මේඩ මාළිගයේ අලංකෘත අගුල ගැන තිබුමන කුතුහලය නිසාම වෙන්න ඇති චිත්‍රපටයට මනිචිත්‍රතාලු විදියට නම තියන්න ඇත්තෙ. මේ අගුල අරිද්දි වහද්දි ලස්සන හඬක් නිකුත් වෙනවා. මේ ලස්සන අගුල, වශී කරවන හඬ අහන්න කැමති නම් Manichithra Thazhu/Ornate Lock යූටියුබ් සර්ච් කරලා බලන්න. අනිවාර්යයෙන්ම පුදුම වේවි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුන මේ කාලයේ ට්‍රැවන්කෝර් මහරාජා යටතේ වැඩවසම් හිමියන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතරින් චන්නාර් නම් පවුලක් රජුට බඩු භාණ්ඩ සැපයුවා. ගොඩක් සමීප වුණ නිසාම ට්‍රැවන්කෝර් රජා මේ පවුලේ ප්‍රධානියාට අලුමූට්ටිල් චන්නර් කියන පට්ටම පිරිනමනවා. ඔහුට අක්කර ගණනින් බොහෝ ඉඩකඩම් එහෙමත් තිබිලා තියෙනවා. මේ චන්නර් ප්‍රධානියා කොචු කුන්ජු චන්නර් යටතේ සේවක සේවිකාවන් සියයකට වඩා ඉඳලා තියෙනවා. ඔවුන් මාලිගා තුනක පිරිමි පාර්ශවය මෙඩා නම් ප්‍රධාන ගොඩනැගිල්ලේත්, ඊට තවත් පසෙකින් එට්ටුකෙට්ටු නම් කාන්තා පාර්ශවයට ගොඩනැගිල්ලකුත්, වහල් සේවකයින්ට තවත් ගොඩනැගිල්ලක් විදියට බෙදා තිබෙනවා.

අලුමූට්ටිල් මෙඩා(Alummoottil Meda)

මේ කාලයේ ට්‍රැවන්කෝර්වල මුලින්ම කාර් තිබිලා තියෙන්නෙ කාර් 3-4ක් වගේ. ඉන් එකක් ට්‍රැවන්ක්‍රෝර් මහාරාජාටත්, තවත් එකක් මේ ඒළව කුලයේ නායකයාටත් තිබිලා තියෙනවා. මේ ප්‍රධානියා ළඟ දියමන්ති වගේ බොහෝ වස්තුව තිබිලා තියෙනවා. අනෙක් රජවරු, ප්‍රභූන් මෙයා ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියේ. ඊටත් වඩා කාර් එකෙන් ගමන් බිමන් ගිය හින්දා. කොටින්ම කිව්වොත් රජෙක් වගේම ජිවත් වුණා. ඒ වුනත් අඩු කුල භේදය ඒ කාලේ දරුණුවටම තිබුණ නිසා චන්නර් උසස් කුළ වල අය ජීවත්වන සමහර වීදිවලදි කාර් එක මග නතරකරලා, බැහැලා පයින්ම ගමන් කරා. ඔහොම යද්දි එක දවසක නාගවල්ලි කියන නෘත්‍යංගනාව දකින්න ලැබෙනවා. බලහත්කාරයෙන් කේරළයට අරගෙන එනවා. මුලදි කැමති නැති වුණත් චන්නර්ගේ නියෝග කරන් දේ ඒ විදියටම කරනවා. පහුවෙද්දි නාගවල්ලි වෙනුවෙන් චන්නර් දක්වපු සෙනෙහසට වශීවෙලා නාගවල්ලිත් මෙයාට ආදරය කරන්න ගන්නවා. කාලයක් යද්දි චන්නර් නාගවල්ලිට විතරක් උනන්දුව දැක්වීමත්, නාගවල්ලි මොන කුලයේ කෙනෙක්ද කියලා වත් දන්නෙ නැති නිසාත් අනෙක් බිසෝවරු තුන්දෙනාට තදින්ම කේන්ති ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි නගවල්ලිට එන්න එන්නම ජනතාවගේ සැළකුම් ඉහල ගියා. රැජිණක් විදියටම සළකන්න වුණා. එයාගේ නැටුම එක වතාවක් හරි බලන්න ඕන කියලා මිනිස්සු පෙළ ගැහිලා හිටියා කියලත් සඳහන් වෙනවා. උසස් කුළවල රජවරුන් පවා මේ රජාගෙන් නාගවල්ලිව ඉල්ලන්න වුණා. නාගවල්ලි දිනාගත යුතු භාණ්ඩයක් විදියට දකින්න ගත්තා. නාගවල්ලි ප්‍රධානියාගේ පලමු භාර්‍යාවගේ දියණියගේ වයසේ බවත් කියවෙනවා. ඊර්ෂ්‍යාව, කේන්තිය දරුණුවට ඇවිලෙන්න ගනිද්දි දවසක් තමන්ගේ දේපළ ප්‍රධානියාගේ මරණයෙන් පස්සෙ චාරිත්‍ර වලින් බැහැරව නාගවල්ලි සහ එයාගේ පවුලේ පාර්ශවයට පවරනවා කියලා ප්‍රකාශයක් කරනවා. ඔවුන් අනුගමනය කරමින් පැවතුන මරුමක්කතායම් නම් මේ නීතියේ විදියට ප්‍රධානියාගේ දේපළ ඔහුගේ සහෝදරියගේ දරුවන්ට හිමිවෙනවා. මේ නිසා චන්නර්ගේ බෑනාවරුන්, ලේලියන් සහ අනෙක් බිරින්දෑවරු, ඔවුන්ගෙ පුත්‍රයන්, නෑයන් එකතුවෙලා මේ චන්නර් හා නාගවල්ලි එකට ඉන්න අවස්ථාවකදි දරුණු විදියට නාගවල්ලිව හා චන්නර්ව මරලා දානවා. බිරින්දෑවරු නාගවල්ලිගේ රූපය ගැන තදබල ඊර්ෂ්‍යාවකින් හිටිය නිසා නාගවල්ලිගේ මුහුණ කපා කොටා දැමූ බව කියනවා. මේ ඝාතනය කරන අවස්ථාවේ ඒ කාමරයට සේවිකාවක් ඇතුල් වෙනවා. ඇසින් දුටු සාක්ෂිකාරියක් නිසා ඇයවත් එතැනදිම මරා දමනවා. ඔවුන් ප්‍රධානියාගේ වස්තුව කොල්ලකාගෙන යනවා. කොහොම හරි වස්තුව වෙනුවෙන් කරපු මේ ඝාතන කිසි ඵලක් නැතිව යනවා. මේ කාලයේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නිසා මේ ඝාතනයට සම්බන්ධ අයව සිරගත කරනවා. චන්නර්ව ඝාතනය කල බෑනාව එල්ලා මරා දැමූ බවත් සඳහන්. ඒ වගේම මාළිගය කිසිවෙකුට අයිතිවාසිකම් කියන්න දෙන්නෙ නැහැ. පස්සෙ මේ මාළිගාවට ගියපු අයට නාගවල්ලි කතා කරන හඬ, නාගවල්ලිගෙ ඡායාව පෙනිලා තියෙනවා. ගම්මු ළමුන්ට එහෙම මේ මාළිගාව පැත්තට යන්න එපා කියලා තහංචි දාලා තියෙනවා. මාළිගාව භූත මාළිගාවක් විදියට ප්‍රචලිත වෙනවා. කොහොම වුණත් අද මේ මාලිගාව සංචාරකයින්ට නැරඹීම සඳහා විවෘත කරලා තියෙනවා. සමහර කාමර ඇතුලට යන්න නම් බැහැ. ඒ වගේම මේ මාළිගාවේ හඳුනා නොගත් කතකගේ කළු සුදු ඡායාරූපයක් තිබෙනවා. මේ ඡායාරූපය දිහා බලාගෙන ඉද්දි ටිකක් අද්භූත හැඟීමක් දැනෙන බවත් කියනවා. විශිෂ්ඨ දැව නිර්මාණ ඇතුලත් මෙහි තවමත් නෂ්‍ය නොවුණු දැව නිර්මාණ ඉතිරිව තිබෙනවා. සිද්දිය සිදු වුණ කාමරය මනිචිත්‍ර තාලු එහෙමත් නැත්නම් අලංකාරවත් කළ අගුලකින් අගුළු දමා මේ සියළුම රහස් හිරකර තිබෙනවා.

මනිචිත්‍ර තාලු(Ornate Lock)

නාගවල්ලි Remake සහ Sequels, Sin-off චිත්‍රපට.

වාසු විශ්නුවර්ධන් වෙනුවෙන් Apthamithra චිත්‍රපටයට Sequel චිත්‍රපටයක් විදියට කන්නඩ බසින් Aptha Rakshaka නමින් දෙවන චිත්‍රපටියක් තැනුවා. අප්ත රක්ෂකා තිරගත වෙන්න කලින්ම විශ්නුවර්ධන් මිය යනවා. දුර්වල දෝෂ පිරුණු තිරකතාවක් වුණත් අනුකම්පාව නිසාදෝ සාර්ථක වෙනවා. අප්ත රක්ෂකා සාර්ථක වීම හින්දා මේ චිත්‍රපටය දෙමළ බසින් නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න රජිණිව හමු වුනත් කාර්යබහුල වීම හෝ වෙනත් කාරණා නිසාවෙන් රජිණි මේ ව්‍යාපෘතියට එකඟතාව දක්වන්නෙ නැහැ. ඉන් අනතුරුව වාසු තෙළිඟු සිනමාව පැත්තට ගිහින් අප්ත රක්ෂකා කතාවම චන්ද්‍රමුකි 2 නමින් නිෂ්පාදනය ඇරඹුවත් සිවාජි ප්‍රඩක්ෂන් එකෙන් චන්ද්‍රමුකි නමේ අයිතිය දුන්නෙ නැහැ. පස්සෙදි Spin-off චිත්‍රපටයක් විදියට Nagavalli (2010) නමින් නම් කරනවා. තෙළිඟු රසිකයින්ටත් නාගවල්ලි චිත්‍රපටියේ පළමු කොටස චන්ද්‍රමුකීම තමයි. මොකද අප්තමිත්‍රා නැවතත් තෙළිඟු භාෂාවෙන් රීමේක් කිරීමක් වුණේ නැහැ. චන්ද්‍රමුකී තෙළිඟු බසින් හඬකවා තිරගත කෙරුණා. අප්ත රක්ෂකා එක්ක බලද්දි මේ නාගවල්ලි කතාවේ ඩ්‍රාමා ගතිය වැඩිපුරත් එක්ක හලලා තියෙනවා.

අප්ත රක්ෂකා චිත්‍රපටයේදි, ගෙදරකට මේ රජිණිගේ සුරතල් අඩි 30 දැවැන්ත නාගයා එනවා. මේ නයාව කවුරුවත් දකින්නෙ නැහැ. මේ තරම් දැවැන්ත නයෙක් ගෙදර ඉන්නවා කියලා තේරුම් ගන්නෙත් අවුරුදු 3කට කලින් දැවැන්ත නයි හැවක් දැකලා තිබුන නිසා. කාටවත්ම මේ නයා පේන්නෙ නැහැ. (මොකද ෂූටින් කරද්දි එතන නයෙක් නැහැ. පස්සෙ CG වලින් ඌව නිර්මාණය කරේ. ) කොහොම හරි මේ බංගලාවේ දැවැන්ත නාගයෙක් ඉන්නවා කියලා තහවුරු කරගත්තම, මේ නයාව අල්ලගන්න කෙනෙක්ව එක්කගෙන එනවා. අඩි 30ක නයෙක් අරගෙන යන්න මොනවත් ගෙනාවෙ නයි නලාවයි, පොඩි මල්ලකුයි විතරයි. කොහොම හරි අවසානයේ නාගවල්ලි පිටවෙලා ගියාට පස්සෙ අර දැවැන්ත නාගයා ගෙදරින් පිටවලා පොළොව යට ගුලක් ඇතුලට යනවා. අප්ත රක්ෂකා, නාගවල්ලි චිත්‍රපට දෙකේදිම මේ විදියට බලාගන්න පුළුවන්.

නාගවල්ලි අසාර්ථක වුණාට පස්සෙදිත් වාසු රජිණිගෙන් චන්ද්‍රමුකි 2 කරන්න කියලා ඉල්ලුවත් රජිණිගෙන් නිෂ්චිත පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. ඉන් පස්සෙ තමයි “මිනි-රජිණි, රජිණිගේ ගෝලයා” රාඝවා වාසුට අහුවෙන්නෙ. ගෝලයා ඉල්ලුව නිසා කරන්න දෙයක් නැතිව අවසරය දෙන්න ඇති. මුලින්ම මේ චන්ද්‍රමුකි 2 නිෂ්පාදනය කරන්න ලැහැස්ති වුනේ සන් පික්චර්ස්. කොරෝනා බලපෑම නිසා ඔවුන් මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඔය අතරෙ කර්මාන්තයේ මොකක් හරි චිත්‍රපටියක දෙවෙනි පාර්ට් එකක් ගහනවද කියලා ඇහැ ගහගෙන බලාගෙන ඉන්න ලයිකා එකෙන් මේ බර කරට ගන්නවා.

දකුණු ඉන්දියාවේ මනිචිත්‍රතාලු රීමේක් චිත්‍රපටි හිට් වෙද්දි බලාගෙන හිටිය බොලිවුඩ් සිනමාව මනිචිත්‍රතාලු චිත්‍රපටය ඒ ආකාරයෙන්ම රීමේක් කරනවා. Bhool Bhoolaiya (2007) චිත්‍රපටිය මම බලලා නැති වුනත් දන්න තරමින් මුල් චිත්‍රපටයෙන් හින්දි චිත්‍රපටය වෙනස් වෙන්නේ මුංජුලිකාගේ(නාගවල්ලි) සියදිවි නසාගැනීමෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ මලයාලම් සිනමාවේම ප්‍රියදර්ශන්(කල්‍යාණි ප්‍රියදර්ශන්ගේ පියා) නම් අධ්‍යක්ෂවරයා. Bhool Bhoolaiya (2022) වන කොටසත් සාර්ථක අන්දමින් ආදායම් එක්කාසු කරගත්තා.

කෙනෙක් නාගවල්ලි/ චන්ද්‍රමුකි චරිතය හොඳටම ඉදිරිපත් කරේ කවුද කියන පැනය ඇහුවොතින්, අනිවාර්යයෙන්ම මුල් තැන ශෝභනාට හිමි වෙනවා. මලයාලම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශෝභනාට දේශීය සම්මානය හිමි වුණා. විශේෂයෙන්ම ශෝභනා භරතම් නර්ථන ශිල්පිනියක්ද වනවා. පසුකාලීනව තක්ෂණයේ දියුණුව නිසා ජ්‍යෝතිකාව වඩා බිය ගැන්වෙන විදියට ග්‍රැෆික්ස් වලින් නිර්මාණය කරලා තියෙනවා. කොහොම වුණත් කලින් චිත්‍රපටි එක්ක බලද්දි ජ්‍යෝතිකා පමණට වඩා රඟපෑවා කියන්න ඕන. වැරැද්ද ජ්‍යෝතිකාට බාර කරන්න බැහැ. හින්දි චිත්‍රපටයේ රඟපෑව විද්‍යාබාලන් කතාවට ඔබින රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් වේට්ටෛයන් චරිතය හොඳටම ඉදිපත් කරේ කවුද කියලා අහන්න උවමනා නැහැ. ආදේශක නැහැ, වේට්ටෛයන් නම් කාගේ කාගෙත් ඔළුවට එන්නෙ රජිණි ඉදිරිපත් කරපු වේට්ටෛයන්ව.

මනිචිත්‍රතාලු චිත්‍රපටයේ දොස්තර සනී ජෝසෆ්ගේ(මෝහන්ලාල්) චරිතය Spin-off චිත්‍රපටයක් ලෙසින් Geethanjali (2013) චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. මනිචිත්‍රතාලු චිත්‍රපටයේ ශ්‍රීදේවිගේ චරිතය කල විනයා ප්‍රසාද් චන්ද්‍රමුකි චිත්‍රපටයේ ලක්ෂ්මි කන්දසාමි චරිතය(මලයාලම් චිත්‍රපටයේ විදියට ශ්‍රීදේවිගේ අම්මා) නිරූපණය කරනවා. කන්නඩ චිත්‍රපටයේ සාමියාර් චරිතය කරපු අවිනාෂ් චන්ද්‍රමුකි, අප්ත රක්ෂකා, නාගවල්ලි චිත්‍රපට 3ටම යොදාගෙන තියෙනවා. චන්ද්‍රමුකි චිත්‍රපටයේ විශ්වනාදන්(සහ ගුණසේකරන්) චරිතය රඟපෑ විනීත් එම චරිතයම බූල් බූලයියා සහ අප්ත රක්ෂකා චිත්‍රපටවල ඉදිරිපත් කරනවා. විනීත් ද භරතම් නර්තන ශිල්පියෙක්.

චන්ද්‍රමුකි හොල්මන් චිත්‍රපටියක්ද? නැත්නම් මනෝ-ත්‍රාසය ජනක චිත්‍රපටියක්ද? ඒකට උත්තරය නිශ්චිතවම දෙන්න බැහැ. මොකද මනිචිත්‍රතාලු චිත්‍රපටියේ තිබුණ අත්වැරදීම් ඉස්සරහට ගිය චිත්‍රපටිවලටත් පැතිරුනා. මනිචිත්‍රතාලු මනෝ-ත්‍රාසය ජනක චිත්‍රපටයක් ලෙසින් ඔවුන් හඳුන්වා දුන්නත් සමහර සිදුවීම් ඇත්තටම වෙන්න බැරි දේවල්. ඒ කියන්නේ අධිස්වාභාවිකයි.(Supernatural) සමහරවිට චිත්‍රපටයය නිර්මාණශීලීත්වයක් ඇති කරන්න එකතු කරපු අංග වෙන්න පුළුවන්. ගංගා දෙමළ/තෙළිඟු භාෂාවෙන් කතා කරන්න ඇත්තේ නාගවල්ලි/ චන්ද්‍රමුකි ආරූඪ වුණ නිසා වෙන්නත් පුළුවන්, නැත්නම් ගංගා ඒ භාෂාවන් දැනගෙන ඉන්න ඇති. ඒත් දිෂ්ඨිය ආරූඪ වුණා නම් ගංගා රජා කියලා වෙන කෙනෙක්ට රැවටුණේ ඇයි?

මනිචිත්‍රතාලු රචනා සොරකමක්ද?

1985 දි කුම්කුමම් සඟරාවට අස්වති තිරුනාල් නම් ලේඛකයෙක් විජානවීදී(පාළු මාවත) නමින් මාලා කතාවක් ලෙස රචනා කරා. 1987 දි මේ කතාව නවකතාවක් ලෙසින් ප්‍රකාෂයට පත් කරනවා. එම කාලයේ මේ පොත සිය ගණනක් පමණ ඇරෙන්නට විකිණී තිබුණෙ නැහැ. අස්වතී තිරුනාල් සන්‍යාස භාවය ලබාගෙන සාධුවරයෙක් වෙනවා. අවුරුදු 35කට පස්සෙ මේ නවකතාව නැවත් ප්‍රකාෂයට පත් කරනවා. මේ නවකතාව, මධු මුට්ටම් රචනා කල මනිචිත්‍රාලු චිත්‍රපටයේ කතාවෙන් රචනා සොරකම් කිරීමක් සිදුවෙලා තියෙනවා කියලයි කියන්නෙ. ඒත් මේ චෝදනා මධු මිට්ටල් බාරගන්නේ නැහැ. විජානවීදී නවකතාවේ ද බහු පෞරුෂත්ව ව්‍යාධිය වැළඳුණු කාන්තාවක් වටා කතාව ගෙතී යනවා. සරල විදියට කිව්වොත් ආරූඪ වීම කියන්නෙ මේකට. පාඨකයෙක් මේ නවකතාව මුල් ප්‍රකාෂණය ද කියවා නැවතත් ප්‍රකාෂණය කළ පොතද කියවා තිබුනා. ඇය මේ නවකතාවේ, සුබද්‍රා – නාගවල්ලි ලෙසත්, මනෝ චිකිත්සක – දොස්තර සනී ලෙසත්, ස්වාමි සත්‍යචිට්ටන් – තන්ත්‍රික් ලෙසත් චරිත සොරාගෙන ඇති බව සඳහන් කර තිබුණා. චිත්‍රපටය නිකුත් වූ සමයේ මනිචිත්‍රතාලු කතාව තමන්ගේ කතාවට සමාන බව කීප දෙනෙක්ගෙන්ම අසන්නට ලැබුණත් චිත්‍රපටය බලන්නට වේලාවක් ලැබුණෙ නැති බව ස්වාමි අස්වති තිරුනාල් කියා තිබෙනවා.

විජානවීදී නවකතා පොත.

අපතේ ගිය චන්ද්‍රමුකි දෙවන කොටස

චන්ද්‍රමුකි චිත්‍රපටියෙන් පටන් ගත්ත Horror-Com ට්‍රෙන්ඩින් එකේ වඩාත් සාර්ථක වුණ අධ්‍යක්ෂකවරයෙක් තමයි රාඝවා ලෝරන්ස් කියන්නෙ. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකේ නිර්මාතෘවරයා සහ රාඝවා නැවත වරක් එක් වෙද්දි ලොකුවට දෙයක් බලාපොරොත්තු වුණා. මීට කලින් මේ දෙදෙනා එක්ව Shivalinga (2017)චිත්‍රපටය තැනුවා. මදිවට වඩිවේළුත් මේ චිත්‍රපටයේ රඟපෑවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ වුණේ චන්ද්‍රමුකි දෙවන කොටස විදියට හඳුන්වමින්. මේ ශිවලිංගා චිත්‍රපටිය වාසු විසින්ම අධ්‍යක්ෂණය කල ශිවරාජ්කුමාර් රඟපෑ Shivalinga (2016) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ කන්නඩ ශිවලිංගා චිත්‍රපටය ආදායම් වශයෙන් සාර්ථක වුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් මුලින්ම රජිණිටත්, ඊලඟට අජිත්ටත් ඇරයුම් කලත් දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. රාඝවාගේ ශිවලිංගා චිත්‍රපටයත් ආදායම් වශයෙන් සාර්ථක වුණා.

කලින් කිව්වා වගේම චන්ද්‍රමුකි චිත්‍රපටිය කොලිවුඩ් සිනමාවේ ඉහළින්ම බැබලෙන නිර්මාණයන්ගෙන් එකක්. ඒ වගේ චිත්‍රපටියක දෙවෙනි කොටසක් නිර්මාණය කරද්දි අධ්‍යක්ෂකවරයා බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ වෙද්දි චන්ද්‍රමුකි බහුතරයකගේ චිත්තවේගික හැඟීමක්. ගොඩක් අය බය වුණා වාසු නාගවල්ලි/ අප්ත රක්ෂකා කතාවම ආයේ චන්ද්‍රමුකි 2 විදියට රීමේක් කරාවි කියලා. චන්ද්‍රමුකි 2ට නාගවල්ලි හෝ අප්ත රක්ෂකා චිත්‍රපටි රීමේක් කිරීමක් කරලා නැහැ. පලමු චිත්‍රපටයම තමයි ආයෙත් රීමේක් කරලා තියෙන්නෙ. වෙනසකට Kaashmora (2016) චිත්‍රපටියේ කතාවත් එක්ක නාගවල්ලි/අප්ත රක්ෂකා කතාව මේක අස්සට ඔබලා තියෙනවා. ඔව්, මේ සෙංකෝට්ටෛයන්ගේ කතාව කාෂ්මොරා චිත්‍රපටියේ එන රාජ් නායක්ගේ කතාව. අහම්බයක් වෙන්න පුළුවන් වුනත් කතාව සමානයි. “හොල්මන් හොල්මන් අතරෙ රණ්ඩුවක්. ඒක රටම විනෝදයෙන් බලනවා.”(Peikum Peikum Sanda. Athu Oore Vedikka Pakuthe.) මේ Kanchana 2(2015) චිත්‍රපටියේ හුඟක් ජනප්‍රිය දෙබසක්. පේයි විතරක් නෙවෙයි නායි එක්කත් මේ චන්ද්‍රමුකි 2දි රණ්ඩු කරනවා විනෝදයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම චන්ද්‍රමුකි 2 තිරකතාව දෝෂ පිරුණු එකක්. මේ චිත්‍රපටියට කලින් චිත්‍රපටයෙදි වගේ මනෝවිද්‍යාව සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒ නිසා චන්ද්‍රමුකි කියන හොල්මන පාන්ඩියන්ව වේට්ටෛයන් කියලා හිතන්නෙ මොකටද? චන්ද්‍රමුකිට විභේදන තදාත්ම ආබාධය/බහු පෞරුෂත්ව ආබාධය වැළඳිලා ද? Varisu (2023)චිත්‍රපටියේ ගෙදර දොරකඩ ලඟ හැංගිලා ඉන්න දොස්තර වගේ, රංගනායගීගේ පවුලේ ගුරුජිත් ගෙදර ඇතුලෙ කෑ ගහනවා ඇහෙද්දිම ඇතුලට ඇවිත් මොකද කියලා හොයලා බලනවා. තවත් දෝෂ, අතාත්ත්වික, තර්කයානුකූල නොවන අවස්ථා බොහෝමයක් තිබුණත් Spoil වෙන නිසා කියන්න යන්නෙ නැහැ.

චන්ද්‍රමුකි 2 පසුගිය සැප්තැම්බර් 27 දා නිකුත් වුණ මේ චිත්‍රපටියේ, චන්ද්‍රමුකිගේ චරිතය දේශීය සම්මාන 4ක් හිමි කංගනා රනවුත් රඟ දක්වන නිසා විශාල වශයෙන් බලාපොරොත්තු ඇති වුණා. ඒ නිසාම දකුණු ඉන්දියාවේ විතරක් නෙවෙයි, හින්දි ප්‍රේක්ෂකයින්ගේත් ආකර්ෂණය මීට ලැබුණා. කංගනා රසිකයෝ චිත්‍රපටිය නිකුත්වෙලා දවස් තුනක් විතර යනකල් චන්ද්‍රමුකි ගැන කතා කර කර ඉඳලා, Tejas (2023) ටීසරේ ආවත් එක්කම ඒ පස්සෙන් යන්න ගියා. දැන් ඊයේ පෙරේදා චිත්‍රපටියක් ආවද කියලා වත් මතකයක් නැහැ. අවසානයේ මේ චිත්‍රපටයට සෘණාත්මක ප්‍රතිචාර විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණා. මීට ලැබුණු Imdb අගය කිරීම 3.6/10ක්. කංගනාගේ රංගනය වෙනුවෙන් බොහෝ ප්‍රශංසා හිමි වුණා. ඒ ඇරෙන්නට කියන්න තරම් දෙයක් නැහැ. ඇත්තටම පලමු කොටස ආදරයෙන් වැළඳගත් සුවහසක් රසිකයින්ට මෙය විශාල කලකිරීමක් ඇති කලා. ඉ.රු. කෝටි 30ක පමණ ආදායමක් පළමු සතිය තුලදී උපයා ගන්නවා. මනිචිත්‍රතාලු හෝ බූල් බූලයියා බැලුව අයට චන්ද්‍රමුකි 2 එක්ක සම්බන්ධයක් නැහැ. ඒ අයත් චන්ද්‍රමුකි 1 බැලුව අයත් මේ චිත්‍රපටිය නොබලා ඉන්න තරමට හොඳයි. බලපෑම් කරන්නෙ නැහැ, ඔයාලම තීරණයක් අරගෙන බලන්නකෝ. චන්ද්‍රමුකි 1 බැලුවෙ නැති අයට පහල පින්තූරය Click කරලා  ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Chandramukhi (2005)

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/feed/ 0
Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kolai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kolai-2023-sinhala-subtitles/#respond Fri, 04 Aug 2023 23:35:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48928 Kolai Sinhala Sub Kolai Sinhala Subtitles Kolai (2023) Sinhala Sub Kolai (2023) Sinhala Subtitles ඔන්න තවත් mystery-thriller ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකේ අධ්‍යක්ෂණය Balaji K. Kumar විසින් රංගනයෙන් Vijay Antony, Ritika Singh, and Meenakshi Chaudhary ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. 21 July 2023 රිදී තිරයට පෑයු මේ චිත්‍රපටය විජේ ඇන්ටනිගේ තවත් එක් සාර්ථක හා වෙනස් […]

The post Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolai Sinhala Sub
Kolai Sinhala Subtitles
Kolai (2023) Sinhala Sub
Kolai (2023) Sinhala Subtitles

ඔන්න තවත් mystery-thriller ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකේ අධ්‍යක්ෂණය Balaji K. Kumar විසින් රංගනයෙන් Vijay Antony, Ritika Singh, and Meenakshi Chaudhary ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. 21 July 2023 රිදී තිරයට පෑයු මේ චිත්‍රපටය විජේ ඇන්ටනිගේ තවත් එක් සාර්ථක හා වෙනස් රංගනයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. කැමරාකරණයෙන් Sivakumar Vijayan හා සංස්කරණයෙන් R. K. Selva දායක වෙලා තියෙනවා. සංගීතය Girishh G විසින් .

ඉතින් කතාව බලමු:

මේක ටිකක් සයිකලෝජි එකක්. ඒ කියන්නේ මානසික ලෙඩෙක් කරන මිනිමැරුමක්. සීරියක් කිලර් එකක් නෙවෙයි හොදේ . මිනිමැරුමක් ඒ කියන්නේ නිරූපණ ශිල්පිණියකගේ මිනි මැරුමක් ඒ අවස්ථාවේ සිටියායයි කියන තුන් දෙනෙක් ? කවුරු කොහෝම මරන්න ඇද්ද මේ නිරූපන ශිල්පිණියව .

බලල කොමන්ට් එකකුත් දාගෙන යන්න එහේනම් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kolai-2023-sinhala-subtitles/feed/ 0