Shawnee Smith Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shawnee-smith/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 04:23:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shawnee Smith Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shawnee-smith/ 32 32 Saw III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-iii-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-iii-2006-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 14:30:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4998 The post Saw III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Saw III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-iii-2006-sinhala-subtitles/feed/ 0
Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/#comments Mon, 30 Oct 2023 07:52:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58774 Saw Sinhala Sub Saw Sinhala Subtitles Saw (2004) Sinhala Sub Saw (2004) Sinhala Subtitles ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw […]

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw Sinhala Sub
Saw Sinhala Subtitles
Saw (2004) Sinhala Sub
Saw (2004) Sinhala Subtitles

ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

හොදයි එහෙනම් මම මේ ෆිල්ම් එකේ සාරාංශය පොඩිඩක් කියන්නම්. මේක පටන්ගන්නේ මිනිස්සු දෙන්නෙක් නාන කාමරයක හිරකරලා තියෙන දර්ශණයකින්. දෙන්නගේම කකුල් වලට දම්වැල් දාලා බැදලා තියෙන්නේ. ඉතින් මෙ දෙන්නා දම්වැල කඩන්න ට්‍රයි කර කර ඉන්නකොට එක්කෙනෙක්ට හම්බවෙනවා කියතක්. අනිත් කෙනාට හම්බවෙන්නේ කැසටි ටෙප් එකක්. ඒ ටෙප් එකේ තමයි මෙතනින් ගැලවිලා යන ක‍්‍රමය තියෙන්නේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ. ඉතින් මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම රසවිදින්න. ආ! තව එකක් කියන්න ඔනේ ගොඩක් සංවෙදි කටිටිය මෙක බලන්න එපා! ඉතින් මම ළගදීම මෙකේ දෙවැනි කොටසත් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. පළවෙනි ලිපිය හින්දා වැරදි ඇති ගණන් ගන්න එපා. කටිටියම ෆිල්ම් එක රසවිදලා Comment එකකුත් දාගෙනම යන්න හොඳේ!

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/feed/ 2
Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/#comments Fri, 20 Oct 2023 16:44:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57790 Saw X Sinhala Sub Saw X Sinhala Subtitles Saw X (2023) Sinhala Sub Saw X (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, […]

The post Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw X Sinhala Sub
Saw X Sinhala Subtitles
Saw X (2023) Sinhala Sub
Saw X (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, ටෙක්සාස් චෙන්සෝ, ස්ක්‍රීම් වගේ ඝාතකයෙක් මිනිස්සු මරණ ෆිල්ම් වලට පිටින් ගිහින් මාස්ටර් මයින්ඩ් එකකින් ගේම් ගහලා අන්තිමේදි ප්‍රේක්ෂකයාට හිතාගන්නවත් බැරි අවසානයක් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් තමයි මේක.

Saw ෆිල්ම් සීරිස් එක ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙන්නේ මේකෙ ඉන්න ඝාතකයා වෙන ජිග්සෝ නිසා. ගොඩක් ස්ලෑෂර් ෆිල්ම් වල වගේ හිතුමතේ මිනිස්සු මරණවා වෙනුවට මේකිදි ජිග්සෝ කරන්නේ වැරදි කරන මිනිස්සුන්ව අල්ලලා ඔවුන්ව ගේම් එකකට හිර කරලා එයාලගෙ වැරදි හදාගන්න තමන්ටම අවස්ථාවක් දෙන එකයි. කලින් ෆිල්ම් බලපු අය නම් දන්නවා ඇති ඒ ගේම් මොන තරම් දරුණුද කියලා වගේම ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කිරීමේ අයිතියත් ක්‍රීඩකයාටමයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ ෆිල්ම් වල තිබුනු අවසානයන් ගැනත් මතක් නොකරම බෑ. මොකද කිව්වොත් ප්‍රේක්ෂකයාව ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙන තරමේ සුපිරිම ප්ලොට් ට්විස්ට් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් බවටත් Saw ප්‍රසිද්දයි.

වැඩිය ඕන්නෑ ඔයාල හොරර්/ස්ලෑෂර් ෆිල්ම් රසිකයෝ නම් අනිවාරෙන් මේකෙ මුල් ෆිල්ම් තුන බලලා ඉන්න, කිසිම පාඩුවක් නෑ වගේම මේකෙ පලවෙනි ෆිල්ම් එක බලපු ගමන් අනිවා අනික් ටිකත් නිකංම බැලෙයි. මොකද මේකෙ මුල් ෆිල්ම් එකකට එකක් කොහොම හරි සම්බන්ද වෙනවා. හැබැයි මේ Saw x අළුත් ෆිල්ම් එක නම් කලින් ෆිල්ම් වලට සම්බන්ද නෑ කියන්නේ නෑ, හැබැයි ඒ වගේ වෙන සිද්ධි අනං මනං මේකෙ මුකුත්ම නෑ අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඉතිං නියම ගැම්මක් තියෙන්නේ නම් මේකෙ පලවෙනි ෆිල්ම් දෙක තුනවත් බලලා බැලුවොත් තමා. මොකද එතකොට තමා මේකෙ යකා මොන වගේ එකෙක්ද කියලා අපිට දැනගන්න හැකිවෙන්නේ.

එහෙනම් අපි මේ ෆිල්ම් එකේ වටේ තොරතුරු ටිකක් දැනගෙන ඉමු. මේක තමයි මේ  Saw ෆිල්ම් සීරිස් එකේ දසවන ෆිල්ම් එක,

1 Saw(2004)

2 Saw II(2005)

3 Saw III(2006)

4 Saw IV(2007)

5 Saw V(2008)

6 Saw VI(2009)

7 Saw 3D(2010)

8 Jigsaw(2017)

9 Spiral(2021)

10 Saw X(2023)

මේක ෆිල්ම් එක ලංකාවෙ ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වෙන්නේ සැප්තැම්බර් 28 වෙනිදා සහ වෙබ් පිටපත් නිකුත් වුණේ අද(ඔක්තොම්බර් 20 වෙනිදා). මේකෙත් බෙදාහැරීම් කටයුතු කළේ කලින් ෆිල්ම් වල වගේම Lionsgate ආයතනය විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 13 වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 72.5 උපයාගන්නත් හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Saw VI, Saw 3D, Spiral, Jessabelle(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Kevin Greutert මහතා විසිනුයි.

මේකෙ කාස්ට් එක ගැන කතා කලොත්, අපිට මේකෙදි හුරුපුරුදු චරිත තුන්දෙනෙක් බලාගන්න පුළුවන් වෙනවා එනම් කලින් ෆිල්ම් වලට ජිග්සෝ නැතිනම් ජෝන් ක්‍රේමර් චරිතයට පණ දුන්  Tobin Bell, වගේම මේකෙ පලවෙනි ෆිල්ම් තුනේදි අපිට බලාගන්න හැකිවුණ ඇමැන්ඩත් මේකෙ ඉන්නවා සහ ඇයගෙ චරිතය නිරූපනය කරන්නෙත් කලින් නිලියම තමයි Shawnee Smith විසින්.”හැබැයි තුන්වෙනි එකා ගැන නම් මං කියන්න යන්නෙ නෑ, ඒක දැනගන්න ඔයාලට මේක බලන්නම වෙයි”

ඊට අමතරම අපිට මේකෙදි Synnøve Macody Lund, Renata Vaca, Michael Beach, Steven Brand වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් සෑහෙන්න ඉහල ප්‍රතිචාර මේකට ලැබිල තියෙනවා සහ IMDb එක විසින් Saw ෆිල්ම් සීරිස් එකේ දෙවෙනියට හොඳම ෆිල්ම් එක විදිහට මේක නම් කරල තියෙනවා. ඊට අමතරව මනාප 20, 700 අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයක් ගන්නත් කුණු තක්කාලි 79% ගන්නත් සමත් වෙලා තියෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එකේ තරම?

මේකෙ කාල රාමුව දිවයන්නේ Saw(2004) පලවෙනි ෆිල්ම් එකත් Saw(2005) දෙවෙනි ෆිල්ම් එකත් අතර මැදි කාලයටයි. හැබැයි මේකෙ කතාව යන්නේ මෙක්සිකෝවෙ, කලින් ෆිල්ම් වල දැක ගන්න බැරිවුණ වෙනස්ම වටපිටාවක. අන්න ඒකයි මං කලින් කිව්වේ මේකෙ චරිත කලින් ෆිල්ම් වල අය වුණාට කතාව වෙනස්ම එකක් කියලා. අපිට මේකෙ මුල් ෆිල්ම් වලදි බලාගන්න පුළුවන් වුණේ මිනිස්සුන්ව අල්ලන් ඇවිත් කෙලින්ම ඔවුන්ගෙන් තරඟ කරන හැටිනෙ, ඔවුන් කරපු වැරදි මොනවද එයාල කොච්චර දුරට වැරදීද කියලා ඉතිහාස කතාවක් අපිට ඒවගෙන් බලාගන්න පුළුවන් වුණේ නෑ වැඩිය.

ඒ නිසා අවසානය වෙනකොට ඔවුන් එච්චර ගේමක් දීල තරඟ කරපු එකේ බේරුණා නම් හොඳයි කියලා කොයි කාටත් හිතෙන්න ඇති. හැබැයි මේ ෆිල්ම් එකේදි නම් ඒකෙ පොඩි වෙනසක් කරල තියෙනවා. මොකද මේකෙ හොඳ පැහැදිලි කතා තේමාවක් එක්ක තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා කැමති අය ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ අනික් ඒවා නොබලා, මොකද මේකෙ මං කලින් කිව්වත් වගේ ජිග්සොගෙ අළුත්ම ගේම් එකක් තියෙන්නෙ වගේම කතාවේ චරිත ගැනත් හොඳටම පැහැදිලි කිරීමක් අපිට පෙන්නනවා. හැබැයි මං මේකෙ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ, මොකද මුල ඉදන්ම මේකෙ කුතුහලය ත්‍රාසය මං පොඩ්ඩක්වත් කියනවට වඩා බලලම විඳින එකයි වඩාත් හොඳ.  

ඒ වගේම විශේශයෙන්ම මතක් කරන්න ඕනෙ මට නම් මේක ගොඩ කාලෙකට පස්සෙ බලපු ඇගට දැනුනු සුපිරිම හොරර්/ස්ලෑෂර් ෆිල්ම් එකක්, මොකද මේකෙ අවසානය ඇගත් එක්ක හිරි වැටිල යන සුපිරිම එන්ඩ් එකක් තමා තියෙන්නේ. සමහරවිට අනිවාරෙන් ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි මේක තමයි අන්තිමට වෙන්නෙ කියලා ඒත් ඔයාල ඒ අවසානය වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉදීවි කියලා සැක නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතිං කියන්න තියෙන්නේ එච්චරයි මේ Saw X ෆිල්ම් එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක් ඉන්නවා නම් මං මේ කියපු ටිකයි මේකෙ රේටින් සහ රිවීව්ස් බැලුවහම අනිවාරෙන් බලන්න හිතෙයි. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-x-2023-sinhala-subtitles/feed/ 2