Ron Perlman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ron-perlman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:08:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ron Perlman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ron-perlman/ 32 32 Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/#respond Tue, 26 Nov 2024 06:07:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82578 Absolution Sinhala Sub Absolution Sinhala Subtitles Absolution (2024) Sinhala Sub Absolution (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Absolution Sinhala Sub
Absolution Sinhala Subtitles
Absolution (2024) Sinhala Sub
Absolution (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/feed/ 0
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tangled-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tangled-2010-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 13:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52158 Tangled Sinhala Sub Tangled Sinhala Subtitles Tangled (2010) Sinhala Sub Tangled (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා […]

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Sinhala Sub
Tangled Sinhala Subtitles
Tangled (2010) Sinhala Sub
Tangled (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා‍ අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.

අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනා කතාවක්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ෆා ද බ්ලොගී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tangled-2010-sinhala-subtitles/feed/ 0
Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48114 Alien Resurrection Sinhala Sub Alien Resurrection Sinhala Subtitles Alien Resurrection (1997) Sinhala Sub Alien Resurrection (1997) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් […]

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien Resurrection Sinhala Sub
Alien Resurrection Sinhala Subtitles
Alien Resurrection (1997) Sinhala Sub
Alien Resurrection (1997) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…

ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! මතක ඇතුව Download කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alien-resurrection-1997-sinhala-subtitles/feed/ 0
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/transformers-rise-of-the-beasts-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/transformers-rise-of-the-beasts-2023-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:27:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43584 Transformers: Rise of the Beasts Sinhala Sub Transformers: Rise of the Beasts Sinhala Subtitles Transformers: Rise of the Beasts (2023) Sinhala Sub Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම.. මට කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් ඉෂ්ට කරගත්ත උපසිරැසියක් අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ වුණේ..මම එහෙම කිව්වේ තියන කාර්ය බහුලත්වයත් එක්ක උපසිරැසියක් […]

The post Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers: Rise of the Beasts Sinhala Sub
Transformers: Rise of the Beasts Sinhala Subtitles
Transformers: Rise of the Beasts (2023) Sinhala Sub
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම..

මට කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් ඉෂ්ට කරගත්ත උපසිරැසියක් අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ වුණේ..මම එහෙම කිව්වේ තියන කාර්ය බහුලත්වයත් එක්ක උපසිරැසියක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්..ඉතින් ගොඩ කාලෙක ඉඳන් ආසාවක් තිබ්බා ගොඩක් දෙනා බලාගෙන ඉන්න චිත්‍රපටියක කැමරා පිටපතකට උපසිරැසිය කරලා චිත්‍රපටිය OTT හරහා නිකුත් වුණ සැනින් ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසියක් අරගෙන එන්න..ඉතින් අද මේ විදියට මම ඒ ආසාවත් ඉෂ්ට කරගත්තා..

කොහොම හරි මම ඒකට තෝරගත්තේ ගොඩ දෙනෙක් රිලීස්වෙනකන් ආසාවෙන් බලන් හිටපු Transformers: Rise of the Beasts (2023) චිත්‍රපටය..මුලින්ම කියන්න ඕන කලින් ට්‍රාන්ස්ෆෝර්මස් ෆිල්ම් සීරිස් එකේ එක ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට වුණත් අවබෝධයක් ලබා ගන්න පුලුවන් වෙන විදියට ටිකක් සවිස්තරාත්මකව මම මේ ලිපිය ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා..ඉතින් මේක කියවන්න දිග වැඩී වගේ කියලා හිතෙන, ලිපියේ අවශ්‍යතාවයක් නැති අය ලිපිය පහලට ස්ක්‍රෝල් කරලා උපසිරැසිය අරගන්න..

Transformers: Rise Of The Beasts - film 2023 - AlloCiné

ඉතින් Transformers කියන්නේ ගොඩ දෙනෙක් ආස කරන Franchise එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ඉතින් මේ Franchise එක ආරම්භ වුණේ 2007 දී Mitchael Bay විසින් අධ්‍යක්ෂණය කරපු Transformers චිත්‍රප⁣ටයෙන්..ඉතින් ඒ විදියට Mitchael Bay 2007 දී ආරම්භ කරපු Transformers ස්ටෝරි ලයින් එක 2017 ආව Transformers: The Last Knight චිත්‍රපටයෙන් අවසන් වුණා කියන්න ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ..ඉතින් ඊට පස්සේ තමයි 2018 දී Travis Knight ගේ අධ්‍යක්ෂණයෙන් Transformers චිත්‍රපට මාලාවේ එක් චරිතයක් වුණු Bee ගේ චරිතය අලලා Bumblebe (2018) චිත්‍රපටය නිර්මාණය වෙන්නේ…2017 දී Michael Bay ගේ Transformers: The Last Knight චිත්‍රපටයෙන් ගොඩක් විවේචන මැද්දේ Transformers ඔරිජිනල් ස්ටෝරිලයින් එක ඉවර කරලා දාන්න වුණත් 2018 දී මේ Bumblebee චිත්‍රපටියට ප්‍රේක්ෂකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා..ඉතින් ඒ ධනාත්මක ප්‍රතිචාරත් එක්ක තමයි Original Transformers චිත්‍රපට මාලාවේ Prequel එකක් විදියට මේ අවුරුද්දේ ජූනි 9 වෙනිදා Steven Caple Jr. ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව Transformers: Rise of the Beasts (2023) ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ..

All Transformers In The Movies | payin1.in

ඉතින් මම කලින් කිව්වා වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Caple Jr. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆෝර්මස් චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක වුණු Michael Bay ත් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කරලා තියනවා..ඔහුට අමතරව Lorenzo di Bonaventura, Duncan Henderson ඇතුලු නිෂ්පාදකවරු කිහිප දෙනෙකේම නිෂ්පාද⁣නයෙන් මේකට එකතු වෙලා තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 6.5/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 93% කුත්, කුණු තක්කාලි දර්ශකයේ 54% ක් වගේ අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා..මේ ගමන්ම ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තටත් හැරිලා බැලුවොත් මේකේ ප්‍රධාන චරිත වන Noah (නෝවා) චරිතයට Anthony Ramos පණ පොවනකොට Elena ( එලේනා) චරිතයට පණපොවන්නේ Dominique Fishback විසින්..ඊට අමතරව Peter Cullen ඔප්ටිමස් ප්‍රයිම්ටත්, Ron Perlman ඔප්ටිමස් ප්‍රයිමල්ටත්,Pete Davidson මිරාජ්ගේ චරිතයටත්, ප්‍රධාන සතුරන් විදියට ඉන්න යුනික්‍රෝන් විදියට Colman Domingo සහ ස්කර්ජ් විදියට Peter Dinklage විසින් හඬ දායකත්වය ලබා දෙනවා.. ඒ වගේම ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් වාර්ථා දිහා බැලුවම මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 407.7 ක මුදලක් උපයගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Transformers: Rise of the Beasts' Team on Playing Iconic Characters – The Hollywood Reporter

එහෙනම් වැඩි කතා නැතුව අපි මුලින්ම බලමු කවුද මේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලා කියන්නේ කියලා..

අපි මේ කතා කරන ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලගේ මව් ග්‍රහලෝකය තමයි සයිබර්ට්‍රෝන් කියන්නේ..ඉතින් මේ සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය ගැන බලද්දි අපිට ප්‍රධාන වශයෙන් විශේෂ චරිත තුනක් මුණ ගැහෙනවා..ඒ තමයි The One (ද වන්), Primus (ප්‍රයිමස්) සහ Unicron (යුනික්‍රෝන්)..මෙතනදි මේ තුන්දෙනාගේ තියන සම්බන්ධය ගැන බැලුවොත් මම ඉස්සරවෙලා කියපු The One කියන කෙනා තමයි මේ Primus සහ Unicron කියන දෙන්නව නිර්මාණය කරන්නේ..ඒ වගේම මේ දෙන්නව බොහෝ දුරට සයිබර්ට්‍රෝන් වල දෙවිවරු දෙදෙනෙක් විදියට සැලකෙනවා..මේ දෙන්නගේ තියන විශේෂත්වය වෙන්නේ මේ දෙන්නගේ චරිත එකිනෙකාට විරුද්ධ ස්වරූපයක් තමයි ගන්නේ..සරලව කිව්වොත් Primus කියන්නේ හොඳනම්, Unicron කියන්නේ නරක..ඒ කියන්නේ හරියට අර අපි දන්න ගිරව් දෙන්නගේ කතාව වගේ..? එහෙමත් නැත්තන් එකම කාසියක දෙපැත්ත වගේ..? දැන් ඔයාලා හිතනවා ඇවිත් සයිබර්ට්‍රෝන් කියන්නේ මේ දෙන්නා විතරක් හිටපු තැනක්ද කියලා..නෑ..මේ දෙන්නා තමයි සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය ජනාවාස කරන්න මුල් වෙන්නේ..එතනිනුත් ඉතින් කාසිය හොඳ පැත්ත වගේ ඉන්න Primus තමයි ඉතින් මේ වැඩේට ගොඩක්ම දායක වෙන්නේ..ඒ වගේම ඉතින් ජනාවාස වෙන්න කලින් මේ සයිබර්ට්‍රෝන් කියන්නේ නරකට විරුද්ධව හොඳ විසින් සටන් දියත් කරපු තැන..එහෙමත් නැත්තන් යුනික්‍රෝන්ට විරුද්ධව ප්‍රයිමස් සටන් කරපු භූමිය තමයි මුල්කාලෙදි සයිබර්ට්‍රෝන් විදියට හඳුන්වලා තියෙන්නේ..ඉතින් ඔය ඔය සටන් මැද්දේ තමයි සයිබර්ට්‍රෝන් ජනාවාස වෙන්න මුල්ම අඩිතාලම වැටුනේ..ඒ තමයි යුනික්‍රෝන්ට විරුද්ධව සටන් කරන්න ප්‍රයිමස් විසින් නිර්මාණය කරපු The Thirteen එහෙමත් නැත්තන් Thirteen Original Primes ලා…ඒ තමයි,Prima, Vector Prime, Alpha Trion, Solus Prime, Micronus Prime, Alchemist Prime, Nexus Prime, Onyx Prime, Amalgamous Prime, Quintus Prime, Liege Maximo, The Fallen, Optimus Prime (Thirteenth Prime)

Who are the thirteen primes in the Transformers franchise? - Quora

ට්‍රාන්ස්ෆෝර්මර්ස් රසිකයන්ටනම් මම මෙහෙම Primes ලා ගැන කියද්දි Transformers: Revenge of the Fallen චිත්‍රපටය මතක් වෙනවා ඇති..මොකද ඒ චිත්‍රපටයේදි අපිට Primes ලා හත්දෙනෙක්ව දැකගන්න ලැබෙනවා..ඒත් ඇත්තටම Primes ලා දහ තුන්දෙනෙක් ඉන්නවා..? ඉතින් මම ඔය සඳහන් කරපු Primes 13න් දෙනා Primus එක්ක එකතු වෙලා Unicron ට විරුද්ධව සටන් කරලා Unicron ව ස්පේස් එකට පන්නලා දානවා..ඔය සේරටම පස්සේ අපේ Primus විසින් ⁣විශේෂ දෙයක් කරනවා..ඒ තමයි තමන්ගේ මුලු ජීවයම තම ග්‍රහලෝකය වුණු සයිබර්ට්‍රෝන් ⁣වලට ලබා දෙන එක..ඒ කියන්නේ Primus = සයිබර්ට්‍රෝන් වගේ දෙයක් මෙතනදි වෙලා තියනවා..? ඉතින් මේ ප්‍රයිමස් The Allspark (ද ඕල්ස්පාර්ක්) කියන දේ පාවිච්චි කරලා සයිබර්ට්‍රෝන් තව දුරටත් ජනාවාස කරනවා..ඔයාලට මේ The Allspark කියන එක Cube එකක් විදියට Transformers (2007) ෆිල්ම් එක බැලුවනම් ඒකෙදි දකින්න ලැබෙනවා..මෙතනදි අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබුණ ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලට වඩා වෙනස් වෙනස් ⁣විදියේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලා සයිබර්ට්‍රෝන් ඇතුලේ බිහිවෙන්න පටන් ගන්නවා..ඉතින් මෙතනින් නිර්මාණය වුණු මුල්ම ප්‍රාථමික ජීවීන්ව Predacons කියන නමින් තමයි හඳුන්වන්නේ..The Prime ඇනිමේටඩ් සීරිස් එක බැලුවනම් ඔයාලා දකින්න ඇති මකරු වගේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලා කොට්ඨාසයක්..අන්න එයාලා තමයි Predacons ලා කියලා හඳුන්වනේ..ඒත් මේ ජීවි කොට්ඨාසය ඇතුලෙත් ඇතිවුණු ගැටුම් නිසා බොහෝ ජීවීන් ප්‍රමාණයක් විනාශවෙලා යනවා..

TRANSFORMERS: THE BASICS on the PREDACONS - YouTube

ඉතින් ඔන්න ඔය සිද්ධි වලින් පස්සේ Quintessons කියලා කියන හඳුන්වන වෙනස් ජීවින් පිරිසක් සයිබර්ට්‍රෝන් වලට එනවා..ඉතින් මේ ජීවීන්ව නිර්මාණය කරන්නේ මම ඉහතින් සඳහන් කරපු Prime ලා දහතුන්දෙනා ඇතුලේ හිටපු Quintus Prime (ක්වින්ටස් ප්‍රයිම්) තමයි..ඔයා Transformers: War for Cybertron සීරිස් එක බලපු කෙනෙක්නම් ඒකෙදි ඔයාට මේ Quintessons ලව මුණ ගැහුණා මතක ඇති..ඉතින් මේ Quintessons ලා කියන්නේ Technology එක පැත්තෙන් වැඩ්ඩෝ කොටසක්..අපි කවුරුත් දන්න Transformers ලා එක එක විදියේ සුපිරි වාහන වලට හැරෙන්නේ මෙන්න මේ Quintessons ලා කරපු නිර්මාණයක් නිසා කිව්වොත් හරි..ඒ තමයි මේ Quintessons ලා විසින් නිර්මාණය කරපු T-Cog කියන ගැජට් එක..අන්න ඒ ගැජට් එකේ උදව්වෙත් තමයි අපි දන්න ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලා එක එක විදියේ වාහන වලට ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්නේ…

transformers t cog OFF54% |

T-Cog හි අනුරුවක්

එහෙම බැලුවම මේ Quintessons ලා තමයි සයිබර්ට්‍රෝන් වලට දියුණු තාක්ෂණයක් ලබා දීලා තියෙන්නේ..හැබැයි මෙහෙම දියුණු තාක්ෂණයයක් දෙන ගමන් තමන්ගේ බලය සයිබර්ට්‍රෝන් පුරාම පතුරන්නත් මෙයාලා උත්තසහා නොගත්තාම නෙවෙයි..ඒ වෙනුවෙන් මෙයාලා දරණ උත්සාහයක් අපිට Transformers: The Last Knight එකෙදී අපිට දැකගන්න පුලුවන්..ඒ තමයි මේ ෆිල්ම් එකේදී එයාලා තමයි Transformers ලව නිර්මාණය කරේ කියලා Optimus Prime ව රවට්ටන සිදුවීම..ඇත්තටම ඒක ⁣එහෙම නෙවෙයි කියලා මම ලිපියේ උඩින්ම සඳහන් කරපු දේවලුත් එක්ක දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ..ඉතින් ඒක Quintessons ලා පතුරපු බොරුවක් කියලා දැනගත්ත සයිබර්ට්‍රෝන් වැසියෝ Quintessons ලට විරුද්ධව යුද්ධයක් දියත් කරලා Quintessons ලව සයිබර්ට්‍රෝන් වලින් පන්නලා දානවා..

TRANSFORMERS: THE BASICS on the QUINTESSONS - YouTube

ඉතින් මෙහෙම කාලයක් ගතවෙලා ගියාට පස්සේ සයිබර්ට්‍රෝන් තුළ තවත් සුවිශේෂ චරිත දෙකක් උපත ලබනවා..ඒ තමයි Orian Pax සහ Megatrones..කාලයක් ගත වුණාට පස්සේ මේ Megatrones ට ඕන වෙනවා සයිබර්ට්‍රෝන් වල අලුත්ම දර්ශනයක් නිර්මාණය කරන්න..ඉතින් එයා ඒක දවස් සයිබර්ට්‍රෝන් වල හයි කවුන්සිල් එකට ඉදිරිපත් කරලා කියනවා තමන්ව ඊළඟ Prime විදියට පත් කරගන්න කියලා..ඒත් ඒ දර්ශනයේ තිබ්බ දැඩි දරුණු, ප්‍රචණ්ඩකාරීබව නිසා කවුන්සිල් එකෙන් Megatrones ගේ දර්ශනය ප්‍රතික්ෂේප කරනවා..ඔන්න ඔය වෙලාවෙදිම මම කලින් කිව්ව Orain Pax කවුන්සිල් එක මැදට ඇවිත් Megatrones ඉදිරිපත් කරපු දර්ශනයේ විරුද්ධ පැතිකඩ, එහෙමත් නැත්තන් කිසිම දරුණුකමක්, ප්‍රචණ්ඩත්වයක් නැතුව සයිබර්ට්‍රෝන් වලට සමාජ ක්‍රමය වෙනස් කරන විදිය ගැන කතාවක් ඉදිරිපත් කරනවා..ඉතින් මේකෙන් Orian ගැන පැහැදුණු හයි කවුන්සිල් එක Orian වල ඊළඟ Prime විදියට නම් කරනවා..ඒ ⁣අපි කවුරුත් දන්න Optimus Prime කියන නමින් එයාව සයිබර්ට්‍රෝන් වල 13වෙනි Prime විදියට නම් කරනවා..ඔන්න ඔහොමයි Orian Pax අවසානෙට Optimus Prime වුණේ..ඉතින් මෙතනදි කියවුණ Megatrones තමයි අපි කවුරුත් දන්න Megatrone..?

ඔන්න ඔතනින් තමයි අපි කලින් ට්‍රාන්ස්ෆෝර්මස් චිත්‍රපටවලත් දැකපු Megatrone සහ Optimus Prime අතර සටන ඇති වෙන්නේ..ඔන්න ඔය සටනට Megatrone, Soundwave කියන ට්‍රාන්ස්ෆෝර්මර්ගෙත් උදව් ඇතිව තමන්ටම කියලා ආර්මි එකක් හදා ගන්නවා..ඒ තමයි ට්‍රාන්ස්ෆෝර්මර්ස් රසිකයෝ වෙන ඔයාලා කවුරුත් දන්න Decepticons ලා..ඉතින් දැන් Optimus Prime මේ හැමෝම එක්ක තනියම සටන් කරන්නද..? ? නෑ..නෑ..ඔන්න ඔය වෙලාවෙදි ඔප්ටිමස් ප්‍රයිම් සයිබර්ට්‍රෝන් වල හිටපු හමුදා පිරිස්, එක එක ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලා එකතු කරගෙන ඔයාලා හැමෝම දන්න Autobots කියන කණ්ඩායම නිර්මාණය කරගන්නවා..ඉතින් මේ දෙගොල්ලගේ ගැටුම තමයි The Grate War කියලා හඳුවන්නේ..ඉතින් මේ Grate War එක පෘථිවි අවුරුදු වලින් මිලියන හතරක විතර ඉඳන් අඛණ්ඩව පැවතීගෙන එනවා…කොහොම හරි මේ සිදුවීම් නිසා සයිබර්ට්‍රෝන් වල දෙවියන් වුණු Primus විසින් Matrix (මේට්‍රික්ස්) එක ඔප්ටිමස් ප්‍රයිම්ට ලබා දෙනවා.. මෙතනදි මම කිව්ව Matrix එක කියලා කියන්නේ එක උපාංගයක්..ඒ උපාංගයේ තමයි ට්‍රාන්ස්ෆෝර්මර්ස්ලගේ දැණුම අඩංගු වෙලා තියන්නේ..ඊට ටික කාලෙකට පස්සේ තමයි මම ලිපියේ සඳහන් කරපු Allspark කියන කියුබ් එක Prime විසින් පෘථිවියට පිටත් කරන්නේ..ඔන්න ඊට පස්සේ තමයි ඔය Allspark එක හොයාගෙන Autobots ලයි Decepticons ලයි ප්‍රථිවියට එන්නේ..ඔය කිව්ව මම කිව්ව හැමදෙයක්ම ⁣වගේ ඔයාලට කලින් ට්‍රාන්ස්ෆෝර්මස් ෆිල්ම් සෙට් එකේදියි, ඇනිමේටඩ් සීරිස් ටිකයි බැලුවනම් දැකගන්න ලැබෙනවා…මම මේ හැමදෙයක්ම කිව්වේ එයා බලපු නැති කෙනෙක් හෝ බලලා ඒ දේවල් ගැන වැඩිය අවධානයක් යොමු නොවුණ පිරිස වෙනුවෙන්..

Autobots vs Decepticons

එහෙනම් මේ විදියට චිත්‍රපටයේ මූලික කරුණු ගැන හැඳින්වීමක් ලබාගත්තට පස්සේ අපි යමු මේ චිත්‍රපටයෙදි අපිට හමුවෙන චරිත වගේම විශේෂ දේවල් ගැන තොරුතුරු ටිකක් දැනගන්න..

ට්‍රාන්ස්වර්ප් යතුර ( Transwarp Key)

STL file Transformers Rise of the Beasts Transwarp Key prop replica・3D printable model to download・Cults

ට්‍රාන්ස්වර්ප් යතුර එහෙමත් නැත්තන් ට්‍රාන්ස්වර්ප් කී එක විදියට සලකන්නේ ග්‍රහලෝක අතර ගමන් කරන්න පුලුවන් ද්වාරයක් විවෘත කරගන්න පාවිච්චි කරන යතුරක්..ඉතින් මේ ට්‍රාන්ස්වර්ප් යතුර වැරදි කෙනෙක් අතට පත්වුණොත් එයාට පුලුවන් මේ විශ්වයේම තියන ග්‍රහලෝක හැම එකක්ම විනාශ කරලා දාන්න..ඉතින් මේ ට්‍රාන්ස්වර්ප් යතුර ආරක්ෂා කරන්නේ මැක්සිමල්ස්ලා විසින්..යුනික්‍රෝන්ගෙන් එල්ල වුණු බලපෑම් එක්ක මැක්සිමල්ස්ලා ට්‍රාන්ස්වර්ප් යතුරේ ආරක්ෂාව වෙනුවෙන් ඒක කොටස් දෙකකට වෙන් කරනවා..

එනර්ජන් (Energon)

Modeled an Energon Cube as My First Transformers Model... - Blender Tests - Blender Artists Community

Transformers කාටූන් මාලාවේ දක්නට ලැබෙන Energo Cubes

එනර්ජන් කියන්නේ සරලව කිව්වොත් ට්‍රාන්ස්ෆෝර්මස්ලට අවශ්‍ය කරන ඉන්ධනයක්..මේක සාමාන්‍යයෙන් ස්ඵටික,ගෑස්, අමු ශක්තිය වගේ විවිධ ආකාර වලට තියනවා..ඉතින් මේ Energon වලින් පොහොසත් ග්‍රහලෝක වලට ගමන් කරන්න පුලුවන් ද්වාර විවෘත කරගන්න තමයි මම කලින් සඳහන් කරපු ට්‍රාන්ස්වර්ප් යතුර පාවිච්චි කරන්නේ..

දැන් අපි හැරෙමු අපට චිත්‍රපටයේදි හමුවන ප්‍රධාන චරිත පැත්තට..

නෝවා ඩයස් (Noah Diaz)

Rise of the Beasts චිත්‍රපටයේදි අපිට හම්බවෙන ප්‍රධාන මානව චරිතය තමයි මේ නෝවා ඩයස් කියන්නේ..නෝවා කියන්නේ බෘක්ලීන් නගරයේ ජීවත් වෙන එක්සත් ජනපද හමුදාවේ සේවයෙන් ඉවත් වෙලා තමන්ගේ මල්ලිගේ වෛද්‍ය ප්‍රතිකාර වලට අවශ්‍ය මුදල් හොයාගන්න අවශ්‍ය නිසා වෙනත් රැකියාවක් සොයමින් ඉන්න තරුණයෙක්..ඉතින් අපි බලමු චිත්‍රපටයේ හැටියට නෝවගේ මේ ජීවිතයට ඉදිරියට මොනවා වේවිද කියලා..

එලේනා වොලස් (Elena Wallace)

එලේනා කියන්නේ මේ චිත්‍රපටයේදි අපිට හමුවෙන අනෙක් ප්‍රධාන මානව චරිතය..ඉතින් මේ එලේනා කොෟතුකාගරයක සීමාවාසිකව පර්යේෂකවරියක් විදියට කටයුතු කරන ඉතිහාස කතා වලට සහ විද්‍යාවට ගොඩක් ආස කර කෙනෙක්..එලේනා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලට චිත්‍රපටය නරඹනකොට දැනගන්න ⁣ලැබේවි..

ඔප්ටිමස් ප්‍රයිම් (Optimus Prime)

ට්‍රාන්ස්ෆෝර්මස් චිත්‍රපට මාලාවට අනුව ඔප්ටිමස් ප්‍රයිම් කියන්නේ සයිබර්ට්‍රොන් වලින් ආව පිටසක්වල රොබෝ කෙනෙක්..ඒ වගේම ඔප්ටිමස් ප්‍රයිම් තමයි ඔටෝබෝට්ස්ලගේ නායකයා විදියට කටයුතු කරන්නේ..ඉතින් Transformers Franchise එකේදී Peter Cullen, Garry Chalk, Neil Kaplan, David Kaye සහ Jake Tillman වගේ විවිධ පුද්ගලයන් විසින් ඔප්ටිමස් ප්‍රයිම්ට හඬ නිරූපණය කරලා තියනවා..

ඔප්ටිමස් ප්‍රයිමල් (Optimus Primal)

ඔප්ටිමස් ප්‍රයිමල් කියන්නේ සරලව භාහිර ගෙනුමෙන් ගෝරිල්ලෙක්ගේ ස්වරූපය ගන්න රොබෝ කෙනෙන්..ඒ වගේම මේ ඔප්ටිමස් ප්‍රයිමල් තමයි මැක්සිමල්ස්ල⁣⁣ගේ (Maximals) නායකයා වෙන්නේ..ඉතින් මේ ඔප්ටිමස් ප්‍රයිම් ඇතුලු මැක්සිමල්ස්ලා තමයි මම ඉහතින් සඳහන් කරපු ට්‍රාන්ස්වර්ප් යතුර ආරක්ෂා කරන්නේ..

ඒරේසර් (Airazor)

ඒරේසර් කියන්නෙත් තවත් එක මැක්සිමල්ස්ලගෙන් කෙනෙක්..මෙයා පෙනුමෙන් රාජාලියෙක්ගේ පෙනුමක් තමයි ගන්නේ..කොටස් දෙකකට වෙන් කරපු ට්‍රාන්ස්වර්ප් යතුරේ එක කොටසක් ආරක්ෂා කිරීමේ වගකීම හිමිවෙලා තියෙන්නේ මේ ඒරේසර්ට තමයි..

ඉහතින් මම සදහන් කරපු මැක්සිමල්ස්ලා දෙන්නා එහෙමත් නැත්තන් ඔප්ටිමස් ප්‍රයිමල්ට සහ ඒරේසර්ට අමතරව රයිනොක්ස් (Rhinox) සහ චීටාර් (Cheetor)  කියන දෙන්නත් තවත් මැක්සිමල්ස් චරිත දෙකක් විදියට අපිට මේ ෆිල්ම් එකේදි දැකගන්න පුලුවන්..

මිරාජ් (Mirage)

මිරාජ් කියන්නෙත් සයිබර්ට්‍රොන් වලින් ආව 911 Carrera Porsche කියන Porsche කාර් එකක් බවට හැරෙන්න පුලුවන් ඔටෝබෝට්ස් කෙනෙක්..

ආර්සී (Arcee)

ආර්සී කියන්නේ Aprilia RSV 1000 R බයික් එකක් විදියට වෙස් පෙරළගන්න හැකියාව තියන කාන්තා ඔටෝබෝට්ස් චරිතයක්..

බී (Bee)

බී, එහෙමත් නැත්තන් Bumblebee කියන්නේ ට්‍රාන්ස්ෆෝර්මර්ස් ගැන කියවෙනකොට අනිවාර්යයෙන්ම කියවෙන චරිතයක්..ඉතින් මේ Bee කියන්නේ Chevrolet Camaro කාර් එකක් විදියට හැරෙන්න පුලුවන් සයිබර්ට්‍රොන් වලින් ආව තවත් එක ඔටෝබෝට් කෙනෙක්..

මේ තමයි ඉතින් අපිට මේ චිත්‍රපටයේ හම්බවෙන ප්‍රධාන වීර චරිත වලින් වැදගත් වෙන චරිත ටික..දැන් අපි බලමු මේ කතාව ඇතුලේ ඉන්න හතුරෝ කවුද කියලා..

යුනික්‍රෝන් (Unicron)

යුනික්‍රෝන් කියන්නේ ග්‍රහලෝක, චන්ද්‍රයන්, තරු වගේ දේවල් ගිල ගනිමින් තමන්ගේ බලය වැඩි කරගෙන තමන්ගේ පැවත්ම තහවුරු කරගන්න උත්සාහ කරන විශාල සහ බලවත් අධම දෙවියෙක් වගේ කියලා කිව්වොත් හරි..ඉතින් මේ යුනික්‍රෝන්ට ඕන කොහොම හරි ට්‍රාන්ස්වර්ප් යතුර අරගෙන මුලු මන්දාකිණියම ගිලගෙන උත්තරීතර වෙන්න..

ස්කර්ජ් (Scourge)

ඉහත සඳහන් කරපු යුනික්‍රෝන්ගේ බලවත්ම හෙංචයියා තමයි මේ ස්කර්ජ් කියලා හඳුවන්නේ.. ඒ වගේම ස්කර්ජ් තමයි ටෙරාකෝන්ස්ලගේ නායකයා.. ස්කර්ජ්ව සම්පූර්ණයෙන් අයිති යුනික්‍රෝන්ට කිව්වොත් හරි.. මොකද යුනික්‍රෝන්ගේ අඳුරු ශක්තිය හරහා යුනික්‍රෝන් මේ ස්කර්ජ්ගේ ආත්මය අයිති කරගෙන ඉන්නේ..

ටෙරාකෝන්ස් (Terrorcons)

ටෙරාකෝන්ස්ලා තමයි ⁣Transformers: Rise of the beasts ෆිල්ම් එකේදි හම්බවෙන ප්‍රතිවාදීන්, එහෙමත් නැත්තන් සතුරෝ කියලා හඳුන්වන්න පුලුවන්..මේ ටෙරාකෝන්ස්ලා කිසිම විදියකින් Decepticon, Autobot, Maximal සහ Predacon කියන ජීවි කාණ්ඩ වලට අයිති වෙන කොටසක් නෙවෙයි..ප්‍රධාන වශයෙන් මේ ටෙරාකෝන්ස්ලට අයිති වෙන්නේ ඔවුන්ගේ නායකයා වෙන ස්කර්ජ් (Scourge) ,නයිට්බර්ඩ් (Nightbird), බැට්ල්ට්‍රැප් (Battletrap) සහ ෆ්‍රීසර් (Freezer) කියන කට්ටිය..

ඉතින් ඔය දේවල් සහ චරිත තමයි අපිට මේ ෆිල්ම් එකේදී විශේෂයෙන් හමුවෙන්නේ..ඉතින් මම හිතනවා මේ කෙටි හැඳින්වීම් වලින් ඔයාලට ඒ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා..

චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මේ කතාව ගලාගෙන යන්නේ මම ඉහතින් සඳහන් කරපු ට්‍රාන්ස්වර්ප් යතුර අයිති කරගන්න එන යුනික්‍රෝන්ට විරුද්ධව නෝවා සහ එලේනා සමඟින් එකතුව නැගී සිටින ඔටෝබෝට්ස්ලා සහ මැක්සිමල්ස්ලගේ සටන ගැන..

ඉතින් මේ සටන කොහොම වෙයිද?

යුනික්‍රෝන් තමන්ගේ අශාව ඉෂ්ට කරගනීද ? කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ඒ වගේම ෆිල්ම් එකේ අවසානෙට ඔයාලට පොඩි සප්‍රයිස් එකක් දෙන්නත් චිත්‍රපටයේ නිර්මාණකරුවන් අමතක කරලා නෑ කියලත් මතක් කරන්න ඕන..

අවසාන වශයෙන් තවත් දෙයක් කියන්න ඕන..මේ චිත්‍රපටයේ දෙබස් අතර වහෙන් ඔරෝ කියන කතා විවිධ උපමා උපමේයන් වගේ දේවල් ගොඩක් තියනවා..ඉතින් ඒ දේවල් මට පුලුවන් උපරිමයෙන් නිවැරදි අර්ථය එන විදියට පරිවර්තනය කරලා තියනවා..ඒ දේවල් වල යම්කිසි අත්වැරදීමක් වෙලා තිබ්බොත් සමාවෙන්න ඕන..ඒ වගේම වෙනත් ෆිල්ම් වල චරිත,පුද්ගලයෝ,දෙබස් වගේ දේවලුත් මේ ෆිල්ම් එකේ දෙබස් වලට ඇතුලත් වෙලා තියනවා..ඒ දේවල් තවත් පැහැදිලි වෙන්න මම ඒවා පැහැදිලි කරලා වරහන් ඇතුලේ යොදලා තියනවා..

හරි, එහෙනම් ඔයාලට චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරමින් මම අදට සමුගන්නවා..තවත් අලුත් උපසිරැසියකින් හැකි විගස හමුවෙමු..ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/transformers-rise-of-the-beasts-2023-sinhala-subtitles/feed/ 0