Sarah Yarkin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sarah-yarkin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 02:28:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sarah Yarkin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sarah-yarkin/ 32 32 Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 02:00:18 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14319 Texas Chainsaw Massacre Sinhala Subtitles මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David […]

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Texas Chainsaw Massacre Sinhala Subtitles

මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David Blue Garcia විසින් සහ මෙයට රංගනයෙන් දායක වෙන්නේ Mark Burnham, Elsie Fisher, Olwen Fouéré, Sarah Yarkin, Jacob Latimore යන අයයි.

කතාව ගැන මතක් කළොත් මෙලඩි, රුත්, ඩාන්ඩේ, ලයිලා කියන්නේ ටෙක්සාස්වල තියෙන හාර්ලෝ ටවුන් එකේ කොටස් වෙන්දේසි කරන්න පැමිනෙන පිරිසක්. බැංකුව විසින් මේ ටවුන් එකේ දේපල පවරගෙන ඒව වෙන්දේසි කරන්න දානවා. ඒඅනුව මොවුන් එක්ක තව පිරිසක් පැමිනෙනවා මේව මිලදී ගන්න. ඉතින් මෙයාල මේ ටවුන් එකට ආවහම එක අනාථ නිවාසෙක මහලු කාන්තාවක් ඉන්න දකිනවා. ඉතින් ඩාන්ටේ සහ මෙලඩි කියනවා මේ කාන්තාවට එහෙන් යන්න කියලා මොකද මෙයාල මේ ඉඩම් පවරගෙන තියෙන නිසා. ඒත් ඒ කාන්තාව කියනවා ඒ මහලු නිවාසෙ අයිතිය තියෙන්නෙ එයාට කියලා. මේ සිද්දිය දුර දිග ගිහින් ඒ මහලු කාන්තාවට හර්දයාබාදයක් ඇවිත් ඉස්පිරිතාලෙට අරන් යනවා. මෙතනදි තමයි මෙයාලට වැඩේ වරදින්නෙ මොකද ඒ මහලු කාන්තාව තනියම නෙවේ හිටියෙ එයාගෙ අනාථ නිවාසෙ ඉන්න එකම දරුවත් එක්ක. ඇත්තටම මෙයා කවුද? ඔයාල කලින් ෆිල්ම් ටික බැලුවනම් අදහසක් තියෙනව ඇති. ඉතින් මෙහි එන වියරු ඝාතකයගෙන් බේරෙන්න කාට හැකිවෙයිද කියලත් මේක බලලාම දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/feed/ 0
Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 05:59:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45259 Happy Death Day 2U Sinhala Sub Happy Death Day 2U Sinhala Subtitles Happy Death Day 2U (2019) Sinhala Sub Happy Death Day 2U (2019) Sinhala Subtitles හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න […]

The post Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Happy Death Day 2U Sinhala Sub
Happy Death Day 2U Sinhala Subtitles
Happy Death Day 2U (2019) Sinhala Sub
Happy Death Day 2U (2019) Sinhala Subtitles

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න.

ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. ඒ වගේම 6.3ක IMDB අගයක් මේකට හිමිවෙලා තියනවා. ඉතින් නලුනිලියන් නම් කලින් එකේ කට්ටියම තමයි ඊට අමතරව තව අලුත් චරිත කීපයකුත් ඉන්නවා.

හරි එහෙනම් මුලින්ම පළවෙනි චිත්‍රපටය ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් හොදල් තියෙන්නේ ට්‍රී මැරුනට ඒ දවසේ මැරෙන්න කලින් වුන දේවල් මතකයි. ඉතින් මෙයා සැක කරුවන්ගේ ලයිස්තුවක් හදනවා. ඊට පස්සේ එකිනෙකා ගැන හොයන්වා. අන්තිමේදි එයා හොයාගන්නවා එයාව මරන්නේ වෙන ක්වුරුත් නෙමේ එයාගේ රූම් මේට් ලෝරී කියලා. ඉතින් ට්‍රී ගහන පයින් පහරකින් ලෝරී ජනේලෙන් පහලට වැටිලා මැරෙනවා. ඉතින් එතනින් අර දවස රීසෙට් වෙන එක නතර වෙනවා.

ඉතින් Happy Death Day 2U මේ චිත්‍රපටය පටන් ගන්නේ අර චිත්‍රපටය අවසන් වෙන තැනින්. ඉතින් කලින් චිත්‍රපටයේ තිබුන් හොර ගතිය ටිකක් අඩු කරලා SiFi පැත්තට බර කරලා තියනවා. මේකෙදි වෙන්නේ කාටර්ගේ රූම් මේට් රයන් (අර චීන කොල්ලා) එක පාරටම ට්‍රී වගේ එකම දවසේ හිරවෙන්න ගන්නවා. ඉතින් එයා යාලුවොත් එක්ක එකතුවෙලා ඒක්ට උත්තර හොයන්න ගන්නවා. බලනකොට ඒකට්ස් හේතුව එයා හදන සිසී කියන යන්තරය ඉතින්. හොයලා බලනකොට එයාව මරන්නේ එයාගෙම රූපකාය තියන කෙනෙක්. ඉතින් මූ එක හදන්න යනවා එතනදි මොකක් හරි වෙලා ට්‍රී ආපහු එකම දවසේ හිරවෙන්වා. ඉතින් හොයලා බලද්දි ට්‍රී දැන් ඉන්නේ වෙනමම මානයක. (සමාන්තරව ලෝකයක වගේ) ඉතින් ලෝරී ඒ ලෝකෙදි ට්‍රීව මරන්න එන් නෑ. ඒ වගේම ට්‍රීගේ අම්මත් ඉන්නවා. ඒත් වැඩේ කියන්නේ කාටර් ඒ ලෝකෙදි ට්‍රීට ආදරේ කරන්නේ නෑ. එයා ඩැනියල් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒත් මිනී මරුවෙක් නම් ඉන්නවා. ඉතින් ට්‍රීට කලින් ලෝකේ නැති හුගක් දේවල් මේ ලොකයේ තියන්වා. එතනින් එහාට මොකද් වෙන්නේ කියලා ඔයාලම බලන්න.

බුදු සරනයි!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් සචින්ත (සචී) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/happy-death-day-2u-2019-sinhala-subtitles/feed/ 0