Raghava Lawrence Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghava-lawrence/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:53:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raghava Lawrence Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghava-lawrence/ 32 32 Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 14:31:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62138 Jigarthanda DoubleX Sinhala Sub Jigarthanda DoubleX Sinhala Subtitles Jigarthanda DoubleX (2023) Sinhala Sub Jigarthanda DoubleX (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට […]

The post Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jigarthanda DoubleX Sinhala Sub
Jigarthanda DoubleX Sinhala Subtitles
Jigarthanda DoubleX (2023) Sinhala Sub
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන මහා බය ගුල්ලෙක්. ලෝර්ද් විහිළුවට වගේ කියනවා ඒ වෙලාවෙම විද්‍යාලයේ ඇති වුණ ගැටුමක් නවත්වන්න කියලා. එහෙම කියලා ලෝර්ද් ප්‍රසංගයේ එයාගේ අංගය ඉදිරිපත් කරන්න වේදිකාවට ගොඩ වෙනවා.

කිරුබා ඇඟට ගැම්මක් අරගෙන රණ්ඩුව පැත්තට ඇදුණා. ටික වෙලාවකට පස්සෙ ශිෂ්‍යයෙක් “කවුදෝ එකෙක් අපේ කොල්ලෝ හතර දෙනෙක්ව මරලා දාලා” කියන් කෑ ගහගෙන ප්‍රසංගය පැවැත්වුණ තැනට දුවගෙන එනවා. එතන හිටිය හැමෝම මේ සිද්ධිය බලන්න කලබලයෙන් දුවගෙන ආවා. ලෝර්ද් එතනට යද්දි කිරුබාකරන් බිම වාඩිවෙලා හිටියා. ඇඟ පුරාම ලේ ගෑවිලා, පිහියකුත් අතේ තියාගෙනම. මහ දවාලේ හිත් පිත් නැතිව විද්‍යාල ශිෂ්‍යයන් හතර දෙනෙක්ව ඝාතනයන් කිරීමට වරදකරු වුණ කිරුබාකරන්ට සිරදඬුවම් නියම වෙනවා.

ජෙයකොඩි සිනමා නළුවෙක්. ජනප්‍රියත්වය නිසාම ජෙයකොඩි දේශපාලනයට සම්බන්ධ වෙනවා. මෙවර ජෙයකොඩිගේ චිත්‍රපටය අන්ත පරාජයකට ලක් වුණා. ඊට හේතුව ජෙයකොඩිගේ ප්‍රතිවාදියා කර්මේඝම්. කාර්මේඝම් ජෙයකොඩිගේ චිත්‍රපටය පෙන්වන සිනමාශාලා වලට තර්ජනය කර රීල් පෙට්ටි ගිනි තබා, කාර්මේඝම්ට පක්ෂපාතී නළුවෙක් වුණ චින්නාගේ චිත්‍රපටයට ජයග්‍රහණයක් අත් කර දෙනවා.

මේ පරාජයෙන් තදබල කෝපයට පත් වුණ ජෙයකොඩි එයාගේ මල්ලි DSP රත්නාගෙන් මේ කාර්මේඝම්ව සහ ඔහුගේ සහචරයින් හතරදෙනාව මරා දමන්නට කියනවා. රත්නා මේ වෙනුවෙන් පොලිස් සේවයට බැඳෙන්න හිටිය, මිනීමැරුම් නිසා සිරගත වූවන් සොයා බලනවා. මෙහිදී කිරුබාකරන් සහ තවත් සිරකරුවන් තිදෙනෙක් තෝරා ගන්නවා. මේ එක් කෙනෙකුට එක් මැරයා ගානේ හතර දෙනාටම බෙදා දෙනවා. කිරුබාකරන්ට ලැබුණේ “ජිගර්දණ්ඩා සිද්ධි සමාජයේ” නායකයා වගේම කර්මේඝම්ගේ මදුරෛ ආධාරකාරයා වන අල්ලියස් සීසර්.

බාර දුන්න රාජකාරිය ඉටු කළොත් මෙයාලව නිදොස් කොට නිදහස් කරලා නැවත සේවයේ පිහිටුවනවා කියලා රත්නා පොරොන්දු වෙනවා. ලෝර්ද් එක්ක විවාහ වෙන්න රස්සාව අත්‍යාවශ්‍ය නිසා කිරුබාකරන් මේ පැවරුම බාර ගන්නවා. ඔය අතරෙදි කාර්මේඝම් සීසර් සහ අනෙක් ආධාර කරුවන් වෙනුවෙන් සාදයක් පවත්වනවා. සාදයේදී හැමෝම නටමින් ගයමින් විනෝද වුණා. සීසර්ගේ නැටුම දැකපු කාර්මේඝම් සීසර් උඹේ නැටුම සිනමාවේ නළුවෙක්ගේ වගේ, උඹ රඟපාන්න පලයන් කියලා අගයමින් කියනවා. ඒත් සාදයට සහභාගි වෙලා හිටිය නළු චින්නා මේ කතාවට එකඟ වුණේ නැහැ.

මේ සමයේ සිනමාවේ කළු පැහැති ප්‍රධාන නළුවෙක් ගැන හිතන්නෙ වත් නැති කාලයක්. මම වගේ පාටට හිටියා නම් රඟපාන්න යන්න තිබුණා. ඒත් මෙයා කළුයිනේ කියලා චින්නා හෑල්ලුවෙන් කතා කරනවා. මේකෙන් සීසර්ට දැඩි කේන්තියක් ඇති වුණා. දෙමළ සිනමාවේ පලමු කළු පැහැති ප්‍රධාන නළුවා වෙන්න සීසර් තීරණය කළා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇති තරම් සල්ලි සීසර් ළඟ තිබුණා. ඒ නිසාම දෙමළ සිනමාවේ පළමු ප්‍රධාන නළුවා රඟන “පාණ්ඩියා” නම් පෑන් ඉන්දියානු චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂක වරයෙකු උවමනා කර තිබේ යනුවෙන් දැන්වීම් පළ කළා.

සීසර්ට සමීප වෙන්න මේක නියම අවස්ථාව කියලා හිතුව කිරුබාකරන්, සත්‍යජිත් රේගේ ශිෂ්‍යයෙක් හා සහකාර අධ්‍යක්ෂවරයක් වන රේ දාසන්ගේ විදියට පෙනී සිටිමින් සීසර්ගේ ගෙදරට යනවා. කිරුබාකරන් අල්ලියස්ගේ දාමරික ජීවිතයේ සිදුවීම් පාදක කරගෙන චිත්‍රපටයක් කරන්න පෙරැත්ත කළා. මේ සඳහා අල්ලියස්ගේ ජීවිතයේ සිදු වුණ මතකයේ තියෙන විශේෂ සිද්ධීන් ගැන හාර හාරා අහනවා. ඒත් අල්ලියස්ගේ ජීවිතයේ මතක තියාගන්න තරම් කිරුබාකරන් බලාපොරොත්තු වන ආකාරයේ සිද්ධීන් නැති නිසා අල්ලියස්ගේ සැබෑ ජීවිතයේ වර්ථමානයේ සිද්ධීන් සජීවීව රූගත කරන්න තීරණය කරනවා.

මොකද මේ වගේ සිද්ධීන්ට පෙළඹවීමෙන් සීසර් තරහ කාරයින්ගෙන් මැරුම් කාවි කියලා කිරුබන් හිතුවා. ඒත් දින 30ක් ගත වුණත් සීසර්ව මරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. සීසර්ගේ බිරිඳ මලෛඅරසිගේ වලෛගාප්පු උත්සවය වෙනුවෙන් අනෙක් මැරයන් තිදෙනාට සහ ඇමති කර්මේගම්ට ආරාධනා කරනවා. වලෛගාප්පු උත්සවයට කලින් දවසේ මේ මැරයෝ හතර දෙනාම කරටි කැඩෙන්න බීලයි හිටියේ. කිරුබාකරන්ට සීසර් හොඳටම වෙරි වෙලා තනිවම හිටිය, ලේසියෙන්ම මරලා දාන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒත් මලෛඅරසි ගැන අනුකම්පා හිතලා සීසර්වව එදා අතහැරලා දානවා.

ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව සීසර්ව ලේසියෙන්ම මරන්න පුළුවන් වෙනම අදහසක් කිරුබාකරන්ගේ හිතේ තිබුණා. එදා රෑ කිරුබාකරන් අල්ලියස්ව මැරුවෙ නැති වුණත්, කිරුබාකරන් එක්ක මේ පැවරුම බාරගත් එක් පොලිස් නිලධාරියෙක් පෙරියවර් නම් මැරයාව මරලා දානවා. පහුවදා උදේ මේ මරණය ගැන දැනගත්තම සීසර් යකා නටන්න ගන්නවා. අනිත් හැමෝම මේ ස්වාභාවික මරණයක් කියලා හිතුවත් සීසර් මේක ඝාතනයක් කියලා තරයේම කිව්වා.

මිනිය පශ්චාත් මරණ පරීක්ෂණයට යැව්වට පස්සෙදි මේක ඝාතනයක් කියලා තහවුරු වුණා. පෙරියවර්ගේ ආදාහනය වෙනුවෙන් හැමෝම එකතුවෙලා ඉද්දි, සීසර් කිරුබාකරන් එක්ක පැවරුම බාරගත්ත අනෙක් තුන් දෙනාවම එකින් එක වෙඩි තියලා මරලා දානවා. සීසර්ගේ තුවක්කුවේ මානය එක් වරම කිරුබාකරන් දිහාවට හැරෙනවා!!!

ඔබ කලාව සොයා නොයයි. කලාව ඔබ සොයා පැමිණේ.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනා කළේ කාර්තික් සුබ්බුරාජ්. මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටය ජිගර්දණ්ඩා චිත්‍රපටයේ Prequel එකක්. ඒ කියන්නේ ජිගර්දණ්ඩා චිත්‍රපටියට කලින් සිදු වන සිදුවීම් පෙළක්. කාර්තිගේ ෆිල්ම් එකක් කිව්වම අන්තර්ගතය ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක්.(ජගමේ තන්දිරම් ඇරෙන්න)

ඔහු මනි රත්නම් මෙන් කලාව සහ වාණිජ්‍ය දෙකම මිශ්‍ර කරගෙන චිත්‍රපට තැනීම කරනවා. සහ කතාවේ අනපේක්ෂිත හැරවීම්(Plot Twist) ඇතුලත් වීමත් ඔහුගේ නිර්මාණවල ලක්ෂණයක්. ඒ එක්කම නයි බිත්තර දෙකකුත් එක්ක ඊළාමත් චුට්ටක් එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරලා පදමට හැඳිගාලා ගත්තම, ඒකට කියන්නේ කාර්තික්ගේ චිත්‍රපටියක්(කාර්තික් පඩම්) කියලා.

රාඝවා ලෝරන්ස්, SJ සූර්යා, නවීන් චන්ද්‍රා, නිමිෂා සජායන්, ෂයින් ටොම් චාකෝ, ඉලවරසු, සත්‍යන්, සන්චනා නටරාජන්, අරවින්ද් ආකාෂ් යන නළු නිළියන් මේ චිත්‍රපටයේ රඟපානවා. Petta (2019) චිත්‍රපටයෙන් පසු අවුරුදු 4කට පස්සෙදි තමයි කාර්තික්ගේ චිත්‍රපටයක් සිනමාශාලා වලට නිකුත් වෙන්නේ. Jagame Thanthiram (2021) සහ Mahaan (2022) චිත්‍රපට OTT හරහා නිකුත් කෙරුණා. ජගමේ තන්දිරම් සිනමාශාලා වලට නිකුත් නොකිරීම ඇත්තටම ලොකූ ලාභයක්. කාර්තික්, ශංකර් අධ්‍යක්ෂණය කරන රාම් චරන්ගේ Game Changer චිත්‍රපටයේ කතාව රචනා කළා.

දෙමළ සිනමාවේ හොඳම චිත්‍රපට අතරේ Jigarthanda (2014) ට ඉහළ තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම මේක ඩාර්ක් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය කන්නඩ භාෂාවෙන් Jigarthanda (2016), තෙළිඟු භාෂාවෙන් Gaddalakonda Ganesh (2019) සහ හින්දි භාෂාවෙන් Bachchan Paandey (2022) විදියට රීමේක් කළා. ජිගර්දණ්ඩා යන්නෙහි තේරුම “සීතල හදවත” ලෙසින් චිත්‍රපටයේදි සිද්දාර්ත් හඳුන්වනවා. ජිගර්දණ්ඩා කියද්දි මතක් වෙන තවත් දෙයක් තමයි “ජිගර්දණ්ඩා දූද්”. Aadhavan (2009) චිත්‍රපටියේ එක් හාස්‍ය ජවනිකාවක සූරියා වඩිවේළුට ජිගර්දණ්ඩා දූද් නම් රා වර්ගයක් බොන්න දීලා මත් කරලා වඩිවේළුව පැහැර ගන්නවා.

මේ ජිගර්දණ්ඩා චිත්‍රපටයේ කුරිරු දාමරිකයෙක් හා එම දාමරිකයාගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට යන අධ්‍යක්ෂකවරයෙකු වීමට බලාපොරොත්තු වන තරුණයෙක් එම දාමරිකයා අතර ඝට්ටනයකදී සිදුවන කතාවක්. මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අපේම සහෝදරයා “සීරුම් පුලි” බොබී සිම්හාට දේශීය සිනමා සම්මාන වලදී හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා. දෙමළ සිනමාවේ හොඳම දුෂ්ඨ චරිතයන් ලැයිස්තුවේ ඉහළම තැනක් ඇසල්ට් සේතු චරිතයට හිමි වෙනවා.

Film Companian වෙබ් අඩවියේ දශකයේ විශිෂ්ඨම සිනමා රංගනයන් 100 අතරට බොබීගේ රංගනයත් එකතු කරනවා. ඒ වගේම එම වෙබ් අඩවියේම දශකයේ හොඳම චිත්‍රපට පෝස්ටර් අතර 2 වැනි ස්ථානය ජිගර්දණ්ඩාට ලබා දෙනවා. කොහොම වුණත් ජිගර්දණ්ඩා, කොරියානු චිත්‍රපටයක් වුණ A Dirty Carnival චිත්‍රපටයේ ආභාෂයෙන් නිර්මාණය වූවක්. වර්ථමානයේදී අනුකරණය කියන වචනය ආභාෂය කියලා තමයි ගොඩක් දුරට ඇහෙන්නෙ.

රජිණිකාන්ත් සහ කමල් හාසන් කාර්තික් සුබ්බුරාජ්ගේ පරිකල්පනයෙන්.

දෙමළ සිනමාවේ මුල්ම කළු පැහැ හීරෝ (ප්‍රධාන නළුවා)… Jailer චිත්‍රපටියේ ලිපියෙන් මේ ගැන සඳහන් කළා මතක ඇති. විජයකාන්ත්, නැපෝලියන්, කාමරාජන්, තලපති විජයි, ධනුෂ් විෂාල්, විජයි සේදුපති… මේ වගේ කළු පැහැ නළුවන්ට සිනමාවේ තැනක් උදා කර දෙන්න මූලික අඩිතාලම දැමුවේ සුපර් ස්ටාර් රජිණිකාන්ත්. රජිණිට පෙර සිනමාවේ ප්‍රධාන නළුවෙක් වෙන්න නම් සුදු පැහැයක්, කැරලි කොණ්ඩයක් තිබීම අනිවාර්යය වුණා.

රජිණි ප්‍රධාන නළුවෙක් විදියට Bhairavi (1978) චිත්‍රපටයෙන් සම්ප්‍රාප්තිය සටහන් කරනවා. ඒ එක්කම මේ කළු නළුවෙක් රඟපාන චිත්‍රපටි කවුරුවත් බලන්නෙ නැහැ කියලා මතය පුස්සක් වුණා. මුලින්ම කිව්වා වගේ මේ කතාව සිද්ධ වෙන්නෙත් 1975දී. රජිණිකාන්ත් 1975 වර්ෂයේදි Apoorva Raagagngal (1975) චිත්‍රපටයෙන් තමයි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. ඒ ගැන සඳහනක් ද චිත්‍රපටියට එකතු කර තිබුණා.

“රජිණිකාන්ත් කියලා අලුත් කොල්ලෙක්… කළුවට, පාටට, ගොඩක් හොඳට රඟපානවලු. ඉතා ඉක්මනින්ම ලොකූ හීරෝ කෙනෙක් වේවි කියනවා.”

කාර්තික් සුබ්බුරාජ්, රාඝවා ලෝරන්ස් රජිණිට දැඩි භක්තියකින් ඉන්නෙ. මේ වගේ චිත්‍රපටයේ තැන් කිහිපයකදිම රජිණිව සිහි ගන්වනවා. උදාහරණයකට රජිණි පිස්තෝලය ඇඟිල්ලට තියලා කරකවන ශෛලිය. චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුව රජිණි, කාර්තික් සුබ්බුරාජ් සහ රාඝවා, සූර්යා, සන්තෝෂ් ඇතුළු චිත්‍රපටයේ කණ්ඩායමට නිවෙසට ආරාධනා කර සුබ පැතුම් එක් කර තිබුණා. ජිගර්දණ්ඩා ඩබල් X කණ්ඩායමේ බොහෝ දෙනෙක් රජිණිකාන්ත්ගේ රසිකයින් වීම විශේෂයි.

තවත් විශේෂ කාරණයක් වෙන්නේ කාර්තික් තමන්ගේ සුබ මුහුර්තය ලෙස “12:12” යොදා ගන්නවා. ඊට හේතුව රජිණිකාන්ත්ගේ ජන්ම දිනය දෙසැම්බර් මස 12දා. මේක කාර්තික් විසින්ම සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2022 වසරේ දෙසැම්බර් 12 දින ආරම්භ කළා. මේ චිත්‍රපටයේ මාමදුර ගීතය, ටීසරය සහ බ්ලොක්බස්ටර් ටීසරය සවස 12:12ට නිකුත් කෙරුණා. කාර්තික් නැවත වරක් රජිණිකාන්ත් සමඟ චිත්‍රපටයක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේක සමහරවිට Thalaivar 172 ව්‍යාපෘතිය වෙන්න පුළුවන්.

For My Boys

පලමු චිත්‍රපටයෙදි වගේම මේ චිත්‍රපටයේත් සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් නාරායනන්. ඔහුගේ සුළු දියණිය දී “මාමදුර” ගීතය ගායනා කරනවා. ඒ වගේම යුවන් ශංකර් රාජා “තී කුච්චි පටාසා” ගීතය ගායනා කරනවා. පලවෙනි චිත්‍රපටියේ පාවිච්චි කළ BGM කිහිපයක්ම මේ චිත්‍රපටයටත් පාවිච්චි කරලා තිබුණා.

රාඝවා ලෝරන්ස් මෙතෙක් ඉදිරිපත් කරපු හොඳම රංගනය මේ චිත්‍රපටියෙන් දැකබලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රාඝවාගෙන් බලාගන්න වෙන්නෙ ඕවර් ඇක්ටින් ටිකක්. ඉඩෝරයට වැස්ස වගේ මේ වතාවේ රාඝවාටත් චරිතයක් රඟපාන්න ලැබිලා තියෙනවා. මාස දෙක තුනකට කලින් තිරගත වුණ Chandramukhi 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ව මුළුමනින්ම කලකිරීමට පත් කළා. මේ වගේ අවස්ථාවක මේ වගේ චිත්‍රපටියක අවශ්‍යතාවය රසිකයින්ට තදින්ම දැණුනා.

මේ චිත්‍රපටයෙන් පස්සෙදිත් සුපුරුදු විදියටම මාස් මසාලා, හොල්මන් චිත්‍රපටි පෙළක් අරගෙන් ඒවි. කොහොම වුණත් ඉන් එක චිත්‍රපටියක් හරි සාර්ථක වුණොත් ඒකෙන් ලැබෙන ලාභයෙන් අසරණ ආබාධිතයන්ට තවත් වැඩි වැඩියෙන් උපකාර කරන්න රාඝවාට හැකි වෙනවා. රාඝවා හදවත රත්තරන් උතුම් මනුස්සයෙක් කියලා තමිල්නාඩුවේ මිනිස්සු දන්න නිසා හැමදාටමත් ගෞරවයෙන් සළකනවා.

SJ සූර්යා කාර්තික් සමඟ එක් වන දෙවන වතාව. මීට පෙර කාර්තික්ගේ Iraivi (2016) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කළා. එහිදී ඔහු විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. සූර්යා රඟපෑ මේ වසරේදී නිකුත් වූ Mark Antony (2023) චිත්‍රපටය ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා. ඉදිරියේදී පැමිණීමට නියමිත Game Changer (2024), Indian 2 (2024), Saripodhaa Sanivaaram (2024), D50 චිත්‍රපටවලට සහය චරිත රංගනයෙන් දායක වනවා.

මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටියේ දෙවන භාගයේ කතාවේත්, Viduthalai : Part 1 චිත්‍රපටයේ කතාවේත් යම් යම් සමානකම් දකින්න පුළුවන්. විඩුදලෛ චිත්‍රපටයේ රජය වනවාසීන්ව මර්ධනය කරද්දී වනවාසීන් සංවිධානය වී ඊට එරෙහිව සටන් වදිනවා. වෙනසකට තියෙන්නෙ වනවාසීන් රජයේ ක්‍රියාමාර්ග වලට ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒ ඇරෙන්න මේ චිත්‍රපටයේ දෙවන භාගයේ කතාව එක සමානයි. ඇතැම්විට වීරප්පන්ගේ කතාව ආභාෂයෙන් නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. එහෙන් මෙහෙන් ඊළාම් පිළ්ලි වල කුණු ගඳ ගහන්නෙ නැතුවාම නෙවෙයි.

දීපවාලියට සමගාමීව නොවැම්බර් 10 දා මේ චිත්‍රපටය තිරගත වුණා. තිරගත වූ දවසේ සිටම මීට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා තරමක් දුරට ප්‍රචාරණයකින් ප්‍රේක්ෂකයින් මධ්‍යයට අරගෙන ගියා. චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 100ක් පමණ වෙනවා කියලා අධ්‍යක්ෂක වරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාෂ කළා. ඒත් මේ වෙද්දි චිත්‍රපටයට උපයාගත හැකි වුණේ ඉ.රු. කෝටි 60ක් පමණ ආදායමක් පමණයි.

මීට ලැබුණු Imdb රේටින් අගය 8.4/10ක්. ඒ වගෙම කුණු තක්කාලි අගය 70%ක්. Pink Villa 5/5ක්, TOI පුවත්පත 3/5ක අගයක්, OTTplay 3.5/5ක අගයක් ජිගර්දණ්ඩා ඩබල් X වෙනුවෙන් ලබා දුන්නා. විකටන් පුවත්පත 48/100ක් ලබා දුන්නා. 2023 වසරේ ඉහළතම ලකුණක්. ජිගර්දණ්ඩා (2014) චිත්‍රපටියේ නළු සිද්දාර්ත්ගේ Chithha චිත්‍රපටයට 51/100ක ලකුණක් ලැබුණා. මම දන්න තරමින් මීට වඩා වැඩි ලකුණක් මේ වසරේ තිරගත වුණ චිත්‍රපටවලට ලැබෙනවා දකින්න නම් ලැබුණෙ නැහැ.

ඒ වගේම මේ චිත්‍රපටය එක්ක කාර්තිගේ 25වන චිත්‍රපටය Japan (2023) තරඟ වැදුණා. ඇත්තටම තිරගත වෙන්න කලින් කාර්තිගේ චිත්‍රපටිය අති විශාල ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා සිනමාවේදීන් වගේම හැමෝම විශ්වාස කළා. මොකද කාර්ති දිගින් දිගටම හිට් චිත්‍රපටි දෙමින් හිටියේ. ඒත් බලාපොරොත්තු නොවුණ විදියට ජපාන් චිත්‍රපටිය විශාල පරාජයකට ලක් වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි?!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/feed/ 0
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/#respond Sun, 29 Oct 2023 17:01:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56062 Chandramukhi 2 Sinhala Sub Chandramukhi 2 Sinhala Subtitles Chandramukhi 2 (2023) Sinhala Sub Chandramukhi 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! දෛවය කාටවත්ම වෙනස් කරන්න බැහැ. අපේ දෛවයේ ලියවිලා තියන කිසිම දෙයක් කාටවත්ම වෙනස් කරන්න බැහැ… රංගනායගීගේ පවුලට දිගින් දිගටම කරදර ඇති වෙනවා. එයාලගේ පවුලේ පූජකවරයා ගෙන්නලා මේකට විසඳුමක් හොයනවා. මේ කරදර ඇති වෙන්න හේතුව […]

The post Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandramukhi 2 Sinhala Sub
Chandramukhi 2 Sinhala Subtitles
Chandramukhi 2 (2023) Sinhala Sub
Chandramukhi 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

දෛවය කාටවත්ම වෙනස් කරන්න බැහැ. අපේ දෛවයේ ලියවිලා තියන කිසිම දෙයක් කාටවත්ම වෙනස් කරන්න බැහැ…

රංගනායගීගේ පවුලට දිගින් දිගටම කරදර ඇති වෙනවා. එයාලගේ පවුලේ පූජකවරයා ගෙන්නලා මේකට විසඳුමක් හොයනවා. මේ කරදර ඇති වෙන්න හේතුව රංගනායගීගේ පවුල උපන් ගම දාලා නගරයට ආව දවසෙ ඉඳන් කුලදෙවි කෝවිලට ගිහින් පූජාවක් නොකරපු එක. පූජකවරයා මෙයාලට තමන් ඉපදුන ගමට ගිහින් කුලදෙවි කෝවිලේ දුර්ගාෂ්ඨමි දවස වෙනකල් පූජාවන් කිහිපයක් කරන්න කියලා අවවාද කරනවා. ඉතින් රංගනායගීගේ පවුල ගොඩක් ලොකු, ඒකාබද්ධ පවුලක්. එයාලා කුලදෙවි කෝවිල ආසනයෙන් නවාතැන් ගන්න තැනක් හොයනවා. ඒ ආසන්නයෙන් ඒ තරම් දෙනෙක්ට නවාතැන් ගන්න තිබුණේ මාළිගාවක් විතරයි. කට්ටියම මේ මාළිගාවට ගිහින් නවාතැන් ගන්නවා. මාළිගාවේ අයිතිකාරයා මුරුගේසන්, මාළිගාවේ දකුණු පැත්තට යන්න එපා කියලා දැඩිවම අවවාද කරනවා. හේතුව මොකක්ද කියලා ඇහුවට පැහැදිලි උත්තරයක් දෙන්නෙ නැහැ. මේ අයත් තමන්ට අදාල නැති නිසා හාරා අවුස්සන්න ගියේ නැහැ. හිතාගෙන ආව විදියටම පහුවදා හැමෝම පිටත්වෙලා කෝවිලට යනවා. කෝවිල සම්පූර්ණයෙන්ම බැද්දෙන් වැහිලා වල්බිහි වෙලා තිබුණා. ඒ ළඟම තිබුණ පැල්පතක පූජකවරයෙක් නැවතිලා හිටියා. පූජකවරයා හමුවෙලා කෝවිලට මේ තත්වය ඇති වුණේ කොහොමද කියලා විමසුවා. “චන්ද්‍රමුකිගේ ආත්මය මේ කෝවිලට එළිය ලැබෙන්න දෙන්නෙ නැහැ. කෝවිල සුද්ද කරන්න ආව හැමෝම මැරුණා. තමන්ගේ කරදරවලට විසඳුමක් හොයාගන්න ඊටත් වඩා කරදර තියෙන තැනකට ඇවිල්ලා. හැමෝම පුළුවන් තරම් ඉක්මනින්ම මෙහෙන් පිටවෙලා යන්න” කියලා පූජකවරයා මෙයාලට අවවාද කරා. රංගනායගී හිතන් ආව දේ ඉෂ්ඨ කරගන්නෙ නැතිව යන්න ලැහැස්ති වුණේ නැහැ. කොන්ත්‍රාත්තුකාරයෙක් අල්ලගෙන මේ කෝවිල සුද්ද කරන්න කොන්ත්‍රාත්තුව දෙනවා. ඒ අතරෙදි මාලිගාවේ උඩ මාලයෙන් ගීතයක් ගයන හඬක් ඇහෙනවා. තවත් අද්භූත දේවල් සිදු වෙනවා. ඊට වඩා පූජකවරයා කිව්වා වගේම කෝවිල සුද්ද කරන්න ගිය දෙන්නෙක්ම අභිරහස් විදියට මැරිලා යනවා. කෝවිල සුද්දකරන එක නතරකරලා වහාම ඒ ගමෙන් පිටවෙලා යන්න කියලා පූජකවරයා ආයෙත් එයාලට අවවාද කරනවා. මේ සිද්දියෙන් පස්සෙ කෝවිල සුද්දකරන්න කිසිම කෙනෙක් එන්න කැමති වුණේ නැහැ. අවසානයේ රංගනායගීගේ පවුලේ අය එකතුවෙලා කෝවිල සුද්දකරන්න ලැහැස්ති වෙනවා. ඔය වෙලාවෙදි රංගනායගීගේ හිතවතෙක් වුණ පාන්ඩියන් තනිවම කෝවිල සුද්ද කරන්නම් කියලා බාරගන්නවා. පාන්ඩියන් කෝවිල සුද්ද කරන අතරේ මාලිගාවේ උඩමාලයෙන් තෙළිඟු බසින් කතා කරන කාන්තාවකගේ හඬක් ඇහෙන්න ගන්නවා. බඩු මුට්ටු බිඳෙමින් මුළු මාලිගාවම දෙදරන්න ගන්නවා. රංගනායගීගේ පවුලම සිද්ද වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්නේ නැතිව බයේ ගැහි ගැහී හිටියා. ටික වෙලාවකින් මේ දේවල් ඔක්කොම නතර වුනා. කෝවිල සුද්ද කරලා පාන්ඩියන් ආයෙත් පණපිටින්ම මාලිගාවට ආවා. මේ වතාවේ නම් රංගනායගී පවුලත් එක්කම ආයෙත් ගෙදර බලා යන්න ලැහැස්ති වුනා. මේ මාලිගාව දාලා ගියත් එයාලා වටේ සිද්දවෙන කරදර නතරවෙන්නෙ නැහැ කියලා පාන්ඩියන් කියනවා. මොකද, මේ වෙද්දි රංගනායගීගේ පවුලේ කෙනෙක් චන්ද්‍රමුකගේ බලපෑමට ලක්වෙලා කියලා පාන්ඩියන්ට දැනගන්න ලැබුණා.

චන්ද්‍රමුකි චිත්‍රපටය නිර්මාණය.

Baba (2002) අසාර්ථක වීමත්(කරවීම) එක්ක කළකිරීමට පත් වුන රජිණි සිනමාවෙන් සමුගන්න තීරණය කළා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙත් සිනමාවට එනවා කියලා කේ.එස්. රවිකුමාර් යොදාගෙන ජග්ගුභායි නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදනය කලා. දින කිහිපයක් රූගත කරද්දි ජග්ගුභායිටත්, බාෂාටත් බොහෝ සමානකම් තිබෙන නිසා එම ව්‍යාපෘතිය නතර කරලා දානවා. කොහොම වුනත් මේ කතාව පස්සෙ කාලෙකදි සරත්කුමාර් යොදාගෙන Jaggubhai (2010) නමින්ම නිෂ්පාදනය කරලා තිරගත කලා. ඊට පස්සෙදි 2004 දි මන්නන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුන පී. වාසුගේ Apthamithra (2004) කන්නඩ චිත්‍රපටය සාර්ථක වීමත් එක්ක ඔහුට රජිණි සුබ පැතුම් එක් කලා. අප්තමිත්‍රා චිත්‍රපටියේ තිරකතාව රජිණිගේ සිත ඇදගැනීම නිසා පී. වාසු ලවා මේ චිත්‍රපටය නිර්මාණය කරන්න හිතුවා. සිවාජි ගනේෂන්ගෙ පුතෙක් වුන රාම්කුමාර් ගනෙෂන්ට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා රජිණි ඇරයුමක් කරනවා. කොහොමත් Mannan (1993) චිත්‍රපටය සාර්ථක වීම වෙනුවෙන් පැවැත්වුන හමුවෙදී සිවාජි ප්‍රඩක්ෂන් එකේ 50 චිත්‍රපටයේ තමන් රඟපාන බව රජිණි ප්‍රකාශ කලා. වාසු අප්තමිත්‍රා තිරකතාව රජිණිගේ ශෛලීය රංගනයට ගැලපෙන විදියට වෙනස් කලා. මල්ටිපල් පර්සනලිටි ඩිසෝඩර් ව්‍යාධිය ගැන කොලිවුඩ් සිනමාවේ සඳහන් වෙන පලමු චිත්‍රපටිය චන්ද්‍රමුකි. ඒත් මේ මේ ව්‍යාධිය චිත්‍රපටියක් ඔස්සේ ඉන්දියාව අතරේ වඩාත් ප්‍රසිද්ධ වුණේ ඊට මාස කිහිපයකට පස්සෙ තිරගත වුණ Anniyan (2005)චිත්‍රපටියෙන්. මේ කාලයේ ප්‍රේක්ෂකයින්ගේ සැළකිය යුතු තරම් සංගීතයට ආකර්ෂණයක් තිබුණ නිසා චිත්‍රපටයේ සංගීතයට වැඩි ඉඩක් දෙන්න කියලා රජිණි විද්‍යාසාගර්ට කියනවා. චිත්‍රපටයකට ලැබුණු සෘණාත්මක ප්‍රතිචාර නිසා අසාර්ථක වෙන්න ගිය සමහර චිත්‍රපට පවා සංගීතය නිසා විශාල පාඩුවකින් ගැලවුණ අවස්තා කිහිපයක්ම තියෙනවා. චන්ද්‍රමුකී ඇල්බමයේ තිබෙන ගීත හයම ජනයා අතරේ ප්‍රසිද්ධියට පත් වුණා. ඇල්බමය අලවියෙන් බොහෝ ලාභ ලැබුණා. චන්ද්‍රමුකී චිත්‍රපටියට විද්‍යාසාගර්ගේ සංගීතය කොඳු නාරටියක් වුණා. අදටත් ඔහු චන්ද්‍රමුකි වෙනුවෙන් නිර්මාණය කළ ගීත නැවුම් භාවයක් තියෙනවා වගේම නව පරම්පරාවත් රසවිඳිනවා. දෙවන කොටසේ සංගීතය සැපයීමේ අවස්ථව ඔහුට හිමි නොවීම ඇත්තටම ලොකු පාඩුවක්.

දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කිරීමේදී පලමුවෙන්ම චන්ද්‍රමුකිගේ චරිතය කරන්න සිම්රන්ව තෝරාගෙන තිබුණත් ඒ වෙද්දී ඇය ගර්භනී නිසාවෙන් අවස්ථාව මඟ හැරෙනවා. Manassinnakare (2003) චිත්‍රපටයේ නයන්තාරගෙ රංගනය දැක ඇයව දුර්ගාගේ චරිතය වෙනුවෙන් තෝරාගන්නවා. රජිණි විසින් මුරුගේසන්ගේ චරිතය වෙනුවෙන් වඩිවේළුව තෝරාගන්නා ලෙසටත්, රූගත කිරීම් කිරීමට පෙරම රාම්කුමාර්ට කියා ඔහුගෙන් දින ඉල්ලා ගත්තා. පඩයප්පා චිත්‍රපටයේ දුෂ්ඨිය නීලාම්බරීගේ ආභාෂය සාමුණ්ඩරීස්වරී චරිතයට ලැබී තිබුණා. සරවණන් හා සාමුණ්ඩරීස්වරී අතරෙ ඇතිවුණ ගට්ටනය වඩාත් කැපී පෙනෙනවා.

චන්ද්‍රමුකි ශාන්ති නම් සිනමා ශාලාවේ දින 890ක් දක්වාම තිරගත වුණා. එකල දීර්ඝ කලක් තිරගත වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය වුණේ චන්ද්‍රමුකි යි. පසුව Magadheera (2009) දින 1000 පසුකර තිරගත වී එම වාර්ථාව බිඳ දමනවා.

සාමාන්‍යයෙන් මේ සමයේ රජිණිගේ ෆිල්ම් වල රටාව වුණේ තමන් රඟපාන ප්‍රධාන චරිතය වටේ ගෙතීගෙන යන ප්‍රධාන චරිතයේ නමින් නම් කරපු කතාවක්.(මුත්තු, භාෂා, වීරා, අන්නාමලෛ, පඩයප්පා, අරුණාචලම්, බාබා) කාන්තා නමක් වුන චන්ද්‍රමුකී මේ දාම නාමාවලිය බිඳ දැමීමක්.

“එන්න කොඩුමෛ සරවණන් ඉදු?” – සෙන්දිල්, “ඉරුක්කු, ඉන්ද වීට්ල ප්‍රශ්නම් ඉරුක්කු.” රාමචන්ද්‍ර ආචාර්‍යා, කියන දෙබස් ප්‍රේක්ෂකයින් අතරේ බොහෝ ප්‍රසිද්ධ වුණා. සමාජමාධ්‍යය භාවිතය එක්ක මේවා මීම් ටෙම්ප්ලේට් එකක් වුනා.

චන්ද්‍රමුකී Horror-Com චිත්‍රපට රැල්ලට මග පෑදුවා. මේ Horror-Com ට්‍රෙන්ඩ් එකේ බොහෝ චිත්‍රපටි නිර්මාණය වුණත් ඒ අතරින් සාර්ථක චිත්‍රපට විදියට Muni/Kanchana චිත්‍රපට මාලාව, Aranmanai චිත්‍රපටි මාලාව, Yavarum Nalam (2009), Eeram (2009), Pizza (2012) වගේ චිත්‍රපටි සඳහන් කරන්න පුළුවන්. Aranmanai චිත්‍රපටයේ සුන්දර් සී රඟන ‘රවී’ චරිතය ආභාෂයට ගෙන ඇත්තේ චන්ද්‍රමුකි චිත්‍රපටයේ මනෝවිද්‍යාඥ සරවණන්ගේ චරිතයෙන්.

වෙනස්කම්.

විශ්නුවර්ධන් සමඟින් චිත්‍රපට කිහිපයක්ම කළ පී වාසු Manichithrathazhu (1992) චිත්‍රපටය කන්නඩ බසින් Apthamithra නමින් ප්‍රතිනිර්මාණය කරනවා. කලින් කිව්වා වගේ මේ චිත්‍රපටය තමයි දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කරන්නෙ. මේ තිරකතාවේ නාගවල්ලිගේ නම වෙනස් කරන්න කියලා රජිණි වාසුගෙන් ඉල්ලුවා. ඒ විදියටයි නාගවල්ලි චන්ද්‍රමුකි වෙන්නෙ. විශ්නුවර්ධන් වාණිජමය චිත්‍රපට වෙනුවෙන් නැඹුරු වූ කෙනෙක් නිසා ඔහු මේ අප්තමිත්‍රා චිත්‍රපටයට වාණිජමය අංග එක් කරනවා. මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන වීරයා චිත්‍රපටියට ඇතුල් වෙන්නෙ විනාඩි 55ක් පමණ කාලයක් ගෙවුණට පස්සෙදි. ඒත් කන්නඩ චිත්‍රපටියෙදි වීරයා ආරම්භයේදිම චිත්‍රපටියට ඇතුල් වෙනවා. ඉන්දියාවේ ඕනම වාණිජ චිත්‍රපටියකදි තාර්කිකත්වය, භෞතිකය, යථාර්ථය අපචාරයට ලක්වෙනවා කියලා දන්නවනේ. චන්ද්‍රමුකී චිත්‍රපටියේ රජිණිකාන්ත් ඇතුලත් වන දර්ශනය බොහෝ දෙනාට මතක හිටින එකක්. ඒ දර්ශනය පසුබිම් වාදනය එක්කම කන්නඩ චිත්‍රපටයෙන් අරගත් එකක්. අප්තමිත්‍රා තිරකතාවේදී මුල් චිත්‍රපටයේ කතාවේ සමහර කොටස් අතහැරලා, තවත් සමහර කොටස් එකතුකරලා වෙනස්ම තිරකතාවක් දීලා තිබුණා. මනිචිත්‍රතාලු චිත්‍රපටියෙදි ගොදුර වෙන්නේ ගංගාගේ සැමියා වුණත් අප්තමිත්‍රා චිත්‍රපටියේදි සැමියාගේ අප්ත මිත්‍රා නැත්නම් ගජ මිතුරා ගොදුර බවට පත් වෙනවා. දෙමළ බසින් ප්‍රතිනිර්මාණය කරද්දි ගොඩක් දුරට කන්නඩ තිර කතාවටම සමාන කතාවක් දැක්වුණත් ලොකු වෙනස්කම් කිහිපයක් කරලා තිබුණා. ඒ වෙනස්කම් නිසා සරවණන් කියන චරිතය සෙන්දිල්ගේ පවුල සමඟ වඩාත් සමීප බැඳීමක් පෙන්නුම් කරනවා.

චන්ද්‍රමුකී, අප්තමිත්‍රාගෙන් තවත් වෙනස් වන තැනක් වෙන්නෙ “ලක ලක ලක” හඬ සහ අඩි 30ක දැවැන්ත නාගයා. ලක ලක හඬ වාණිජමය නිමාවක් වෙනුවෙන් එක් කල එකක්. රජිණි කුඩා කාලයේ නැරඹූ මරාති චිත්‍රපටයක දුෂ්ඨයෙක් මේ ලක ලක හඬින් ශබ්දයක් කරන බවත් මේ ශබ්දය එයින් ආභාෂයට ගත් බවත් සඳහන්. වේට්ටෛයන් මාලිගාවේ අභිරහස් නාගයෙක් එහා මෙහා යනවා දකින්න ලැබෙනවා. මේ නාගයා මෙහෙම තේරුමක් නැතිව සැරින් සැරේට පෙන්නන්නේ මොකද කියලා කුතුහලයක් ඇති කරනවා. මලයාලම් හා කන්නඩ චිත්‍රපට දෙකේදිම කිසිම නයෙක් දකින්න ලැබුනේ නැහැ. බියජනක භාවය තවත් වැඩි කරන්න චිත්‍රපටයට එක් කරන්න ඇති. චන්ද්‍රමුකි චිත්‍රපටයේ අවසානයෙදි චන්ද්‍රමුකීගේ ආත්මය පිටවෙලා ගියාට පස්සෙ මේ දැවැන්ත නාගයාත් ගෙදරින් පිටවෙලා යනවා. එක් වරක් සරවණන්(රජිණි) චන්ද්‍රමුකී කාමරයේ නැටුම් නටද්දි දොර අරින්න උත්සාහ කරත් දොර ඇරෙන්නේ නැහැ. ඊට හේතුව මේ නාගයා දොර අවහිර කරගෙන හිටියා කියලා වාසු කියනවා. ඒ වුනත් මේක විශ්වාස කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. රජිණිකාන්ත්ට නගයන් පිළිබඳව සංවේදී විශ්වාසයක් තියෙනවා. මේක හුඟ කාලයක ඉඳන්ම තිබුණ දෙයක්. Bhairavi, Thambikku Entha Ooru, Rajadhi Raja, Annamalai, Muthu, Padayappa, Lingaa චිත්‍රපටවලදී නාගයින් සම්බන්ධ දර්ශන දකින්න පුළුවන්. ඒ විතරක් ද? විද්‍යාත්මක තේමාවක් තිබෙන Enthiran චිත්‍රපටියේදි එක් අවස්ථාවක චිට්ටිලා එකතුවෙලා නයෙක් විදියටත් හැඩ ගැහෙනවා. සැබෑ ජීවිතයේදී, රජිණි දේශපාලනයට ප්‍රවේශ වෙන්න උත්සාහ කරද්දි රජිණි මක්කල් මන්ඩ්‍රම් පක්ෂයේ ලකුණ විදියට නාගයාව යොදාගන්න උත්සාහ කරත් ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වීම නිසා පසුව බාබා සළකුණ යොදාගන්නවා.

නාගවල්ලිගේ ශෝකාන්තය. (සත්‍ය සිදුවීම.)

අලුමූට්ටිල් මෙඩා, අලපුල්ලා දිස්ත්‍රික්කයේ මුට්ටම්වල පිහිටා තිබෙන තරවාඩු නම් ඒකාබද්ධ පවුල් ජීවත්වන සාම්ප්‍රදායික නිවහනක්. මධු මනිචිත්‍රතාලු චිත්‍රපටයට රචනා කරලා තියෙන්නෙ මේ ශෝකාන්තය ආභාෂයට අරගෙන. මනිචිත්‍රතාලු මලයාලම් සිනමාවේ හොඳම මානසික-ත්‍රාසය ජනක චිත්‍රපටයක් විදියට සැලකෙනවා. ගස් කොළන් වලින් මේ මාළිගාව වැහිලා තිබුණත් තවමත් හොඳ තත්වයෙන් පවතිනවා. ඇලුම්මෝටිල් මේඩ මාළිගයේ අලංකෘත අගුල ගැන තිබුමන කුතුහලය නිසාම වෙන්න ඇති චිත්‍රපටයට මනිචිත්‍රතාලු විදියට නම තියන්න ඇත්තෙ. මේ අගුල අරිද්දි වහද්දි ලස්සන හඬක් නිකුත් වෙනවා. මේ ලස්සන අගුල, වශී කරවන හඬ අහන්න කැමති නම් Manichithra Thazhu/Ornate Lock යූටියුබ් සර්ච් කරලා බලන්න. අනිවාර්යයෙන්ම පුදුම වේවි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුන මේ කාලයේ ට්‍රැවන්කෝර් මහරාජා යටතේ වැඩවසම් හිමියන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතරින් චන්නාර් නම් පවුලක් රජුට බඩු භාණ්ඩ සැපයුවා. ගොඩක් සමීප වුණ නිසාම ට්‍රැවන්කෝර් රජා මේ පවුලේ ප්‍රධානියාට අලුමූට්ටිල් චන්නර් කියන පට්ටම පිරිනමනවා. ඔහුට අක්කර ගණනින් බොහෝ ඉඩකඩම් එහෙමත් තිබිලා තියෙනවා. මේ චන්නර් ප්‍රධානියා කොචු කුන්ජු චන්නර් යටතේ සේවක සේවිකාවන් සියයකට වඩා ඉඳලා තියෙනවා. ඔවුන් මාලිගා තුනක පිරිමි පාර්ශවය මෙඩා නම් ප්‍රධාන ගොඩනැගිල්ලේත්, ඊට තවත් පසෙකින් එට්ටුකෙට්ටු නම් කාන්තා පාර්ශවයට ගොඩනැගිල්ලකුත්, වහල් සේවකයින්ට තවත් ගොඩනැගිල්ලක් විදියට බෙදා තිබෙනවා.

අලුමූට්ටිල් මෙඩා(Alummoottil Meda)

මේ කාලයේ ට්‍රැවන්කෝර්වල මුලින්ම කාර් තිබිලා තියෙන්නෙ කාර් 3-4ක් වගේ. ඉන් එකක් ට්‍රැවන්ක්‍රෝර් මහාරාජාටත්, තවත් එකක් මේ ඒළව කුලයේ නායකයාටත් තිබිලා තියෙනවා. මේ ප්‍රධානියා ළඟ දියමන්ති වගේ බොහෝ වස්තුව තිබිලා තියෙනවා. අනෙක් රජවරු, ප්‍රභූන් මෙයා ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියේ. ඊටත් වඩා කාර් එකෙන් ගමන් බිමන් ගිය හින්දා. කොටින්ම කිව්වොත් රජෙක් වගේම ජිවත් වුණා. ඒ වුනත් අඩු කුල භේදය ඒ කාලේ දරුණුවටම තිබුණ නිසා චන්නර් උසස් කුළ වල අය ජීවත්වන සමහර වීදිවලදි කාර් එක මග නතරකරලා, බැහැලා පයින්ම ගමන් කරා. ඔහොම යද්දි එක දවසක නාගවල්ලි කියන නෘත්‍යංගනාව දකින්න ලැබෙනවා. බලහත්කාරයෙන් කේරළයට අරගෙන එනවා. මුලදි කැමති නැති වුණත් චන්නර්ගේ නියෝග කරන් දේ ඒ විදියටම කරනවා. පහුවෙද්දි නාගවල්ලි වෙනුවෙන් චන්නර් දක්වපු සෙනෙහසට වශීවෙලා නාගවල්ලිත් මෙයාට ආදරය කරන්න ගන්නවා. කාලයක් යද්දි චන්නර් නාගවල්ලිට විතරක් උනන්දුව දැක්වීමත්, නාගවල්ලි මොන කුලයේ කෙනෙක්ද කියලා වත් දන්නෙ නැති නිසාත් අනෙක් බිසෝවරු තුන්දෙනාට තදින්ම කේන්ති ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි නගවල්ලිට එන්න එන්නම ජනතාවගේ සැළකුම් ඉහල ගියා. රැජිණක් විදියටම සළකන්න වුණා. එයාගේ නැටුම එක වතාවක් හරි බලන්න ඕන කියලා මිනිස්සු පෙළ ගැහිලා හිටියා කියලත් සඳහන් වෙනවා. උසස් කුළවල රජවරුන් පවා මේ රජාගෙන් නාගවල්ලිව ඉල්ලන්න වුණා. නාගවල්ලි දිනාගත යුතු භාණ්ඩයක් විදියට දකින්න ගත්තා. නාගවල්ලි ප්‍රධානියාගේ පලමු භාර්‍යාවගේ දියණියගේ වයසේ බවත් කියවෙනවා. ඊර්ෂ්‍යාව, කේන්තිය දරුණුවට ඇවිලෙන්න ගනිද්දි දවසක් තමන්ගේ දේපළ ප්‍රධානියාගේ මරණයෙන් පස්සෙ චාරිත්‍ර වලින් බැහැරව නාගවල්ලි සහ එයාගේ පවුලේ පාර්ශවයට පවරනවා කියලා ප්‍රකාශයක් කරනවා. ඔවුන් අනුගමනය කරමින් පැවතුන මරුමක්කතායම් නම් මේ නීතියේ විදියට ප්‍රධානියාගේ දේපළ ඔහුගේ සහෝදරියගේ දරුවන්ට හිමිවෙනවා. මේ නිසා චන්නර්ගේ බෑනාවරුන්, ලේලියන් සහ අනෙක් බිරින්දෑවරු, ඔවුන්ගෙ පුත්‍රයන්, නෑයන් එකතුවෙලා මේ චන්නර් හා නාගවල්ලි එකට ඉන්න අවස්ථාවකදි දරුණු විදියට නාගවල්ලිව හා චන්නර්ව මරලා දානවා. බිරින්දෑවරු නාගවල්ලිගේ රූපය ගැන තදබල ඊර්ෂ්‍යාවකින් හිටිය නිසා නාගවල්ලිගේ මුහුණ කපා කොටා දැමූ බව කියනවා. මේ ඝාතනය කරන අවස්ථාවේ ඒ කාමරයට සේවිකාවක් ඇතුල් වෙනවා. ඇසින් දුටු සාක්ෂිකාරියක් නිසා ඇයවත් එතැනදිම මරා දමනවා. ඔවුන් ප්‍රධානියාගේ වස්තුව කොල්ලකාගෙන යනවා. කොහොම හරි වස්තුව වෙනුවෙන් කරපු මේ ඝාතන කිසි ඵලක් නැතිව යනවා. මේ කාලයේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නිසා මේ ඝාතනයට සම්බන්ධ අයව සිරගත කරනවා. චන්නර්ව ඝාතනය කල බෑනාව එල්ලා මරා දැමූ බවත් සඳහන්. ඒ වගේම මාළිගය කිසිවෙකුට අයිතිවාසිකම් කියන්න දෙන්නෙ නැහැ. පස්සෙ මේ මාළිගාවට ගියපු අයට නාගවල්ලි කතා කරන හඬ, නාගවල්ලිගෙ ඡායාව පෙනිලා තියෙනවා. ගම්මු ළමුන්ට එහෙම මේ මාළිගාව පැත්තට යන්න එපා කියලා තහංචි දාලා තියෙනවා. මාළිගාව භූත මාළිගාවක් විදියට ප්‍රචලිත වෙනවා. කොහොම වුණත් අද මේ මාලිගාව සංචාරකයින්ට නැරඹීම සඳහා විවෘත කරලා තියෙනවා. සමහර කාමර ඇතුලට යන්න නම් බැහැ. ඒ වගේම මේ මාළිගාවේ හඳුනා නොගත් කතකගේ කළු සුදු ඡායාරූපයක් තිබෙනවා. මේ ඡායාරූපය දිහා බලාගෙන ඉද්දි ටිකක් අද්භූත හැඟීමක් දැනෙන බවත් කියනවා. විශිෂ්ඨ දැව නිර්මාණ ඇතුලත් මෙහි තවමත් නෂ්‍ය නොවුණු දැව නිර්මාණ ඉතිරිව තිබෙනවා. සිද්දිය සිදු වුණ කාමරය මනිචිත්‍ර තාලු එහෙමත් නැත්නම් අලංකාරවත් කළ අගුලකින් අගුළු දමා මේ සියළුම රහස් හිරකර තිබෙනවා.

මනිචිත්‍ර තාලු(Ornate Lock)

නාගවල්ලි Remake සහ Sequels, Sin-off චිත්‍රපට.

වාසු විශ්නුවර්ධන් වෙනුවෙන් Apthamithra චිත්‍රපටයට Sequel චිත්‍රපටයක් විදියට කන්නඩ බසින් Aptha Rakshaka නමින් දෙවන චිත්‍රපටියක් තැනුවා. අප්ත රක්ෂකා තිරගත වෙන්න කලින්ම විශ්නුවර්ධන් මිය යනවා. දුර්වල දෝෂ පිරුණු තිරකතාවක් වුණත් අනුකම්පාව නිසාදෝ සාර්ථක වෙනවා. අප්ත රක්ෂකා සාර්ථක වීම හින්දා මේ චිත්‍රපටය දෙමළ බසින් නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න රජිණිව හමු වුනත් කාර්යබහුල වීම හෝ වෙනත් කාරණා නිසාවෙන් රජිණි මේ ව්‍යාපෘතියට එකඟතාව දක්වන්නෙ නැහැ. ඉන් අනතුරුව වාසු තෙළිඟු සිනමාව පැත්තට ගිහින් අප්ත රක්ෂකා කතාවම චන්ද්‍රමුකි 2 නමින් නිෂ්පාදනය ඇරඹුවත් සිවාජි ප්‍රඩක්ෂන් එකෙන් චන්ද්‍රමුකි නමේ අයිතිය දුන්නෙ නැහැ. පස්සෙදි Spin-off චිත්‍රපටයක් විදියට Nagavalli (2010) නමින් නම් කරනවා. තෙළිඟු රසිකයින්ටත් නාගවල්ලි චිත්‍රපටියේ පළමු කොටස චන්ද්‍රමුකීම තමයි. මොකද අප්තමිත්‍රා නැවතත් තෙළිඟු භාෂාවෙන් රීමේක් කිරීමක් වුණේ නැහැ. චන්ද්‍රමුකී තෙළිඟු බසින් හඬකවා තිරගත කෙරුණා. අප්ත රක්ෂකා එක්ක බලද්දි මේ නාගවල්ලි කතාවේ ඩ්‍රාමා ගතිය වැඩිපුරත් එක්ක හලලා තියෙනවා.

අප්ත රක්ෂකා චිත්‍රපටයේදි, ගෙදරකට මේ රජිණිගේ සුරතල් අඩි 30 දැවැන්ත නාගයා එනවා. මේ නයාව කවුරුවත් දකින්නෙ නැහැ. මේ තරම් දැවැන්ත නයෙක් ගෙදර ඉන්නවා කියලා තේරුම් ගන්නෙත් අවුරුදු 3කට කලින් දැවැන්ත නයි හැවක් දැකලා තිබුන නිසා. කාටවත්ම මේ නයා පේන්නෙ නැහැ. (මොකද ෂූටින් කරද්දි එතන නයෙක් නැහැ. පස්සෙ CG වලින් ඌව නිර්මාණය කරේ. ) කොහොම හරි මේ බංගලාවේ දැවැන්ත නාගයෙක් ඉන්නවා කියලා තහවුරු කරගත්තම, මේ නයාව අල්ලගන්න කෙනෙක්ව එක්කගෙන එනවා. අඩි 30ක නයෙක් අරගෙන යන්න මොනවත් ගෙනාවෙ නයි නලාවයි, පොඩි මල්ලකුයි විතරයි. කොහොම හරි අවසානයේ නාගවල්ලි පිටවෙලා ගියාට පස්සෙ අර දැවැන්ත නාගයා ගෙදරින් පිටවලා පොළොව යට ගුලක් ඇතුලට යනවා. අප්ත රක්ෂකා, නාගවල්ලි චිත්‍රපට දෙකේදිම මේ විදියට බලාගන්න පුළුවන්.

නාගවල්ලි අසාර්ථක වුණාට පස්සෙදිත් වාසු රජිණිගෙන් චන්ද්‍රමුකි 2 කරන්න කියලා ඉල්ලුවත් රජිණිගෙන් නිෂ්චිත පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. ඉන් පස්සෙ තමයි “මිනි-රජිණි, රජිණිගේ ගෝලයා” රාඝවා වාසුට අහුවෙන්නෙ. ගෝලයා ඉල්ලුව නිසා කරන්න දෙයක් නැතිව අවසරය දෙන්න ඇති. මුලින්ම මේ චන්ද්‍රමුකි 2 නිෂ්පාදනය කරන්න ලැහැස්ති වුනේ සන් පික්චර්ස්. කොරෝනා බලපෑම නිසා ඔවුන් මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඔය අතරෙ කර්මාන්තයේ මොකක් හරි චිත්‍රපටියක දෙවෙනි පාර්ට් එකක් ගහනවද කියලා ඇහැ ගහගෙන බලාගෙන ඉන්න ලයිකා එකෙන් මේ බර කරට ගන්නවා.

දකුණු ඉන්දියාවේ මනිචිත්‍රතාලු රීමේක් චිත්‍රපටි හිට් වෙද්දි බලාගෙන හිටිය බොලිවුඩ් සිනමාව මනිචිත්‍රතාලු චිත්‍රපටය ඒ ආකාරයෙන්ම රීමේක් කරනවා. Bhool Bhoolaiya (2007) චිත්‍රපටිය මම බලලා නැති වුනත් දන්න තරමින් මුල් චිත්‍රපටයෙන් හින්දි චිත්‍රපටය වෙනස් වෙන්නේ මුංජුලිකාගේ(නාගවල්ලි) සියදිවි නසාගැනීමෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ මලයාලම් සිනමාවේම ප්‍රියදර්ශන්(කල්‍යාණි ප්‍රියදර්ශන්ගේ පියා) නම් අධ්‍යක්ෂවරයා. Bhool Bhoolaiya (2022) වන කොටසත් සාර්ථක අන්දමින් ආදායම් එක්කාසු කරගත්තා.

කෙනෙක් නාගවල්ලි/ චන්ද්‍රමුකි චරිතය හොඳටම ඉදිරිපත් කරේ කවුද කියන පැනය ඇහුවොතින්, අනිවාර්යයෙන්ම මුල් තැන ශෝභනාට හිමි වෙනවා. මලයාලම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශෝභනාට දේශීය සම්මානය හිමි වුණා. විශේෂයෙන්ම ශෝභනා භරතම් නර්ථන ශිල්පිනියක්ද වනවා. පසුකාලීනව තක්ෂණයේ දියුණුව නිසා ජ්‍යෝතිකාව වඩා බිය ගැන්වෙන විදියට ග්‍රැෆික්ස් වලින් නිර්මාණය කරලා තියෙනවා. කොහොම වුණත් කලින් චිත්‍රපටි එක්ක බලද්දි ජ්‍යෝතිකා පමණට වඩා රඟපෑවා කියන්න ඕන. වැරැද්ද ජ්‍යෝතිකාට බාර කරන්න බැහැ. හින්දි චිත්‍රපටයේ රඟපෑව විද්‍යාබාලන් කතාවට ඔබින රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් වේට්ටෛයන් චරිතය හොඳටම ඉදිපත් කරේ කවුද කියලා අහන්න උවමනා නැහැ. ආදේශක නැහැ, වේට්ටෛයන් නම් කාගේ කාගෙත් ඔළුවට එන්නෙ රජිණි ඉදිරිපත් කරපු වේට්ටෛයන්ව.

මනිචිත්‍රතාලු චිත්‍රපටයේ දොස්තර සනී ජෝසෆ්ගේ(මෝහන්ලාල්) චරිතය Spin-off චිත්‍රපටයක් ලෙසින් Geethanjali (2013) චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. මනිචිත්‍රතාලු චිත්‍රපටයේ ශ්‍රීදේවිගේ චරිතය කල විනයා ප්‍රසාද් චන්ද්‍රමුකි චිත්‍රපටයේ ලක්ෂ්මි කන්දසාමි චරිතය(මලයාලම් චිත්‍රපටයේ විදියට ශ්‍රීදේවිගේ අම්මා) නිරූපණය කරනවා. කන්නඩ චිත්‍රපටයේ සාමියාර් චරිතය කරපු අවිනාෂ් චන්ද්‍රමුකි, අප්ත රක්ෂකා, නාගවල්ලි චිත්‍රපට 3ටම යොදාගෙන තියෙනවා. චන්ද්‍රමුකි චිත්‍රපටයේ විශ්වනාදන්(සහ ගුණසේකරන්) චරිතය රඟපෑ විනීත් එම චරිතයම බූල් බූලයියා සහ අප්ත රක්ෂකා චිත්‍රපටවල ඉදිරිපත් කරනවා. විනීත් ද භරතම් නර්තන ශිල්පියෙක්.

චන්ද්‍රමුකි හොල්මන් චිත්‍රපටියක්ද? නැත්නම් මනෝ-ත්‍රාසය ජනක චිත්‍රපටියක්ද? ඒකට උත්තරය නිශ්චිතවම දෙන්න බැහැ. මොකද මනිචිත්‍රතාලු චිත්‍රපටියේ තිබුණ අත්වැරදීම් ඉස්සරහට ගිය චිත්‍රපටිවලටත් පැතිරුනා. මනිචිත්‍රතාලු මනෝ-ත්‍රාසය ජනක චිත්‍රපටයක් ලෙසින් ඔවුන් හඳුන්වා දුන්නත් සමහර සිදුවීම් ඇත්තටම වෙන්න බැරි දේවල්. ඒ කියන්නේ අධිස්වාභාවිකයි.(Supernatural) සමහරවිට චිත්‍රපටයය නිර්මාණශීලීත්වයක් ඇති කරන්න එකතු කරපු අංග වෙන්න පුළුවන්. ගංගා දෙමළ/තෙළිඟු භාෂාවෙන් කතා කරන්න ඇත්තේ නාගවල්ලි/ චන්ද්‍රමුකි ආරූඪ වුණ නිසා වෙන්නත් පුළුවන්, නැත්නම් ගංගා ඒ භාෂාවන් දැනගෙන ඉන්න ඇති. ඒත් දිෂ්ඨිය ආරූඪ වුණා නම් ගංගා රජා කියලා වෙන කෙනෙක්ට රැවටුණේ ඇයි?

මනිචිත්‍රතාලු රචනා සොරකමක්ද?

1985 දි කුම්කුමම් සඟරාවට අස්වති තිරුනාල් නම් ලේඛකයෙක් විජානවීදී(පාළු මාවත) නමින් මාලා කතාවක් ලෙස රචනා කරා. 1987 දි මේ කතාව නවකතාවක් ලෙසින් ප්‍රකාෂයට පත් කරනවා. එම කාලයේ මේ පොත සිය ගණනක් පමණ ඇරෙන්නට විකිණී තිබුණෙ නැහැ. අස්වතී තිරුනාල් සන්‍යාස භාවය ලබාගෙන සාධුවරයෙක් වෙනවා. අවුරුදු 35කට පස්සෙ මේ නවකතාව නැවත් ප්‍රකාෂයට පත් කරනවා. මේ නවකතාව, මධු මුට්ටම් රචනා කල මනිචිත්‍රාලු චිත්‍රපටයේ කතාවෙන් රචනා සොරකම් කිරීමක් සිදුවෙලා තියෙනවා කියලයි කියන්නෙ. ඒත් මේ චෝදනා මධු මිට්ටල් බාරගන්නේ නැහැ. විජානවීදී නවකතාවේ ද බහු පෞරුෂත්ව ව්‍යාධිය වැළඳුණු කාන්තාවක් වටා කතාව ගෙතී යනවා. සරල විදියට කිව්වොත් ආරූඪ වීම කියන්නෙ මේකට. පාඨකයෙක් මේ නවකතාව මුල් ප්‍රකාෂණය ද කියවා නැවතත් ප්‍රකාෂණය කළ පොතද කියවා තිබුනා. ඇය මේ නවකතාවේ, සුබද්‍රා – නාගවල්ලි ලෙසත්, මනෝ චිකිත්සක – දොස්තර සනී ලෙසත්, ස්වාමි සත්‍යචිට්ටන් – තන්ත්‍රික් ලෙසත් චරිත සොරාගෙන ඇති බව සඳහන් කර තිබුණා. චිත්‍රපටය නිකුත් වූ සමයේ මනිචිත්‍රතාලු කතාව තමන්ගේ කතාවට සමාන බව කීප දෙනෙක්ගෙන්ම අසන්නට ලැබුණත් චිත්‍රපටය බලන්නට වේලාවක් ලැබුණෙ නැති බව ස්වාමි අස්වති තිරුනාල් කියා තිබෙනවා.

විජානවීදී නවකතා පොත.

අපතේ ගිය චන්ද්‍රමුකි දෙවන කොටස

චන්ද්‍රමුකි චිත්‍රපටියෙන් පටන් ගත්ත Horror-Com ට්‍රෙන්ඩින් එකේ වඩාත් සාර්ථක වුණ අධ්‍යක්ෂකවරයෙක් තමයි රාඝවා ලෝරන්ස් කියන්නෙ. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකේ නිර්මාතෘවරයා සහ රාඝවා නැවත වරක් එක් වෙද්දි ලොකුවට දෙයක් බලාපොරොත්තු වුණා. මීට කලින් මේ දෙදෙනා එක්ව Shivalinga (2017)චිත්‍රපටය තැනුවා. මදිවට වඩිවේළුත් මේ චිත්‍රපටයේ රඟපෑවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ වුණේ චන්ද්‍රමුකි දෙවන කොටස විදියට හඳුන්වමින්. මේ ශිවලිංගා චිත්‍රපටිය වාසු විසින්ම අධ්‍යක්ෂණය කල ශිවරාජ්කුමාර් රඟපෑ Shivalinga (2016) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ කන්නඩ ශිවලිංගා චිත්‍රපටය ආදායම් වශයෙන් සාර්ථක වුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් මුලින්ම රජිණිටත්, ඊලඟට අජිත්ටත් ඇරයුම් කලත් දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. රාඝවාගේ ශිවලිංගා චිත්‍රපටයත් ආදායම් වශයෙන් සාර්ථක වුණා.

කලින් කිව්වා වගේම චන්ද්‍රමුකි චිත්‍රපටිය කොලිවුඩ් සිනමාවේ ඉහළින්ම බැබලෙන නිර්මාණයන්ගෙන් එකක්. ඒ වගේ චිත්‍රපටියක දෙවෙනි කොටසක් නිර්මාණය කරද්දි අධ්‍යක්ෂකවරයා බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ වෙද්දි චන්ද්‍රමුකි බහුතරයකගේ චිත්තවේගික හැඟීමක්. ගොඩක් අය බය වුණා වාසු නාගවල්ලි/ අප්ත රක්ෂකා කතාවම ආයේ චන්ද්‍රමුකි 2 විදියට රීමේක් කරාවි කියලා. චන්ද්‍රමුකි 2ට නාගවල්ලි හෝ අප්ත රක්ෂකා චිත්‍රපටි රීමේක් කිරීමක් කරලා නැහැ. පලමු චිත්‍රපටයම තමයි ආයෙත් රීමේක් කරලා තියෙන්නෙ. වෙනසකට Kaashmora (2016) චිත්‍රපටියේ කතාවත් එක්ක නාගවල්ලි/අප්ත රක්ෂකා කතාව මේක අස්සට ඔබලා තියෙනවා. ඔව්, මේ සෙංකෝට්ටෛයන්ගේ කතාව කාෂ්මොරා චිත්‍රපටියේ එන රාජ් නායක්ගේ කතාව. අහම්බයක් වෙන්න පුළුවන් වුනත් කතාව සමානයි. “හොල්මන් හොල්මන් අතරෙ රණ්ඩුවක්. ඒක රටම විනෝදයෙන් බලනවා.”(Peikum Peikum Sanda. Athu Oore Vedikka Pakuthe.) මේ Kanchana 2(2015) චිත්‍රපටියේ හුඟක් ජනප්‍රිය දෙබසක්. පේයි විතරක් නෙවෙයි නායි එක්කත් මේ චන්ද්‍රමුකි 2දි රණ්ඩු කරනවා විනෝදයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම චන්ද්‍රමුකි 2 තිරකතාව දෝෂ පිරුණු එකක්. මේ චිත්‍රපටියට කලින් චිත්‍රපටයෙදි වගේ මනෝවිද්‍යාව සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒ නිසා චන්ද්‍රමුකි කියන හොල්මන පාන්ඩියන්ව වේට්ටෛයන් කියලා හිතන්නෙ මොකටද? චන්ද්‍රමුකිට විභේදන තදාත්ම ආබාධය/බහු පෞරුෂත්ව ආබාධය වැළඳිලා ද? Varisu (2023)චිත්‍රපටියේ ගෙදර දොරකඩ ලඟ හැංගිලා ඉන්න දොස්තර වගේ, රංගනායගීගේ පවුලේ ගුරුජිත් ගෙදර ඇතුලෙ කෑ ගහනවා ඇහෙද්දිම ඇතුලට ඇවිත් මොකද කියලා හොයලා බලනවා. තවත් දෝෂ, අතාත්ත්වික, තර්කයානුකූල නොවන අවස්ථා බොහෝමයක් තිබුණත් Spoil වෙන නිසා කියන්න යන්නෙ නැහැ.

චන්ද්‍රමුකි 2 පසුගිය සැප්තැම්බර් 27 දා නිකුත් වුණ මේ චිත්‍රපටියේ, චන්ද්‍රමුකිගේ චරිතය දේශීය සම්මාන 4ක් හිමි කංගනා රනවුත් රඟ දක්වන නිසා විශාල වශයෙන් බලාපොරොත්තු ඇති වුණා. ඒ නිසාම දකුණු ඉන්දියාවේ විතරක් නෙවෙයි, හින්දි ප්‍රේක්ෂකයින්ගේත් ආකර්ෂණය මීට ලැබුණා. කංගනා රසිකයෝ චිත්‍රපටිය නිකුත්වෙලා දවස් තුනක් විතර යනකල් චන්ද්‍රමුකි ගැන කතා කර කර ඉඳලා, Tejas (2023) ටීසරේ ආවත් එක්කම ඒ පස්සෙන් යන්න ගියා. දැන් ඊයේ පෙරේදා චිත්‍රපටියක් ආවද කියලා වත් මතකයක් නැහැ. අවසානයේ මේ චිත්‍රපටයට සෘණාත්මක ප්‍රතිචාර විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණා. මීට ලැබුණු Imdb අගය කිරීම 3.6/10ක්. කංගනාගේ රංගනය වෙනුවෙන් බොහෝ ප්‍රශංසා හිමි වුණා. ඒ ඇරෙන්නට කියන්න තරම් දෙයක් නැහැ. ඇත්තටම පලමු කොටස ආදරයෙන් වැළඳගත් සුවහසක් රසිකයින්ට මෙය විශාල කලකිරීමක් ඇති කලා. ඉ.රු. කෝටි 30ක පමණ ආදායමක් පළමු සතිය තුලදී උපයා ගන්නවා. මනිචිත්‍රතාලු හෝ බූල් බූලයියා බැලුව අයට චන්ද්‍රමුකි 2 එක්ක සම්බන්ධයක් නැහැ. ඒ අයත් චන්ද්‍රමුකි 1 බැලුව අයත් මේ චිත්‍රපටිය නොබලා ඉන්න තරමට හොඳයි. බලපෑම් කරන්නෙ නැහැ, ඔයාලම තීරණයක් අරගෙන බලන්නකෝ. චන්ද්‍රමුකි 1 බැලුවෙ නැති අයට පහල පින්තූරය Click කරලා  ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Chandramukhi (2005)

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandramukhi-2-2023-sinhala-subtitles/feed/ 0
Rudhran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rudhran-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rudhran-2023-sinhala-subtitles/#comments Sat, 27 May 2023 14:00:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39871 Rudhran Sinhala Sub Rudhran Sinhala Subtitles Rudhran (2023) Sinhala Sub Rudhran (2023) Sinhala Subtitles

The post Rudhran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rudhran Sinhala Sub
Rudhran Sinhala Subtitles
Rudhran (2023) Sinhala Sub
Rudhran (2023) Sinhala Subtitles

The post Rudhran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rudhran-2023-sinhala-subtitles/feed/ 1