Sterling Beaumon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sterling-beaumon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 07 Jan 2024 10:55:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sterling Beaumon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sterling-beaumon/ 32 32 Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/your-lucky-day-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/your-lucky-day-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 10:55:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64119 Your Lucky Day Sinhala Sub Your Lucky Day Sinhala Subtitles Your Lucky Day (2023) Sinhala Sub Your Lucky Day (2023) Sinhala Subtitles “තණ්හාව” “ද්වේශය සහ ලෝබකම” ” කල පව් ගෙවීම” ” හදිසී තීරණ ” මෙන්න මේ ටොපික් ගැන ලස්සනට කියලා දෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ IMDB දර්ශකයේ 5.9ක අගයක් වගේම ඇ.ඩො.මි.18ක බොක්ස් ඔෆීස් වාර්තාවක්ද […]

The post Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Your Lucky Day Sinhala Sub
Your Lucky Day Sinhala Subtitles
Your Lucky Day (2023) Sinhala Sub
Your Lucky Day (2023) Sinhala Subtitles

“තණ්හාව”
“ද්වේශය සහ ලෝබකම”
” කල පව් ගෙවීම”
” හදිසී තීරණ ”
මෙන්න මේ ටොපික් ගැන ලස්සනට කියලා දෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ IMDB දර්ශකයේ 5.9ක අගයක් වගේම ඇ.ඩො.මි.18ක බොක්ස් ඔෆීස් වාර්තාවක්ද තැබූ පසුගිය නොවැම්බර් මස 17 වෙනිදා නිකුත් උනු සුපිරිම හොලිවුඩ් ත්‍රිලර් ෆිල්ම් එකක් ….

අපි හැමෝටම ඉරිසියාව තණ්හාව මගේ කියන හඟීම සල්ලි සම්බන්ධයෙන් කාටත් පොදු දෙයක් හැමෝම කැමතියි එකපාර දියුණු වෙන්න මහන්සියකින් තොරව ඉතින් එහෙම වෙන්නනම් එක්කො හොරකම් කරන්න ඕනේ නැත්තම් ලොතැරැයියක් ඇඳෙන්න ඕනේ ඉතින් කොහොමද ඇඳුණු ලොතැරැයියක්ම හොරකම් කලෝතින් මොකක් වෙයිද ?

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්……..

අමීර් කියන්නෙ ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැලක් කරගෙන යන කෙනෙක් දවසක් මේ වෙළඳසැලට එනවා වයසක ආඩම්බර මනුස්සයෙක් ඒ එන්නෙ තමන්ගෙ ලොතැරැයි අංක ස්කෑන් කරගන්න අමීර්ගේ මැශින් එකෙන් ඉතින් කොහොමහරි ටිකට් එක ඇඳුනු සතුටට මිනිහා කෑගහනවා ඩොලර් මිලියන 156ක් මම දින්නා කියලා මේ වෙද්දි මේ වෙළඳසැලේ තවත් දෙතුන් දෙනෙක් ඉන්නවා ඉතින් ඒ තමයි පෙති වලට ඇබ්බැහි උනු තුවක්කුවකුත් ලඟ තියෙන ස්ටර්ලින් සහ ගැබ්ගත් කාන්තාවක් සහ එයාගෙ මහත්තයා….

ඉතින් මේ හැමෝම විස්තරේ දැනගන්නවා ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ කිව්වොත් වැඩක් නෑනෙ මේක ත්‍රිලර් නිසා බලන්නකෝ ඒනම් තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න අනික් මිනිස්සුන්ගේ සතුට යොදාගන්න වීදිහ ……
හෝව් හෝව් කාටද මිලියන 156 ?
බලලම දැනගන්නකෝ…..
ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි …….

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සිතුම් දිල්මිත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/your-lucky-day-2023-sinhala-subtitles/feed/ 0
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 01:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44231 Play Dead Sinhala Sub Play Dead Sinhala Subtitles Play Dead (2022) Sinhala Sub Play Dead (2022) Sinhala Subtitles ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් […]

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Play Dead Sinhala Sub
Play Dead Sinhala Subtitles
Play Dead (2022) Sinhala Sub
Play Dead (2022) Sinhala Subtitles

ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්නෙ නැතුව බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා මේක.

අම්මයි තාත්තයි නැතුව තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන ගමන් මල්ලිවත් බලාගෙන (මල්ලි කිව්වට ටිකක් ලොකුයි) ජීවත් වෙන කෙනෙක් තමා අපේ කතා නායිකාව වන ක්ලෝයි කියන්නෙ. අම්ම තාත්ත නැතුව රස්සාවක් නැතුව ඔය දේවල් කරනව කියන්නෙ ලේසි නෑනෙ. අඟ හිඟකම් එමටයි ඉතින්. ඒ නිසා මේ මලයන්ඩියා අක්කගෙ පරණ කොල්ලත් සෙට් කරගෙන අක්කට නොකියා හොරකමක් කරන්න සැලසුමක් හදනවා. ඒත් ඉතින් ඒ සෙල්ලම හරියන්නෙ නෑ. එතනින් කතාව තනිකර කණපිට ගහනවා. අයියෝ කතාව කියල ඉවරයිනේ. නෑ නෑ මං මේ කිව්වෙ කතාවෙ පළවෙනි විනාඩි 10 වෙන දෙයක්. එතනින් එහාට වෙන්නෙ හිතාගන්නවත් බැරි සිද්දි දාමයක්. හොරකමක් උනාද කියල ඔයාලට අන්තිමේට මතකවත් නැති වෙයි. ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

ඔයාල Bridge to Terabithia 2007 බලල තියනව නම් ඒකෙ Jess ගෙ චූටි නංගිට රඟපෑව Bailee Madison තමා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. IMDB 5.2/10 තිබ්බට ඊට වඩා ටිකක් වැඩි අගයක් ලැබෙන්න ඕන කියල තමා මං නම් හිතන්නෙ. කුණු තක්කාලි අගය 56% වගේම google user රේටින්ග් එකත් 74% වගේ අගයක් ගන්න මේ ෆිලුම සමත් වෙනවා. ෆිල්ම් එකේ තව විස්තර ටික මං පහලින් දාගෙන යන්නම්. මේකෙ අවුල් සීන් මොනවත් නෑ. අවුල් දේකට තියෙන්නෙ පාවිච්චි කරන වචන, උම්ම දෙන සීන් 2ක් 3ක් තියනවා ;D, ආයෙ පොඩි කපන කොටන සීන් ටිකක් තියනව ඒත් ඒව එච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඒ නිසා කොහේ ඉඳන් බලනවද කියන එක ඔයාලට බාරයි ඕන්. සබ කරන්න ඕකේ එක දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/play-dead-2022-sinhala-subtitles/feed/ 0