Randy Couture Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/randy-couture/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 08 Jan 2024 15:36:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Randy Couture Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/randy-couture/ 32 32 Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:20:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57222 Expend4bles Sinhala Sub Expend4bles Sinhala Subtitles Expend4bles (2023) Sinhala Sub Expend4bles (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! EXPEND4BLES 4 චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ […]

The post Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Expend4bles Sinhala Sub
Expend4bles Sinhala Subtitles
Expend4bles (2023) Sinhala Sub
Expend4bles (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

EXPEND4BLES 4

චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

EXPENDABLES 1,2,3,4

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

Expend4bles මුලින්ම සිනමා ශාලා වලට නිකුත් උනේ සැප්තැම්බර් මාසේ 15, චීනයේ. මාසයක් යන්නත් කලින් කොපියක් ආවා ඔන්න. දවසක් දෙකක් විතර පරක්කු උනාට මම හිතනවා ඔයාල තාම මේක බලල නැතුව ඇති කියලා.

එහෙනම් ඉතින් කතාව ගැන කෙටි සටහනක් බලමු… ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Andy Garcia, Jacob Scipio, සහ Megan Fox සිටින දර්ශනයක්

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

එහෙනම් ඔයාලා හැමෝටම මෙ සුපිරි චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් අපි දැනට සමුගන්නවා…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමිකර විදානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/expend4bles-2023-sinhala-subtitles/feed/ 0
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57218 The Expendables 2 Sinhala Sub The Expendables 2 Sinhala Subtitles The Expendables 2 (2012) Sinhala Sub The Expendables 2 (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. […]

The post The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables 2 Sinhala Sub
The Expendables 2 Sinhala Subtitles
The Expendables 2 (2012) Sinhala Sub
The Expendables 2 (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් බැරි තාලෙ වැඩ කරන එක තමයි මේ සෙට් එකේ විශේෂත්වය. ඒක ඉතිං අමුතුවෙන් පහදන්න දෙයක් නෑනෙ පළවෙනි ‍ෆිල්ම් එක බලපු අය ඒ විත්තිය දන්නවා.

මේ අවස්ථාවෙන්  බානි රොස් ප්‍රමුඛ මේ සුපිරි සෙට් එකට භාර වෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ තමා… හෝව් හෝව් කිව්වොත් ඇති වැඩක් නෑනෙ ඉතිං. ඊටත් මෙච්චරත් මහන්සි වෙලා සිංහලත් හදල දෙද්දි ආයි කටේ කෙළ පොදක් තරම් හැලුවොත් ඒකට මහන්සි වුණාටත් පාඩුයි. කොහොමින් හරි ගිය පාර වගේම චර්ච් මහත්මයා අර මෙයාලට වැඩ පවරන CIA නියෝජිතයා මේ පාරත් සෑහෙන අමාරු බෙල්ල ගහල යන වැඩක් අරගෙන තමා එන්නෙ හම්බෙන්න. ඉතිං අපේ මේ සෙට් එකට ඕවත් වැඩද හැබෑට. ඒ වුණාට මේ පාර මේ කට්ටියවත් නොහිතපු විදිහේ කවදාවත් නොවුණු වැඩක් වෙනවා. මේ අය යන මේ වැඩේදි මේ අයගෙන් එක්කෙනෙක්… ඔහ්… ආයිම කියාගෙන යනවා නේද? බෑ බෑ මේක හරියන්නෙ නෑ. ඒව කියල කොහොමද?

එහෙමනම් චිත්‍රපටියෙ වග පැත්තක තියල මම නළුවන්ගෙ වග විත්ති කියන්නම්. නැතිනම් පළමු එකේ හිටිය පිරිස ඒ විදිහටම ඉන්නවා කියල කිව්වත් ඇති මයෙ හිතේ. ඒ පිරිසට අමතරව තව කිහිප දෙනෙකුත් ඉන්නවා අලුතින් එකතු වුණ. කමක් නෑ කට්ටිය මතක් කරලම ඉන්නම්කො Sylvester Stallone, Jason Stathom, Jet Li, Chuck Norris, Arnold Schwarzenegger, Bruce Willis, Terri Crews, Randy Couture, Jean-Claude Van Damme, Dolph Lundgren, Liam Hemsworth, Scott Adkins, Nan Yu, Amanda Ooms, Charismaa Carpenter කියන පිරිස තමා මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Simon West. ගිය වර චිත්‍රපටයට වඩා මෙවර චිත්‍රපටය IMDbහි ඉහළ අගයක් වාර්තා කරනවා. ගියවර අධ්‍යක්ෂකවරයා වුණේ Sylvester Stallone නෙ මෙවර එය වෙනස් වෙලා.

ඉතිං ඔබ මේ පිරිස කොතෙකුත් විවිධ චිත්‍රපට වලින් දැකලා ඇති. හැබැයි කට්ටියම එකක දැකල තියෙනවානම් ඒ මෙහි පළමු කොටසින් පමණයි. නිකමට හිතුණාද මේ වගේ සෙට් එකක් එක චිත්‍රපටයකට එක්කාසු කරගන්න එකම කොච්චර අමාරු වෙන්ඩ ඇද්ද කියන එක. හෙහ් ලේසි නෑ වැඩේ නේද? එහෙමනම් දෙවන වරටත් ඒ සුපිරි සෙට් එක බලාගන්න හැකි එකම චිත්‍රපටය අපි මෙදා පාර අරගෙන ආවා.

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ධනුෂ්ක ලක්මාල් | ධනා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-2-2012-sinhala-subtitles/feed/ 0
The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57216 The Expendables Sinhala Sub The Expendables Sinhala Subtitles The Expendables (2010) Sinhala Sub The Expendables (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම […]

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables Sinhala Sub
The Expendables Sinhala Subtitles
The Expendables (2010) Sinhala Sub
The Expendables (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙලා තියෙනවා…

චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ… හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.

Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ. එහෙනම් ඔයාල හැමෝටම ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය නරඹන්න…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/feed/ 0