S. J. Suryah Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/s-j-suryah/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 14:48:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png S. J. Suryah Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/s-j-suryah/ 32 32 Kadamaiyai Sei (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadamaiyai-sei-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadamaiyai-sei-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 14:48:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29076 Kadamaiyai Sei Sinhala Sub Kadamaiyai Sei Sinhala Subtitles Kadamaiyai Sei (2022) Sinhala Sub Kadamaiyai Sei (2022) Sinhala Subtitles

The post Kadamaiyai Sei (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadamaiyai Sei Sinhala Sub
Kadamaiyai Sei Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Sub
Kadamaiyai Sei (2022) Sinhala Subtitles

The post Kadamaiyai Sei (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadamaiyai-sei-2022-sinhala-subtitles/feed/ 0
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/game-changer-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/game-changer-2025-sinhala-subtitles/#comments Sun, 09 Feb 2025 04:20:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89531 Game Changer Sinhala Sub Game Changer Sinhala Subtitles Game Changer 2025 Sinhala Sub Game Changer (2025) Sinhala Sub Game Changer (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game Changer Sinhala Sub
Game Changer Sinhala Subtitles
Game Changer 2025 Sinhala Sub
Game Changer (2025) Sinhala Sub
Game Changer (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/game-changer-2025-sinhala-subtitles/feed/ 4
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 19:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76594 Saripodhaa Sanivaaram Sinhala Sub Saripodhaa Sanivaaram Sinhala Subtitles Saripodhaa Sanivaaram (2024) Sinhala Sub Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saripodhaa Sanivaaram Sinhala Sub
Saripodhaa Sanivaaram Sinhala Subtitles
Saripodhaa Sanivaaram (2024) Sinhala Sub
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/feed/ 0
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/#comments Fri, 23 Aug 2024 13:30:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73336 Raayan Sinhala Sub Raayan Sinhala Subtitles Raayan (2024) Sinhala Sub Raayan (2024) Sinhala Subtitles කතාව පොඩ්ඩක් කියන්නම් කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා […]

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan (2024) Sinhala Sub
Raayan (2024) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/feed/ 6
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 14:31:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62138 Jigarthanda DoubleX Sinhala Sub Jigarthanda DoubleX Sinhala Subtitles Jigarthanda DoubleX (2023) Sinhala Sub Jigarthanda DoubleX (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට […]

The post Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jigarthanda DoubleX Sinhala Sub
Jigarthanda DoubleX Sinhala Subtitles
Jigarthanda DoubleX (2023) Sinhala Sub
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන මහා බය ගුල්ලෙක්. ලෝර්ද් විහිළුවට වගේ කියනවා ඒ වෙලාවෙම විද්‍යාලයේ ඇති වුණ ගැටුමක් නවත්වන්න කියලා. එහෙම කියලා ලෝර්ද් ප්‍රසංගයේ එයාගේ අංගය ඉදිරිපත් කරන්න වේදිකාවට ගොඩ වෙනවා.

කිරුබා ඇඟට ගැම්මක් අරගෙන රණ්ඩුව පැත්තට ඇදුණා. ටික වෙලාවකට පස්සෙ ශිෂ්‍යයෙක් “කවුදෝ එකෙක් අපේ කොල්ලෝ හතර දෙනෙක්ව මරලා දාලා” කියන් කෑ ගහගෙන ප්‍රසංගය පැවැත්වුණ තැනට දුවගෙන එනවා. එතන හිටිය හැමෝම මේ සිද්ධිය බලන්න කලබලයෙන් දුවගෙන ආවා. ලෝර්ද් එතනට යද්දි කිරුබාකරන් බිම වාඩිවෙලා හිටියා. ඇඟ පුරාම ලේ ගෑවිලා, පිහියකුත් අතේ තියාගෙනම. මහ දවාලේ හිත් පිත් නැතිව විද්‍යාල ශිෂ්‍යයන් හතර දෙනෙක්ව ඝාතනයන් කිරීමට වරදකරු වුණ කිරුබාකරන්ට සිරදඬුවම් නියම වෙනවා.

ජෙයකොඩි සිනමා නළුවෙක්. ජනප්‍රියත්වය නිසාම ජෙයකොඩි දේශපාලනයට සම්බන්ධ වෙනවා. මෙවර ජෙයකොඩිගේ චිත්‍රපටය අන්ත පරාජයකට ලක් වුණා. ඊට හේතුව ජෙයකොඩිගේ ප්‍රතිවාදියා කර්මේඝම්. කාර්මේඝම් ජෙයකොඩිගේ චිත්‍රපටය පෙන්වන සිනමාශාලා වලට තර්ජනය කර රීල් පෙට්ටි ගිනි තබා, කාර්මේඝම්ට පක්ෂපාතී නළුවෙක් වුණ චින්නාගේ චිත්‍රපටයට ජයග්‍රහණයක් අත් කර දෙනවා.

මේ පරාජයෙන් තදබල කෝපයට පත් වුණ ජෙයකොඩි එයාගේ මල්ලි DSP රත්නාගෙන් මේ කාර්මේඝම්ව සහ ඔහුගේ සහචරයින් හතරදෙනාව මරා දමන්නට කියනවා. රත්නා මේ වෙනුවෙන් පොලිස් සේවයට බැඳෙන්න හිටිය, මිනීමැරුම් නිසා සිරගත වූවන් සොයා බලනවා. මෙහිදී කිරුබාකරන් සහ තවත් සිරකරුවන් තිදෙනෙක් තෝරා ගන්නවා. මේ එක් කෙනෙකුට එක් මැරයා ගානේ හතර දෙනාටම බෙදා දෙනවා. කිරුබාකරන්ට ලැබුණේ “ජිගර්දණ්ඩා සිද්ධි සමාජයේ” නායකයා වගේම කර්මේඝම්ගේ මදුරෛ ආධාරකාරයා වන අල්ලියස් සීසර්.

බාර දුන්න රාජකාරිය ඉටු කළොත් මෙයාලව නිදොස් කොට නිදහස් කරලා නැවත සේවයේ පිහිටුවනවා කියලා රත්නා පොරොන්දු වෙනවා. ලෝර්ද් එක්ක විවාහ වෙන්න රස්සාව අත්‍යාවශ්‍ය නිසා කිරුබාකරන් මේ පැවරුම බාර ගන්නවා. ඔය අතරෙදි කාර්මේඝම් සීසර් සහ අනෙක් ආධාර කරුවන් වෙනුවෙන් සාදයක් පවත්වනවා. සාදයේදී හැමෝම නටමින් ගයමින් විනෝද වුණා. සීසර්ගේ නැටුම දැකපු කාර්මේඝම් සීසර් උඹේ නැටුම සිනමාවේ නළුවෙක්ගේ වගේ, උඹ රඟපාන්න පලයන් කියලා අගයමින් කියනවා. ඒත් සාදයට සහභාගි වෙලා හිටිය නළු චින්නා මේ කතාවට එකඟ වුණේ නැහැ.

මේ සමයේ සිනමාවේ කළු පැහැති ප්‍රධාන නළුවෙක් ගැන හිතන්නෙ වත් නැති කාලයක්. මම වගේ පාටට හිටියා නම් රඟපාන්න යන්න තිබුණා. ඒත් මෙයා කළුයිනේ කියලා චින්නා හෑල්ලුවෙන් කතා කරනවා. මේකෙන් සීසර්ට දැඩි කේන්තියක් ඇති වුණා. දෙමළ සිනමාවේ පලමු කළු පැහැති ප්‍රධාන නළුවා වෙන්න සීසර් තීරණය කළා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇති තරම් සල්ලි සීසර් ළඟ තිබුණා. ඒ නිසාම දෙමළ සිනමාවේ පළමු ප්‍රධාන නළුවා රඟන “පාණ්ඩියා” නම් පෑන් ඉන්දියානු චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂක වරයෙකු උවමනා කර තිබේ යනුවෙන් දැන්වීම් පළ කළා.

සීසර්ට සමීප වෙන්න මේක නියම අවස්ථාව කියලා හිතුව කිරුබාකරන්, සත්‍යජිත් රේගේ ශිෂ්‍යයෙක් හා සහකාර අධ්‍යක්ෂවරයක් වන රේ දාසන්ගේ විදියට පෙනී සිටිමින් සීසර්ගේ ගෙදරට යනවා. කිරුබාකරන් අල්ලියස්ගේ දාමරික ජීවිතයේ සිදුවීම් පාදක කරගෙන චිත්‍රපටයක් කරන්න පෙරැත්ත කළා. මේ සඳහා අල්ලියස්ගේ ජීවිතයේ සිදු වුණ මතකයේ තියෙන විශේෂ සිද්ධීන් ගැන හාර හාරා අහනවා. ඒත් අල්ලියස්ගේ ජීවිතයේ මතක තියාගන්න තරම් කිරුබාකරන් බලාපොරොත්තු වන ආකාරයේ සිද්ධීන් නැති නිසා අල්ලියස්ගේ සැබෑ ජීවිතයේ වර්ථමානයේ සිද්ධීන් සජීවීව රූගත කරන්න තීරණය කරනවා.

මොකද මේ වගේ සිද්ධීන්ට පෙළඹවීමෙන් සීසර් තරහ කාරයින්ගෙන් මැරුම් කාවි කියලා කිරුබන් හිතුවා. ඒත් දින 30ක් ගත වුණත් සීසර්ව මරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. සීසර්ගේ බිරිඳ මලෛඅරසිගේ වලෛගාප්පු උත්සවය වෙනුවෙන් අනෙක් මැරයන් තිදෙනාට සහ ඇමති කර්මේගම්ට ආරාධනා කරනවා. වලෛගාප්පු උත්සවයට කලින් දවසේ මේ මැරයෝ හතර දෙනාම කරටි කැඩෙන්න බීලයි හිටියේ. කිරුබාකරන්ට සීසර් හොඳටම වෙරි වෙලා තනිවම හිටිය, ලේසියෙන්ම මරලා දාන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒත් මලෛඅරසි ගැන අනුකම්පා හිතලා සීසර්වව එදා අතහැරලා දානවා.

ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව සීසර්ව ලේසියෙන්ම මරන්න පුළුවන් වෙනම අදහසක් කිරුබාකරන්ගේ හිතේ තිබුණා. එදා රෑ කිරුබාකරන් අල්ලියස්ව මැරුවෙ නැති වුණත්, කිරුබාකරන් එක්ක මේ පැවරුම බාරගත් එක් පොලිස් නිලධාරියෙක් පෙරියවර් නම් මැරයාව මරලා දානවා. පහුවදා උදේ මේ මරණය ගැන දැනගත්තම සීසර් යකා නටන්න ගන්නවා. අනිත් හැමෝම මේ ස්වාභාවික මරණයක් කියලා හිතුවත් සීසර් මේක ඝාතනයක් කියලා තරයේම කිව්වා.

මිනිය පශ්චාත් මරණ පරීක්ෂණයට යැව්වට පස්සෙදි මේක ඝාතනයක් කියලා තහවුරු වුණා. පෙරියවර්ගේ ආදාහනය වෙනුවෙන් හැමෝම එකතුවෙලා ඉද්දි, සීසර් කිරුබාකරන් එක්ක පැවරුම බාරගත්ත අනෙක් තුන් දෙනාවම එකින් එක වෙඩි තියලා මරලා දානවා. සීසර්ගේ තුවක්කුවේ මානය එක් වරම කිරුබාකරන් දිහාවට හැරෙනවා!!!

ඔබ කලාව සොයා නොයයි. කලාව ඔබ සොයා පැමිණේ.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනා කළේ කාර්තික් සුබ්බුරාජ්. මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටය ජිගර්දණ්ඩා චිත්‍රපටයේ Prequel එකක්. ඒ කියන්නේ ජිගර්දණ්ඩා චිත්‍රපටියට කලින් සිදු වන සිදුවීම් පෙළක්. කාර්තිගේ ෆිල්ම් එකක් කිව්වම අන්තර්ගතය ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක්.(ජගමේ තන්දිරම් ඇරෙන්න)

ඔහු මනි රත්නම් මෙන් කලාව සහ වාණිජ්‍ය දෙකම මිශ්‍ර කරගෙන චිත්‍රපට තැනීම කරනවා. සහ කතාවේ අනපේක්ෂිත හැරවීම්(Plot Twist) ඇතුලත් වීමත් ඔහුගේ නිර්මාණවල ලක්ෂණයක්. ඒ එක්කම නයි බිත්තර දෙකකුත් එක්ක ඊළාමත් චුට්ටක් එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරලා පදමට හැඳිගාලා ගත්තම, ඒකට කියන්නේ කාර්තික්ගේ චිත්‍රපටියක්(කාර්තික් පඩම්) කියලා.

රාඝවා ලෝරන්ස්, SJ සූර්යා, නවීන් චන්ද්‍රා, නිමිෂා සජායන්, ෂයින් ටොම් චාකෝ, ඉලවරසු, සත්‍යන්, සන්චනා නටරාජන්, අරවින්ද් ආකාෂ් යන නළු නිළියන් මේ චිත්‍රපටයේ රඟපානවා. Petta (2019) චිත්‍රපටයෙන් පසු අවුරුදු 4කට පස්සෙදි තමයි කාර්තික්ගේ චිත්‍රපටයක් සිනමාශාලා වලට නිකුත් වෙන්නේ. Jagame Thanthiram (2021) සහ Mahaan (2022) චිත්‍රපට OTT හරහා නිකුත් කෙරුණා. ජගමේ තන්දිරම් සිනමාශාලා වලට නිකුත් නොකිරීම ඇත්තටම ලොකූ ලාභයක්. කාර්තික්, ශංකර් අධ්‍යක්ෂණය කරන රාම් චරන්ගේ Game Changer චිත්‍රපටයේ කතාව රචනා කළා.

දෙමළ සිනමාවේ හොඳම චිත්‍රපට අතරේ Jigarthanda (2014) ට ඉහළ තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම මේක ඩාර්ක් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය කන්නඩ භාෂාවෙන් Jigarthanda (2016), තෙළිඟු භාෂාවෙන් Gaddalakonda Ganesh (2019) සහ හින්දි භාෂාවෙන් Bachchan Paandey (2022) විදියට රීමේක් කළා. ජිගර්දණ්ඩා යන්නෙහි තේරුම “සීතල හදවත” ලෙසින් චිත්‍රපටයේදි සිද්දාර්ත් හඳුන්වනවා. ජිගර්දණ්ඩා කියද්දි මතක් වෙන තවත් දෙයක් තමයි “ජිගර්දණ්ඩා දූද්”. Aadhavan (2009) චිත්‍රපටියේ එක් හාස්‍ය ජවනිකාවක සූරියා වඩිවේළුට ජිගර්දණ්ඩා දූද් නම් රා වර්ගයක් බොන්න දීලා මත් කරලා වඩිවේළුව පැහැර ගන්නවා.

මේ ජිගර්දණ්ඩා චිත්‍රපටයේ කුරිරු දාමරිකයෙක් හා එම දාමරිකයාගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට යන අධ්‍යක්ෂකවරයෙකු වීමට බලාපොරොත්තු වන තරුණයෙක් එම දාමරිකයා අතර ඝට්ටනයකදී සිදුවන කතාවක්. මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අපේම සහෝදරයා “සීරුම් පුලි” බොබී සිම්හාට දේශීය සිනමා සම්මාන වලදී හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා. දෙමළ සිනමාවේ හොඳම දුෂ්ඨ චරිතයන් ලැයිස්තුවේ ඉහළම තැනක් ඇසල්ට් සේතු චරිතයට හිමි වෙනවා.

Film Companian වෙබ් අඩවියේ දශකයේ විශිෂ්ඨම සිනමා රංගනයන් 100 අතරට බොබීගේ රංගනයත් එකතු කරනවා. ඒ වගේම එම වෙබ් අඩවියේම දශකයේ හොඳම චිත්‍රපට පෝස්ටර් අතර 2 වැනි ස්ථානය ජිගර්දණ්ඩාට ලබා දෙනවා. කොහොම වුණත් ජිගර්දණ්ඩා, කොරියානු චිත්‍රපටයක් වුණ A Dirty Carnival චිත්‍රපටයේ ආභාෂයෙන් නිර්මාණය වූවක්. වර්ථමානයේදී අනුකරණය කියන වචනය ආභාෂය කියලා තමයි ගොඩක් දුරට ඇහෙන්නෙ.

රජිණිකාන්ත් සහ කමල් හාසන් කාර්තික් සුබ්බුරාජ්ගේ පරිකල්පනයෙන්.

දෙමළ සිනමාවේ මුල්ම කළු පැහැ හීරෝ (ප්‍රධාන නළුවා)… Jailer චිත්‍රපටියේ ලිපියෙන් මේ ගැන සඳහන් කළා මතක ඇති. විජයකාන්ත්, නැපෝලියන්, කාමරාජන්, තලපති විජයි, ධනුෂ් විෂාල්, විජයි සේදුපති… මේ වගේ කළු පැහැ නළුවන්ට සිනමාවේ තැනක් උදා කර දෙන්න මූලික අඩිතාලම දැමුවේ සුපර් ස්ටාර් රජිණිකාන්ත්. රජිණිට පෙර සිනමාවේ ප්‍රධාන නළුවෙක් වෙන්න නම් සුදු පැහැයක්, කැරලි කොණ්ඩයක් තිබීම අනිවාර්යය වුණා.

රජිණි ප්‍රධාන නළුවෙක් විදියට Bhairavi (1978) චිත්‍රපටයෙන් සම්ප්‍රාප්තිය සටහන් කරනවා. ඒ එක්කම මේ කළු නළුවෙක් රඟපාන චිත්‍රපටි කවුරුවත් බලන්නෙ නැහැ කියලා මතය පුස්සක් වුණා. මුලින්ම කිව්වා වගේ මේ කතාව සිද්ධ වෙන්නෙත් 1975දී. රජිණිකාන්ත් 1975 වර්ෂයේදි Apoorva Raagagngal (1975) චිත්‍රපටයෙන් තමයි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. ඒ ගැන සඳහනක් ද චිත්‍රපටියට එකතු කර තිබුණා.

“රජිණිකාන්ත් කියලා අලුත් කොල්ලෙක්… කළුවට, පාටට, ගොඩක් හොඳට රඟපානවලු. ඉතා ඉක්මනින්ම ලොකූ හීරෝ කෙනෙක් වේවි කියනවා.”

කාර්තික් සුබ්බුරාජ්, රාඝවා ලෝරන්ස් රජිණිට දැඩි භක්තියකින් ඉන්නෙ. මේ වගේ චිත්‍රපටයේ තැන් කිහිපයකදිම රජිණිව සිහි ගන්වනවා. උදාහරණයකට රජිණි පිස්තෝලය ඇඟිල්ලට තියලා කරකවන ශෛලිය. චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුව රජිණි, කාර්තික් සුබ්බුරාජ් සහ රාඝවා, සූර්යා, සන්තෝෂ් ඇතුළු චිත්‍රපටයේ කණ්ඩායමට නිවෙසට ආරාධනා කර සුබ පැතුම් එක් කර තිබුණා. ජිගර්දණ්ඩා ඩබල් X කණ්ඩායමේ බොහෝ දෙනෙක් රජිණිකාන්ත්ගේ රසිකයින් වීම විශේෂයි.

තවත් විශේෂ කාරණයක් වෙන්නේ කාර්තික් තමන්ගේ සුබ මුහුර්තය ලෙස “12:12” යොදා ගන්නවා. ඊට හේතුව රජිණිකාන්ත්ගේ ජන්ම දිනය දෙසැම්බර් මස 12දා. මේක කාර්තික් විසින්ම සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2022 වසරේ දෙසැම්බර් 12 දින ආරම්භ කළා. මේ චිත්‍රපටයේ මාමදුර ගීතය, ටීසරය සහ බ්ලොක්බස්ටර් ටීසරය සවස 12:12ට නිකුත් කෙරුණා. කාර්තික් නැවත වරක් රජිණිකාන්ත් සමඟ චිත්‍රපටයක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේක සමහරවිට Thalaivar 172 ව්‍යාපෘතිය වෙන්න පුළුවන්.

For My Boys

පලමු චිත්‍රපටයෙදි වගේම මේ චිත්‍රපටයේත් සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් නාරායනන්. ඔහුගේ සුළු දියණිය දී “මාමදුර” ගීතය ගායනා කරනවා. ඒ වගේම යුවන් ශංකර් රාජා “තී කුච්චි පටාසා” ගීතය ගායනා කරනවා. පලවෙනි චිත්‍රපටියේ පාවිච්චි කළ BGM කිහිපයක්ම මේ චිත්‍රපටයටත් පාවිච්චි කරලා තිබුණා.

රාඝවා ලෝරන්ස් මෙතෙක් ඉදිරිපත් කරපු හොඳම රංගනය මේ චිත්‍රපටියෙන් දැකබලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රාඝවාගෙන් බලාගන්න වෙන්නෙ ඕවර් ඇක්ටින් ටිකක්. ඉඩෝරයට වැස්ස වගේ මේ වතාවේ රාඝවාටත් චරිතයක් රඟපාන්න ලැබිලා තියෙනවා. මාස දෙක තුනකට කලින් තිරගත වුණ Chandramukhi 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ව මුළුමනින්ම කලකිරීමට පත් කළා. මේ වගේ අවස්ථාවක මේ වගේ චිත්‍රපටියක අවශ්‍යතාවය රසිකයින්ට තදින්ම දැණුනා.

මේ චිත්‍රපටයෙන් පස්සෙදිත් සුපුරුදු විදියටම මාස් මසාලා, හොල්මන් චිත්‍රපටි පෙළක් අරගෙන් ඒවි. කොහොම වුණත් ඉන් එක චිත්‍රපටියක් හරි සාර්ථක වුණොත් ඒකෙන් ලැබෙන ලාභයෙන් අසරණ ආබාධිතයන්ට තවත් වැඩි වැඩියෙන් උපකාර කරන්න රාඝවාට හැකි වෙනවා. රාඝවා හදවත රත්තරන් උතුම් මනුස්සයෙක් කියලා තමිල්නාඩුවේ මිනිස්සු දන්න නිසා හැමදාටමත් ගෞරවයෙන් සළකනවා.

SJ සූර්යා කාර්තික් සමඟ එක් වන දෙවන වතාව. මීට පෙර කාර්තික්ගේ Iraivi (2016) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කළා. එහිදී ඔහු විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. සූර්යා රඟපෑ මේ වසරේදී නිකුත් වූ Mark Antony (2023) චිත්‍රපටය ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා. ඉදිරියේදී පැමිණීමට නියමිත Game Changer (2024), Indian 2 (2024), Saripodhaa Sanivaaram (2024), D50 චිත්‍රපටවලට සහය චරිත රංගනයෙන් දායක වනවා.

මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටියේ දෙවන භාගයේ කතාවේත්, Viduthalai : Part 1 චිත්‍රපටයේ කතාවේත් යම් යම් සමානකම් දකින්න පුළුවන්. විඩුදලෛ චිත්‍රපටයේ රජය වනවාසීන්ව මර්ධනය කරද්දී වනවාසීන් සංවිධානය වී ඊට එරෙහිව සටන් වදිනවා. වෙනසකට තියෙන්නෙ වනවාසීන් රජයේ ක්‍රියාමාර්ග වලට ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒ ඇරෙන්න මේ චිත්‍රපටයේ දෙවන භාගයේ කතාව එක සමානයි. ඇතැම්විට වීරප්පන්ගේ කතාව ආභාෂයෙන් නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. එහෙන් මෙහෙන් ඊළාම් පිළ්ලි වල කුණු ගඳ ගහන්නෙ නැතුවාම නෙවෙයි.

දීපවාලියට සමගාමීව නොවැම්බර් 10 දා මේ චිත්‍රපටය තිරගත වුණා. තිරගත වූ දවසේ සිටම මීට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා තරමක් දුරට ප්‍රචාරණයකින් ප්‍රේක්ෂකයින් මධ්‍යයට අරගෙන ගියා. චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 100ක් පමණ වෙනවා කියලා අධ්‍යක්ෂක වරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාෂ කළා. ඒත් මේ වෙද්දි චිත්‍රපටයට උපයාගත හැකි වුණේ ඉ.රු. කෝටි 60ක් පමණ ආදායමක් පමණයි.

මීට ලැබුණු Imdb රේටින් අගය 8.4/10ක්. ඒ වගෙම කුණු තක්කාලි අගය 70%ක්. Pink Villa 5/5ක්, TOI පුවත්පත 3/5ක අගයක්, OTTplay 3.5/5ක අගයක් ජිගර්දණ්ඩා ඩබල් X වෙනුවෙන් ලබා දුන්නා. විකටන් පුවත්පත 48/100ක් ලබා දුන්නා. 2023 වසරේ ඉහළතම ලකුණක්. ජිගර්දණ්ඩා (2014) චිත්‍රපටියේ නළු සිද්දාර්ත්ගේ Chithha චිත්‍රපටයට 51/100ක ලකුණක් ලැබුණා. මම දන්න තරමින් මීට වඩා වැඩි ලකුණක් මේ වසරේ තිරගත වුණ චිත්‍රපටවලට ලැබෙනවා දකින්න නම් ලැබුණෙ නැහැ.

ඒ වගේම මේ චිත්‍රපටය එක්ක කාර්තිගේ 25වන චිත්‍රපටය Japan (2023) තරඟ වැදුණා. ඇත්තටම තිරගත වෙන්න කලින් කාර්තිගේ චිත්‍රපටිය අති විශාල ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා සිනමාවේදීන් වගේම හැමෝම විශ්වාස කළා. මොකද කාර්ති දිගින් දිගටම හිට් චිත්‍රපටි දෙමින් හිටියේ. ඒත් බලාපොරොත්තු නොවුණ විදියට ජපාන් චිත්‍රපටිය විශාල පරාජයකට ලක් වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි?!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/feed/ 0
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/#comments Fri, 13 Oct 2023 00:46:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54543 Mark Antony Sinhala Sub Mark Antony Sinhala Subtitles Mark Antony (2023) Sinhala Sub Mark Antony (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට […]

The post Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mark Antony Sinhala Sub
Mark Antony Sinhala Subtitles
Mark Antony (2023) Sinhala Sub
Mark Antony (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට ඇන්ටනි ගැන තිබුණ ආදරය නිසා එයා කෑම කන්නෙ ඇන්ටනිගේ පුතා මාර්ක් අහර කටක් කෑවට පස්සෙදියි. මාර්ක් එයාගේ තාත්තට, තාත්තා කරපු රැකියාවට වෛර කලා. ඒ නිසාම මේ තරම් ආදරය කරන ජැකී තාත්තත් එක්ක ඉන්න පවා මාර්ක් කැමති වෙන්නෙ නැහැ. මාර්ක්ට එයා ජීවත් වුණ නගරය දාලා යන්න ලොකු උවමනාවක් තිබුණා. මොකද ඇන්‍ටනි කියන නම නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු මාර්ක්ට පහත් ආකාරයෙන් සැළකුවා. ඒ විතරක් නෙවෙයි මාර්ක්, ඇන්ටනිගේ පුතා කියලා දන්නවා නම් අවුරුදු 3ක් ආදරය කරපු රම්‍යාගේ දෙමව්පියන්ව එකඟ කරගෙන විවාහය සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. නගරයෙන් පිටවෙලා යාම එකම විසඳුම කියලා හිතලා මාර්ක්ගේ ගරාජ් එක විකුණන්න තීරණය කලා. ඒත් ජැකී මාර්ක්ට ගරාජ් එක විකුණන්න හෝ මාර්ක්ට නගරයෙන් පිටවෙලා යන්න දුන්නෙ නැහැ. දවසක් රම්‍යාගේ අම්මා මාර්ක්, ඇන්ටනිගේ පුතා බව දැනගන්නවා. මාර්ක් කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා රම්‍යාගේ අම්මා දන්නවා වුණත් ඇන්ටනිගේ පුතාට එයාගේ දුවට බන්දලා දෙන්න කැමති වුණේ නැහැ. මේ සිද්දියෙන් හිතට වේදනාවක් ඇති වුණ මාර්ක් මත්පැන් පානය කරනවා. වෙරිමතින් රම්‍යාට කෝල් එකල් අරගෙන කතා කරන්න බැලුවත් බිල ගෙවපු නැති නිසා සම්බන්ධතාව විසන්ධි කරලා තිබුණා. කේන්තියෙන් ගරාජ් එකේ බඩු පෙරලන මාර්ක්ට අමුතු හැඩයේ ෆෝන් එකක් හොයාගන්න ලැබෙනවා. හරි සිහියක් නැති නිසා මේ ෆෝන් එකෙන් රම්‍යාගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. කෝල් එක අරගත්තෙ රම්‍යාගේ අම්මා. අඬා වැලපෙමින් රම්‍යාගේ අම්මට එයාව රම්‍යා එක්ක එකතු කරන්න කියලා අයදිනවා. රම්‍යා තවම 4 වසරේ ඉගෙන ගන්න ළමයෙක් කියලා රම්‍යාගේ අම්මා මාර්ක්ට හොඳටම බැනලා ෆෝන් එක තියනවා. ආයෙත් සැරයක් කෝල් එකක් ගත්තත් ඒ විදියටම කියලා බැන වදිනවා. මේක පටලැවිල්ලක් වෙලා තියෙද්දි, මාර්ක්ට මේ ෆෝන් එක ගැන උපදෙස් ලියලා තිබුණ පොතක් ලැබෙනවා. මේක කාලය තරණය කරන්න පුළුවන් ෆෝන් එකක්. කාල තරණය ගැන කියද්දිම මාර්ක්ට මතක් වුණේ එයාගේ තාත්තා ඇන්ටනිව. මාර්ක්ට එයාගේ තාත්තට හොඳට බනින්න උවමනා වෙලා තිබුණා. එහෙට මෙහෙට කෝල් කරලා කොහොම හරි ඇන්ටනිව සම්බන්ධ මරගෙන එයා එක්ක කතා කරනවා. ඒත් මාර්ක්, ඇන්ටනි ගැන හිතාගෙන හිටිය තරමට වඩා ගොඩක් දරුණුයි කියලා එදා දැනගත්තා. ඒ නිසා එයාගේ තාත්තා දාමරිකයෙක් වෙන්න හේතු වුන තත්වය වළක්වන්න හිතුවා. ඇන්ටනි හොඳ කෙනෙක් වුණොත් මාර්ක්ව සමාජයේ කොන් කිරීමකට ලක් වෙන්නෙ නැහැ. පුස්තකාලයෙන්, අහල පහල මිනිස්සුන්ගෙන් ඇන්ටනි ගැන විස්තර එකතු කරන්න ගත්තා. සෑහීමකට පත් වෙන්න පුළුවන් විස්තරයක් හොයාගන්න ලැබුණෙ නැහැ. ඒ වුණත් ඇන්ටනිට ජැකී ඇරෙන්න සමීප තවත් කෙනෙක් ගැන හොයාගන්න ලැබුණා. ඒ ඇන්ටනි වෙනුවෙන් නඩු කටයුතු වලට පෙනීසිටි නීතීඥ සෙල්වම්. ඒත් ඇන්ටනි මැරිලා කීප දවසකින්ම සෙල්වම් මැරිලා තිබුණා. සෙල්වම් මැරෙන්න මාස කීපයකට කලින්ම කෝල් එකක් අරගෙන ඉදිරි මාස කීපයේ සිදුවන සිදුවීම් ගැන කියනවා වගේම, ඔහුව මරණයෙන් බේරාගන්න අවවාද කරනවා. මාර්ක් ගැන විශ්වාසයක් තියෙනවා නම් දවසක් වෙලාවක් කියා(වර්ථමානය) මාර්ක්ව හමුවෙන්න එයාගේ ගරාජ් එකට එන්න කියලා ඉල්ලනවා. විනාඩි කීපයක් ගත වුණාට පස්සෙ නීතීඥ සෙල්වම් මාර්ක්ගේ ගරාජ් ඉදිරියෙන් මතුවෙනවා.

දෙමළ සිනමාවේ බිහි වූ විශිෂ්ඨම වාණිජ සිනමා චිත්‍රපටය Bassha (1995)චිත්‍රපටයයි. දෙමළ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ඨම දුෂ්ඨයා මාර්ක් ඇන්ටනි. බාෂා චිත්‍රපටයේ මාර්ක් ඇන්ටනිට පණ දුන්නේ විශිෂ්ඨ නළු රඝුවරන්. මාර්ක් ඇන්ටනි චරිතය තමන්ව බලපවත්වමින් රඝුවරන් රඟපෑ බව බාෂා රජිණිකාන්ත් විසින් සඳහන් කරනවා. Bassha චිත්‍රපටයේ දෙවෙනි කොටසක් නිර්මාණය වීමට තිබූ එකම අවස්ථාවත් වැසී යන්නේ රඝුවරන්ගේ අභාවප්‍රාප්ත වීම නිසායි. “බාෂා ඉන්නවා, ඇන්ටනි කොහේද?” රජිණිගේ උත්තරය වුණේ ඒක.

මාර්ක් ඇන්ටනි නමින් නම් කරත් චිත්‍රපටයේ කතාවට බාෂා කතාව හෝ මාර්ක් ඇන්ටනිගේ චරිතයේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. කොහොම වුණත් මාර්ක් ඇන්ටනි කතාවට Sardar (2022), Baba (2002), Sandakozhi (2005), Vikram (2022), Oke Oka Jeevitham (2022), Maanaadu (2021) කියන චිත්‍රපටවල ආභාෂය ලබගෙන තිබෙනවා. මේ අතරින් වඩා කැපී පෙනෙන්නේ සර්දාර් චිත්‍රපටයේ කතාව. මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේ විෂාල් ක්‍රිෂ්ණන්, SJ සූර්යා, රිතූ වර්මා, සුනිල් වර්මා, රෙඩින් කින්ග්ස්ලි, අභිනයා, සෙල්වරාඝවන්, නිළල්ගල් රවී, YG මහේන්ද්‍රන් යන අය රඟනවා. කාර්ති තම හඬින් මෙහි කතාව ඉදිරිපත් කරනවා.

පසුගිය මාසයේ නිකුත් වූ Jailer (2023) චිත්‍රපටයේ “Kaavaalaa” ගීතය මහත් ආකර්ෂණයට ලක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටියේ ට්‍රේලරයේ “Panju Mittai Selai Katti” ගීතයේ කොටස ට්‍රේලරයට වඩා උත්කර්ෂවත් නිමාවක් ලබා දුන්නා. ඉතින් ඒ කාවාලා සින්දුවේත්, මේ පංජු මිටායි සින්දුවෙත් දර්ශනයේදී දකින්න ලැබෙන්නෙ සුනිල්ව. සුනිල් Maaveeran (2023) චිත්‍රපටයෙන් කොලිවුඩයට ප්‍රවේශ වුණා. මේ මාස 3 ඇතුලත මාසයකට එක බැගින් සුනිල් රඟපෑ දෙමළ චිත්‍රපට 3ක්ම තිරගත වෙලා තියෙනවා. මීලඟට කාර්තිගේ Japan (2023) දෙමළ චිත්‍රපටයේත් Game Changer (2024), Guntur Kaaram (2024), Pushpa 2 : The Rule (2024) තෙළිඟු චිත්‍රපට වලද සුනිල් රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ GV ප්‍රකාෂ් කුමාර්. ප්‍රකාෂ්ගේ සංගීතය මේ චිත්‍රපටයේ මුදුන් නාරටිය බඳුයි. ට්‍රේලරය නිකුත් වීමත් එක්කම ප්‍රකාෂ් සංගීතයෙන් ලොකු වැඩ කොටසක් කරයි කියලා ප්‍රේක්ෂකයින් ඉහළ බලාපොරොත්තුවක් තබා ගත්තා. බලාපොරොත්තු සුන් වීමක් නම් වුණේ නැහැ, හිතපු විදියටම ප්‍රේක්ෂකයින්ට සංගීතයෙන් හිත පිරෙන්නම සංග්‍රහයක් ලැබුණා. මෑත කාලීනව චිත්‍රපටවලට පැරණි චිත්‍රපට ගීත යොදාගැනීම දකින්න පුළුවන්. ඒ ආකාරයට මෙහි “Panju Mittai Selai Katti”[Ettupatti Raasa (1997)], Varuthu Varuthu Vilagu Vilagu”[Thoongathey Thambi Thoongathey (1983)], “Adiye Manam Nilluna”[Neengal Kettavai (1984)] යන ගීත තුන එකතු කරගෙන තියෙනවා.

ආදික් රවිචන්ද්‍රන් අධ්‍යක්ෂක වරයෙක් විදියට සිනමාවට අවතීර්ණ වෙන්නේ Thrisha Illana Nayanthara (2015) චිත්‍රපටයෙන්. වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටය නිකුත් කෙරුනා.(බ්‍රිතාන්‍යයේදී ඇර) ප්‍රකාෂ් කුමාර් ප්‍රධාන චරිතය රඟපෑවා. ඔහු විසින්ම ඊට සංගීතය ද සැපයුවා. ඉන් පසුව ආදික් Anbanavan Asaradhavan Adangadhavan (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලා. මේ චිත්‍රපටයට යොමු වෙන්නේ Virgin Mappillai නම් චිත්‍රපටියකට යොමු වී සිටින අතරතුරදියි. මේ AAA චිත්‍රපටය බොහෝ ප්‍රශ්න මැද නිෂ්පාදනය වුණ චිත්‍රපටයක්. හේතුව සිලම්බරසන්ගේ නොහික්මුණ හැසිරීමත් විවිධාකාරයේ බධා කිරීමත් නිසායි. පළමු ෂෙඩූලයේදිම මේ පිළිබඳව චෝදනා ගොනු කෙරුණා. මාස දෙකක් යනතුරු නිළියක් එකඟ කර ගැනීමටද නොහැකි වුණා. සිලම්බරසන්ගේ ඉල්ලීමෙන් රූගත කිරීම් වෙනත් ප්‍රදේශයක් වෙත යනවා. මොකද සිලම්බරසන් මදුරෛ ඌෂ්ණ කාළගුණයට අකමැති වුණා. ඒ වුණත් තවදුරටත් සිම්බු රූගත කිරීම් ප්‍රතික්ෂේප කරමින් සිටියා. නියමිත කාලයට ෂෙඩූලය නිම කරගන්න බැරි වෙනවා. සිම්බු අසාධාරණ විදියට ශ්‍රියා සරන්ව මාරු කරන ලෙසටත් ඉල්ලනවා. ඉන් පසු රූගත කිරීම් ඩුබායි වෙතට මාරු කරනවා. ඒ වගේම සිම්බු තිර කතාවේ ඇති පරිදි සිරුරේ බර අඩු කරගන්නා බවටත් බොරු පොරොන්දු දෙනවා. දින 78ක ෂෙඩූලයකින් ඔහු රූගත කිරීම් වලට සහභාගි වී තිබුණේ දින 38ක් බව නිෂ්පාදක වරයා කියා සිටියා.

Adhirudha ගීතය අසල් කෝලාර් විසින් රචනා කර තිබෙනවා. DD Returns (2023) චිත්‍රපටයේ උපසිරැසි ලිපියේ අසල් කෝලාර් ගැන විස්තරයක් සඳහන් කරලා තියෙන නිසා ආයෙත් හඳුන්වලා දෙන්නෙ නැහැ. අධ්‍යක්ෂක ආදික් රවිචන්ද්‍රන් මෙහි “I Love You Di” ගීතය රචනා කර, ගායනා කර තිබෙනවා. චිත්‍රපටියේ කිසි තේරුමක් නැතිව “I Love You Di” ගීතය එක් කරලා තිබෙන බවක් දකින්න පුළුවන්. ඇත්තටම මේ සින්දුව චිත්‍රපටියට එක් කරන්න හේතුවක් වුණේ විෂාල්ගේ Enemy (2021) චිත්‍රපටයේ එන ‘Tum Tum’ සින්දුව ඉන්ස්ටග්‍රෑම් වැඩිම රීල්ස් ප්‍රමාණයක් නිකුත් වුණ දෙමළ ගීතය වීමයි.

“ආම්බල ආම්බල… ආහ් අහ් ආම්බල” පසුබිම් වාදනය එක්ක ජීප් එකේ උඩ පාවෙලා එන විෂාල්ට පහුගිය කාලය එතරම් හිතකර නැහැ. චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තිබුණත් අවුරුදු ගාණකින් විෂාල්ට සැළකිය යුතු තරමේ සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. Irumbu Thirai (2018) චිත්‍රපටිය විෂාල්ට දැවැන්ත සාර්ථකත්වයක් ලබා දුන්නා. ඉන් පස්සෙ විෂාල්ට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, හැකින් (Hacking) ගැන වඩා උනන්දුවක් ඇති වුණා. Chakra (2021) බැලූ බැල්මට irumbu Thirai එක සමාන තේමාවක් හා නිමාවක් සහිතයි. මේ චිත්‍රපටියටත් තාක්ෂණය, විද්‍යාව සම්බන්ධ තේමාවක් ඇතුලත්. මාර්ක් ඇන්ටනි රූගත කිරීම් අතරේදී විෂාල් අනතුරකටද ලක්වෙනවා. අවසන් ජවනිකාවේ දැවෙන ට්‍රක් රථය පාලනයෙන් ගිලිහී කඩාගෙන වදින වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. මේ ඒ අනතුරද කියන්න නම් දන්නෙ නැහැ. කොහොම වුණත් විෂාල් මේ සැප්තැම්බර් 15 නිකුත් වුණ මේ මාර්ක් ඇන්ටනිගෙන් ආයෙත් සාර්ථකත්වයක් අත්කර ගන්නවා. Thupparivaan 2 චිත්‍රපටය සහ Vishal 34 නමින් නම් කෙරුණු චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි. තුප්පාරිවාලන් 2 චිත්‍රපටය පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල මිස්කින් විසින් නොකරන බවත් විෂාල් විසින්ම එය අධ්‍යක්ෂණය කරන බවත් ඔහු විසින් සඳහන් කලා. මොකද මේ වෙද්දි විෂාල් හා මිස්කින් අතර මතභේදය දුරදිග ගොස් දෙදෙනා විරසකව තිබෙනවා. Vishal 34 චිත්‍රපටය Saamy (2003), Thaamirabharani (2007), Singam (2010) චිත්‍රපට අධ්‍යක්ෂණය කල හරි විසින් අධ්‍යක්ෂණය කරනවා. සංගීතය සපයන්නේ DSP හෙවත් දේවි ශ්‍රී ප්‍රසාද්. මීට පෙර හරි, විෂාල් රඟ පෑ Thaamirabharani (2007), Poojai (2014) චිත්‍රපට අධ්‍යක්ෂණය කලා.

රඟපෑමට ආසාවෙන් සිනමාවට පිවිසුණ SJ සූර්යා චිත්‍රපට කිහිපයක සුළු චරිත ඉදිරිපත් කරනවා. ඒත් ප්‍රධාන නළුවෙක් වෙන්න නම් බොහෝ කල් ගතවෙනවා කියලා සූර්යාට තේරුම් ගියා. ඒ නිසා විවිධ සම්බන්ධකම් මාර්ගයෙන් සූර්යා සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙනවා. කුළුඳුල් සිනමා නිර්මාණය විදියට Vaali (1999) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. එය දින 270ක් පුරා තිරගත වෙමින් වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තා. මීට සම්මාන කීපයක්ද හිමි වුණා. අජිත් කුමාර්, ජ්‍යෝතිකා රඟන මේ වාලි චිත්‍රපටයේ කතාවේ ඇතුලත් වෙන්නේ තම බාල නිවුන් සහෝදරයාගේ බිරිඳ ඉදිරියේ බාල සොහොයුරා ලෙසින් පෙනී සිටිමින් අයුතු වාසි ලබාගන්නට උත්සාහ කරන වැඩිමහල් සහෝදරයෙකුගේ කතාවක්. රාමායණයේ එන වාලි නම් මිත්‍යා පුරාවෘත්තය මීට ආභාෂය කරගෙන තියෙනවා. පසුව සූර්යා Kushi (2000) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබනවා. මේ චිත්‍රපටයද සාර්ථක අයුරින් තිරගත වූවා වගේම සම්මාන කිහිපයකට හිමිකම් පෑවා. ඒ විතරයි නෙවෙයි, Kushi නමින්ම තෙළිඟු, හින්දි භාෂා වලින් සූර්යා විසින්ම ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. තෙළිඟු චිත්‍රපටයද අති සාර්ථක වුණා. ඒත් හින්දි චිත්‍රපටය ආදායම් වශයෙන් අසාර්ථක වුණා. සූර්යාගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය ලෙසින් New සහ Naani චිත්‍රපට සමාන්තරව අධ්‍යක්ෂණය කරනවා. මීට පාදක වන කතාව Big (1998) චිත්‍රපටයේ අනුවර්තනයක්. ප්‍රධාන චරිතය වෙනුවෙන් අජිත් කුමාර් යොදා ගැනීමට උත්සාහ කලත්, අජිත් ඒ වන විටත් තෝරාගෙන තිබූ චිත්‍රපට සමඟින් කාර්යබහුල වීම නිසා දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සූර්යා ඉදිරිපත් කරනවා. තෙළිඟු චිත්‍රපටයට මහේෂ් බාබු සම්බන්ධ කරගන්නවා. නිව් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් ලෙසින් වාරණ මණ්ඩලය නියම කලා. වාරණය කල කොටස් නැවතත් ඇතුලත් කිරීම සහ සහතිකකරණයට ඉදිරිපත් කිරීමේදී අසභ්‍ය දර්ශන සහිත ගීතයක් ඉදිරිපත් නොකිරීම වාරණ මණ්ඩලයේ සහතික කිරීම සම්බන්ධයෙන් කීප වතාවක්ම සූර්යාට අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් සූර්යා ආසාවෙන් හිටියා වගේම ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයද ආදායම් වශයෙන් සාර්ථක වුණා. නානි චිත්‍රපටය අසාර්ථක වුණත් මහේෂ් බාබුගේ රංගන කුසලතා නිසාවෙන් ඔහුට ‘නානි’ කියන නම පටබැඳෙනවා. හතරවැනි සිනමා අධ්‍යක්ෂණය විදියට BF(Best Friend) නමින් චිත්‍රපටයක් තාවකාලිකව නම් කර වැඩ කටයුතු පටන් ගන්නවා. ඒත් මේ BF දෙශපාලනිකව පවා මතභේදයට තුඩු දුන්නා. මොකද සූර්යාගේ මීට පෙර චිත්‍රපට පිරික්සලා බලද්දි මේක Blue Film වෙන්නත් පුළුවන් කියලා. පස්සෙදි මේ BF, දෙමළ හෝඩියේ මුල් අකුරු දෙක A Aah විදියට මාරු කරනවා. මේකේ දිගුවක් විදියට Anbe Aruyire (2005) ලෙසට නම් කරනවා. නැවතත් අවුරුදු 10කට පසුව ඔහුගේ 5 වැනි සිනමා අධ්‍යක්ෂණය විදියට Isai (2015) චිත්‍රපටය නිර්මාණය කරනවා. 2004 සිටම මේ චිත්‍රපටය ආරම්භ කරන්නට උත්සාහ කලත් නොයෙක් කාරණා නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වුණා. මේ චිත්‍රපටයට The Truman Show (1998) චිත්‍රපටය අභාෂය ගෙන තිබෙනවා. තවද මෙහි ඒ.ආර්. රහුමාන් සහ ඉලෛයරාජා අතර සිදුවුණ සැබෑ සිදුවීම් ආභාෂය ලබා තිබෙනවා. මෙවර සූර්යා ඉසෛ(සංගීතය) චිත්‍රපටයෙන් සංගීතය අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මීට යහපත් ප්‍රතිචාර හිමිවුණා වගේම වාණිජමය වශයෙන් සාර්ථකත්වයක්ද අත්කර ගත්තා. මේ අතරතුරදි සූර්යා චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නොවන චරිත ද ඉදිරිපත් කලා. Iraivi චිත්‍රපටයේ අරුල් දාස් චරිතය සූර්යාගේ හොඳම රංගනයක් දැකගත හැකි චරිතයක්. පසුව සූර්යා Spyder (2017), Mersal (2017), Maanaadu (2021), Don (2022) චිත්‍රපටවල ප්‍රතිමල්ලව චරිත ඉදිරිපත් කරනවා. Nenjam Marappathillai (2021) චිත්‍රපටියේ සෙල්වරාඝවන් තමන්ගේ හිතින් හිතපු ආකරයටම සූර්යා චරිතයට ජීවය දුන්නා කියලයි කියන්නෙ. ඉදිරියේදී තිරගත වීමට නියමිත Jigarthanda Double X (2023), Game Changer (2024) සහ ධනුෂ්ගේ 50 චිත්‍රපටයේ සූර්යා රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටයේ වියෝ වූ නිළි සිල්ක් ස්මිතාව, වෙනත් නිළියක්ව යොදාගෙන මුහුණ CG මඟින් සැබෑ රූපය ලබාදෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එය එතරම් සාර්ථක නැහැ. ඒ වගේම සිල්ක් ස්මිතාට කාමුකත්වය ඇවිස්සෙන ආකාරයේ කටහඬක් දී තිබුණත්, සැබෑ තත්වය ඊට වෙනස්. සැබෑම කාරණාව නම් එකල සිල්ක් ස්මිතා තම ලයාන්විත රංගනයෙන් පාළු වීමට තිබූ බොහෝ සිනමාශාලා දර්ශනවාර පිරවීමට හේතු වුණා. නළුවන් බෙදාගෙන කණ්ඩායම් බෙදුනත් ස්මිතාට බොහෝ පිරිමි ප්‍රේක්ෂකයින් සිල්ක්ගේ කණ්ඩායමට අයිතියි. සිල්ක් ස්මිතා නොහොත් විජයලක්ෂ්මි අසභ්‍ය දර්ශන, අඩ නිරුවත් දර්ශන රංගනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් නිළියක්. කුරිරු සමාජයක් මැද ජීවිතය ගෙනවිත් ඇයට මේ වෘත්තීය තෝරාගැනීමට සිදු වනවා. හරිහැටි ඉන්න හිටින්න තැනක් පවා නැතිව තියෙද්දි නළු විනු චක්‍රවර්ති ඇයට උපකාර කරනවා. අවසානයේ නොයෙක් තර්ජන, මානසික ආතතිය වැනි හේතු නිසාවෙන් ඇය 35 වියේදි සියදිවි නසාගන්නවා.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ යහපත් ප්‍රතිචාර ලැබුණා. නිකුත් වූ දින ගෝලීය වශයෙන් ඉ.රු. කෝටි 12ක් පමණ හා දින5ක කාලයක් තුල ඉ.රු. කෝටි 62ක පමණ මුදලක් උපයා ගන්නවා. කෝටි 100 කඩයිම තව නොබෝ දිනකින් පසු කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්.නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

❗ළමායි ලින්ක් Original පිටපතට Update කරල තියෙන්නෙ ❗

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mark-antony-2023-sinhala-subtitles/feed/ 6