Simon McBurney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simon-mcburney/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 23 Jan 2025 14:50:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Simon McBurney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simon-mcburney/ 32 32 Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nosferatu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nosferatu-2024-sinhala-subtitles/#comments Thu, 23 Jan 2025 14:50:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87762 Nosferatu Sinhala Sub Nosferatu Sinhala Subtitles Nosferatu 2024 Sinhala Sub Nosferatu (2024) Sinhala Sub Nosferatu (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nosferatu Sinhala Sub
Nosferatu Sinhala Subtitles
Nosferatu 2024 Sinhala Sub
Nosferatu (2024) Sinhala Sub
Nosferatu (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nosferatu-2024-sinhala-subtitles/feed/ 1
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/#respond Sun, 03 Sep 2023 06:25:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36459 The Pale Blue Eye Sinhala Sub The Pale Blue Eye Sinhala Subtitles The Pale Blue Eye (2022) Sinhala Sub The Pale Blue Eye (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම […]

The post The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Pale Blue Eye Sinhala Sub
The Pale Blue Eye Sinhala Subtitles
The Pale Blue Eye (2022) Sinhala Sub
The Pale Blue Eye (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම නිකුත් වුණු Louis Bayardගේ නවකතාව පාදක කරගෙන ස්කොට් කූපර් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. 2022 දෙසැම්බර් 23 මුල්වරට නිකුත් කෙරුණු අතර තෝරාගත් සිනමාහල් කිහිපයක පමණක් ප්‍රදර්ශනය කෙරුණා. අනතුරුව 2023 ජනවාරි 06 වැනිදා මෙය නෙට්ෆ්ලික්ස්හි විකාශය කෙරුණා. 2023 දී 21 වන Visual Effects Society Awards සම්මාන උළලේ Outstanding Supporting Visual Effects in a Photoreal Feature සම්මානය වෙනුවෙන් නිර්දේශ වීමටත් The Pale Blue Eye සිනමාපටය සමත් වෙනවා.

තම බිරිඳගේ මරණයෙන් අනතුරුව තදින් බීමට ඇබ්බැහි වුණු ඔගස්ටස් ලැන්ඩර් විශ්‍රාමලත් රහස් පරීක්ෂකයෙක්. 1830 ගණන්වල නිව්යෝක් වල එක්සත් ජනපද යුධ විද්‍යාලයේ සිදුවුණු බිහිසුණු මිනීමැරුමක් පිළිබඳව විමර්ෂණයක් සිදු කිරීමට විශ්‍රාමික රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් හට ආරාධනා ලැබෙනවා. ශිෂ්‍ය භටයෙක් වන ලෙරෝයි ෆ්‍රයි හිටිහැටියේම අතුරුදන් වන අතර ඔහුගේ දේහය මධ්‍යම රාත්‍රියක විද්‍යාලය ආසන්නයේ ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනෙනවා. ඔහුගේ දේහය ඉවත් ගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ රෝහල් වාට්ටුවේ තිබියදීම කිසිවෙකු විසින් ඔහුගේ පපුව කපා හෘදය වස්තුව ඉවත් කරගැනෙනවා. මේ දේවල් සමඟින් ඝාතනයේ සැකය විද්‍යාලය තුලම අයෙක් විසින් කරන ලද බවට සැකයක් ලැන්ඩර් ට ඇතිවෙනවා. ඔගස්ටස් ලැන්ඩර් එම අබිරහස විසඳීමට එම විද්‍යාලයේම ශිෂ්‍ය භටයෙක් වන එඩ්ගා ඇලන් පෝගේ සහය ලබා ගනිමින් ඝාතකයා කොටු කරගැනීමට දරණ ප්‍රයත්නය මෙහි අන්තර්ගතයි. බටහිර සාහිත්‍යයේ සුප්‍රකට නවකතා කරුවෙකු, කවියෙකු වන එඩ්ගා ඇලන් පෝ 1829 වකවානුවේ නිව්යෝක්, වෙස්ට් පොයින්ට් හි එක්සත් ජනපද යුධ විද්‍යලයේ සේවයේ නියුක්තව සිටියද, මේ අබිරහස් විමර්ෂණයේ සිදුවීම The Pale Blue Eye කෘතියේ රචක Louis Bayardගේ ප්‍රබන්ධයක් ලෙසයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් එඩ්ගා ඇලන් පෝගේ කාව්‍ය නිර්මාණ ශක්තිය සහ කාව්‍ය නිර්මාණ වස්තුවිෂයක් ලෙස මරණය පිළිබඳව ඔහු දැක්වූ ආකල්ප මෙම නිර්මාණයෙන් හුවා දැක්වීමට ඔහු උත්සහ දරා තිබෙනවා.

සුප්‍රකට නළු Christian Bale තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් ගේ චරිතය නිරූපණය කරන්නේ. Harry Potter චිත්‍රපට මාලාවේ ඩඩ්ලි ඩර්ස්ලිගේ චරිතය නිරූපණය කළ Harry Melling මෙහි එඩ්ගා ඇලන් පෝගේ චරිතය නිරූපණය කරනවා. The X Files කතා මාලාවේ ඩෙනා ස්කලී චරිතය නිරූපණය කළ Gillian Anderson මෙහි ජුලියා මාක්විස් නැමැති වෛද්‍ය බිරිඳගේ චරිතයට පණ පොවනවා. ඒ හැර අනෙක් චරිත සඳහා පහත දැක්වෙන රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා.

  • Steven Maier ශිෂ්‍යභට ලෙරෝයි ෆ්‍රයි ලෙසින්
  • Toby Jones වෛද්‍ය ඩැනියෙල් මාක්විස් ලෙසින්
  • Lucy Boynton ලියා මාක්විස් ලෙසින්
  • Charlotte Gainsbourg පැට්සි ලෙසින්
  • Harry Lawtey ශිෂ්‍යභට ආටෙමස් මාක්විස් ලෙසින්
  • Simon McBurney කපිතාන් හිච්කොක් ලෙසින්
  • Hadley Robinson මැටී ලෙසින්
  • Timothy Spall පාලක තේයර් ලෙසින්
  • Robert Duvall ජීන් පෙපේ ලෙසින්
  • Joey Brooks ශිෂ්‍යභට ස්ටොඩාඩ් ලෙසින්
  • Brennan Keel Cook ශිෂ්‍යභට හන්ටූන් ලෙසින්
  • Gideon Glick ශිෂ්‍යභට හොරේෂියෝ කොක්‍රේන් ලෙසින්
  • Fred Hechinger ශිෂ්‍යභට රැන්ඩල්ෆ් බැලිංජර් ලෙසින්
  • Matt Heim ශිෂ්‍යභට ලෙවලින් ලී ලෙසින්
  • Jack Irving ශිෂ්‍යභට හැමිල්ටන් ලෙසින්
  • Charlie Tahan ශිෂ්‍යභට ලෆ්බරෝ ලෙසින්

එසේනම් මේ රසවෑහෙන සිනමා නිර්මාණය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. එසේනම් නැවතත් ෆිල්ම් එකකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-pale-blue-eye-2022-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:22:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49815 Mission: Impossible – Rogue Nation Sinhala Sub Mission: Impossible – Rogue Nation Sinhala Subtitles Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: […]

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Rogue Nation Sinhala Sub
Mission: Impossible – Rogue Nation Sinhala Subtitles
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.

මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.

Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/feed/ 0