Sophie Okonedo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sophie-okonedo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 07:37:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sophie Okonedo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sophie-okonedo/ 32 32 10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/10-lives-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/10-lives-2024-sinhala-subtitles/#respond Wed, 06 Nov 2024 17:58:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80594 10 Lives Sinhala Sub 10 Lives Sinhala Subtitles 10 Lives (2024) Sinhala Sub 10 Lives (2024) Sinhala Subtitles ඉතින් යාලුවේ කොහොමද ? මේ අරගෙන ආවේ අලුත් ෆිල්ම් එකක් , වචනයෙන් කියනවා නම් හිනා වෙලා පවුලේ ඔක්කොම එක්ක ආදරෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් , ෆිල්ම් එක නම් ඇනිමේෂන් තමයි එත් බැලුවා කියලා පාඩුවක් නම් නැහැ . […]

The post 10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
10 Lives Sinhala Sub
10 Lives Sinhala Subtitles
10 Lives (2024) Sinhala Sub
10 Lives (2024) Sinhala Subtitles

ඉතින් යාලුවේ කොහොමද ? මේ අරගෙන ආවේ අලුත් ෆිල්ම් එකක් , වචනයෙන් කියනවා නම් හිනා වෙලා පවුලේ ඔක්කොම එක්ක ආදරෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් , ෆිල්ම් එක නම් ඇනිමේෂන් තමයි එත් බැලුවා කියලා පාඩුවක් නම් නැහැ .

කතාව ලාවට කියන්නම් හොදේ, මොකද මේකේ කතාව බලන එක තමයි හොදම. ඉතින් මේ කතාව තියෙන්නේ පුසෙක් එක්ක මේ පුසා දැනටමත් 8 පාරක් මැරිලා ඉන්න පුසෙක්. ඉතින් ජනප්‍රිය කතාවක් තියෙනවා නේ පුසාට ජිවිත 9 තියෙනවා කියලා. ඉතින් මෙයා මෙයාගේ වැඩක් නිසා 9 වෙනි පාරත් මැරෙනවා. ඔතනින් එහාට කියන්නෙම නැහැ මයි

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/10-lives-2024-sinhala-subtitles/feed/ 0
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/heart-of-stone-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/heart-of-stone-2023-sinhala-subtitles/#comments Mon, 14 Aug 2023 15:25:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50215 Heart of Stone Sinhala Sub Heart of Stone Sinhala Subtitles Heart of Stone (2023) Sinhala Sub Heart of Stone (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් ගොඩදෙනෙක් මඟ බලන් හිටපු Heart of Stone ෆිල්ම් එක තමා මේ අරං ආවේ. හොලිවුඩය අපේ අසල්වැසි බොලිවුඩයත් එක්ක එකතු වෙන එක අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. බොලිවුඩ් නළු නිළියන් […]

The post Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Heart of Stone Sinhala Sub
Heart of Stone Sinhala Subtitles
Heart of Stone (2023) Sinhala Sub
Heart of Stone (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් ගොඩදෙනෙක් මඟ බලන් හිටපු Heart of Stone ෆිල්ම් එක තමා මේ අරං ආවේ. හොලිවුඩය අපේ අසල්වැසි බොලිවුඩයත් එක්ක එකතු වෙන එක අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. බොලිවුඩ් නළු නිළියන් ගොඩක් අවස්ථාවල හොලිවුඩ් චිත්‍රපටවල රඟපානවා අපි දැකලා තියෙනවා. ඒ වගේම කිං ඛාන් නොහොත් ෂාරුක් ඛාන් පවා ඉදිරියේදී හොලිවුඩයට සම්බන්ධ වන බවට ආරංචි තියෙනවා. මෙදා පාර මේ වාසනාව ලැබෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ආලියා බාත්ට. පවුල් පසුබිමේ සහයත් එක්ක සිනමා කර්මාන්තයට යොමු උන ආලියාගේ රංගනයට මුල් කාලේ විවේචන එල්ල උනත් පස්සේ Gangubai Kathiawadi (2022), Brahmstra: Part One-Shiva (2022), Rocky Aur Rani Ki Prem Kahani (2023), RRR (2022) වගේ චිත්‍රපට වලින් දක්ෂතා පෙන්වන්න ඇයට හැකිවුනා. Heart of Stone කියන්නෙ ඇයගේ පලවෙනි හොළිවුඩ් චිත්‍රපටය කියලත් මතක කරන්න ඕන. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ගොඩක් අයගේ ක්‍රශ් එකක් වෙන Gal Gadot අක්කා. Fast & Furious චිත්‍රපට මාලාවෙන් සිනමාවට පිවිසි ඇය මෑත කාලයේ අතිශය ජනප්‍රිය උනේ DC සිනමා විශ්වයේ වොන්ඩර් වුමන් චරිතයත් සමඟයි. ඒ වගේම ඇය රංගනයෙන් දායක උන Red Notice (2021), Keeping Up with Joneses (2016), Criminal (2016) වැනි චිත්‍රපටත් අමතක කරන්න බෑ. 2024 නිකුත් වෙන්න නියමිත ඩිස්නිලගේ Snow White ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකේ දුෂ්ට රැජිණ විදියටත් අපිට ඇයව බලාගන්න පුළුවන්. Fifty Shades of Grey චිත්‍රපට මාලාවේ ග්‍රේ මහත්මයා විදියට රංගනයෙන් දායක උන කඩවසම් නළු Jamie Dornan මෙහි ප්‍රධාන පිරිමි චරිතය විදියට අපිට බලාගන්න පුළුවන්.

Heart of Stone චිත්‍රපටය Spy/ Action / Thriller / යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. IMDb අගය 5.8ක් ලෙසත්, 82%ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tom Harper විසින්. මේ මාසේ 11 තමයි චිත්‍රපටය නෙෆ්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ. ප්‍රධාන චරිත තුනට අමතරව Matthias Schweighöfer, Sophie Okonedo, Jind Lusi, Paul Ready සහ Archie Madekwe යන රංගන ශිල්පීන් එක් වෙනවා.

රටක ආරක්ෂාව කියන්නේ ඉතාමත් සංකීර්ණ වගේම වැදගත් අංශයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකය පුරා ගොඩක් රටවල් තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහස් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බව අපි දන්නවා. ඇමරිකාවේ CIA ආයතනය. ඉන්දියාවේ RAW සංවිධානය, ඊශ්‍රායලයේ Mossad, රුසියාවේ GRU වගේ බුද්ධි අංශ රැසක් තියෙනවා. ඒත් මේ හැම සංවිධානයක්ම තමන්ගේ හිතූ මනාපෙට කටයුතු කරන්න බෑ. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතී ඇතුලේ තමයි කටයුතු කරන්න ඕන. ඒ උනාට ලෝකේ ඉන්න දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක නීතියට කටයුතු කරන එක අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඒ නිසා මේ වගේ දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක වැඩ කරන්න ලෝකයේ සෑම තැනකින්ම එකතු කරගත්ත නියෝජිතයෝ එන්න “චාටර්” කියලා අතිශය රහසිගත සංවිධානයක් තියෙනවා. කොටින්ම මෙහෙම සංවිධානයක් තියෙන බව සමහර රටවල බුද්ධි අංශ දන්නෙත් නෑ. මේ සංවිධානයෙන් කරන්නේ දරුණු ත්‍රස්තවාදීන්ව කිසිම හෝඩුවාවක් නැති වෙන්න විනාශ කරලා දාන එක. මෙහෙම වැඩක් කරන්න ලේසි නැතිබව ඔයාලට තේරෙනවනේ. ඒත් මේ දේවල් කරන්න චාටර් එකට අති නවීන ආයුධයක් තියෙනවා. ඒකේ නම තමයි “හාට් එක”. මේක ආයුධයක් කිව්වට මේක අතිශය සුපිරි පරිගණකයක්. මේකට ඕන තැනක තියෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් හැක් කරලා ඕනෑම තොරතුරක් ලබාගන්න පුළුවන්.

මේ අතර තමයි බ්‍රිතතාන්‍ය රහස් ඔත්තු සේවය හෙවත් MI6 එකේ නියෝතයෝ හතර දෙනෙක් කුප්‍රකට ආයුධ ජාවාරම් කාරයයෙක් අල්ලගන්න ඉතාලියට යන්නේ. ඒත් මේ මෙහෙයුම අතරතුර මෙයාලගේ උපකරණ හැක් කරන කෙල්ලෙක් නිසා මෙහෙයුම වැරදිලා මේ කට්ටිය ලොකු අවුලක පැටලෙනවා. පස්සේ මේ කෙල්ල ගැන විස්තර හොයද්දි මේ කෙල්ල ඉන්දියානුවෙක් වගේම අනාථ කෙනෙක් බවත් දැනගන්න මේ නියෝජිතයෝ හතර දෙනාට හැකි වෙනවා. ඉතිං කවුද මේ ඉන්දියානු කෙල්ල ? චාටර් එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද ? MI6 නියෝතයෝ මොකක් කරයිද කියලා ෆිල්ම් එක බැලුවම දැනගන්න පුළුවන්. එහෙනම් දැන්ම බාගෙන කොමෙන්ට්ටුවකුත් දාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/heart-of-stone-2023-sinhala-subtitles/feed/ 2