Seann William Scott Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seann-william-scott/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Seann William Scott Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seann-william-scott/ 32 32 Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/#comments Sun, 25 Aug 2024 06:53:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74262 Jackpot! Sinhala Sub Jackpot! Sinhala Subtitles Jackpot! (2024) Sinhala Sub Jackpot! (2024) Sinhala Subtitles ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර […]

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jackpot! Sinhala Sub
Jackpot! Sinhala Subtitles
Jackpot! (2024) Sinhala Sub
Jackpot! (2024) Sinhala Subtitles

ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර තෑගී මුදල ඩොලර් බිලියන 3.6ක්..මෙතුවක් කාලෙකටම දෙන ලොකුම මුදල් තෑග්ග මේක නිසා මිනිස්සු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා කවුද මේක දිනන්නේ කියලා…හොඳම දේ තමයි…

මේ ලොතරැයිය දිනන කෙනාවට එදාම ඉර බහින්න කලින් මරණ ඕනෑම කෙනෙක්ට ඒ මුදල නිත්‍යානුකුලව තමන්ගේ කරගන්න පුළුවන්…එකම කොන්දේසිය තමයි ලොතරැයිය දිනන කෙනාව මරන්න තුවක්කු පාවිච්චි කරන්න බැහැ…වාසනාවකට හෝ අවාසනාවකට නිළියක් වෙන්න සිහින දකින කේටී කිම් කියන තරුණිය මේ ලොතරැයිය අදින දවසෙම ලොස් ඇන්ජලිස් වලට එනවා….වැරදීමකින් වෙන කෙනෙක්ගේ ටිකක් එකක් හරහා එයාගේ ඇඟිලි සලකුණ වැදිලා මෙයාව දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙනවා…..කොහොම හරි අවසානයේ මුදල් තෑග්ග දිනා ගන්නේ කේටී කිම්….කිසිම දෙයක් නොදන්නා කේටී කිම් පස්සෙන් මිනිස්සු මරන්න පන්නගෙන එද්දී එයාගේ උදව්වට ආරක්ෂක ඒජන්ට් කෙනෙක් එනවා..එයාගේ නම නොයෙල්…මෙයා කේටී කිම්ගේ ජීවිතය බේරන්න පොරොන්දු වෙනවා 10%ක කොමිස් මුදලකට…

කේටී කිම් ඉර බහිනකන් ජිවත් වෙයිද ? නොයෙල් සහ කේටී කිම් අන්තිමේදී මේ මුදල් තෑග්ග දිනාගන්නකන් සටන් කරයිද ? කවුද මෙයාලට තර්ජනයක් වෙන්නේ ? මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා….

සටන්…සිනහව….ආදරය….යාළුකම…මනුස්සකම ගැන හරි ලස්සනට හාස්‍යජනකව ගෙනහැර දක්වන චිත්‍රපටයක් මේක !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නවංජනා (Thizu) සහෝදියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jackpot-2024-sinhala-subtitles/feed/ 2
Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/final-destination-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/final-destination-2000-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:17:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48169 Final Destination Sinhala Sub Final Destination Sinhala Subtitles Final Destination (2000) Sinhala Sub Final Destination (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක […]

The post Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination Sinhala Sub
Final Destination Sinhala Subtitles
Final Destination (2000) Sinhala Sub
Final Destination (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක් මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/final-destination-2000-sinhala-subtitles/feed/ 0
The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-wrath-of-becky-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-wrath-of-becky-2023-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 10:02:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42341 The Wrath of Becky Sinhala Sub The Wrath of Becky Sinhala Subtitles The Wrath of Becky (2023) Sinhala Sub The Wrath of Becky (2023) Sinhala Subtitles Kandahar (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. අපේ විමා සහෝ තමයි මට මේක හොයලා දුන්නේ. The Wrath of Becky කියන්නෙ 2020 නිකුත් උන Becky ෆිල්ම් […]

The post The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Wrath of Becky Sinhala Sub
The Wrath of Becky Sinhala Subtitles
The Wrath of Becky (2023) Sinhala Sub
The Wrath of Becky (2023) Sinhala Subtitles

Kandahar (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. අපේ විමා සහෝ තමයි මට මේක හොයලා දුන්නේ. The Wrath of Becky කියන්නෙ 2020 නිකුත් උන Becky ෆිල්ම් එකේ Sequel එක. මේක බලන්න ඒ ෆිලුම බලන්නම ඕන නෑ. හැබැයි ඒකත් බලලා බැලුවට පාඩුවකුත් නෑ.

මේ වෙද්දි ෆිල්ම් එක IMDb හි 6.0ක අගයකුත් 86% කුණු තක්කාලි අගයකුත්, 82% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මැයි මස 26 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිකුත් උනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Angel සහ Suzanne Coote දෙදෙනා විසින්. ප්‍රධාන චරිතය වෙන බෙකී විදියට Lulu Wilson රංගනයෙන් දායක වෙන අතර Ameriacan Pie චිත්‍රපට මාලාවේ “ස්ටිෆ්ලර්” ලෙස ජනප්‍රියවූ Seann William Scott ඩැරල් ලෙසත්, Denise Burse එලේනා ලෙසත්, Michael Sirow ඇන්තනී ලෙසත් තම රංගන දායකත්වය ලබාදෙනවා.

ඔයාලා කලින් ෆිල්ම් එක බැලුවනම් බෙකී කියන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ. එහෙම නොදන්න අයට පොඩි විස්තරයක් කියන්නම්. බෙකී එහෙමත් නැත්තම් රෙබෙකා කියන්නේ අම්මා පිළිකාවන් නිසා මියගියාට පස්සේ එයා තාත්තත් එක්ක ජීවත් වෙන ගෑණු ළමයෙක්. දවසක් හිරෙන් පැනලා එන නව නාසිවාදී සිරකාරයෝ වගයක් මෙයාගේ තාත්තව මරනවා. එදා ඉඳන් අනාථයෙක් වෙන බෙකී හරිම මුරණ්ඩු, හිතුවක්කාර විදියට තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාට ඩියේගෝ කියලා බලු යාළුවෙකුත් ඉන්නවා. ගොඩක් පවුල් බෙකීව හදාගන්න අරගත්තත් මෙයා පලවෙනි දවසේ රෑම ඒ ගෙවල් වලින් පැනලා යනවා.

එහෙම යන වෙලාවක තමයි මෙයාට එලේනව හම්බෙන්නේ. එලේනා කියන්නේ වයසක, තනියම ගෙදරක ඉන්න ගෑනු කෙනෙක්. ඉතිං බෙකී උදේට අවන්හලක වැඩකරන ගමන් සතුටින් එලේනත් එක්ක ඒ ගෙදර ජීවත් වෙනවා. ඔහොම ඉන්න අතරතුර තමයි නෝබල් මෙන් කියන ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෝ තුන්දෙනෙක් බෙකී වැඩ කරන අවන්හලට එන්නේ. ඒ තුන්දෙනා බෙකීට කරන විහිළුවක් නිසා ඒකට පලිගන්න බෙකී කරන වැඩේට මේ අයට ගොඩක් කේන්ති යනවා. ඒ නිසා මේ තුන්දෙනා බෙකීගේ පස්සෙන් ගෙදරට යන්නේ එයාව පොඩ්ඩක් බය කරන්න කියලා හිතාගෙන. ඔන්න ඔතනින් තමයි වැඩේ දුරදිග ගිහින් හිතපු නැති දේවල් වෙන්නේ. ඒ සිද්ධවෙන දේවල් දැක්කම ඔයාලට අනිවාර්යයෙන්ම ජෝන් වික් පලවෙනි ෆිල්ම් එක මතක් වෙයි හොදේ.

එහෙනම් තව මුකුත් කියන්නේ ඕන නෑනේ ෆිල්ම් එකේ ඉතාම පොඩි කොටසයි මම කිව්වෙ. ඉතිං ඔයාලත් උපසිරසිය අරන් කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මට මේ ෆිලුම ගැන දැනුවත් කරපු විමා සහෝටත්, ෆිලුම උපසිරසි ගන්වන්වන්න අවසර දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-wrath-of-becky-2023-sinhala-subtitles/feed/ 0