Sam Rockwell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-rockwell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Feb 2025 13:13:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sam Rockwell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-rockwell/ 32 32 The Bad Guys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-bad-guys-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-bad-guys-2022-sinhala-subtitles/#comments Fri, 28 Feb 2025 12:00:30 +0000 https://braszers.tk/?post_type=movies&p=17422 The Bad Guys Sinhala Subtitles The Bad Guys (2022) Sinhala Subtitles When the infamous Bad Guys are finally caught after years of countless heists and being the world’s most-wanted villains, Mr. Wolf brokers a deal to save them all from prison.

The post The Bad Guys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bad Guys Sinhala Subtitles

The Bad Guys (2022) Sinhala Subtitles

When the infamous Bad Guys are finally caught after years of countless heists and being the world’s most-wanted villains, Mr. Wolf brokers a deal to save them all from prison.

The post The Bad Guys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-bad-guys-2022-sinhala-subtitles/feed/ 1
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/#respond Thu, 14 Mar 2024 00:30:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67714 Argylle Sinhala Sub Argylle Sinhala Subtitles Argylle (2024) Sinhala Sub Argylle (2024) Sinhala Subtitles MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as […]

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Argylle Sinhala Sub
Argylle Sinhala Subtitles
Argylle (2024) Sinhala Sub
Argylle (2024) Sinhala Subtitles

MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as young Argylle Sofia Boutella as Saba Al-Badr Dua Lipa as LaGrange Ariana DeBose as Keira John Cena as Wyatt Samuel L. Jackson as Alfie Chip as Alfie, Elly’s cat අභ්‍යන්තර ඔත්තු නවකතාකාරියක වන Elly Conway,

ආර්ගිල් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන Aubrey Argylle පිළිබඳ ඇගේ පස්වන පොත බොහෝ දුරට අවසන් කලත් එක්තරා දෙයක් නිසාවෙන් ඇය පීඩා විඳිනවා.

ඒ ඇයගේ නවකතාවලින් අනාවැකි පල කරන නිසා ඩිවිෂන් නමින් හැඳින්වෙන වංචනික සංවිධානයක් ඇයව ඉලක්ක කරන නිසා. එයාට ඒ සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද? එයා ඒ නවකතාව ලින එක නවත්තයිද? එහෙනම් ෆිල්ම් එක බලලම ඉමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සජීඩ් උස්මාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/feed/ 0
Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 19:46:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51989 Trolls World Tour Sinhala Sub Trolls World Tour Sinhala Subtitles Trolls World Tour (2020) Sinhala Sub Trolls World Tour (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මේ පාර 2020 අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ පළවෙනි චිත්‍රපටිය Trolls (2016) දී […]

The post Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trolls World Tour Sinhala Sub
Trolls World Tour Sinhala Subtitles
Trolls World Tour (2020) Sinhala Sub
Trolls World Tour (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මේ පාර 2020 අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ පළවෙනි චිත්‍රපටිය Trolls (2016) දී විකාශය වුණා. ඉතිං ඒක බලලා නැත්නම් ඒකත් බලන්න කියලා කියනවා. මොකද ඒ චිත්‍රපටියේ දී ඔයාලට දැනගන්න පුළුවන් පොපියි බ්රාන්ච්උයි යාළුවෝ උනේ කොහොම ද වගේම ට්‍රෝල්ස්ලා ගැනත්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ ගොඩක්ම සිංදු වලින්. ඇත්තටම ටිකක් අමාරු වුණා සිංදු වල තේරුම් හොයන්න ගිහිං සිංහලෙන්. ඒත් ඉතිං මං කලිනුත් සිංදු තිබ්බ ඇනිමේෂන් චිත්‍රපටි කරලා තිබ්බ නිසා අවුලක් වුණේ නැහැ. ඒත් මේකේ අමුතුම ජොලියක් තිබුණා. අනේ මන්දා මොකක්ද කියන්න. හරිම විනෝදයෙන් නැරඹිය හැකි හරි අපූරු ලස්සනම ලස්සන ඇනිමේෂන් කතාවක් කිව්වොත් මං හිතනවා හරි කියලා.

ඉතිං මං කලින් කිව්වා වගේ මේ චිත්‍රපටියේ වැඩිපුරම තියෙන්නේ සිංදු තමයි. පළවෙනි එක බලලා තියෙන අය නම් දන්නවා ඇති. සිංදු ටිකනම් අපේ භාෂාවෙන් කියනවා නම් පට්ටම තමයි. මේ චිත්‍රපටියේ සිංදු මං දෙපාර තුන්පාර ඇහුවා ඒ තරම් ලස්සනයි. ඒ වගේම හොඳට අහලා පුරුදු ජනප්‍රිය සිංදු ටිකකුත් මේ චිත්‍රපටියට ඇතුළත් කරලා තියෙනවා. Open Gangnam Style, Baha Men ලගේ Who Let The Dogs Out සිංදුවේ ටිකකුත් වගේම Spice Girlsලගේ Wannabe සිංදුවත් තව ජනප්‍රිය සිංදු සෙට් එකකුත් කියනවා දුක හිතෙන ගම්මානකට ගිහිං. එක නම් හිනා වෙවි බැලුවා. ඔයාලටත් ආස හිතෙයි මේක බැලුවම. හැබැයි කීප සැරයක් ම අහපු සිංදුවක් තමයි Justin Timberlake කියන Don’t Slack සිංදුව මේකම දහ පාරක් විතර අහපු නිසා උපැසිරැසි කරන්න ටිකක් විතර පරක්කු වුණා.ඒ වගේම Trolls Wanna Have Good Times සිංදුවත් හරිම ලස්සනයි. හරි එහෙනම් දැන් ඉතිං චිත්‍රපටිය ගැන ටිකක් දැනගන්නත් ආස ඇතිනේ.

Trolls World Tour කියන්නේ ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් විසින් නිෂ්පාදනය කරන ලද සහ යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදා හරින ලද 2020 ඇමරිකානු පරිගණක සජීවිකරණ ජූක්බොක්ස් සංගීත චිත්‍රපටයකි. මෙම චිත්‍රපටිය 2020 මාර්තු 11 වන දින ඉන්දුනීසීයාවේ දී මුලින් ම තිරගත වුන අතර 2020 අප්‍රේල් 10 වන දින එක්සත් ජනපදයේ සීමිත සිනමාහල් වල නිකුත් කරන ලදී. පැයයි මිනිත්තු 30ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 6.1 අගයක් ලබා ගෙන තියෙනවා. Animation, Adventure, Comedy ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Walt Dohrn විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර සම අධ්‍යක්ෂක David P. Smith විසිනි. මේ මුළු චිත්‍රපටියේ සිංදු ම විතරක් 20ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. Rotten Tomatoes අගය 69%ක් වාර්තා වී ඇති අතර ප්‍රධාන චරිත අතරින් පොපිගේ චරිතයට හඬදායකත්වය දෙන්නේ අප කවුරුත් දන්න Trolls චිත්‍රපටියෙත් පොපිට හඬකවපු Anna Kendrickම තමයි. අනෙක් ප්‍රධාන චරිතය වන බ්රාන්ච්ට හඬ දායකත්වය ලබාදෙන්නේ සුප්‍රසිද්ධ ගායක Justin Timberlake. ඊට අමතරව Dwayne Johnson, Rachel Bloom, Kelly Clarkson, Jamie Dornan, Ozzy Osbourne, Sam Rockwell, Ester Dean, James Corden වැනි හුඟ දෙනෙක් තම හඬදායකත්වය ලබා දෙනවා. කතාව පැත්තට හැරුනොත්,

ඔයාලට මතක ඇතිනේ කලින් චිත්‍රපටියේ දී පොපි රැජින බවට පත්වුණා. ට්‍රොල්ස්ලා කියන්නේ හරි ම සතුටෙන් ඉන්න පුංචි අගුටුමිට්ටෝ කට්ටියක්. මෙයාලා කරන්නේ සිංදු කිය කිය නටන එකයි බදාගන්න එකයි. මෙයාලා හිතාගෙන හිටියේ සිංදු කිය කිය නට නට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කරන ට්‍රොල්ස්ලට ඉන්නේ මෙයාලා විතරයි කියලා. ඒත් ඒක සම්පූණයෙන් ම කණපිට හැරෙමින් තවත් ට්‍රොල්ස්ලා ඉන්නවයි කියලා දැනගන්නවා. මෙයාලා පොප් ට්‍රොල්ස්ලා. පොපියි අනිත් අයයි සේරම සිංදු කිය කිය ඉන්නකොට රොක් ට්‍රෝල්ස්ලගේ රැජින මේ වෙන්වුනු ට්‍රෝල්ස්ලව එකතු කරන අදහසකින් ලොකු උත්සවයක් සංවිධානය කරනවා කියලා ආරාධනා පත්‍රයක් එවනවා පොපි රැජනට. හැබැයි එනකොට පොපි ට්‍රොල්සලගේ සංගීත නූලත් අරගෙන එන්න කියනවා. ඒ මේ හැම ට්‍රෝල්ස් වංශයට ම අදාළ නූලක් තියෙනවා. (සංගීත නූලක්). ඒත් පොපිගේ තාත්තා ට්‍රොල්ස්ලගේ අතීතයේ සිද්ධ වෙච්ච කතාව කිව්වට පස්සේ ඔහු කියනවා දුවලා ගිහිං හැගෙන්න කියලා. මොකද අනික් ට්‍රෝල්ස්ලා මෙයාලා වගේ නෙමෙයි එයාලාගේ හැසිරීම ගතිගුණ සිතන පතන විදිහ එහෙම වෙනස්. ඒ නිසා බෙදීම් ඇති වුණා. නමුත් පොපි කැමති වෙන්නේ නැහැ ඒකට ඇයට ඕන වෙන්නේ ආයෙත් ට්‍රොල්ස්ලව එකතු කරන අදහසට රොක් රැජනට උදව් කරන්න. ඉතිං පොපි රැජින රොක් රැජිනගේ ආරාධනාව පිළිගෙන හොරෙන් ම රොක් ට්‍රෝල්ස් ගම්මනායට යන්න පිටත් වෙනවා ගුවන් බැලුනයකින්. පොපිගේ පිටිපස්සෙන් ම නිතරම ඉන්න ඇයගේ යාළුවා බ්රාන්ච් පොපිට අනතුරු අඟවනවා. ඒත් පොපිට ඕන වෙන්නේ මේ ගමන කොහොමහරි බ්රාන්ච්වත් කැමති කරගෙන යන්න. මෙයාලා යන අතරතුරදී මේ බැලූනයේ නිදාගෙන ඉන්න බිගීවත් මේ ගමනට එකතු කරගන්නවා.

මේ ගමනේදී මෙයාලා දැනගන්නවා රොක් රැජිනට ඕන වෙන්නේ ට්‍රෝල්ස්ලව එකතු කරන්න නෙමෙයි සංගීත නූල් ටික හොරකම් කරන්න කියලා. පොපිට කලකිරුණා. පොපි හිතාගත්තා රොක් රැජිනව නවත්වන්න. ඇත්තටම රොක් රැජිනට ඕන වෙන්නේ හැම ට්‍රෝල්ස් කෙනෙක්ව ම රොක් සොම්බිස්ලා කරන්න. පොපිට සිද්ධ වෙනවා මේ ගමනේ දී මිතුරෝ කවුද හතුරෝ කවුද කියලා වෙන් කරගන්න. එහෙමත් නැත්නම් ඒ හැමෝටම සතුට බෙදලා දෙන්න. පොපි රැජිනට ඒක කරන්න පුළුවන් වෙයි ද? රොක් රැජින හැම කෙනෙක්ව ම රොක් පිල්ලි කරයි ද? පොපි මේකට මොනවා කරයි ද? මෙයාලට උදව් ලැබෙයි ද? හැම ට්‍රෝල්ස් කෙනෙක් ම නැවත එකතු වෙයි ද? මේවාට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය නරඹනකොට හම්බ වෙයි. එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.

තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු! දෙවි පිහිටයි!

Trolls (2016) මේ කතාවේ පලවෙනි කොටස බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යමීනා ජොහාර්  සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trolls World Tour (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/trolls-world-tour-2020-sinhala-subtitles/feed/ 0
The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:31:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51972 The One and Only Ivan Sinhala Sub The One and Only Ivan Sinhala Subtitles The One and Only Ivan (2020) Sinhala Sub The One and Only Ivan (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ […]

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The One and Only Ivan Sinhala Sub
The One and Only Ivan Sinhala Subtitles
The One and Only Ivan (2020) Sinhala Sub
The One and Only Ivan (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

අපි නව කතාව ගැන පොඩි විපරමක් කරලා බැලුවොත්, මම කලින් කිව්වා වගේම මේ ළමා නවකතා පොතේ රචකයා වන්නේ K. A. Applegate. චිත්‍ර හැඩ ගන්වන්නේ Patricia Castelao. මේ නව කතාව දිව යන්නේ අයිවන් කියන සිල්වර්බැක් (silverback) ගෝරිල්ලා වටායි. අපි මුලින්ම බලමුකො කවුද මේ සිල්වර්බැක් ගෝරිල්ලෙක් කියන්නෙ කියලා.

සිල්වර්බැක්…. ඇත්තටම මම මුලින් මේ වචනය දැක්කාම හිතුවා සිල්වර්බැක් කියන්නේ ගෝරිල්ලා වර්ගයක් කියලයි. නමුත් ටිකක් හොයලා බලද්දි තමයි දැනගන්නට ලැබුණේ සිල්වර්බැක් කියන්නේ වැඩිහිටි පිරිමි ගෝරිල්ලන්ට බව. මෙසේ මොවුන්ව හඳුන්වන්න හේතු වන්නේ ඔවුන්ගේ කොඳු ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශය දක්වා තිබෙන කළු ලොම් රිදී පැහැයට හැරෙන නිසාලු. එතකොට බ්ලැක්බ්ලැක් (Blackbacks) කියල කියන්නේ වයස අවුරුදු 8 සිට 12 දක්වා ගෝරිල්ලන්ට. ඒ වයසට වැඩිය රිදී පැහැ ලොම් නැහැ. ඒක අමතර කරුණක්.‍

දැන් අපි ටිකක් අයිවන් ගැන කතා කරමුකෝ. දන්නවද? මේ නවකතා මනඃකල්පිත වුණාට අයිවන් කියන්නේ ඇත්තටම හිටපු ගෝරිල්ලෙක්. මේ නවකතාවට ආවේශනය ලබාගෙන තිබෙන්නේ මේ ගෝරිල්ලාගෙන් සහ එම ගෝරිල්ලා මුහුණ දුන් සිදු වීම්.

අයිවන්, 1962 උපත ලැබූ, Western lowland ගෝරිල්ලෙක්. ඔහු උපත ලැබුවේ වර්තමානයේ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වන ප්‍රදේශයේයි. ඔහුව කැළෑව තුළදී අල්ලාගනු ලබන්නේ ඔහු කුඩා කලදීමයි. ඔහු මුල් අවුරුදු කිහිපයේ දිවි ගෙවන්නේ ඔහුගේ අයිතිකරුවන් සමඟ වන අතර පසුව ඔහු නිවසක සිටීමට පවා අපහසු වන තරමට විශාල වූ පසුව අයිතිකරුවන් විසින් ඔහුව කොන්ක්‍රීට්වලින් සෑදූ කූඩුවකට යවනවා. එය ප්‍රදර්ශනයට තිබෙන්නේ වොශිටන්හි B&I නම් වෙළඳ සංකීර්ණයක. අයිවන් එහි තමයි ඔහුගේ දිවියේ ඊළඟ අවුරුදු 27 ගෙවනු ලබන්නේ.

අයිවන්ව නිදහස් කර ඔහුට‍ හරි හැටි අවධානය ලබා දී බලාගත හැකි තැනකට යවන්නට ඉඩ දෙන බවට ඉල්ලා ප්‍රාදේශීය සත්ව සුභසාධන සංවිධානවලින් කළ සාර්ථක සටන් ව්‍යාපාරවලින් පසුව, 1994 දී අයිවන්ව සියැට්ල්වල පිහිටි වුඩ්ලන්ඩ් පාක් සත්වෝද්‍යානයේ තබනවා. ඊට වැඩි කලක් නොගොස්, ඔහුව ජෝජියාවේ ඇට්ලැන්ටාවල පිහිටා ඇති ඇට්ලැන්ටා සත්වෝද්‍යානට යවනවා. ඔහුගේ දිවි අවසන් වන තාක් ඔහු දිවි ගෙවන්නේ එහිදීයි. 2012 අගෝස්තුවලදී අසනීප තත්වයෙන් සිට ප්‍රතිකාරවලට මුහුණ දෙමින් සිටි අතරතුර වසර 50ක් ආයු පරිභෝජනය කළ අයිවන් ජීවිතයට අවසන් තිත තබනවා. ඔයාලට මෙතනට ගියානම් බලන්න පුලුවන් ඇට්ලැන්ටා සත්වෝද්‍යානයේ වෙබ් අඩවියෙන් අයිවන් පිළිබඳ සටහන් කර තිබෙන වාර්තාව. ඉතින් ඕක තමයි අයිවන්ගේ සැබෑ ජීවිත කතාව…

නව කතාවේත් අපේ අයිවන් කියන ගෝරිල්ලා දිවි ගෙවන්නේ වෙළඳ සංකීර්ණයකයි. මේ නව කතාව ලියල තියෙන්නේත් අයිවන්ගේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. 2013 Newbery Medal සම්මානය ජහග්‍රහණය කරන්නට සමත් වෙනවා. තවත් බොහෝමයක් සම්මාන දිනාගන්න The One and Only Ivan නවකතාවට හැකියාව ලැබෙනවා.

ඉතින් The One and Only Ivan නවකතාවේ අති සාර්ථකත්වයෙන් පසුව, මේ වසරේ ඒ කිව්ව‍ෙ 2020 මැයි මාසේ නැවතත් Katherine Applegateගේම රචනයෙන් The One and Only Bob නමින් තවත් නව කතාවක් නිකුත් වෙනවා.  මෙම නව කතාව ඉදිරිපත් කර තිබෙන්නේ අයිවන්ගේ හොඳම මිත්‍ර සුනඛයා වන බොබ්ගේ දෘෂ්ටි කෝණයෙන්.

මේ නවකතාවල සාරාංශනම් දෙන්න යන්නේ නැහැ මොකද චිත්‍රපටයත් නවකතාවට සමීපව ධාවනය වෙයි කියලා හිතන නිසා. කතාව කියවලා තියෙනවනම්, බලන්නකෝ චිත්‍රපටය කොච්චර දුරට නවකතාවට ළඟින් යනවද කියලා.

මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නට තිබුණේ Walt Disney Studios Motion Pictures සමාගම යටතේ අගෝස්තු 14. නමුත් කොවිඩ්-19 වසංගත තත්වය නිසා සිනමාහල් වසා දැමීම හේතුවෙන්, ජූනි 12 වෙනිදා නිවේදනය කරනු ලබනවා Disney+ ඔස්සේ අගෝස්තු 21 වෙනිදාට නිකුත් කරන බවට. හැබැයි ඔන්න ජූලි 8 වෙනිදා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරන පටයේ නිකුත් වීමත් සමග පෙර තීරණය කළ පරිදිම නැවතත් අගෝස්තු 14 වෙනිදාම නිකුත් කරන්න හිතුවත්, අවාසනාවන්ත ලෙස ආපහු 21 වෙනිදාම නිකුත් කරන්න තීරණය කරනවා. 

හොඳයි අපි දැන් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු… මේ කතාවේදීත් පොතේදී වගේම බිග් ටොප් වෙළඳ සංකීර්ණය සහ වීඩියෝ ආකේඩ් එක්සිට් එයිට් (Big Top Mall and Arcade Exit 8) කියන ගොඩනැගිල්ලේ තමයි අයිවන් ජීවත් වෙන්නේ. අයිවන් තමා‍ මේ සර්ක්ස් එකේ ප්‍රධාන තරුව මොකද බිල්බෝඩ් එකේ (විශාල දැන්වීම් පුවරුවෙ) තියෙන්නේ එයාගේ පින්තූරයක් සහ සඳහන් කරලා තියෙන්නේ එයා ගැන. එයාට යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එයාලව චිත්‍රපටය බලලාම අඳුනගන්නකෝ. එතකොට අයිවන්ගේ රාජකාරිය වෙන්නේ ලොකු තරහක් මවාපාමින් ගොරවලා, කිං කොං වගේ පපුවට ගහගෙන එහෙම සර්කස් එක බලන්න එන කට්ටියව සතුටු කරන එක.

නමුත් ළඟදි ඉඳලා සර්කස් එක බලන්න එන කට්ටිය අඩු වෙලා. ඉතින් සර්කස් එක කරගෙන යන අයිවන්ව පුංචි කාලයේ ඉඳලා බලා කියාගත්තු මැක් මහත්මයා මේකට විසඳුමක් හිතලා තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලත්, අයිවන් සහ ඔහුගේ මිතුරන් ඒ තීරණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලාත් පවුලේ හැමෝම එකතු වෙලා මේ චිත්‍රපටය බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා. ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එල්.සී.දමැල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-one-and-only-ivan-2020-sinhala-subtitles/feed/ 0
Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51325 Charlie’s Angels Sinhala Sub Charlie’s Angels Sinhala Subtitles Charlie’s Angels (2000) Sinhala Sub Charlie’s Angels (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් […]

The post Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels Sinhala Sub
Charlie’s Angels Sinhala Subtitles
Charlie’s Angels (2000) Sinhala Sub
Charlie’s Angels (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් සතියේ (2000 නොවැම්බර් 5 වන විට) ඇමරිකාවේදි පමණක් ආදායම ඩොලර් 40,128,550 ක්.

       දැන් එමු කතාව පැත්තට. චාලි ටවුන්සෙන්ඩ් රහස් පරීක්ෂක ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ වැඩකරනවා Cameron Diaz(නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්) කියන තරුණියො තුන්දෙනා. Bill Murray (බොස්ලි) කියන්නෙ මේ තුන්දෙනා චාලි එක්ක සම්බන්ධ කරන නියෝජිතයා. මේගොල්ලන්ට එරික් නොක්ස්ව පැහැරගැනීම හා ඔහුගේ නවතම මෘදුකාංගය සොරකම් කිරීම සම්බන්ධව පරීක්ෂණය කරන්න භාරවෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ පරීක්ෂණය හරියට කරයිද? මේ එරික් නොක්ස් ඇත්තටම කවුද? කියන ඒවා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/feed/ 0