Ravi Teja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-teja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 16 Dec 2024 04:18:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ravi Teja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-teja/ 32 32 Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/#respond Mon, 16 Dec 2024 04:00:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2647 Krack (2021) Sinhala Subtitles

The post Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Krack (2021) Sinhala Subtitles

The post Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/feed/ 0
Khiladi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/khiladi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/khiladi-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 07:30:37 +0000 https://braszers.tk/?post_type=movies&p=15573 Khiladi Sinhala Subtitles Khiladi (2022) Sinhala Subtitles Mohan Gandhi is a wanted criminal who’s serving time for a crime he might or might not have committed. With large sums of money, lies and deceit involved, who is he really?

The post Khiladi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khiladi Sinhala Subtitles

Khiladi (2022) Sinhala Subtitles

Mohan Gandhi is a wanted criminal who’s serving time for a crime he might or might not have committed. With large sums of money, lies and deceit involved, who is he really?

The post Khiladi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/khiladi-2022-sinhala-subtitles/feed/ 0
Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mr-bachchan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mr-bachchan-2024-sinhala-subtitles/#respond Fri, 20 Sep 2024 18:33:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75594 Mr Bachchan Sinhala Sub Mr Bachchan Sinhala Subtitles Mr Bachchan (2024) Sinhala Sub Mr Bachchan (2024) Sinhala Subtitles

The post Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr Bachchan Sinhala Sub
Mr Bachchan Sinhala Subtitles
Mr Bachchan (2024) Sinhala Sub
Mr Bachchan (2024) Sinhala Subtitles

The post Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mr-bachchan-2024-sinhala-subtitles/feed/ 0
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/#respond Sat, 02 Mar 2024 20:29:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67262 Eagle Sinhala Sub Eagle Sinhala Subtitles Eagle (2024) Sinhala Sub Eagle (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..! මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්. 2024 […]

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eagle Sinhala Sub
Eagle Sinhala Subtitles
Eagle (2024) Sinhala Sub
Eagle (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..!

මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්.

2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප්  මෙහි රංගනයෙන් එක් වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..

ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?

දැනගන්න හැමෝම අරගෙන බලන්න එහෙනම්.ගිහින් එන්නම්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/feed/ 0
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:07:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39848 Ravanasura Sinhala Sub Ravanasura Sinhala Subtitles Ravanasura (2023) Sinhala Sub Ravanasura (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. […]

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ravanasura Sinhala Sub
Ravanasura Sinhala Subtitles
Ravanasura (2023) Sinhala Sub
Ravanasura (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. දවසක් සින්කොක්ස් ෆාර්මා සමාගමේ R&D හාරිකා තල්වාර් කනකමහාලක්ෂ්මිට බාර දෙන්න නඩුවක් අරගෙන ආවා. හාරිකාගේ තාත්තා විජේ තල්වාර්, FDA සභාපති රාධා ක්‍රිෂ්ණා චෙන්නූරිව ඝාතනය කිරීමේ අපරාධයට වැරදිකරු වෙලා තිබුණා. මේක විජේ තල්වාර්ව කොටු කිරීමක් කියලා එයා තරයේම කිව්වා. සාක්ෂි මුළුමනින්ම පාහේ විත්තිකාර පාර්ශවයට වාසිදායක විදියටයි තිබුණේ. මේ නඩුව බාරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පරාදයි කියලා කනකමහාලක්ෂ්මි අනුමාන කළා. දැකලා වෙලාවක් ගතවෙන්න කලින්ම රවීන්ද්‍රාට හාරිකාගේ ගැන හිතේ අදහක් ඇති වෙලා තිබුණ නිසා කනකමහාලක්ෂ්මිට කංකෙඳිරි ගාලා මේ නඩුව බාරගන්න එකඟ කරවා ගන්නවා. ඒ අනුව රවීන්ද්‍රා සාක්ෂි සෙවීම් කටයුතු කරගෙන යන්න වුණා. රවීන්ද්‍රා වෙනත් ක්‍රම වලින් විජේ තල්වාර්ව නඩුවෙන් ගලවාගන්න හැදුවත් විජේ තල්වාර් එකඟ වෙන්නේ නැහැ. මේ අතරෙදි හාරිකා එයාගේ තාත්තව ඇප දීලා එලියට ගන්න උත්සාහ කරනවා. ඇප ඉල්ලුම් කරන්න නම් චූදිත පාර්ශවයට වාසිදායක සාක්ෂියක් හොයාගන්න ඕන. ඒත් දැනටමත් පැරදුණ නඩුවකදි සාක්ෂි හොයාගන්නෙ කොහොමද කියලා වටෙන්ම කියද්දි රවීන්ද්‍රා එක සාක්ෂියක් ගැන ඉඟි කරනවා.

තවත් අතකින් මේ රාධා ක්‍රිෂ්ණා ඝාතන සිද්දියේදී ඇත්තටම විජේ තල්වාර්ව අපරාධයට කොටු කිරීමේ උත්සායක් තිබුණා කියලා සැකයක් පොලිසියට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම DIG නරසිම්හා මූර්ති මේ නඩුව විමර්ශනය කරන්න ACP හනුමන්ත් රාඕට බාර දෙනවා. හනුමන්ත් රාඕ විමර්ශන කටයුතු කරගෙන යද්දී, රාධා කිෂ්ණා ඝාතනයට සමාන එකම රටාවේ තවත් ඝාතන කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවකදි මේ ඝාතනවල චූදිතයන්ගේ සිහිය නැති වෙලා තියෙනවා. ආපහු පියවි සිහියට ඇවිත් බලද්දි එයාලා නගරයෙන් පිට ඉඳලා තිබුණා. එයාලගේ කටඋත්තරයත් විජේ තල්වාර්ගේ කටඋත්තරයටම සමානයි. හනුමන්ත් රාඕ, ඒ එක් ඝාතනයක අපරාධකාරයා වුණ බන්දුක් පෙහෙල්වාන් ගැන සෝදිසි කරන්න එයාගේ මල්ලි ගෝලි පෙහෙල්වාන්ව හමුවෙන්න ගෙදරට යනවා. ප්‍රශ්න කිරීම් වලදි බන්දුක් පෙහෙල්වාන්ගේ ඉටි පිළිමයක් තනන්න මිනුම් අරගන්න මැඩම් ටුසෝඩ්ස් එකෙන් කෙනෙක් ආවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුණත් මැඩම් ටුසෝඩ්ස් ඉටි කලාගාරයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිළිම ප්‍රදර්ශනයට තියන්නෙ නැහැනේ. සැකයක් හිතෙන නිසාම CCTV කැමරාවලින් මේ මිනුම් අරගන්න ආව කෙනාව නිරීක්ෂණය කරනවා.

තවදුරටත් සාකේත් ගැන සෝදිසි කරලා බලද්දි එයා ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ ශිල්පියෙක් කියලා දැනගන්න ලැබෙනවා. මේ ප්‍රොස්තෙටික් මේකප් වලින් සැබෑ පෙනුමට සමාන පෙනුමක් අරගන්න පුළුවන්. දැනටමත් සාකේත්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වැටිලා තිබුණා. පැමිණිල්ල දාලා තිබුණේ ඉතාමත් ජනප්‍රිය නළු බ්‍රහ්මානන්දම්. එක් චිත්‍රපටයක ගෙවීම ප්‍රමාණවත් නොවුණු නිසා බ්‍රහ්මානන්දම් රඟපාන්න බැහැ කියලා අයින් වුණ වෙලාවෙදී සාකේත් ප්‍රොස්තෙටික් මේකප් එකක් කරලා බ්‍රහ්මානන්දම් වෙනුවට වෙන කෙනෙක්ව දම්මලා ඒ දර්ශන රූගත කරලා තිබුණා. ඒත් පස්සෙ මේ ප්‍රශ්නය නීතිමය ක්‍රියාමාර්ග වලට නොගිහින් සමථයකට පත් කරගෙන තිබුණා. මේ වෙද්දි හනුමන්ත් රාඕගේ ඇස් සාකේත් දිහාවට හැරිලා තිබුණා. ඔය අතරෙදි DIG නරසිම්හා මූර්තිව, ගෝලි පහෙල්වාන් මරලා දානවා. පුරුදු විදියටම පහුවදා ගෝලි පෙහෙල්වාන් නගරයෙන් පිටදි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ගෝලි පහෙල්වාන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ මිනීමැරුම කළේ සාකේත් ද? සාකේත් මේ ඝාතන කරන්නේ මොකටද? රවීන්ද්‍රා ඉඟි කරපු සාක්ෂිය ඉදිරිපත් කරලා නඩුවෙන් දිනලා, වැරදිවලින් නිදහස් කරගෙන විජේ තල්වාර්ගේ බෑනා වෙන්න එයාට පුළුවන් වේවිද?

රාවණාසුරා, කතාවටයි නමටයි සම්බන්ධයක් තියෙනවද? මේ කතාවට රාවණාව බලෙන්ම සම්බන්ධ කරලා තිබුණ ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන චිත්‍රපටියක් කියලා කිව්වට ඒ තරම් දෙයක් නැහැ. චිත්‍රපටය අසාර්ථක වෙන්න තිර රචනයෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කළේ සුදීර් වර්මා. Swamy Ra Ra (2013), Dohchay (2015), Keshava (2017) වගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් ඔහු ලබා දී තියෙනවා. විශේෂයෙන් Keshava චිත්‍රපටය කෝටි 3ක වියදමකින් නිපදවා කෝටි 30ක ආදායමක් ලබා ගත්තා. රවි තේජා මේ චිත්‍රපටයට එයාගෙම RT Team Works නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක Vinci Da (2019) බෙංගාලි මනෝමය ත්‍රාසජනක චිත්‍රපටයේ කතාව අනුවර්තනය කරගෙන කළ ප්‍රතිනිර්මාණයක්.

රවන්නා එක්ක ශුෂාන්ත්, ජයරාම්, පාරියා අබ්දුල්ලා, මේඝා ආකාෂ්, අනූ ඉමැනුවෙල්, ශ්‍රීකාන්ත්, හයිපර් ආදි, රාඕ රමේෂ්, මුරලි ශර්මා, සම්පත් රාජ් ආදී නළු නිළියන් කැළක් මේ චිත්‍රපටයේ චරිත රඟ දක්වනවා. Dhamaka (2022) චිත්‍රපටයට සංගීතය සැපයූ බීම්ස් සෙසිරොලියෝ මේ චිත්‍රපටයය සංගීතය සපයනවා. “ප්‍යාර් ලෝනා පාගල්” ගීතය රවිතේජා ගායනා කරනු ලැබුවා.

මීට ලැබිලා තියෙන imdb අගය 5.7/10ක්. විචාරක, ප්‍රේක්ෂකයින්ගේ මිත්‍ර ප්‍රතිචාර මීට ලැබුණා. ආදායම් තත්වය බැලුවොතින්, මේ චිත්‍රපටය විශාල අසාර්ථක වීමකට ලක් වුණා. ඉ.රු. කෝටි 60ක පමණ මුදලක් වැය කළ නිෂ්පාදනය කළත් තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ආසන්නව ඉ.රු. කෝටි 23ක් පමණයි.

Tiger Nageswara Rao (2023) ලිපියේ රවන්නාගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටි ගැන සඳහන් කළා. මෑතකදී දැනගන්න ලැබුණා මූල්‍යමය ගැටළුවක් නිසා ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජාගේ චිත්‍රපටය(RT4GM) අතරමඟ නතර කලා කියලා. කොහොම් වුණත් ඒ ගැන ඊට වැඩි තොරතුරක් නැහැ. ලබන ජනවාරියේ 12 නිකුත් වෙන්න තියෙන Eagle චිත්‍රපටියේ ටීසරය යූටියුබ් නැරඹුම් වාර මිලියන 10 පසුකරලා තියෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමාව රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ravanasura-2023-sinhala-subtitles/feed/ 0
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 09:58:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60657 Tiger Nageswara Rao Sinhala Sub Tiger Nageswara Rao Sinhala Subtitles Tiger Nageswara Rao (2023) Sinhala Sub Tiger Nageswara Rao (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු […]

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger Nageswara Rao Sinhala Sub
Tiger Nageswara Rao Sinhala Subtitles
Tiger Nageswara Rao (2023) Sinhala Sub
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු සොරා ගන්නවා. නාගි හොරෙක් වගේම සල්ලාලයෙක්. නාගි හොරකම් කරන සල්ලි අවට ගණිකා මඩම් පෝෂණය වෙනවා. ස්ටුවර්ට්පුරම් කියනේ නාගේෂ්වර් රාඕ ජීවත් වුණ ගම. මේ ගමේ විශේෂත්වය තමයි, මේ ගමේ වැඩි දෙනෙක් වෘත්තිය විදියට කරේ හොරකම් කරන එක. ව්‍යවස්ථාදායක සභා සමාජික (ඇමති) යෙලමන්දා ස්ටුවර්ට්පුරම් වැසියන්ව විවිධ හොරකම් වල යොදවා ව්‍යාපාර කළා. යෙලමන්දා බඩගින්නෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කරන මේ ව්‍යාපාරයෙන් අසාධාරණ විදියට හොරකම් කළ මුදලෙන් කොටසක් තමන් අරගන්නවා. නාගිට ගමේ තමන්ගේ මිනිස්සුන්ට වෙනසක් ලබා දෙන්න ලොකූ ආසාවක් තිබුණා. ඒ නිසාම යෙලමන්දා බාරගන්න අකැමැති වුණ අසීරු හොරකමක් කරලා නාගිට ස්ටුවර්ට්පුරම්වල බලයක් තනාගන්නවා. මේ විදියට හොරකමේ යන නාගිගේ ජීවිතයට යුවතියක් ඇතුල් වෙනවා. කොහොම හරි නාගි, සාරාගේ සිත දිනාගන්නවා. සාරාගේ තාත්තා යෙලමන්දා දුන්න හොර රත්තරන් වගයක් විකුණලා දෙන්න බාරගත්තත්, දිල්ලියේදි වුණ වැටලීමක් නිසා රත්තරන් කිලෝ කිහිපයක් පොලිසිය භාරයට ගන්නවා. ඉතිරි වටිනාකම ලැබෙනකල් සාරාගේ පවුලට ගමෙන් පිට වීම තහනම් කළා. මේ වගේ තත්වයකදී සාරාව කසාද බන්දන්න ගෙදරින් තීරණය කරනවා. සාරා නාගිව හමුවෙලා පහුවදා උදෙන්ම පැනලා යන්නත් තීරණය කරනවා. පෙම්වතිය එපා එපා කියද්දිම නාගි හොරකමක් කරන්න මැඩ්‍රාස් යනවා. හොරකම කරලා ආපහු එද්දි හතර වටෙන්ම පොලිසිය වට කරලා. කරන්නම දෙයක් නැති තැන නාගි වාහනෙන් බැහැලා වෙනම යන්න තීරණය කරනවා. නාගි කෙලින්ම ගියේ පෙම්වතිය ගාවට. දෙන්නම ගමෙන් පැනලා යන්න හිතන් කෝච්චියට නගින්න හැදුවත් ඊටත් කලින්ම පොලිසිය නාගිව වටකරගත්තා.

ටයිගර් නාගේෂ්වර් රාඕ චිත්‍රපටිය වම්සි විසින් අධ්‍යක්ෂණය සහ රචනය කළා. අභිෂේක් අග්‍රවාල් විසින් නිෂ්පාදනය කළා. GV ප්‍රකාෂ් කුමාර් මීට සංගීතය සපයනවා. මේ චිත්‍රපටය පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් විදියට නිෂ්පාදනය කෙරුණා. ඒ අනුව හින්දි සිනමාවෙන් ගයාත්‍රී බරද්වරාජ්, නුපුරා සැනොන්, අනූපම් ඛේර් හා තෙළිඟු සිනමාවේ මුරලි ශර්මා, රේණු දේසායි, බෙංගාලි සිනමාවෙන් ජිෂූ සෙන්ගුප්තා, මලයාලම් නළු සුදේව් නායර්, හරීෂ් පේරාඩි, කොලිවුඩයේ නාසර්, අනුකීර්ති වාස්, ආඩුකලම් නරේන් යන නළු නිළියන් රංගනයෙන් දායක් වෙනවා. ගිය වතාවේ සංක්‍රාන්තියට රවි තේජා රඟපෑව Waltair Veerayya (2023) එක්ක බාලයියාගේ Veera Simha Reddy (2023) තරඟ වැදුණා. වෝල්ටර් වීරයියා චිරන්ජීවිගේ චිත්‍රපටියක් නිසා තරඟයෙන් දිනුවා. මේ වතාවේ තෙළිඟු සිනමාවේදි ටයිගර් නාගේෂ්වර් රාඕ එක්ක බාලයියාගේ Bhagavanth Kesari (2023) චිත්‍රපටිය තරඟ වැදුණා. ඒකෙන් නම් විශාල පරතරයකින් ජයග්‍රහණයක් ලැබුණේ භගවන්ත් කේසරිට.

හොරෙක් ගැන Biopic එකක් හදන්නෙ මොකටද? මේක පළමු වතාව නම් නෙවෙයි. නාගේෂ්වර් රාඕගේ ජීවිත කතාව ආශ්‍රිත චිරන්ජීවි Stuvartpuram Police Station (1991), භානු චන්දර් රඟපෑ Stuvartpuram Dongalu (1991) යන චිත්‍රපට දෙකම එකම වසරකදී තිරගත වුණා. ටයිගර් නාගේෂ්වර් රාඕගේ කතාව Stuartpuram Donga : Biopic Of Tiger කියන නමින් බෙල්ලම්කොන්ඩා ස්‍රීනිවාසන්(යූටියුබ් සුපර් ඩුපර් හිට් ස්ටාර්) යොදාගෙන නිර්මාණය කරන්න හිතුවත් නොයෙක් ප්‍රශ්න මැද අතරමඟ නතර වෙනවා. මේ ව්‍යාපෘතිය නිෂ්චිතවම නතර වෙලාද කියන එක කියන්න බැහැ. රවි තේජා මේ ආකාරයේ රොබින් හූඩ් චරිතයක් Kick (2009) චිත්‍රපටියේ රඟපෑවා. නරඹපු අයට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඇති. ඒ චරිතයට පාදක කරගත්තේ මේ සැබෑ ජීවිතයේ ටයිගර් නාගේෂ්වර් රාඕව. පස්සෙ මේ තෙළිඟු චිත්‍රපටිය භාෂා කිහිපයකින්ම රීමේක් කළා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම Krack (2021) චිත්‍රපටියේ රවි තේජා ඉදිරිපත් කළ පොලිස් චරිතය මේ ටයිගර් නාගේෂ්වර් රාඕව අල්ලගත්ත CI මෞලිව ආභාෂයෙන් නිර්මාණය කළ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගෝපිචන්ද් මලිනේනි විසින් ප්‍රකාෂ කළා. රවන්නාගේ කතා තෝරාගැනීම ටිකක් වෙනස්. අත්හදා බැලීමක් වුණත් කැමැත්තෙන්ම බාර ගන්නවා. මේකත් ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය ගැන විශ්වාසයක් තියාගන්න බැරි විදියේ ව්‍යාපෘතියක්. පලමුව අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටය රානා ඩගුබාටිව යොදාගෙන්න සිතුවත් ඒ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. ඉන් පස්සෙ නානිව සම්බන්ධ කරගන්න හැදුවත් එයත් ව්‍යර්ථ වෙනවා. රවන්නා Khiladi (2022) චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරතුරේදි අධ්‍යක්ෂක වම්සි රවන්නාට මේ කතාව කියා තිබෙනවා. මේ කතාව අසා නිම වීමෙන් පසුව ඔහ්ගේ සිත් ගෙන තිබෙනවා. මුල ඉඳන්ම මේ චිත්‍රපටිය ගැන වැඩි බලාපොරොත්තු ඇති වුණේ නැහැ. මොකද ඒකට ප්‍රධානම හේතුව මේ අධ්‍යක්ෂක වරයාගේ මීට පෙර චිත්‍රපට වුණ Dongata (2015) සහ Kittu Unnadu Jagartha (2017) සාමාන්‍ය මට්ටමේ චිත්‍රපට වීම නිසා. චිත්‍රපටියේ සඳහන් වෙන හැමදෙයක්ම ඇත්තම දේවල් නෙවෙයි. සිනමාත්මක නිදහස නිසා වාණිජමය නිමාවක් වෙනුවෙන් නොයෙක් අංග එකතු කරලා තියෙනවා. චිත්‍රපටයේ නාගේෂ්වර් රාඕගේ චරිතය අළු පැහැ චරිතයක්. ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම මිශ්‍ර වුණ චරිතයක්. ඇත්තටම මේ චිත්‍රපටියේ කාලය සිනමා වින්දනයට බාධාවක් නිසාම දෙවන දිනයේදීම විනාඩි 25ක් පමණ කපා ඉවත් කරනු ලැබුවා.

සත්‍ය සිදුවීම් පිළිබඳ කටකතා.

ඇත්තටම ස්ටුවර්ට්පුරම් හොරකමට, හොරුන්ට නම ගිය, ලේබල් ගහපු ප්‍රදේශයක්. (ශ්‍රී ලංකාවේ නම් මල්වානේ රඹුටන්, රුහුණේ මී කිරි… වගේ) වර්ථමානයේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් වෙලා. ඒ කාලයේ මේ ගමේ හොරුන් 200කට වඩා ජීවත් වුණා කියලා කියනවා. මේ ගම බිහි වෙන්න ප්‍රධනම හේතුව 1913දි මදුරාසි පරිපාලන ඒකකයේ සිදු වුණ වෙනස් වීම. යෙරිකුලා ගෝත්‍රිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බූරුවන් යොදාගෙන මැඩ්‍රාස් වෙත වෙළඳාමේ ගිය කැලයේ ජීවත් වුණ ජන කොට්ඨාසයක්. බ්‍රිතාන්‍යයන් දුම්රිය ආරම්භ කර ඒ මඟින් බඩු ප්‍රවාහනය කිරීම නිසා ඔවුන්ගේ ජීවන මාර්ගයට තර්ජනයක් එල්ල වුණා. වන සංරක්ෂණ නියාමන නිසාවෙන් කැලෑවේ ගොවිතැන් කිරීමත් තහනම් කෙරුණා. ඒ වගේම මේ ගෝත්‍රික ජනයා කැලය මැදින් ගමන්ගත් බ්‍රිතාන්‍යයන්ට පහර දීම්, මංකොල්ල කෑම් සිදුකර තිබෙනවා. ඒ නිසා ගෝත්‍රික ජනයින්ව මැඩ පැවැත්වීමේ පිළිවෙතක් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළා. නොකරපු වැරදි වලට දඬුවම් කිරීමයි වැඩිපුරම වුණේ. මේකෙන් හොරකම් තවත් අධිකව ව්‍යාප්ත වෙන්න ගත්තා. පාලනය කරන්නම බැරි තැනකට පත් වෙද්දී 1913 හැරොල්ඩ් ස්ටුවර්ට් කියන පාලන ඒකකය භාර ලේඛම් මෙයාලව සාමාන්‍ය ජන ජීවිතයකට හරවන්න හිතුවා. ඒ වෙනුවෙන් Madras Government Tobacco කියන කර්මාන්ත ශාලාවේ මේ යෙරිකුලා ගෝත්‍රික ජනයාව ගෙන්වාගෙන සේවයේ යෙදෙව්වා. මේකට පිළියමක් විදියට මේ ජනයාව හොරුන් විදියට ජනපදයක් පිහිටුවලා පදිංචි කරවනවා. මේ ගම නිර්මාණය කළේ හැරොල්ඩ් ස්ටුවර්ට් නිළධාරියා නිසා මේ ගමට “ස්ටුවර්ට්” කියන නම ලැබුණා. පස්සෙ කලකදී මේ නම “ස්ටුවර්ට්පුරම්” විදියට වෙනස් වෙනවා. වතුර හිඟ නිසාත්, පස නිසරු වීම නිසාත් මේ කොලනිය ගොවිතැනට නුසුදුසු වුණා. කරන්නම බැරි තැන ආයෙත් මෙයාලා හොරකම් කරන්න ගත්තා. පුංචි හොරකම්, කොල්ලකෑම් වලට හැරවුණා. ඊට පස්සේ මේ ගම හොරකමට නම ගිය ප්‍රදේශයක් විදියට ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මේ ගමේ ගරික නාගේෂ්වර්, ගරික ප්‍රසාද්, ගරික ප්‍රභාකර් යන සහෝදරවරු තිදෙනෙක් වාසය කළා. නාගේෂ්වර්ට කලින්ම ප්‍රභාකර් හා ප්‍රසාද් හොරකමේ යෙදුණා. නාගේෂ්වර් කුඩා වයසෙදිම එයාගේ මාමාගේ දුව එක්ක විවාහ වුණා. මේ කාලයේ නාගේෂ්වර් දුප්පත් කමින් මිරිකී සිටිය නිසාවෙන් එයාටත් හොරකමේ යන්න සිද්ධ වුණා. නාගේෂ්වර් රාඕගේ වැරදි වලට එයාගේ බිරිඳටත් සිර දඬුවම් විඳින්න සිදු වුණා. සිරේ සිටියදීම නාගේෂ්වර් රාඕගේ බිරිඳ දියණියක් ප්‍රසූත කරනවා. මේ සමයේ අදේවවාදියෝ වන හේමලතා ලවනම් හා ඇයගේ සැමියා ලවනම් මේ ස්ටුවර්ට් ගම වෙනස් කරන්න යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ නිසාවෙන් ගම්වැසියන් කෙටි කාලයකට හොරකම් ආදිය නතර කරනවා. තමන්ගේ දියණිය ගැන හිතලා හොරකම් කිරිල්ල නතර කරන්න නාගේෂ්වර් රාඕ තීරණය කරනවා. ඒ වගේම මුළුමනින්ම සොරකම් නතර කරලා දානවා. ඒ වුණත් ප්‍රාන්තයේ මොන විදියේ හොරකමක් සිද්ද වුණත් නාගේෂ්වර් රාඕ සහ ස්ටුවර්ට්පුරම් ගම්වාසීන්ව සැක කරා. එයාලව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරා. ඊට පස්සෙ ආයෙත් නාගේෂ්වර් රාඕ හොරකම් කරන්න පටන් ගත්තා. ඒ වගේම නාගේෂ්වර් රාඕට තියුණු බුද්ධියක් තිබුණා. 1970 – 1980 දශකයේ නාගේෂ්වර් පොලිසියට නින්දක් ලැබෙන්නෙ නැති විදියට හොරකම් කරන්න ගත්තා. ඊටත් විශේෂම කාරණය තමයි, මෙයා ධනවතුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පතුන් අතරේ බෙදලා දුන්නා. ඒ නිසා මෙයාට “ස්ටුවර්ට් රොබින්” කියන නම පටබැඳුනා. මේ නිසා ඔහු ජනතාව අතරේ වඩා ප්‍රචලිත වුණා. එයාගේ අයියා ප්‍රභාකර් මේ හොරකම් වලට සහය දුන්නා. නාගේෂ්වර් සොරකම් කර ලබාගන්නා ධනය නිවෙසට වඩා ජනයාට බෙදා දුන් බව ඔහුගේ ඥතීන් කියනවා. ආන්ද්‍රා, තෙලංගානා, තමිල්නාඩු, කේරළා, කර්නාටක ප්‍රාන්තවල හොරකම් කර තිබුණත් සාක්ෂි සමඟින් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනව. ආන්ද්‍රා පොලිසිය ඔහුට “ගජ දොන්ගා”(අලි හොරා) කියන නම දැම්මා. එක වතාවකදී නාගේෂ්වර් රාඕ පොලිසියට අහුවෙනවා. මෙයාව මැඩ්‍රාස් මධ්‍යම බන්ධනාගාරයේ සිරගත කරනවා. කෑම හොඳ නැති නිසා බන්ධනාගාරයෙන් පලායාමෙන් එයාට ටයිගර් කියන නම එක් වෙනවා. ඒ වුණත් එයා කිසිම මිනී මැරුමක් සිද්ද කරේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. පොලිසියෙන් පලයමින් ඉන්න මෙයාලා කොහේ හරි ගමක හැංගුනාම ඒ ගමේ මිනිස්සු මෙයාලව හංගලා තියාගන්නවා වගේම කවුරුවත් මෙයාලා ගැන පොලිසියට ඔත්තු දීලා නැහැ. මේ ඔක්කොටම වඩා පොලිසිය කුපිත කෙරෙව්වේ බනගානාපල්ලි බැංකුවේ සිද්ද වුණ හොරකම. මොකද ඒ බැංකුව තිබුණේ හරියටම පොලිසිය ඉස්සරහමයි. හොරකම් කරපු මේ වස්තුව ඉ.රු. ලක්ෂ 35ක මුදලක් හා ඉ.රු. 50, 000ක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 14ක්. උද්ධමනය ගලපලා බලද්දි ඒ කාලයේ වටිනාකමින් ඉ.රු. ලක්ෂ 35 කියන්නේ අද මුදලින් ඉ.රු. කෝටි 13ක්. මේ හොරකමේදි කිසිම ශබ්දයක් පිටතට ඇහිලා නැහැ. මේ සැලැස්මේ මහ මොළකරු නාගේෂ්වර්ගේ අයියා ප්‍රභාකර්. මේ හොරකම කළේ ටයිගර් කියලා පොලිසිය දැනගත්තේ බීඩි කෑල්ලකින්. යන තැන බීඩි බීලා කොට කෑලි බිම දාන එක මෙයාලගේ වැරැද්දක්. මොකද බීඩි අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදනය කරන්නෙ නැහැනේ. නාගේෂ්වර් රාඕ කරපු ලොකුම වැරැද්ද තිරුපති ආසන්නයේ චක්‍රවර්ති නම් කෙනෙගුගේ නිවසේ හොරකමක් කරන්න සැලසුම් කළා. ඒ ගෙදර කාර් 10 -15ක් විතර තියෙනවා දැනගන්න ලැබුණේ ගියාට පස්සෙදියි. මෙයාලා කාර් හොරකම් කරගෙන ගිහින් පාර හරස් කරලා මගීන් ගෙන ගිය බස් එකක් නතර කරනවා. බස් එකේ හිටිය මගීන්ගේ මුදල්, ආභරණ ආදිය පැහැරගෙන, මේ මංකොල්ලය ගැන එයාලම පොලිසියට දැනුවත් කරලා තියෙනවා. පොලිසිය මාර්ග බාධක දමා කාර් එකෙන් පැනලා යන ටයිගර් නාගේෂ්වර් රාඕව ලුහුබඳින්න පටන් ගත්තා. පොලිස් වෙඩි ප්‍රහාර වලින් එයාගේ යාළුවා ජේකබ් මිය යනවා. ගමන් ගත්ත කාර් එකට වෙඩි වැදී හානි වීම නිසා නාගේෂ්වර් රාඕ කැලයකට පලා යනවා. ඒ වගේම නාගේෂ්වරගේ කල්ලියේ හිටිය ඔත්තුකරුවෙක් දිගින් දිගටම CI මෞලිට ඔත්තු සපයා තියෙනවා. හැංගිලා හිටිය නාගේෂ්වර් රාඕට, එයා අඳුනන යුවතියක් මාර්ගයෙන් මත් බෙහෙත් මිශ්‍ර කිරි බොන්නට දී ඔහුව අල්ලා ගන්නවා. 1980 දී නාගේෂ්වර් රාඕව එන්කවුන්ටර් කර වෙඩිතබා ඝාතනය කරා කියලයි සඳහන් වෙන්නෙ. ඒ වෙද්දි නාගේෂ්වර්ට අවුරුදු 27යි. එන්කවුන්ටර් කියන්නේ සිරභාරයේ ඉන්න රැඳෙවියන් ප්‍රවාහනයේ සිටියදී ඔවුන් පලායාම හෝ පහර දීම වැලැක්වීම වෙනුවෙන් ගන්න ආරක්ෂක උපක්‍රම වලදී අවසන් පියවර ලෙස ඝාතනය කිරීම. ඒ වුණත් මේ ක්‍රමය නිසාවෙන් බොහෝ නීතිවිරෝධී ඝාතනය කිරීම් සිදුකරලා තියෙනවා. එන්කවුන්ටර් කියන වචනය සාමාන්‍යයෙන් ඉන්දීය චිත්‍රපටි නරඹන කාටත් බහුලව ඇහෙන වචනයක්. මේ ගැන නොතේරෙන අයට මේකෙන් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. මතින් සිටියත්, වෙඩි වැදී තිබුණත් නාගේෂ්වර් ‍රාඕ ආයෙමත් පොලිසියෙන් පලා ගියා කියලත් ඊට එහා ටික දුරකදි බිම ඇදවැටී හිටිය බවත් සඳහන්. නාගේෂ්වර් රාඕගේ මරණයෙන් පස්සෙ ජනතාව වීදි බසින්න ගත්තා. ඒ අනුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරා කියලා ප්‍රකාෂයක් කළා. ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට පැමිණි ජනයාව පාලනය කිරීමට දින තුනක් ගත වුණා කියලත් සඳහන් වෙනවා. ගම්මුන් නාගේෂ්වර්ගේ නිවස ඉදිරියේ ඔහුගේ ඡායාරූපයක් එල්ලලා තිබෙනවා.

ටයිගර් නාගේෂ්වර් රාඕ.

රවන්නාගේ මීට පෙර නිකුත් වුණ චිත්‍රපටිය Ravanasura (2023) අසාර්ථක වුණා. ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටියකින් ආයෙත් ඉක්මනින්ම හිට් එකක් ගහන්න පුළුවන් වේවි කියලා හිතනවා. කාර්තික් ගට්ටමනේනී අධ්‍යක්ෂණය කරන Eagle (2024) ලබන වසරේ ජනවාරි මස 13 දින සංක්‍රාන්තියට සමඟාමීව නිකුත් කෙරෙනවා. 2024 සංක්‍රාන්තියට මේ වෙද්දි මහේෂ් බාබුගේ Guntur Kaaram, රවි තේජාගේ Eagle, නාගර්ජුනාගේ Naa Saami Ranga, වෙන්කටේෂ්ගේ Saindhav, විජේ දේවරකොන්ඩාගේ Family Star යන චිත්‍රපටි තෙළිඟු වලින්ම පෙළ ගැහිලා තියෙන්නෙ. මේ විතරක් නෙවෙයි කොලිවුඩයෙන් ධනුෂ්ගේ Captain Miller, ශිවකාර්තිකේයන්ගේ Ayalaan, රජිණිකාන්ත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරන Laal Salaam, සුන්දර් සීගේ Aranmanai 4, කියන චිත්‍රපටි තරඟවැදීමට නියමිතයි. එහෙම නැත්නම් සිනමාශාලා බෙදා ගනිද්දි ලොකු ගැටලුවක් ඇති වේවි. සමහරවිට මෙතනින් චිත්‍රපටි කීපයක දින වෙනස්වෙන්න පුළුවන්. ඊගල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කාර්තික් ගට්ටමනේනී Karthikeya, Karthikeya 2, Disco Raja, Dhamaka, Awe, Ninnu Kori යන චිත්‍රපටවල කැමරාකරණය කර තිබෙනවා. සුපුරුදු විදිහටම මේකත් අත්හදා බැලීමක් වෙන්න ඇති. මේ නිසාම තමයි සිනමා කර්මාන්තයේ රවි තේජාට මේ තරම් ගෞරවයක් ලබා දෙන්නේ. ඒ වගේම RT4GM(තාවකාලිකව) මඟින් ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජා 4වන වතාවටත් එක් වනවා. රවි තේජාගේ Don Seenu (2010), Balupu (2013), Krack (2021) චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. රවි තේජා සමඟින් රෂ්මිකා මන්දන්නෑ, සෙල්වරාඝවන්, ඉන්දුජා රවිචන්ද්‍රන් යන අය රඟපානවා. ගොඩක් දුරට ලබන වසරේදී මේ චිත්‍රපටිය දකින්න වාසනාව ලැබෙයි. ප්‍රේක්ෂකයින් මේ රවි තේජා සහ ගෝපිචන්ද් මල්ලේනිගේ එක් වීම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ චිත්‍රපටයට ද මෑන්(තාමන්) සංගීතය අධ්‍යක්ෂණය කරනවා. අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කළ Raja The Great (2017) චිත්‍රපටයේ දෙවන් කොටස ලෙස Raja 2 The Great නිර්මාණය කරන බවට සඳහන් වෙනවා. හරීෂ් ශංකර් එක්ක Raid හින්දි චිත්‍රපටිය රීමේක් කිරීමට සූදානමක් තියෙනවා. මේ ව්‍යාපෘතිය තවම නිළ වශයෙන් දැනුවත් කරලා නැහැ. හරීෂ් මීට පෙර රවි තේජාගේ Shock (2006), Mirapakay (2011) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

ටයිගර් නාගේෂ්වර රාඕට ලබා දී ඇති Imdb අගය 6.9/10 ක්. ප්‍රේක්ෂකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර හා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර මීට ලැබුණා. කොහොම වුණත් මේ වෑයම ප්‍රතිචාර වශයෙන් වගේම ආදායම් වශයෙන්ද ආසාර්ථක වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/feed/ 0
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/#respond Tue, 28 Feb 2023 16:17:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36849 Waltair Veerayya Sinhala Sub Waltair Veerayya Sinhala Subtitles Waltair Veerayya (2023) Sinhala Sub Waltair Veerayya (2023) Sinhala Subtitles වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට […]

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Waltair Veerayya Sinhala Sub
Waltair Veerayya Sinhala Subtitles
Waltair Veerayya (2023) Sinhala Sub
Waltair Veerayya (2023) Sinhala Subtitles

වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/feed/ 0
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 05:18:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35351 Dhamaka Sinhala Sub Dhamaka Sinhala Subtitles Dhamaka (2022) Sinhala Sub Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhamaka Sinhala Sub
Dhamaka Sinhala Subtitles
Dhamaka (2022) Sinhala Sub
Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/feed/ 0