Sean Harris Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sean-harris/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Jun 2024 17:26:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sean Harris Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sean-harris/ 32 32 Possum (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/possum-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/possum-2018-sinhala-subtitles/#respond Sun, 16 Jun 2024 17:25:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71405 Possum Sinhala Sub Possum Sinhala Subtitles Possum (2018) Sinhala Sub Possum (2018) Sinhala Subtitles

The post Possum (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Possum Sinhala Sub
Possum Sinhala Subtitles
Possum (2018) Sinhala Sub
Possum (2018) Sinhala Subtitles

The post Possum (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/possum-2018-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:24:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49832 Mission: Impossible – Fallout Sinhala Sub Mission: Impossible – Fallout Sinhala Subtitles Mission: Impossible – Fallout (2018) Sinhala Sub Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. ෆිල්ම් එක පිළිබද තොරතුරු […]

The post Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Fallout Sinhala Sub
Mission: Impossible – Fallout Sinhala Subtitles
Mission: Impossible – Fallout (2018) Sinhala Sub
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.

MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් ? ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.

මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං ? ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න ?

ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්‍යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන Film එක ගන්න යමු ?.

ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:22:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49815 Mission: Impossible – Rogue Nation Sinhala Sub Mission: Impossible – Rogue Nation Sinhala Subtitles Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: […]

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Rogue Nation Sinhala Sub
Mission: Impossible – Rogue Nation Sinhala Subtitles
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.

මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.

Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/feed/ 0
Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48133 Prometheus Sinhala Sub Prometheus Sinhala Subtitles Prometheus (2012) Sinhala Sub Prometheus (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න […]

The post Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prometheus Sinhala Sub
Prometheus Sinhala Subtitles
Prometheus (2012) Sinhala Sub
Prometheus (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ෆිල්ම් එක සුපිරි එකක් කියලා. මොකද අධ්‍යක්ෂණකගේ කලින් ෆිල්ම් ටික දැක්ක ගමන් කට්ට්යම මතක් වෙනවනේ මොහු කොයි වගේ දක්ෂයෙක්ද කියලා…

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Noomi Rapace ( The Girl with the Dragon Tattoo, Sherlock Holmes: A Game of Shadows, Passion) දොස්තර එලිසබත් ශෝව් ගේ චරිතය තමයි මෙයා කරන්නේ. ඊට අමතරව Charlize Theron – ම(ර්)ඩිත් වික(ර්)ස් ( Snow White & the Huntsman, Hancock, Young Adult), Idris Elba – කපිතාන් ජෑන්ක් (Ghost Rider: Spirit of Vengeance, Thor, Legacy, The Unborn), Logan Marshall-Green – චාලි හොල්වේ (Devil, Law & Order , 24 රුපවාහිනී කථා මාලාව ), Guy Pearce – පීටර් වේලන්ඩ් (Lockout, Seeking Justice, The Hurt Locker, The Time Machine), Michael Fassbender – ඩේවිඩ් ( Shame, Haywire) මේ වගේ සුපිරිම සෙට් එකක් තමයි මේකේ රඟපාන්නේ.

කථාව පටන්ගන්නේ වර්ෂ 2089 දී දොස්තර එලිසබත් ශෝව් හා ආචාර්ය චාලි හොල්වේ දෙපලට හමුවෙන ගුහා චිත්‍රයක් ඔස්සේ ඔස්සේ ඔවුන් මානවයගේ සම්භවය මොනවගේද සිද්ධ වුනේ කියලා සොයා බලනවා. මෙයට සමාගමේ අයිතිකරු වන පීටර් වේලන්ඩ් මුදල් යොදවා ඔවුන්ට අභ්‍යවකාශ යානාවක් (Prometheus) ලබා දෙනවා මිනිසුන් නිර්මාණය කළා වූ ඒ පිටසක්වල ජීවින් සොයා යෑමට. මේ අභ්‍යවකාශ යානාවේ ප්‍රධානවත්ය දරන්නේ පීටර්ගේ දියණිය වන ම(ර්)ඩිත් වික(ර්)ස් මෙනවිය විසිනි. මැයට සහයෝගය දීමට කෘතීම මිනිසෙකු වන ඩේවිඩ් වේලන්ඩ් සමාගම ඇයට ලබා දී තිබේ. මෙම රොබෝවරයා සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නේ පීටර් වේලන්ඩ් මහතාට අවශ්‍යය පරිදි වේ. නමුත් යානයේ යන කිසිවෙක් මේ බව දන්නේ නැත. ඔවුන් සිතන්නේ පීටර් වේලන්ඩ් මහතා මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් සියළු දෙනාම නිරුපද්‍රිතව වර්ෂ 2093 වනවිට ගවේෂණයට ආ යුතු ගමනාන්තයට ලගා වෙනවා. මොවුන් එහි ගොඩ බැස පරික්ෂාකර බලනවිට එහි සිටි ජිවින්ගේ සිරුරු හමුවෙනවා. නමුත් මේ අතරේ කාටත් හොරෙන් ඩේවිඩ් විසින් තම ස්වාමියාගේ අණට අනුව රහස් මෙහෙයුමක යෙදෙනවා. එහිදී ගවේෂණයේ සිටින පිරිස් යොදාගෙන තමයි මේක වෙන්නෙත්. නමුත් ඔවුන් ඒ බවක් දන්නෙත් නෑ…

මේ අය යෙදෙන පර්යේෂණය මොකද්ද ? මියගිය කෙනෙක් කොහොමද මෙය කරවන්නේ ? කණ්ඩායමට මානවයාගේ සම්භවය සොයාගැනීමට පුළුවන් වෙයිද ? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන් බලන්නම වෙනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත පොල්ගස්දෙණිය සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prometheus-2012-sinhala-subtitles/feed/ 0