Rose Byrne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rose-byrne/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 15 Mar 2024 19:15:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rose Byrne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rose-byrne/ 32 32 Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/#respond Fri, 15 Mar 2024 23:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7441 Bea, Thomas, and the rabbits have created a makeshift family, but despite his best efforts, Peter can’t seem to shake his mischievous reputation. Adventuring out of the garden, Peter finds himself in a world where his mischief is appreciated, but when his family risks everything to come looking for him, Peter must figure out what […]

The post Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bea, Thomas, and the rabbits have created a makeshift family, but despite his best efforts, Peter can’t seem to shake his mischievous reputation. Adventuring out of the garden, Peter finds himself in a world where his mischief is appreciated, but when his family risks everything to come looking for him, Peter must figure out what kind of bunny he wants to be.

The post Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/feed/ 0
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/#respond Sat, 02 Sep 2023 08:20:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53006 Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය […]

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය එක්ක යථාර්තවාදී ආකාරයෙන් ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන් කමක් තිබ්බත්. හිතාමතාම යථාර්තවාදී නොවන ආකාරයට මේ භාවිතා කරන ඇනිමේෂන් විලාසය හරිම සිත්ගන්නාසුළු දෙයක් කියලයි අපිටනම් හිතෙන්නේ…

ෆිල්ම් එක නම් මුල ඉඳලා අගට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පාවිච්චි කරලා තියෙන Art Style එක නිසා ෆිල්ම් එකෙන් ඇහැ ගන්න හිතෙන්නේම නැහැ. ඒවගේම තරුණ කොල්ලෝ 4 දෙනෙක් විසින්ම රජ ඉබ්බන්ට හඬකවලා තියෙන නිසා ගැටවරයෝ 4 දෙනෙක්ගේ Chaotic Energy එක ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.  පවුලේ සැමට නැරඹිය හැකි මෙහෙම චිල් මුවි එකක් මගහැරගන්නම එපා අපරාදේ! ?

මේ තමයි පස්වැනි නින්ජා ටර්ටල් ඇනිමෙටඩ් මුවි ඒක, ඒ අතරින් මේක විශේෂ වෙන්නේ Rotten Tomatoes වෙබ් අඩවියේ ෆ්‍රෙෂ් අගයක් ලබාගත්ත පලවෙනි නින්ජා ටර්ටල් මුවි එක බවට පත්වෙන්න මේ මුවි එක සමත් වීම. ටොමැටෝ මීටරයේ 97%ක අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක 90%ක් වැනි ඉහලම අගයන් දෙකක රඳවා ගන්න මේ මුවි එක සමත් වෙනවා. ඒ වගේම imdb 7.5ක අගයක් රඳවා ගන්නත් මේ සිනමාපටය සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආදායම් අතින් වුණත් මේ සිනමාපටය සාර්ථකයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ දෙන්නෙක් එකතු වෙලා.

 සහ දෙන්න තමයි මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. මේකේ නිෂ්පාදකයින් වෙන්නේ ගොඩක් අයට හුරු පුරුදු කෙනෙක් වෙන Seth Rogen සහ  Evan Goldberg, James Weaver යන දෙදෙනා. මේ අතරින් Seth Rogen සහ Evan Goldberg දෙන්නා මේකේ කතාව වෙනුවෙන් දායක වෙනවා. ඒ අතරිනුත් Seth Rogen මේකේ හඬකැවීම් සඳහාත් එකතු වෙනවා. ඒ වගේම මේකේ හඬකැවීම් සිදුකරන්නේ තනි තනි වශයෙන් නෙමෙයි. සමුහයක් එකතු වෙලා. උදාහරණයකට නින්ජා ටර්ටල්ලා 4 දෙනාගේ සිදුවීමකට හඬ කවන්න නම් ඒ හතරදෙනාම එතනට ගෙනල්ලා හඬකැවීම සිද්දකරලා තියෙනවා. ඒකෙන් ලැබෙන ස්භාවික ගතිය ඔයාලට මුවි එකේදී අත්විඳින්න ලැබේවි. ඒ වගේම පසුබිම් සංගීතය ගැනත් මතක් කරන්නම ඕනා.

ටොප් ලෙවල් ආ.

හඬකැවීම් ගැන කියපු නිසාම මේ ෆිල්ම් එකට ඉතාම ජනප්‍රිය අය කිහිප දෙනෙක්ම තමන්ගේ හඬින් දායක වෙන බව මතක් කරන්න ඕනා. ඒ අතර Jackie Chan, John Cena, Ice Cube  සහ Paul Rudd වැනි අය ඉන්නවා.  ප්‍රධානම චරිත වශයෙන් අපිට දැකගන්න ලැබෙන කිහිප දෙනා තමයි පහල ඉන්නේ.

  • Micah Abbey – Donatello
  • Shamon Brown Jr. – Michelangelo
  • Nicolas Cantu – Leonardo
  • Brady Noon – Raphael
  • Ayo Edebiri – April O’Neil
  • Jackie Chan – Splinter
  • John Cena – Rocksteady
  • Seth Rogen – Bebop
  • Ice Cube – Superfly
  • Paul Rudd – Mondo Gecko

අපි දන්න කියන රජ ඉබ්බන්ගේ කතාව නිර්මාණය කලේ Kevin Eastman සහ Peter Laird දෙන්න එකතු වෙලා. මේ සිනමාපටයේ Kevin Eastmanගේ කැමියෝ එකක් එහෙමත් තියෙනවා. ඒ මාස්ටර් එහෙම නැත්නම් Splinterට උදව් කරන කෙනෙක් විධියට. ඔයාල පොඩ්ඩක් බලන්නකෝ ෆිල්ම් එකේදී ඔයාලට අඳුරගන්න පුලුවන්ද කියල. ලිපිය අවසානයේ තියෙන ජායාරුපයේ ඉන්නේ එයා.

ඉතිං මේකේ සිද්ධවෙන කතාව ගැන කියනවා නම්, “මූවී එක පටන් ගන්නේ බැක්ස්ටර් ස්ටොක්මන් කියන විද්‍යාඥයා එයාගේ තනිකම මකාගන්න එයාටම කියලා මියුටන්ට් පවුලක් හදාගන්න උත්සහ කරන තැනින්. ඒත් ඒ අතරමගදී එයා වැඩ කරන සංවිධානය වන TCRI එකෙන් එයාව අල්ලගන්න කණ්ඩායමක් එවන්වා. මේ දෙගොල්ලෝ අතර වෙන පොරබැදීමෙදී මියුටන්ට් දියරය කුණු කාණුවක් දිගේ ගිහින් ඉබි පැටව් 4 දෙනෙක් උඩට සහ මීයෙක් උඩට වැටෙනවා.

මෙන්න මෙතනින් තමා අපේ රජ ඉබ්බන්ගේ සහ මාස්ටර් ස්ප්ලින්ටර්ගේ කතාව පටන් ගන්නේ. මනුස්ස ලෝකය එක්ක එක පාරක් ගනුදෙනු කරන්න ගිහිල්ලා හම්බවුනු නරක අත්දැකීම් නිසා මෙයාලා කුණු කාණුව ඇතුළෙමයි ජීවත් වෙන්නේ. රහසින් තමයි එළියට යනවා නම් යන්නේ. ඉතින් මෙයාලගේ නමේම “Teenage” කියලා කෑල්ලක් තියෙනවනේ. ගැටවරයෝ වුනාම දන්නේ නැද්ද; එපා කියන එකමයි කරන්න කැමති. සහෝදරයෝ හතර දෙනාට ඕනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා එයාලත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්නයි. මේ අතරේ තමයි එයාලට ඒප්‍රිල් ඔ’නීල් කියන මනුස්ස ගෑනු ළමයා මුණ ගැහෙන්නේ.

ප්‍රවෘත්ති වාර්තාකාරියක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒප්‍රිල් මෙයාලට කියනවා සුපර්ෆ්ලයි කියලා විලන් කෙනෙක් නගරයේ එක එක තැන් මංකොල්ල කන බවත්, එයාව නැවැත්තුවොත් මිනිස්සු රජ ඉබ්බන්ව පිළිගනීවි කියලත්. එතකොට තමයි සහෝදරයින්ට හොයාගන්න ලැබෙන්නේ සුපර්ෆ්ලයි සහ එයාලා ඥාති සහෝදරයෝ බව සහ එයා හොරකම් කරපු බඩුවලින් හදපු යන්තරේකින් පෘථිවියේ ඉන්න හැම සතෙක්ම මියුටන්ට් කෙනෙක් කරලා මනුස්ස වර්ගයාව අතුගාලා දාන්න හදන බව.”

එහෙනම් ඔයාලම බලන්නකෝ කොහොමද කියල කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/feed/ 0
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/#comments Tue, 01 Aug 2023 21:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48360 Insidious: The Red Door Sinhala Sub Insidious: The Red Door Sinhala Subtitles Insidious: The Red Door (2023) Sinhala Sub Insidious: The Red Door (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක. Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය […]

The post Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: The Red Door Sinhala Sub
Insidious: The Red Door Sinhala Subtitles
Insidious: The Red Door (2023) Sinhala Sub
Insidious: The Red Door (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.

Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.

එතකොට Insidious:The Red Door කියන්නේ අද අපි අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.

ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.

මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/feed/ 1
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48306 Insidious: Chapter 2 Sinhala Sub Insidious: Chapter 2 Sinhala Subtitles Insidious: Chapter 2 (2013) Sinhala Sub Insidious: Chapter 2 (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම්!! මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin […]

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 2 Sinhala Sub
Insidious: Chapter 2 Sinhala Subtitles
Insidious: Chapter 2 (2013) Sinhala Sub
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම්!!

මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.

වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.

තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/feed/ 0
Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:00:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48289 Insidious Sinhala Sub Insidious Sinhala Subtitles Insidious (2010) Sinhala Sub Insidious (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි […]

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious Sinhala Sub
Insidious Sinhala Subtitles
Insidious (2010) Sinhala Sub
Insidious (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.

රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ. තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් Film එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත්. ඔන්න එහෙනම් අපි ගියා තවත් සුපිරි Film එකක් අරගෙන ඔයාල හමුවට එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/feed/ 0