The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 ගන්නා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ,විනෝද් විසින්. ඒ වගේම සිබි සත්‍යරාජ් , නිඛිලා විමල් සහ සතිෂ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
ආදිත්‍ය , අද්විතීය සින්ඩ්‍රෝමයකින් (Alien Hand නමැති රෝගයෙන්) පෙළෙන අතර, අභිනයා සමඟ ආදරයෙන් බැඳී ඇයව විවාහ කර ගනී. මනාලි හි ඔවුන්ගේ මධුසමය ගත කරන අතරතුර , ඔවුන්ගේ ජීවිතය හැරවුම් ලක්‍ෂණයක් ඇති කරයි.
පෘථිවියේ ශීතලම ස්ථානයක සිරවී සිටින ඔවුන් ජීවත් වීමට කෙසේ සටන් කරයිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??
The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>Naai Sekar (2022) Sinhala Subtitles
ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්.. පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු විද්යාඥයවරයෙක් මෙයා සත්තුන්ව සම්බන්ධ කරගෙන පරීක්ෂණ වගයක් කරගෙන ඉන්නවා.. ( ඒ මොනවද කියලත් ඔයාලම බලන්නකෝ.. වැඩි විස්තරයක් කියන්නේ නැහැ මම.. ) ඒ විද්යාඥයාගේ එක පරීක්ෂණයක් නිසා ලොකු කරදර ගොඩකට අපේ ශේකර්ට මුහුණ දෙන්න වෙනවා..
මෙතනින් එහාට සිද්දවෙන දේවල් ඔයාලම බලන්න.. වැඩිය විස්තර කිව්වොත් කුතුහලයක් නැති වෙනවා.. කිසිම අවුලක් නැතුව ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.. අනිවා අරගෙන හැමෝම එක්ක බලන්න.. මේකේ සමහර තැන් තියෙනවා අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට ආතල්.. එහෙනම් මම ගියා.. තව මේ වගේ අලුත්ම දෙමල ෆිල්ම් අරගෙන එන්නම් හැමෝටම බලන්න.. බායි.. බායි..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ගෞතම් කියන කෙනා කාර් එකේ රෑ වෙලා ගමනක් යනකොට බයිසිකල් කාරයෙක් කාර් එකේ හැප්පෙනවා..ඉතින් මේ බයික් කාරයා මැරිලා කියලා මෙයාට තේරුම් ගිහින් මිනිය හංගන්න කියලා හිතාගෙන මෙයා මිනිය කාර් එකේ ඩිකියට දා ගන්නවා..ඉතින් මිනිය කාර් එකේ ඩිකියේ දාගෙන යනකොට පොලිසිය චෙක් පොයින්ට් එකකදී අත දාලා කාර් එක නවත්තන්න කියනවා..ඒත් මෙයා කාර් එක නවත්තන්නේ නැතුව යනවා..ඒ වුණාට මෙයාව කොහොමහරි පොලිසියෙන් අල්ල ගන්නවා..එතනින් එහාට තමයි මේ ෆිල්ම් එකේ සුපිරිම ටික පටන් ගන්නේ..ඉතින් ඇත්තටම පොලිසියට මෙයාගේ කාර් එකේ තියෙන මිනිය හම්බෙයිද ???? මේ ගෞතම් කියන්නේ කව්ද ???? මෙයාට පොලිසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ???? තවත් අපරාධ රාශියක් හෙළිවන අවසානය කුතුහලයෙන් ඔයාලටම බලන්න භාර කරලා මම මෙතනින් නවතිනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..උපසිරැසි ඕනේ ෆිල්ම් තියෙනවනම් [email protected] හරහා මාව දැනුවත් කරන්න..පුළුවන් විදියට ඔක්කොටම සබ් දෙන්න බලන්නම්..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.
තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>සුභ දවසක් හැමෝටම!!
Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ.
ඒවගේම Action ඝනයට අයත් වන මේ චිත්‍රපටියට මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…
චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කතාව ආරම්භ වන්නේම අභිරහස් කාන්තා මරනයකින්, වේට්‍රි(විමල්) කියන්නේ යූටියුබර් කෙනෙක්, ඉතින් ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා කරන්නේ අසාධාරණයට ලක් වූ මිනිස්සුන්ට උදව් කරන එක… ඉතින් මේ අතරතුර වේට්‍රිට තමන්ගේ පුතා සොයමින් නගරයේ සැරිසරන මහළු මිනිසෙක් මුණගැසෙනවා..ඉතින් වේට්‍රි ඔහුගේ නාළිකාව හරහා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වෙනවා… ඉතින් මේ නිසා වේට්‍රිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා… ඉතින් වේට්‍රි මේක කොහොම විසදයිද? මොකක්ද මේ කාන්තා මරනය? මේ සිද්දි දෙක එකට සම්බන්ධද? කතාවෙ මේ දෙන්නට මොකක්ද සිද්ද වුනේ?
ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටොම උතතර හොයා ගන්න, ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම!!!
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>සුභ දවසක් හැමෝටම!!
Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.
කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>
The post Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>