Sree Leela Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sree-leela/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:52:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sree Leela Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sree-leela/ 32 32 Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guntur-kaaram-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guntur-kaaram-2024-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 16:09:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66147 Guntur Kaaram Sinhala Sub Guntur Kaaram Sinhala Subtitles Guntur Kaaram (2024) Sinhala Sub Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guntur Kaaram Sinhala Sub
Guntur Kaaram Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Sub
Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guntur-kaaram-2024-sinhala-subtitles/feed/ 0
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/extra-ordinary-man-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/extra-ordinary-man-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Fri, 19 Jan 2024 15:19:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64991 Extra Ordinary Man Sinhala Sub Extra Ordinary Man Sinhala Subtitles Extra Ordinary Man (2023) Sinhala Sub Extra Ordinary Man (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ! අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්‍රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් […]

The post Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Extra Ordinary Man Sinhala Sub
Extra Ordinary Man Sinhala Subtitles
Extra Ordinary Man (2023) Sinhala Sub
Extra Ordinary Man (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම තෙලිඟු චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් ධාවනය වන චිත්රපටය අධ්යක්ෂණය කලේ Vakkantham Vamsi විසින් .කතාවත් ඔහුගේමයි.සංගීතය Harris Jayaraj විසින් තමයි කලේ.ඉතින් ආදායම් අතින් නම් ලොකු දෙයක් කරන්න බැරිඋනා මොකද මේකට කලින් දවසෙ නානිගෙ Hi Nanna ෆිල්ම් එකත් රිලීස් වෙලා සාර්ථක උනානේ.

ඉතින් චිත්රපටයේ රංගනයෙන් එක් වෙන්නේ ජනප්රිය නලු නිතින් සමඟ වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන තාරකාව ශ්රී ලීලා විසින්.ඒ වගේම රාඕ රමේශ් , රෝහිනී , සුදෙව් යන අයත් රංගනයෙන් එක් වෙනවා

Extra Ordinary Man OTT: Nithin's movie 'Extra Ordinary Man' on OTT - when and where? - Celtalks

කතාව ගැන කිව්වොත්.අභී කියන්නෙ පොඩි කාලේ ඉදන්ම වෙනස් විදියට හැදුනු කෙනෙක්.ඒ කියන්නෙ මෙයාට ඕන හැම වෙලේම වෙන කවුරුහරි වගේ ඉන්න.ඒ කියන්නෙ නලු පිස්සුව තමා.ඉතින් ලොකු උනහමත් මෙයා රස්සාවක් නොකර ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට..ඒ කියන්නෙ ඔය පසුබිම් චරිත වලට එහෙම ඉන්නෙ.ආං ඒ කෙනෙක් විතරයි රගපානවා. වැඩේ කියන්නෙ හැමතැනින්ම කරන්නෙ මෙයාව පිටිපස්සට කරන එක..තාත්තට කොහෙත්ම මෙයාගෙ වැඩ එක්ක පේන්න බෑ මෙයාව.ඉතින් ඔය අතරෙ ලිකිතා කියන පෝසත් ගෑනු ළමයා මෙයාට හම්බෙනවා.ඒත් මෙයා විශ්වාස කරන මයිසම්මා මෙයාගෙ ජීවිතේ වෙනම පැත්තකට හරවනවා. ඒ මොකක්ද කියල මුලු කතාවම බලන්න එහෙනම් සබ් එකත් දාගෙනම.

සින්දු ගත්තම නම් මේකෙ ලස්සනම සින්දුවක් තියෙන්නෙ අර්මාන් මලික් ගායනා කරන ගීතයක්.ඉතින් ඒකත් උපසිරැසි එක්කම රසවිඳින්න.

ගිහින් එන්නම්.. ඔබට ජය !

The post Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/extra-ordinary-man-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 17:45:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63178 Aadikeshava Sinhala Sub Aadikeshava Sinhala Subtitles Aadikeshava (2023) Sinhala Sub Aadikeshava (2023) Sinhala Subtitles Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ […]

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadikeshava Sinhala Sub
Aadikeshava Sinhala Subtitles
Aadikeshava (2023) Sinhala Sub
Aadikeshava (2023) Sinhala Subtitles

Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.

බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.

ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.

ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු උදයංඟ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/feed/ 0
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/#comments Sun, 26 Nov 2023 04:53:38 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61200 Bhagavanth Kesari Sinhala Sub Bhagavanth Kesari Sinhala Subtitles Bhagavanth Kesari (2023) Sinhala Sub Bhagavanth Kesari (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම , ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට උණු උණුවෙම රස විදින්න පුළුවන් අළුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අද මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ භගවන්ත් කේසරී.. එහෙමත් නැත්නම් වනාන්තරේ පුත්‍රයාගේ ෆිල්ම් එක, අනිල් රවිපුදිගේ අධ්‍යක්ෂනයෙන් […]

The post Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhagavanth Kesari Sinhala Sub
Bhagavanth Kesari Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Sub
Bhagavanth Kesari (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම ,

ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට උණු උණුවෙම රස විදින්න පුළුවන් අළුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අද මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ භගවන්ත් කේසරී.. එහෙමත් නැත්නම් වනාන්තරේ පුත්‍රයාගේ ෆිල්ම් එක, අනිල් රවිපුදිගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ සොදුරු සිනමා සිත්තම පසුගිය ඔතෝබර් 19 වෙනිදා තිරගතකිරීම් ඇරඹූ අතර එහි ආදායම දින 15ක් යන්න මත්තෙන්ම ඉන්දියානු රු. කෝටි 100 පහු කරනු ලබනවා. ඒ සමගින් බාලක්‍රිෂ්ණාගේ පිට පිට ආපු තුනම බ්ලොක්බ්ලස්ටර් බවට පත් වෙනවා. අඛන්ඩා (2021) / වීර සිම්හා රෙඩ්ඩි (2023) / භගවන්ත් කේසරී (2023).. ⭐⭐⭐ හැට්ට්‍රික් බ්ලොක්බ්ලාස්ටර් ⭐⭐⭐

නන්දමුරි බාලක්‍රිෂ්ණා හෙවත් බාලයියා.. ලංකාවේ ගොඩක් අය බාලයියව එයාලගේ ලිස්ට් වලින් අයින් කරලා තියෙන්නේ.. ?.. එයාලා කියන්නෙ නම් බාලයියගේ ෆිල්ම් වල විතරයි ලූ ගුරුත්වාකර්ශනය නැත්තේ.. ඇත්තටම එහෙම බොරු ශෝ දාලා ෆිල්ම් හිට් කරන්න පුළුවන් නම් කවුරුත් කරාවි.. මම ෆිල්ම් බලන කෙනෙක් විදියට කිව්වොත් බාලයියගේ ෆිල්ම් වල එන හැම කතාවකින්ම අපිට ගන්න දෙයක් තියෙනවා වගේම ඒ ෆිල්ම් වලින් සමාජයට දෙයක් දෙන්න උත්සහා කරලා තියෙනවා

ඒවගේම තමයි ස්කන්ධ එකෙන් පස්සෙ ශ්‍රී ලීලාව අපිට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්, එහෙම බැලුවොත් මගෙන් ශ්‍රීලීලා බැක් ටු බැක් සබ්ටයිටල්ස්.. මේ ෆිල්ම් එකත් ශ්‍රී ලීලාට තමන් මොනවගේ දක්ෂ කෙනෙක්ද කියලා ඔප්පු කරන්න ලැබුනු ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.. මොකද මේ ෆිල්ම් එකේදි ශ්‍රී ලීලාගෙන් උපරිමය අරගෙන තියෙනවා.

අනිත් පැත්තෙන් බැලුවොත් කාජල් අග්‍රවාල් දෂක ගණනක් ඔයාලගේ හිත් හොරා ගතපු ඇයගේ රංගනය තව අවුරුදු කීයක් ගියත් නොවෙනස්ව පවතීවි.. ඒවගේම කතාවේ දුෂ්ඨයා.. රාහුල් සාංග්විට පණ පොවන්නේ වෙනස්ම චරිතයක්. ඒ අර්ජුන් රම්පල්.. හින්දි සිනමාව දික්විජය කරපු කෙනෙක් ඔන්න තෙලිගු සිනමාව පැත්තටත් බැහැලා තියෙනවා. මම හිතන විදියට මේ එයා රංගනයෙන් දායක උනු පලවෙනි තෙලුගු ෆිල්ම් එක.

මම කලින් කිව්වත් වගේ මේ කතාව බාලක්‍රිෂ්ණා හා ශ්‍රීලීලා අතර සමසේ බෙදුනු කතාවක්, එක පැත්තකින් තමන් උපත නොදුන්නත් තමන්ගේම දුව වගේ බලාගන්න තාත්තා කෙනෙක්ගේ කතාවක්. අනිත් පැත්තෙන් අම්මා – තාත්තා ළග නැතුව මේ ලෝකය.. සමාජය ඉස්සරහා තනිවුනු දරුවෙක් වගේම එයාගෙයි එයාව තාත්තා වගේ බලා ගන්න සුපර් මෑන්ගෙයි කතාව. මේ කතාව පොයින්ට් කරලා තියෙන්නේ ලෝකේ ජීවත් වෙද්දි කාන්තාවන්ට , ගෑනු ළමයින්ට මොනවගේ ප්‍රශ්න විදින්න වෙනවද.. ඒ අභියෝග ජයගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒවගේම මම රෙකමන්ඩ් කරනවා මේක පවුලේ සැමට එකට හිද බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් කියලා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Nandamuri Balakrishna – [නේලකොන්ඩ භගවන්ත් කේසරී]
Sreeleela – [විජ්ජි ලක්ෂ්මි] / [විජ්ජි]
Kajal Aggarwal – [කච්චායිනි] / [කාචි]
Arjun Rampal – [‍රාහුල් සාංග්වි]

බන්ධනාගාර ගතව සිටින භගවන්ත් කේසරී ඇතුලේ හිටියත් එයා හොද දේ වෙනුවෙන් පෙනී හිටියා. මේ වෙද්දි බන්ධනාගාර භාර නිලධාරී ශ්‍රී කාන්ත්.. භගවන්ත්ගේ චරිතය දිහා බලලා එයා හොද කෙනෙක් කියලා විශ්වාස කරන්න ගත්තා. ඒ නිසාම ශ්‍රී කාන්ත් නිලධාරීතුමා භගවන්ත්ගේ නමත් නිදහස් හිරකාරයොන්ගේ නම් ලයිස්තුවට දාලා එයාව එළියට ගත්තා. මේ හේතුව නිසා පහුවදා ශ්‍රී කාන්ත්ගේ රස්සාවෙන් වැඩ තහනමට ලක් වෙනවා. ඒවගේම ශ්‍රීකාන්ත් ට හිටියා පුංචි දූ පැටියෙක්. එයා තමයි විජ්ජි ලක්ෂ්මි එහෙමත් නැත්නම් විජ්ජි, විජ්ජි ඉපදෙනකොටම එයාගේ අම්මා එයාව දාලා ගියපු නිසා එයා තාත්තා එක්ක තමයි හැදුනේ.. ඒවගේම විජ්ජි ටිකක් දුර්වල කෙනෙක්.. බන්ධනාගාරයේදී නිතර දැකලා හදුනගන්න භගවන්ත් සහ විජ්ජි හොද යාළුවෝ දෙන්නෙක් බවට පත් වෙනවා

හදිසියේම රිය අනතුරකට මුහුණදෙන නිලධාරී ශ්‍රීකාන්ත් එයාගේ අන්තිම මොහොතේ භගවන්ත්ට එක භාරදූර රාජකාරියක් භාර දෙනවා. ඒ තමයි එයාගේ දුවව කොහොමහරි හමුදාවට යවන එක, මොකද ශ්‍රීකාන්ත් ගේ හිතේ එයාගේ බිරිදගේ වියෝව ගැන පසුතැවීමක් තිබුනා.. ඒ වෙනුවෙන් තමයි එයා විජ්ජිව හමුදා සෙබලියක් වෙනවා බලන්න ආස උනේ.. ඉතිං ශ්‍රී කාන්ත් නිලධාරීතුමත් විජ්ජිව දාලා ගියාම ඊටපස්සේ එයාගේ අම්මත් , තාත්තත් උනේ භගවන්ත් කේසරී.. තාත්තගේ අනතුරත් එක්ක දැඩි කම්පනයකට භාජනය වෙන විජ්ජිට මේ නිසා භීතිකාවකුත් හට ගන්නවා.

භගවන්ත් කේසරීට අපි කවුරුත් නොදන්න කතාවක් තියෙනවා වගේම එයා විජ්ජිව හමුදාවට යවනවා කියලා ශ්‍රී කාන්ත්ට දුන්න පොරොන්දුව ඉටු කරන්න යන ගමනෙදි අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම විජ්ජි නිසා එයාගේ පරණ යාළුවත් එයාට ආයි හම්බ වෙනවා.

ඔයාලම කතාව බලලම ඉන්නකෝ..

අතින් ටයිම් ලයින් හද හද 2400කට ආසන්න ගානක් තියෙන සබ් එකක්.. මහන්සියි.. මහන්සියි කියලා බැලුවේ නෑ.. වැඩේ කොහොමහරි ඉවර කරලා ඔන්න ඔයාලට බලන්න ගෙනල්ලා තියෙනවා. උපසිරැසි කාලරාමු සින්ක් කිරීම වෙනුවෙන් ශාන් සසංග සහෝදරයට ස්තූති වෙනවා වගේම තිරය පිටුපස ඉදන් හයියක් උනු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

 

The post Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhagavanth-kesari-2023-sinhala-subtitles/feed/ 2
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/#comments Mon, 06 Nov 2023 13:17:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59588 Skanda Sinhala Sub Skanda Sinhala Subtitles Skanda (2023) Sinhala Sub Skanda (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතිං පහුගිය සැප්තැම්බර් 28 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ස්කන්ධ තෙලිගු ෆිල්ම් එක පහුගිය කාලේ අති සාර්ථක අයුරින් තිරගත වෙලා මේ ඔන්න පහුගිය නොවැම්බර් 2 වෙනිදා OTT හරහා නිකුත් උනා. බෝයාපති ශ්‍රීනුගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකට නම […]

The post Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Skanda Sinhala Sub
Skanda Sinhala Subtitles
Skanda (2023) Sinhala Sub
Skanda (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං පහුගිය සැප්තැම්බර් 28 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ස්කන්ධ තෙලිගු ෆිල්ම් එක පහුගිය කාලේ අති සාර්ථක අයුරින් තිරගත වෙලා මේ ඔන්න පහුගිය නොවැම්බර් 2 වෙනිදා OTT හරහා නිකුත් උනා.

බෝයාපති ශ්‍රීනුගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකට නම තියන්න කලින් මේක එනවුන්ස් කරේ නම් “බෝයාපති රපෝ” කියලා. ඒවගේම මීට කලින් අපිට ශ්‍රීනුව මුන ගැහෙන්නේ 2021 දි ආපු බාලයියගේ “අඛණ්ඩා” ෆිල්ම් එකෙන්.. ඉතිං ඒවගේම මේ පාරත් මෙදා සැරේ රාම් පොතේනි එක්ක වෙනස්ම වැඩක් කරලා තියෙනවා මම නං රාම් පොතේනිගේ ෆිල්ම් වලට රහ වැටුනේ ඒ කාලේ ආපු රොමෑන්ටික් ෆිල්ම් එක්ක, ඒත් මේ වෙද්දි රාම් වෙනස්ම හැඩයකට ගිහින් ඇක්ෂන් ත්‍රිලර් පැත්තටම යනවදෝ කියලත් හිතෙනවා. මොකද පහුගිය ආපු ෆිල්ම් ටික ගත්තම ඉස්සර හිටපු රාම් කැරැක්ටර් එක අද වෙද්දි දකින්න බැරි වෙලා තියෙනවා. 2022 The Warrior ෆිල්ම් එකෙන් ගොඩ කාලෙකට පස්සෙ එන රාම්ගේ අළුත් ෆිලුම බලන්න මාත් මේක එන්නත් කලින් ඉදන් බලන් හිටියේ,

ඒවගේම ශ්‍රීලීලා.. නොකිව්වට මොකද ඇය මගේ වයසේ.. ඇත්තටම අඩු වයසකින් ෆිල්ම් වල ප්‍රධාන නිලියට රගපාලා.. ඒ ෆිල්ම් ටිකත් හිට් කරලා මේ වෙද්දි එයා තෙලිගු සිනමාවේ කාර්යබහුලම නිලිය වෙලා කිව්වොත් මම නිවැරදියි.. ඒ ඇයගේ හැකියාව හා දක්ෂතාවය නිසා.. මීට කලින් ආපු ෆිල්ම් සහ මේ ෆිල්ම් එකටත් එයා එයාගේ උපරිමය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් සායි මාන්ජිකර්.. තාම අතේ ඇගිලි ගාණ තරම් ෆිල්ම් වලට රගපාලා නැති කියුට් කෙල්ලෙක්. මෙයා ගැන කතා කරාම මෙයාව අපිට ළගදි ආපු හින්දි – තෙලිගු ෆිල්ම් කීපෙකින්ම බලාගන්න පුළුවන් උනා. මං කියපු දේවල් වලින් තේරෙනව ඇතිනේ මෙයා මේ සිනමා ක්ෂේත්‍රයට අළුත් කියලා.. ඒ උනාට ඒ අළුත් බව මෙයාගේ රංගන කුසලතාවයෙන් මනින්න බැරි තරම් මෙයා දක්ෂයි.. ඔයාලා මෙයාගේ ෆිල්ම් බලල නම් දකින්න ඇති ෆිල්ම් එකේ සිංදු ගැන කිව්වොත් මේකෙ නටන්න පුළුවන් සිංදු සෙට් එකක් තියෙනවා වගේම මං කලින් නොකියූ දේ තමයි දෙපැත්තෙන් ඩාන්ස් කරන්න ගැලපෙනම දෙන්නා සෙට් උනු ෆිල්ම් එකක් තමයි මේ.. ඩාන්ස් නං රාම් වගේම තමයි ශ්‍රීලීලත් ස්කන්ධ… අහද්දි පොඩ්ඩක් නමත් හුරුපුරුදුයි.. ඔව්.. අපි ස්කන්ධ කියන්නේ කතරගම දෙවියොන්ටනේ… මේ කතාවත් ඉතිං තව කෙනෙක්ගේ ඉරණම විසදන්න පුළුවන් දෙවියෙක් ගැන තමයි

Ram Pothineni [බාස්කර් රාජු] / [ස්කන්ධ]
Sreeleela [ශ්‍රී ලීලා රෙඩ්ඩි]
Saiee Manjrekar [අම්මුලු]
Srikanth [රාම ක්‍රිෂ්ණ රාජු]
Sharath Lohithaswa [රන්ජිත් රෙඩ්ඩි]
Ajay Purkar [රායුඩු]

හොදයි ඉතිං මේ කතාව පොඩ්ඩක් දේශපාලනයත් එක්ක ගාවගෙන පවුල් ආරවුල් පළිගැනීම් මැදින් යන කතාවක් කතාව පටන් ගන්නෙ නම් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති රායුඩුගේ දුවගේ කසාද උත්සවයෙන්.. ඒත් ඒක උත්සවයක් උනේ නෑ මොකද මේ කසාද උත්සවේට එනවා තව කෙනෙක්.. ඒ තමයි තෙලංගනා මහ ඇමති රන්ජිත් රෙඩ්ඩිගේ පුතා, කාටත් හොරා තිබූ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදියට මනමාලිව ඒ කසාදෙන් හොරාට පන්නගෙන එනවා. මේ සිද්දිය නිසා මේ කතාව නයි වෛරයකට පෙරලෙන්න පටන් ගන්නෙ මෙතනින්. ඒවගේම රායුඩු කොයිවෙලෙත් රන්ජිත් රෙඩ්ඩිගේ පවුලේ අයට කරදරයක් කරන්න මාන බලමිනුයි ඉන්නේ මේ අතර රන්ජිත් රෙඩ්ඩිට තව දුවෙක් ඉන්නවා, ඒ තමයි ශ්‍රීලීලා රෙඩ්ඩි.. ශ්‍රීලීලා කොලේජ් යන කටකාර කෙල්ලෙක් ඉතිං මේ කෙල්ලට කොලේජ් එකේදි ඇණයක් සෙට් වෙනවා. ඒ තමයි බාස්කර් රාජු.. මේ දෙන්නා ඉතිං කොයි වෙලෙත් එකිනෙකාට හරහටමයි යන්නේ.. ඇමතිගේ බෑණා කිය කිය ඉන්න බාස්කර් රාජු ඇමතිගේ බෑණා වෙයිද ? ඔය අතරේ තව කෙනෙක් මේ කතාවට එනවා. මෙයාගේ පෙනුමත් හරියටම බාස්කර් රාජුගේ පෙනුමට සමානයි කියලා බැලූ බැල්මට පේනවා.. ඇත්තටම මේ ඉන්නෙ එක්කෙනෙක්ද.. දෙන්නෙක්ද ? එතනින් එහාට මොකද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ.. ඔයාලම බලන්නකෝ.

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන්න් ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය බලන්න…

තවත් මෙවැනි අළුත් චිත්‍රප සමඟින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/feed/ 5
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 05:18:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35351 Dhamaka Sinhala Sub Dhamaka Sinhala Subtitles Dhamaka (2022) Sinhala Sub Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhamaka Sinhala Sub
Dhamaka Sinhala Subtitles
Dhamaka (2022) Sinhala Sub
Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/feed/ 0