Simon Pegg Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simon-pegg/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 11:08:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Simon Pegg Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simon-pegg/ 32 32 Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/#comments Thu, 07 Nov 2024 10:10:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55343 Mission: Impossible – Dead Reckoning Part One Sinhala Sub Mission: Impossible – Dead Reckoning Part One Sinhala Subtitles Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Sub Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. හොඳයි මෙ […]

The post Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Dead Reckoning Part One Sinhala Sub
Mission: Impossible – Dead Reckoning Part One Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Sub
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.

හොඳයි මෙ ගෙනාවේ වෙන එකක් නෙවෙයි ඔයාලා එනකල්ම බලාගෙන හිටපු Tom Cruiseගේ Mission Impossible – Dead Reckoning Part One.

2022දී හොලිවුඩයේ සාර්ථකම තරුව වුණ Tom Cruise, “Top Gun: Maverick” සිනමාපටයෙන් ලෝකය වසඟයට අරන් ඇමරිකානු ඩොලර් බිලියන $1.4ක ආදායමක් හොයාගන්නවා. ඉන් අවුරුද්දකට පස්සේ Tom Cruise සුපුරුදු ජවසම්පන්න රංගනයත් එක්ක ජනප්‍රිය “Mission Impossible” චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය “Dead Reckoning: Part One” එක්ක ආයෙත් කරළියට එනවා.

අපි Mission Impossible මාලාවේ ඉතිහාසය ගැන මුලින්ම ටිකක් බලමු.

1966දී Bruce Gellerගේ රචනයෙන් නිර්මාණය වුණ Mission Impossible, එපිසෝඩ් 171කින් සමන්විත කතාමාලාව CBS නාළිකාව හරහා විකාශය වුණා අතර පසු කාලයක Mission Impossible vs. the Mob නමින් චිත්‍රපටියක්ද නිකුත්වුණා.Tom Cruiseගේ Mission Impossible මාලාව ආරම්භ වුණේ 1996දී ඒ Ethan Hunt ප්‍රධාන චරිතයෙන්. ඒවා නම් වශයෙන් බැලුවොත්,

1. Mission: Impossible (1996)
2. Mission: Impossible 2 (2000)
3. Mission: Impossible III (2006)
4. Mission: Impossible – Ghost Protocol (2011)
5. Mission: Impossible – Rogue Nation (2015)
6. Mission: Impossible – Fallout (2018)
7. Mission: Impossible – Dead Reckoning Part One (2023)

එතකොට මේ අද ආව Mission: Impossible – Dead Reckoning චිත්‍රපටිය කොටස් දෙකකට තමා නිකුත්වෙන්නේ. දෙවනි කොටස 2024දී නිකුත්වෙන්න දැනට නියමිතවෙලා තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018) කියන චිත්‍රපටි 2ත් අධ්‍යක්ෂණය කරපු Christopher McQuarrie. Tom Cruise හා McQuarrie එකතුවෙන් නිෂ්පාදනය වුණ චිත්‍රපටිය බෙදාහැරීම් කරන්නේ Paramount Pictures හරහා.

Tom Cruiseට අමතරව Hayley Atwell (ග්‍රේස්), Ving Rhames (ලූතර්), Simon Pegg (බෙන්ජි), Rebecca Ferguson (ඉල්සා), Esai Morales (ගේබ්‍රියල්) සහ තවත් නලු නිළියන් රැසක් මෙහි රංඟනයෙන් දායාකත්වය සපයනවා.

Dead Reckoning: Part One තුළින් Tom Cruise තමන්ගේ ජවසම්පන්න රංගනය අපිට පෙන්නන්නේ ඇස් අදහාගන්න බැරි දර්ශනත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා ඇති චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා බයික් එකත් එක්කම කන්දකින් පහළට පනින එකක්. ඒක ඉතින් අපේ Tom Cruiseම කරපු කතාවත් දන්නවා ඇති සමහරු. ඉතින් ඒකම මදිදි Tom Cruiseගේ ගැම්ම පෙන්වන්න. මොකද Tom Cruise කියන්නේ දැන් තරුණයෙක් නෙවෙයි. වයස අවුරුදු 61ක පුද්ගලයෙක්. ඒවගේම McQuarrie නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ලස්සන රුප මවන්නට සමත්වෙලා තියෙනවා. CIG උපයෝගී කරගෙන තියෙන්නෙත් හුඟක් අඩුවෙන්. කොහොමහරි අවසානෙක කියන්න තියෙන්නේ මඟෑරගන්නේ නැතුව අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ.

ෆිල්ම් එක ගැන කතා කරොත්, ස්පොයිල් වෙන නිසා මං ස්ටෝරිය නොකියා ඉන්නම්. ඔයාලම අරගෙන ත්‍රාසජනක අත්දැකීමක් ගන්න.

එහෙනම් පහළින් ෆිල්ම් එකත් අරගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න අපිට ඒක ලොකු හයියක්.
නැවතත් අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-dead-reckoning-part-one-2023-sinhala-subtitles/feed/ 9
The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-ice-age-adventures-of-buck-wild-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-ice-age-adventures-of-buck-wild-2022-sinhala-subtitles/#comments Tue, 08 Oct 2024 01:05:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12759 The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles The fearless one-eyed weasel Buck teams up with mischievous possum brothers Crash & Eddie as they head off on a new adventure into Buck’s home: The Dinosaur World. The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles

The post The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles

The fearless one-eyed weasel Buck teams up with mischievous possum brothers Crash & Eddie as they head off on a new adventure into Buck’s home: The Dinosaur World.

The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles

The post The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-ice-age-adventures-of-buck-wild-2022-sinhala-subtitles/feed/ 3
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 10:00:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59050 America: The Motion Picture Sinhala Sub America: The Motion Picture Sinhala Subtitles America: The Motion Picture (2021) Sinhala Sub America: The Motion Picture (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි.. මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල […]

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
America: The Motion Picture Sinhala Sub
America: The Motion Picture Sinhala Subtitles
America: The Motion Picture (2021) Sinhala Sub
America: The Motion Picture (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි..

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල  ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය  වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සංජීව ගිම්හාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:24:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49832 Mission: Impossible – Fallout Sinhala Sub Mission: Impossible – Fallout Sinhala Subtitles Mission: Impossible – Fallout (2018) Sinhala Sub Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. ෆිල්ම් එක පිළිබද තොරතුරු […]

The post Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Fallout Sinhala Sub
Mission: Impossible – Fallout Sinhala Subtitles
Mission: Impossible – Fallout (2018) Sinhala Sub
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.

MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් ? ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.

මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං ? ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න ?

ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්‍යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන Film එක ගන්න යමු ?.

ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-fallout-2018-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:22:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49815 Mission: Impossible – Rogue Nation Sinhala Sub Mission: Impossible – Rogue Nation Sinhala Subtitles Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: […]

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Rogue Nation Sinhala Sub
Mission: Impossible – Rogue Nation Sinhala Subtitles
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.

මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.

Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-rogue-nation-2015-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49797 Mission: Impossible – Ghost Protocol Sinhala Sub Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක […]

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Ghost Protocol Sinhala Sub
Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන් කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….

කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/feed/ 0
Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:17:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49780 Mission: Impossible III Sinhala Sub Mission: Impossible III Sinhala Subtitles Mission: Impossible III (2006) Sinhala Sub Mission: Impossible III (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්. මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් […]

The post Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible III Sinhala Sub
Mission: Impossible III Sinhala Subtitles
Mission: Impossible III (2006) Sinhala Sub
Mission: Impossible III (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්. මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් අරං තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.J.Abrams ප්‍රධාන චරිතය රඟපාන්නෙත් Tom Cruise.

කතාව ගැන කියනවනම් ඊතන් හන්ට් (Tom Cruise) මේ භයානක වැඩ කරලා එපා වෙලා ආධුනිකයෝ පුහුණු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. ඉතිං එයා කසාදයක් බඳිනවා.ඒත් බිරිඳට තමන් මොනවද කරන්නේ කියලා ඇත්ත කියන්නෙ නෑ.මේ අස්සෙ හන්ට්ට කෝල් එකක් එනවා විශේෂ වැඩක් තියෙනවා කියලා.ගිහින් බැලුවම එයා පුහුණු කරපු හොඳම කෙනා ෆැරිස්, මෙහෙයුමකදී හතුරට අහුවෙලා.හතුරා තමයි ඕවන් ඩේවියන් කියන බරපතල අපරාධකාරයා .ඉතිං හන්ට්වයි කණ්ඩායමකුයි යවනවා ෆැරිස්ව බේරගෙන එන්න. මෙයාලට ෆැරිස්ව බේර ගන්න පුළුවන් වෙයිද? කොහොමහරි මේකට හන්ට්ගේ බිරිඳවත් ගෑවෙනවා.හන්ට්ට හා පාදය කියලා දෙයක් හොයන්න වෙනවා.බිරිඳට මොකද වෙන්නෙ? හා පාදය මොකක්ද? ඒක හොයාගන්නෙ කොහොමද? ඩේවියන්ට මොකද වෙන්නෙ? මේවා දැනගන්න කතාව බලන්න වෙයි. මේක බලලා තිබුණත් ආයෙ බලන්න. ක්‍රියාදාම පිරිලා.කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන්.පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. ඒක හුඟක් වටිනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/feed/ 0
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/#comments Sat, 29 Jul 2023 21:37:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47667 The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Sub The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Subtitles The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Sub The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනංමනං කතා […]

The post The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Sub
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Subtitles
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Sub
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනංමනං කතා නැතිව කෙලින්ම මේ කතාවට බහින්නම්…. මුලින්ම මම කතා සාරාංශයට යන්න කලින්, සමහරුන්ට වැදගත් නොවන සමහරුන්ට වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නම්…

මේ අපූරු Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Apted නැමති අති දක්ෂ අධ්‍යක්ෂකවරයාය..මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Johnson,Andrew Adamson,Philip Steuer යන තිදෙනාය.මෙම බයිස්කෝප් එක තිර රචනය කරලා තියෙන්නේ Christopher Markus,Stephen McFeely,Michael Petroni නැමති තිර රචන ශිල්පීන් තිදෙනාය. මෙම බයිස්කෝප් එක බෙදා හැරලා තියෙන්නේ අපි කවුරුත් දන්න 20th Century Fox සමාගමයි…මෙහි කතා කාලය මිනිත්තු 113 වන අතර මය 2010 දෙසැම්බර් 9 වන දින එක්සත් රාජධානියේත්, 2010 දෙසැම්බර් 10 වන දින ඇමරිකාවේත් මුල් වරට තිරගත කර ඇත. මෙහි Budget ( අය වැය වාර්තාව ) සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 140 ලෙසයි. මෙම බයිස්කෝප් එකේ ලුසීගේ චරිතය Georgie Henley විසිනුත් එඩ්ම්න්ඩ් ගේ චරිතය Skandar Keynes විසිනුත් ඉයුස්ටස් ගේ චරිතය Will Poulter විසිනුත් කැස්පියන් කුමාරයාගේ චරිතය Ben Barnes විසිනුත් රඟදක්වනු ලබයි….

මම දැන් මෙහි කතාවේ කොටසක් කියන්නම්… කලින් The Chronicles of Narnia කතාවල හිටිය ලුසී යි එඩ්මන්ඩ්නුයි එම කතාවල නොසිටි මෙම කතාවේදි සම්බන්ද වන ලුසී සහ එඩ්මන්ඩ් ගෙයි ඥාති සහෝදරයෙක් වන ඉයුස්ටස් සමග නැවතත් ඔවුන් Narnia වලට යනවා. මෙවර ඔවුන්ට පිටින් පේන්න තරම් ප්‍රශ්නයක් නොතිබුනත් කතාවේ ඉදිරියට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙනවා…මෙවර ඔවුන්ට විසදන්න තිබෙන ප්‍රශ්නය කුමක්ද? ඔබම හෝයා ගන්න… මෙම බයිස්කෝප් එක Adventure, Family, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating 6.4/10 තමන් සතු කර ගෙන ඇත.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තරංග දර්ශන ඒකනායක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/feed/ 1