Tamannaah Bhatia Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tamannaah-bhatia/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 16:48:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tamannaah Bhatia Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tamannaah-bhatia/ 32 32 Plan A Plan B (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 16:48:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30105 Plan A Plan B Sinhala Sub Plan A Plan B Sinhala Subtitles Plan A Plan B (2022) Sinhala Sub Plan A Plan B (2022) Sinhala Subtitles

The post Plan A Plan B (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Plan A Plan B Sinhala Sub
Plan A Plan B Sinhala Subtitles
Plan A Plan B (2022) Sinhala Sub
Plan A Plan B (2022) Sinhala Subtitles

The post Plan A Plan B (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/feed/ 0
Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 13:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29029 Babli Bouncer Sinhala Sub Babli Bouncer Sinhala Subtitles Babli Bouncer (2022) Sinhala Sub Babli Bouncer (2022) Sinhala Subtitles අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ […]

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babli Bouncer Sinhala Sub
Babli Bouncer Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Sub
Babli Bouncer (2022) Sinhala Subtitles

අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ කිව්වේ… ? “මේක Bouncer රස්සාවක් ගැන ” තේරුනේ නෑ නේ ඉස්සරහට තේරෙයි. 8/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama කාණ්ඩයට අයත් හින්දි ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මගේ කැමතිම නිළිය වන Tamannaah Bhatia ද ඇතුළුව Abhisheck Bajaj හා Sahil Vaid මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Madhur Bhandarkar විසින්.

කතාව ගැන කිව්වොත් එක ගමක් තියෙනවා කායවර්ධනයට ප්‍රසිද්ධ. මේක එසේ මෙසේ ගමක් නෙවෙයි මේකට Bouncer ගම කියලත් කියනවා. Bouncer කියන්නෙ සමන්‍යයෙන් සමාජ ශාලාවක Security කෙනෙන් වගේ කියලා සරලව හිතන්න කෝ.. ඉතිං මේ රස්සාවට හොඳට ඇඟ පත ඕන.. මෙි ගමේ ඉන්නෙ ඒවගේ හයි හත්තිය තියෙන උදවිය. හැබැයි මේ ගමේ ඉන්නවා එක දඟකාර මුරණ්ඩු කෙල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ගමේ කායවර්ධන ශිල්පියගෙ දුව ” බබ්ලි “. මෙයා හැමවෙලේම විනෝදෙන් විහිළුවෙන් ජීවිතේ ගෙවන කෙල්ලෙක්.. මේ කෙල්ලට තියෙන එකම කරදරේ තමයි විවාහය. කොහොම හරි විවාහෙ මඟහරින එක තමයි මෙයාගෙ උත්සාහය… හැබැයි විවාහයකට කැමති නැතුවාමත් නෙවෙයි තව මෙයාට රස්සාවකුත් ඕනලු.. හැබැයි ඉගෙනීම නම් අන්තිමයි…? තව දෙයක් ගමේ කරන්න රස්සාවකුත් නැ.. ඇත්තටම කව්ද මේ බබ්ලි…? මේකි මොනාද මේ කට්ටි පැන පැන කරන්න යන්නේ…? බබ්ලිට රස්සාවක් හම්බුනාද නැද්ද…? හම්බුනානම් මොකක්ද ඒ රස්සාව..? ඒ ගැන දැනගන්න නම් Babli Bouncer අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/feed/ 2
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badrinath-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badrinath-2011-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 13:22:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83944 Badrinath Sinhala Sub Badrinath Sinhala Subtitles Badrinath 2011 Sinhala Sub Badrinath (2011) Sinhala Sub Badrinath (2011) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badrinath Sinhala Sub
Badrinath Sinhala Subtitles
Badrinath 2011 Sinhala Sub
Badrinath (2011) Sinhala Sub
Badrinath (2011) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badrinath-2011-sinhala-subtitles/feed/ 0
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/#comments Mon, 02 Dec 2024 05:40:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83333 Sikandar Ka Muqaddar Sinhala Sub Sikandar Ka Muqaddar Sinhala Subtitles Sikandar Ka Muqaddar 2024 Sinhala Sub Sikandar Ka Muqaddar (2024) Sinhala Sub Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sikandar Ka Muqaddar Sinhala Sub
Sikandar Ka Muqaddar Sinhala Subtitles
Sikandar Ka Muqaddar 2024 Sinhala Sub
Sikandar Ka Muqaddar (2024) Sinhala Sub
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/feed/ 7
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/#respond Thu, 10 Oct 2024 09:05:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77357 Vedaa Sinhala Sub Vedaa Sinhala Subtitles Vedaa (2024) Sinhala Sub Vedaa (2024) Sinhala Subtitles

The post Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vedaa Sinhala Sub
Vedaa Sinhala Subtitles
Vedaa (2024) Sinhala Sub
Vedaa (2024) Sinhala Subtitles

The post Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/feed/ 0
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/#comments Fri, 21 Jun 2024 13:28:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71546 Aranmanai 4 Sinhala Sub Aranmanai 4 Sinhala Subtitles Aranmanai 4 (2024) Sinhala Sub Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aranmanai 4 Sinhala Sub
Aranmanai 4 Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Sub
Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/feed/ 2
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:08:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60749 Bhola Shankar Sinhala Sub Bhola Shankar Sinhala Subtitles Bhola Shankar (2023) Sinhala Sub Bhola Shankar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු Zee Studios සමාගම විසින් […]

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhola Shankar Sinhala Sub
Bhola Shankar Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Sub
Bhola Shankar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු

Zee Studios සමාගම විසින් සිදු කරනු ලබනවා. මෙය දෙමළ නළු Ajith Kumar රංගනයෙන් දායක වු 2015 වසරේ තිරගන වු Vedalam චිත්‍රපටයේ තෙලිගු ප්‍රතිනිර්මාණයක්. 3.2/10 අගයකුත් ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස.
Chiranjeevi as Bhola Shankar Maha
Tamannaah Bhatia as Adv. Lasya,
Keerthy Suresh as Mahalakshmi “Maha
Sushanth as Srikar
Tarun Arora as Alexander
Murali Sharma as Maha’s father
Sayaji Shinde as Police Commissioner
P. Ravi Shankar as Local goon
Subbaraju as Special Officer
Shawar Ali as Charles (Alexander’s brother)
Vennela Kishore as Vamsi
Sreemukhi as Maha’s bestfriend

කතාව ගැන කිව්වොත්,

භෝලා කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් වගේ ඉන්න මැරයෙක්, ඉතින් එයාගේ නංගි මහාව කොලේප් එකට ඇතුලත් කරන්න ඕන නිසා එයා කොල්කටා වලට එනවා. එයා ටැක්සි රියදුරෙක්, ඔය අතරේදි මහාව කසාද බදින්න ශ්‍රිකර් කියන කොල්ලා කැමති වෙනවා හැමෝම විවාහයට සුදානමි වෙන අතරේදි, භෝලා රහසේම තමන්ගේ හතුරන්ව විනාශ කරන්න පටන් ගන්නවා.

දවසක් භෝලා කෙනෙක් මරද්දි ශ්‍රිකර්ගේ නංගිට අහුවෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ, භෝලා තමන්ගේ කතාව ශ්‍රිකර්ගේ නංගි ලාස්‍යාට කියනවා…ඔයා විදියට තමයි කතාව යන්නේ.

Vedalam බලලා තියෙනව නමි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අජිත්ගේ රගපෑමි එකක් බලද්දි නමි චිරන්ජිව්ගේ රගපෑමි ගන්න දෙයක් නෑ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය නරඹන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/feed/ 0
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jailer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jailer-2023-sinhala-subtitles/#comments Wed, 30 Aug 2023 02:40:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51444 Jailer Sinhala Sub Jailer Sinhala Subtitles Jailer (2023) Sinhala Sub Jailer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ORIGINAL WEB-DL පිටපත යාවත්කාලීන (UPDATE) කර ඇත. ඒයි, මෙහේ මම තමයි රජා. මම පනවන දේ තමයි නීතිය. ඒ නීති මට හිතෙන හැටියට සැරින් සැරේට මාරු කරනවා. ඒවා හනි හනිකට කියවලා අනුගමනය කරන්න ඕන. මුත්තු සාමාන්‍ය ජීවිතයක් ගත කරන […]

The post Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jailer Sinhala Sub
Jailer Sinhala Subtitles
Jailer (2023) Sinhala Sub
Jailer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ORIGINAL WEB-DL පිටපත යාවත්කාලීන (UPDATE) කර ඇත.

ඒයි, මෙහේ මම තමයි රජා. මම පනවන දේ තමයි නීතිය. ඒ නීති මට හිතෙන හැටියට
සැරින් සැරේට මාරු කරනවා. ඒවා හනි හනිකට කියවලා අනුගමනය කරන්න ඕන.

මුත්තු සාමාන්‍ය ජීවිතයක් ගත කරන විශ්‍රාම ගිය් ජේලර් වරයෙක්. මුත්තු එයාගේ පවුල වුණ බිරිඳ, පුතා, ලේලිය හා මුනුබුරා එක්ක සතුටින් ජීවිතය ගත කරා. මෙහෙම ඉද්දි එයාගේ පුතා වුණ සහකාර කොමසාරිස් අර්ජුන්, පිළිම ජාවාරම් කල්ලියකට අහුවෙනවා. දින ගණනාවක් යනතුරු අර්ජුන් ගැන කිසිම විස්තරයක් දැනගන්න බැරි වුණා. ඉන් එහාට නිවැරදි තොරතුරක් ලැබුණෙ නැති නිසා මුත්තු තනිවම අර්ජුන්ට සිද්ද වුණ දේ හොයාගෙන යනවා. ඒ අනුව එම කල්ලිය අර්ජුන් මරා දමා ඇති බවට මුත්තුට දැනගන්න ලැබෙනවා. ඒ බව දැනගත් මහළු මුත්තු වැලපෙමින් නිවෙසට වෙලා හිටියේ නැහැ. තමන්ගේ පුතාව මරා දැමූ ඝාතකයාව සොයා ගොසින් මරා දමනවා. මේ මරණයෙන් මුත්තුගේ හිත නිදහස් වේවි කියලා බලාපොරොත්තු වුණත්, තත්වය බරපතළ වෙන්න ගත්තේ එතකොටයි. දිනක් පිළිම ජාවාරම් කරුවන් මුත්තුගේ මුනුබුරා රිත්වික් මරන්නට තැත් කරනවා. මුත්තු රිත්වික්ව බේරාගත්තත්, එම කල්ලියේ ප්‍රධානියා වර්මන් මුත්තුගේ මුළු පවුලම මරා දමන බවට තර්ජනය කරනවා. දිගින් දිගටම තමන්ගේ මිනිස්සුන්ව එවන බවත් කියනවා. මුත්තු තමන්ගේ පවුලේ අයට කිසිදු කරදරයක් නොකරන ලෙස ඉල්ලමින් වර්මන්ගෙන් සමාව අයදිනවා. වර්මන් ඒ කිසි දෙයකට අනුකම්පාවක් දැක්වූවේ නැහැ. ඒ අනුව මුත්තු, මේ වර්මන්ගේ කල්ලියෙන් ගැලවෙන්න සැලැසුමක් ක්‍රියාත්මක කරනවා. මුත්තු මිතුරෙකුගේ උපකාර ඇතිව වර්මන් ජාවාරම් කරන පිළිමයක් අත්පත් කරගන්නවා. මේ පිළිමය මාර්ගයෙන් වර්මන්ව බ්ලැක්මේල් කර මුත්තුගේ පවුල ආරක්ෂා කර ගන්නවා. පිළිම ජාවාරම ඉදිරියට සිද්ද වන ආකාරය ගැන තොරතුරු දැනගන්න මුත්තු, තමන්ගේ පවුලට කරදරයක් කරොත් ඒ පිළිම ද ලබා ගන්නා බවට අවවාද කරමින් වර්මන් සමඟ සම්මුතියකට එළඹෙනවා. වර්මන්ද ඒ කොන්දේසි වලට එකඟ වී තවදුරටත් ඔවුන් දෙදෙනාම අනෙකාගේ වැඩකටයුතු වලට හරස් වෙන්නේ නැති බවට එකඟ වෙමින් පිටව යනවා. ඒත් මුත්තු වර්මන්ව තඹ දොයිතුවකට විශ්වාස කරේ නැහැ. ඊට දින කිහිපයක් ගත වෙන්නටත් පෙරම වර්මන් මුත්තුගේ පවුල කපා කොටා මරා දමන්න දරුණු මැර කල්ලියක් මුත්තුගේ නිවෙසට පිටත් කර හරිනවා.

මේ ඉ.රු. කෝටි 600 පසුකළ ආදායමක් උපයා ගත් රජිණිකාන්ත්ගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ශංකර් නම් නෙවෙයි. කොලිවුඩයේ වෙනත් සුපිරි අධ්‍යක්ෂක වරයෙකුත් නෙවෙයි, සාමාන්‍ය අධ්‍යක්ෂකවරයෙක්. Kolamavu Kokila (2018), Doctor (2021), Beast (2022) වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ නෙල්සන් දිලිප් කුමාර්. අධ්‍යක්ෂණය පමණක් නෙවෙයි මෙහි කතාවද රචනා කර තිබෙන්නේ ඔහුමයි. ආරම්භයේ සිටම වැඩි උනන්දුවට ලක් නොවුණ චිත්‍රපටයක්. ඒ විතරක් නෙවෙයි ජේලර් නිකුත් වන්නට මාසයකට පෙර කොලිවුඩ් කර්මාන්තයේම කතාබහ වුණේ 2022 වර්ෂයේ Vikram (2022) නමින් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලබා දුන් ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරන පැමිණීමට නියමිත Leo (2023) චිත්‍රපටිය ගැනයි. Leo චිත්‍රපටය ලෝකේෂ් සිනමා විශ්වයට(LCU) අයත්ද යන්න ගැන බහුතරයක් මත ඉදිරිපත් කරමින් 2023 වසරේ මීට වඩා දැවැන්ත චිත්‍රපටයක් තවත් නැහැ කියන අදහසින් සිටියා. වෙනත් කර්මාන්ත වල නළු නිළියන් ව්‍යාපෘතියට ඇතුලු වෙද්දී යම තරමක් කතා බහක් ඇති වෙන්න ගත්තා. නෙල්සන්ගේ චිත්‍රපටියක් කෝටි 600ක් උපයා ගනීවි කියලා කිසි කෙනෙක් විහිළුවට වත් හිතන්නෙ නැති වාතාවරණයක් තමයි තිබුණේ. කොහොමහරි ජුලි 6වැනිදා ජේලර් චිත්‍රපටයේ Kaavaalaa නම් ගීතය යූටියුබ් වෙතට මුදා හරිනවා. ඊට පස්සෙදි නම් බලන බලන තැන කාවාලා කාවලා. හෙමින් හෙමින් චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු සිද්ද වෙද්දී ජුලි 28 වනදා සංගීතය එළිදැක්ම පවත්වනවා. එය චිත්‍රපටයේ ප්‍රචාරණයයට මහත් පිටුවහලක් වනවා. ඒ ඇරෙන්නට චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු මහා පරිමාණයෙන් සිදු කෙරුණේ නැහැ. අවසානයේ චිත්‍රපටයේ Showcase වීඩියෝව, එහෙම නැත්නම් ට්‍රේලරය මිලියන 20ක් වගේ සැළකිය නොහැකි තරමේ යූටියුබ් නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා තිබුණා. ඒත් අගෝස්තු 10 නිකුත් වුණ මේ චිත්‍රපටිය නිකුත් වූ දිනම අති දැවැන්ත ලෙසින් ඉ.රු. කෝටි 100 පසුකල ආදායමක් වාර්ථා කරනවා.

සන් පික්චර්ස් විසින් මේ ජේලර් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. සන් පික්චර්ස් චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වන්නේ රජිණිගේ Enthiran (2010) චිත්‍රපටයෙන්. ඒ වගේම රජිණිගේ Petta (2019), Annaatthe (2021) චිත්‍රපට දෙක ද ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් රජිණිගේ චිත්‍රපට 4ක්ම් නිෂ්පාදනය කර තිබෙනවා. අන්නාතේ ආදායම් වශයෙන් රජිණිගේ කලින් චිත්‍රපට තරම් සාර්ථකත්වයක් අත් කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් හිට් එකක් වුණත් සෘණාත්මක ප්‍රතිචාර නිසාවෙන් ප්‍රේක්ෂකයින් කලකිරීමට පත්වුණා. අන්නාතේ තිරගත වී බොහෝ කලක් යනතුරුත් රජිණි ඊලඟ ව්‍යාපෘතියට අතගැසීමට ප්‍රමාද කළා. ඊට හේතුව අධ්‍යක්ෂකවරුන් ගෙන්වා ඔවුන්ගේ කතා ඇසීමේදී ඒවා Bassha (1995), Annamalai (1992) වැනි ආකාරයේ කතාවක් සහිත චිත්‍රපටි හා අධි වියදම් චිත්‍රපට වීමයි. ඔහු බොහෝ කතා ප්‍රතික්ෂේප කිරීම නිසා කතා ඇසීමද නතර කරනු ලැබුවා. කෙසේ හෝ නිළ නොවන ආරංචි මාර්ගයෙන් නෙල්සන්ගේ කතාවට රජිණි කැමැත්ත ප්‍රකාෂ කළ බව දැනගන්න ලැබුණා. බීස්ට් චිත්‍රපටය රූගත කිරීම් සිදු කෙරෙන අතරවාරයේ රජිණිට කතාවක් කියන්න කියලා විජයි නෙල්සන්ට නිර්දේශ කරනවා. නෙල්සන්ගේ කතාවට රජිණි කැමැත්ත පළ කරනවා. ඒ අනුව මේ Thalaivar 169 ව්‍යාපෘතිය 2022 වසරේ පෙබරවාරි මස 10 වනදා නිළ වශයෙන් වීඩියෝවක් නිකුත් කරමින් නිවේදනය කරනවා. එසේ මෙසේ Announcement වීඩියෝවක් නෙවෙයි, නෙල්සන් අනිරුද් එක්ක රජිණිද ඊට පෙනී සිටිමින් රූගත කළ වීඩියෝවක්. කොලිවුඩයේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් නැරඹූ Announcement වීඩියෝවද එයයි. බීස්ට් චිත්‍රපටයට විවිධ සෘණාත්මක ප්‍රතිචාර හිමි වෙද්දි රජිණිකාන්ත්ගේ සමීපතමයින් හා සිනමාශාලා හිමිකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂකවරයා වෙනස් කරන ලෙසට අවවාද කරන්නට වුණා. කොහොම වුණත් සන් පික්චර්ස් ආයතනය තමන්ට බීස්ට් චිත්‍රපටයෙන් පාඩු නොලැබූ බවට වාර්ථා පෙන්වනවා. කොහොම වුණත් රජිණි නෙල්සන් පිළිබඳව විශ්වාසය තබා ව්‍යාපෘතියට එකඟ වෙනවා.

නෙල්සන්ගේ සාර්ථකත්වයේ ගමන ඉතා කටුකයි. ඔහුගේ පළමු ව්‍යාපෘතිය වූ සිම්බු ප්‍රධාන නළුවා ලෙසින් ආරම්භ කළ Vettai Mannan ව්‍යාපෘතිය ව්‍යර්ථ වී යනවා. ඉන් පසුව ඔහු රූපවාහිනී නාළිකාවක සේවය කරනවා. පසුව නයන්තාරා යොදා කෝලමාවු කෝකිලා චිත්‍රපටය නිර්මාණය කරනවා. නිකුත් වීමෙන් අනතුරුව නෙල්සන්ට බොහෝ පැසසුම් හිමි වුණා. ඉන් පසු ශිවකාර්තිකේයන් සමඟින් එක්ව ඩොක්ටර් චිත්‍රපටය ලබා දෙනවා. ඊට ද බොහෝ පැසසුම් හිමි වෙනවා. කෝලමාවු කෝකිලා, ඩොක්ටර් වගේ අද්විතීය Dark Humor චිත්‍රපට දෙකක් දුන්න මේ අධ්‍යක්ෂකවරයාව බීස්ට් චිත්‍රපටයෙන් පසුව කකුලේ පෑගෙන දුහුවිල්ලක් තරම් සළකමින් අගෞරවට පත් කරන්නට ගත්තා. විශේෂයෙන්ම Beast චිත්‍රපටයේ නිමාව අදායම් වශයෙන් වගේම ප්‍රතිචාර වශයෙන්ද විශාල ලෙසින් බලපෑමට ලක් වුණා. බීස්ට් චිත්‍රපටයේ අවසන් ජවනිකාව ජ්‍යාත්‍යන්තර මට්ටමින් Troll කරන්නට ගත්තා. Meme පැතිරෙන්න වුණා. බහුතරයක් විජයි රසිකයින් නෙල්සන්ට වෛර කරමින් නෙල්සන්ගේ පළු අරිමින් බැන වදින්නට වුණා. ඒත් පසුගිය වසරේ ආනාන්ද විකටන් සම්මාන උළෙල අවස්ථාවට ප්‍රවේශ වන අවස්ථාවේදී නෙල්සන්ව අවමානයට ලක් කිරීම කිරීම කැපී පෙණුනා. මේ සිද්දියේ වීඩියෝවක් පැතිරීමත් සමඟ බොහෝ අයගේ කතා බහට ලක් වුණා. ඉන් බීස්ට් අසාර්ථක වීමෙන් ඔහුට වෛර කළ ඇතැම් අයද අනුකම්පා කරන්නට වුණා. පෙර අත්දැකීම් නිසාම Thalaivar 169 ලෙසින් හැඳින්වුව මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඉතාමත් අවබෝධයෙන් ද, ඇතැම් ජවනිකා අවස්ථා හිතට එකඟ නොවීම නිසා නැවත නැවතත් රූගත කරන බවත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඒ වගේම රූගත කිරීම් හා සම්බන්ධ කිසිදු තොරතුරක් පිට නොවන ලෙසට වගබලා ගත්තා.

ජේලර් මේ වසරේ අගෝස්තු මස 10 දා නිකුත් කෙරෙන බවට නිවේදනය කරද්දී ශිවකාර්තිකේයන්ගේ Maaveeran (2023) චිත්‍රපටය අගෝස්තු මස 11 දා නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව මාවීරන් ජුලි 14 දිනය වෙන්කර ගන්නවා. ඒ වගේම අගෝස්තු 10 දින Jailer නම් මළයාලම් චිත්‍රපටයක්ද නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව එහි දිනය අගෝස්තු 18 දක්වා කල් දමනවා. අන්නාතේ චිත්‍රපටයට පසුව රජිණිගේ චිත්‍රපටයක් නිකුත් වන්නේ හරියටම දින 644කට පසුවයි. ඒ කියන්නේ ආසන්නව අවුරුදු දෙකක් පමණ කාලයක්. පෞද්ගලික ආයතන කිහිපයකින්ම ජේලර් නැරඹීමට නිවාඩු ද, නොමිලේ ටිකට් පත් ද ලබා දෙනු ලැබුවා. මීට පෙර කබාලි චිත්‍රපටය නිකුත් වූ දිනවල කබාලි නැරඹීමට බොහෝ ආයතන සේවකයින්ට නිවාඩු හා නොමිලේ ටිකට්පත් ලබා දී තිබුණා.

මෙහි රජිණිකාන්ත්, මෝහන් ලාල්, ශිව රාජ්කුමාර්, ජැකී ෂෙරොෆ්, රම්‍යා ක්‍රිෂ්ණන්, වසන්ත් රවී, යෝගි බාබු, සරවණන්, සුනිල් වර්මා, සුනිල් රෙඩ්ඩි, ජී. මාරිමුත්තු ආදී නළු නිළි රැසක්ම රඟපානවා. මෝහන් ලාල්, ශිව රාජ්කුමාර්, සුනිල් වර්මා, ක්‍රිෂෝර්, තමන්නා සුළු කොටස් කීපයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. වසර 24කට පසුව මෙහි රම්‍යා ක්‍රිෂ්ණන් රජිණිකාන්ත් සමඟින් ප්‍රධාන චරිතයක රඟනවා. රම්‍යා එදා මෙදාතුර සිනමාවේ හොඳම දුෂ්ඨිය, නීලාම්බරී චරිතය Padayappa (1999) චිත්‍රපටයෙන් රඟ දක්වනවා. බොහෝ චිත්‍රපටවල දුෂ්ඨියන්ට ආභාෂය ලබාගෙන තිබෙන්නේ මේ නීලාම්බරීගෙන්. වරෙක රජිණි ප්‍රසිද්ධ වේදිකාවේම සඳහන් කර තිබෙනවා, සිනමාවේදී ඔහුව අභිබවා ගියේ චරිත දෙකක් පමණයි. එක් චරිතයක් මාර්ක් ඇන්ටනි, අනෙක් චරිතය නීලාම්බරී. කොහොම වුණත් ඇය Baba (2002) චිත්‍රපටයේ සුළු කොටසක් වෙනුවෙන් පෙනී සිටිනවා. මෝහන් ලාල් හා සිවරාජ් කුමාර් රජිණි සමඟින් තිරයේ දකින්නට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි. එකළ අමිතාබ්, රජිණි, කමල් වගේ දැවැන්තයින් එකට රඟපානවා දකින්නට ලැබුණා. ඒත් මේ කාලයේ දැවැන්ත තරු එකම චිත්‍රපටයකදී දැකීමට ලැබෙන්නේම නැහැ. බොහෝ දුරට එය ප්‍රායෝගිකවව අසීරු කාර්යයක්. ඇත්තටම බීස්ට් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී එම ස්ථානයට පැමිණෙන ශිව රාජ්කුමාර් දකින නෙල්සන් මවිත වී සැබෑවටම ඔහුගේ ගමන මැරවරයෙකු වැනියි කියා තිබෙනවා. ඒ අනුව ඔහුව මීට සම්බන්ධ කර ගන්නට බලවත් උනන්දුවක් ඇතිව තිබෙනවා. ඒ ආකාරයට ශිව රාජ්කුමාර් මීට එකතු වනවා. ඒ වගේම ඔහු මේ චිත්‍රපටයෙන් දෙමළ සිනමාවේ තම ප්‍රවේශය සටහන් කරනවා. ශ්‍රේෂ්ඨ කන්නඩ නළු ආචාර්‍ය රාජ්කුමාර්ගේ පවුල හා රජිණිකාන්ත් අතර වඩාත් සමීප සබඳතාවයක් වසර ගණනාවක ඉඳන්ම පැවතුණා. කොහොම වුණත් මේ චිත්‍රපටයට සම්බන්ධ වූ සැවොම කතාව මොකක්ද කියා නොවිමසා, රජිණිකාන්ත් කියන නම වෙනුවෙන් පමණක් සම්බන්ධ වූ බවත් නෙල්සන් කීවා. ශිව රාජ්කුමාර්ගේ මීලඟ චිත්‍රපටය Ghost (2023) ඔක්තෝබර් මස 19 දින නිකුත් කෙරෙනවා. ධනුෂ්ගේ Captain Miller චිත්‍රපටයේ ශිව රාජ්කුමාර් මිලර්ගේ අයියායේ චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් මලයාලම් සිනමාවෙන් විනායකන් යොදාගන්නවා. පෙරදී මේ වෙනුවෙන් වෙනත් නළුවෙක්ම තෝරා ගන්නට සිතුවත් පසුව මොලිවුඩයේ විනායකන්ව සම්බන්ධ කරගන්නවා. විනායකන් අද්විතීය කුසලතාවයෙන් කොලිවුඩයේ තවත් බලවත් දුෂ්ඨ චරිතයක් බිහි කරනවා. ආදේශක නැහැ, වර්මන් නම් විනායකන්ම තමයි කියලා ඔහු තහවුරු කරලා ඉවරයි. විනායකන් කියන ආකාරයට නම් මීට කලින් වර්මන්ගේ චරිතය වෙනුවෙන් පළමුව තෝරාගෙන තිබිලා තියෙන්නෙ මාමුට්ටිව. විනායකන් Thimiru (2006), Kalai (2008), Mariyan (2013) වගේ දෙමළ චිත්‍රපට කිහිපයකට මීට පෙරදී සම්බන්ධ වෙලා තියෙනවා. විනායකන් ජේලර් චිත්‍රපටයට සම්බන්ධ වන්නට පෙර වික්‍රම්ගේ Dhruva Natchathiram චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් සම්බන්ධ වී තිබෙනවා. එහි විනායකන් දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වන බවට පැවසෙනවා. Captain Miller චිත්‍රපටියේත් යම් චරිතයක් ඉදිරිපත් කරන බවට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. වර්මන්ගේ සම්ප්‍රාප්තියත් එක්ක ඉදිරියේදි කොලිවුඩයේ තවත් චිත්‍රපට වලදී විනායකන්ව දකින්න ලැබේවි කියලා අනුමාන කරනවා. ජේලර් මේ වසරේදී නිකුත්වන මෝහන් ලාල්ගේ දෙවන චිත්‍රපටය වගේම මාස 7කට පසුව තමයි ඔහුව නැවතත් චිත්‍රපටයකදී දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් නම් වසරකට ලාලේට්ටන්ගේ චිත්‍රපට 4ක් හෝ නිකුත් වෙනවා. ඒ හැරෙන්නට Malaikottai Valiban චිත්‍රපටය මේ වසරේ නත්තල් උත්සවය සමඟාමීව නිකුත් කෙරෙනවා. Sivaji : The Boss (2007) චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන් මෝහන් ලාල්ට ඇරයුම් කළ අවස්ථාවේ ඔහු ඊට එකඟ වී තිබුණත් රූගත කිරීම් සඳහා විශාල වශයෙන් දින ඉල්ලා සිටීම නිසා එය ප්‍රතික්ෂේප කරන්න සිද්ද වෙනවා. රජිණි Uththar Dakshin (1987) හින්දි චිත්‍රපටයේ ජැකී ෂෙරොෆ් සමඟින් එක්ව රඟපෑවා. ඉන් පසුව ඔවුන් යළිත් එකට රඟපාන්නේ මේ චිත්‍රපටයේදි බවයි සඳහන් වෙන්නේ. ඒත් Kochchadaiyan (2014) 3D චිත්‍රපටයේ ජැකී දුෂ්ඨ චරිතයක් රඟ දක්වනවා. ජේලර් හි ජැකී ෂෙරොෆ්ට ලබා දුන් චරිතය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ. ජැකී, නෙල්සන්ට ස්කූටර් රථයක් තෑගි කර තිබෙනවා. නෙල්සන්ගේ මේ චිත්‍රපට හතර පුරාවටම නෙල්සන් සමඟින්ම ගමන් කරන චරිත දෙකක් නම් යෝගි බාබු සහ රෙඩින් කින්ග්ස්ලි. කෝලමාවු කෝකිලා චිත්‍රපටයේ සිට ජේලර් දක්වාම ඔවුන් දෙදෙනා විවිධ චරිත ඉදිරිපත් කළා. ඒ හැරෙන්නට ඩොක්ටර් චිත්‍රපටයෙන් සම්බන්ධ වූ සුනිල් රෙඩ්ඩි, බීස්ට් චිත්‍රපටයෙන් සම්බන්ධ වූ VTV ගනේෂ් යන දෙදෙනාත් මෙහි චරිත ඉදිරිපත් කරනවා. මීට අමතරව ටොලිවුඩයෙන් නන්දමූරි බාලක්‍රිෂ්ණාව මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතය වෙනුවෙන් සම්බන්ධ කරගැනීමට නෙල්සන් සිතුවත් පසුව එම චරිතය එතරම් බලවත් එකක් නොවන නිසා නෙල්සන් අදහස වෙනස් කරගන්නවා. ජාෆර් සාදික්, නෙල්සන්ගේ කලින් චිත්‍රපටවලට සම්බන්ධ වන්නට හිටියත් විවිධ හේතූන් නිසා එම අවස්ථාවන් මඟහැරී යනවා. Vikram, වෙන්දු තනින්දදු කාඩු (2022) චිත්‍රපටවලදී ඔහුගේ උද්වේගකර රඟපෑමක් දකින්න ලැබුණා. කොහොම හරි ජේලර් චිත්‍රපටියට බලපෑමක් ඇති කරපු කළු කණ්ණාඩි කූට්ටම දැන් තියෙන්නෙ ජාෆර්ගේ ළඟ. මෙහි ධනරාජ් චරිතය රඟපාන නළුවා මීට පෙරදී ඩොක්ටර් චිත්‍රපටයේ කොටස් කිහිපයකට පෙනී සිටියා.

රොක්ස්ටාර් අනිරුද් මීට සංගීතය සපයනවා. ඔහු රජිණිකාන්ත්ගේ චිත්‍රපටයකට සංගීතය අධ්‍යක්ෂණයෙන් සහභාගී වන තුන්වන අවස්ථාව. මීට පෙර Petta (2019), Darbar (2020) චිත්‍රපට වලට සංගීතය සැපයුවා වගේම ඉදිරියේදි Thalaivar 170, Thalaivar 171 චිත්‍රපටවලටත් සම්බන්ධ වනවා. තමන්නා පෙනී සිටින Kaavaalaa ගීතය යූටියුබ් වෙතට නිකුත්කර දින 12ක කාලයකදී ‍නැරඹුම් වාර මිලියන 50 පසු කළා. එය 2023 වසරේ කොලිවුඩයේ වේගවත්ම යූටියුබ් නැරඹුම් වාර මිලියන 50 පසුකළ Lyrical වීඩියෝ වාර්ථාවක්. ඒ වගේම මාසයක් යන්නටත් කලින් මිලියන නැරඹුම් වාර මිලියන 100 පසු කරනවා. යූටියුබ් ෂෝර්ට්ස් මිලියනය ද පසු කරනවා. මේ කාවාලා ගීතය අරුන්රාජා කාමරාජ් රචනා කරනවා. ඔහු කබාලි චිත්‍රපටයේ “නෙරුප්පු ඩා” ගීතය රචනා කර ගායනා කරා. තවද ඔහු කාලා, දර්බාර් චිත්‍රපටවලට ගීත රචනා කර තිබෙනවා. ජුලි මස 17 දා මෙහි Hukum ගීතය නිකුත් කරනවා. Hukum සහ Jujubee ගීත තලෛවර්ගේ දැවැන්ත රසිකයෙකු වන සුපර් සුබ්බු විසින් රචනා කරනු ලැබුවා. Hukum ගීතයත් එක්ක ඔහු වඩාත් ප්‍රසිද්ධියක් හිමිකර ගත්තා. සුපර් සුබ්බු Time Enna Boss (2020) වෙබ් කතා මාලාව හා Suttu Kadhai (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා. Hukum ගීතය ඔහු පැය 2ක් ඇතුලත රචනා කර තිබෙනවා. ඒ වගේම හුකුම් ගීතයේ පද රචනාව සමාජමාධ්‍යයේ මතභේදයට ලක් වුණා. පසුගිය කාලයේදී අන්නාතේ, දර්බාර් චිත්‍රපට රජිණිගේ පෙර චිත්‍රපට මෙන් ආදායම් වශයෙන් ක්‍රියා නොකළ නිසාවෙන් ‘රජිණි ඉවරයි, ඊලඟ සුපර් ස්ටාර් විජයි. රජිණිට විශ්‍රාම යන්න කියන්න’ ආදී ප්‍රකාෂ හුවමාරු වෙන්න ගත්තා. විශේෂයෙන්ම Varisu (2023) චිත්‍රපටයේ සංගීතය එළිදැක්ම අවස්ථාවේ එයට සහභාගී වූ විවිධ පාර්ශවයන් විජයිව උසස් කොට කතා කිරීමට මතභේදාත්මක ප්‍රකාශ එල්ල කළා. ඉන් පසු විජයිගේ රසිකයින් ද එය අනුගමනය කරමින් තමන්ගේ වීරයා උසස් කර පෙන්වීමේ අදහසින් රජිණි රසිකයින් වගේම අනෙකුත් නළුවන්ගේ රසිකයින් කුපිත කරවන අදහස් හුවමාරු කරන්නට වුණා. දිගින් දිගටම අපහාස කිරීම් ආදිය සිදු වුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත තලෛවර් වෙරියන් කෙනෙක් වුණ සුපර් සුබ්බු ඊට ගැලපෙන ආකාරයටම ගීතය රචනා කරලා තියෙනවා. හුකුම් ගීතයේ පදපේලි ඇහෙද්දී අදාල රොත්ත බුරුත්තටම කන්වල ඇඟිලි ගහගන්නම කියන්න ඕන දේ කෙලින්ම කියලා තිබුණා.

ක්‍රියාපටිපාටිය බිඳ දැමූ ස්ථාවර වූ කෙනා සිනමාවේ දිනන්න පුළුවන් සුදු, කොණ්ඩ කැරළි නළුවන්ට විතරයි කියන මතය බිඳ දැමුවේ රජිණි.පරම්පරා පසුකර යන හිට් එකක් වුණ කෙනා 1980 – 2020 දක්වා පරම්පරා 5ක් යන තුරු ඒ ඒ පරම්පරාවල නළුවන් කොපමණ ආවත් තවමත් කොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන වීරයා. දුප්පතාගේ හිතට ගැලපුණු කෙනා රජිණි දුප්පතුන්ගේ හිතේ නිරන්තරයෙන් රැඳෙන වීරයෙක්. අවසානයේදී දිනන්න සුදුසුම කෙනා

වැදගත්ම දේ මේ ගීතය ගායනා කරන්නේ අනිරුද්. විජයිගේ ඊලඟ චිත්‍රපටය ලියෝ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේද අනිරුද් විසින්මයි. ජුජුබි ගීතය අපේ ආදරණීය “කම්බිලි පූචි තංගච්චි” දී විසින් ගායනා කරනවා.

පසුගිය දිනවල වර්මන්ගේ ප්ලේ ලිස්ට් එක නමින් ගීත දෙකක් සමාජමාධ්‍යය පුරා පැතිරෙන්න ගත්තා. මුත්තුවේල් පාණ්ඩියන් කරදරයට පත්වන අවස්ථාවන් වලදී වර්මන්ගේ කල්ලිය ඔවුන්ගේ හිත පුරා පිරි සතුට පිට කිරීමට යම් සින්දුවක් වාදනය කර තාලයට නර්ථනයේ යෙදෙනවා. එය සිනමාශාලාවට ගිය ප්‍රේක්ෂකයින් මුහුණ දුන් අනපේක්ෂිත පුදුම කිරීමක්. “තාල් සේ තාල් මෙරා”[Taal (1999)], “කන්නෝඩු කාන්බදෙල්ලාම්”[Jeans (1998)] යන ගීත දෙක මේ විදියට වර්මන්ගේ කල්ලිය වාදනය කරනවා. මේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට මහත් උල්ලාසයක් ඇති කළා. මේ ගීත දෙකේම නිර්මාතෘවරයා ඒ. ආර්. රහුමාන්. මේ ගීත දෙක එම අවස්ථාවන් වලට ප්‍රබල බලපෑමක් ඇති කළා. මේ වර්මන් කල්ලියේ කැපී පෙනෙන ලෙස අලංකාර නැටුම් ඉරියව් ඉදිරිපත් කලේ රමේෂ් නම් පුද්ගලයෙක්. ඔහුගේ මූන් වෝක් ඉරියව්ව සමාජමාධ්‍යයේ ගොඩක් ප්‍රසිද්ධයි. Thunivu (2023) චිත්‍රපටයේදිත් ඔහු මූන් වෝක් ඉරියව්ව ඉදිරිපත් කරනවා. අවාසනාවන්ත විදියට මේ වසරේ ජනවාරි මාසයේදී රමේෂ් ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගන්නවා. රමේෂ් ZEE TV නාළිකාවේ රියැලිටි වැඩසටහනකටද සහභාගී වී තිබෙනවා.

ප්‍රාන්ත රජයේ නීතී අනුව ජේලර් සඳහා උදෑසන දර්ශන වාර(උදෑසන 4 සහ 7) හිමිවෙන්නේ නැහැ. මේ වෙද්දි ඉ.රු. කෝටි 600 ඉක්මවූ දළ ආදායමක් උපයා තිබෙනවා. මේ වෙද්දි ජේලර් 2023 වසරේ වැඩිම ආදායම් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය වගේම 2023 වසරේ දෙවනුව වැඩිම ආදායම් ඉපයූ ඉන්දියානු චිත්‍රපටයද වනවා. කේරළයේ වැඩිම ආදයාමක් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය, තෙළිඟු ප්‍රාන්තවල වැඩිම ආදායම් ඉපයූ දෙවන කොලිවුඩ් චිත්‍රපටය(2.0 ප්‍රථම ස්ථානයේ), ආන්ද්‍රාවල වැඩිම ආදායම් ඉපයූ දෙවන කොලිවුඩ් චිත්‍රපටය, කර්ණාටක ප්‍රාන්තයේ වැඩිම ආදායම් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය ආදී විවිධ වාර්ථා රැසක්ම බිහි කර හමාරයි. ඉදිරි දිනවල මේවාද බිඳ දැමීමට(නිර්මාණය කිරීමට) සූදානම්. චිරන්ජීවිගේ Bhola Shankar (2023) චිත්‍රපටයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයින් තෘප්තිමත් කිරීමට අසමත් වීම හේතුවෙන් දැවැන්ත ලෙසින් අසාර්ථක වනවා. භෝලා ශංකර්, Vedalam (2014) චිත්‍රපටයේ රීමේක් චිත්‍රපටයක්. තෙළිඟු ප්‍රේක්ෂකයින් ජේලර් වැළඳ ගත්තා. ඒ සමඟින් තෙළිඟු ප්‍රාන්තවල දර්ශන වාර ගණන තවත් වැඩි කෙරුණා. ඔවුන් තමන්ගේම කර්මාන්තයේ නළුවෙකුගේ චිත්‍රපටයක් මෙන් චිත්‍රපටයට අති සාර්ථකත්වයක් අත්කර දී අවසන්. රජිණි තෙළිඟු ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කරගත්තේ Bhairavi (1978) චිත්‍රපටයෙනුයි. සිනමාශාලා හිමිකරුවන්ගේ සංගමයෙන් කියන ආකාරයට ජේලර් තමිල්නාඩුවේ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක තිරගත වූ චිත්‍රපටයයි. උතුරු ඉන්දියාවේදී සැළකිය යුතු තරම් සහයෝගයක් මීට ලැබුණේ නැහැ. මොකද උතුරු ඉන්දියානු සිනමාශාලා හිමියන්ගේ ප්‍රතිපත්ති අනුව සති හතරක් වගේ කෙටි කාලයකින් දකුණු ඉන්දීය චිත්‍රපට OTT මාධ්‍යයේ නිකුත් කිරීමෙන් ඔවුන්ගේ ආදායම හීන වී යාම හේතුවෙන් උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මෙම චිත්‍රපටය තිරගත කෙරුණේ නැහැ. එහි ඉතාමත් සීමිත සිනමාශාලා ප්‍රමාණයක වුවත්, එම ප්‍රදේශයන් වල සිනමාශාලා හවුස්ෆුල් තත්වයේ තිබුණා. උතුරු ඉන්දියා ප්‍රදේශයේ නිසියාකාරව ප්‍රචාරණ කටයුතු සිදු නොකිරීම ගැන බෙහෙවින් කණගාටුයි. මෑතකදී නිකුත් වූ RRR, Bahubali, KGF, Pushpa වගේ චිත්‍රපටවලට හින්දි ප්‍රේක්ෂකයින්ගේ මහත් ආකර්ෂණයක් හිමි වුණා. ඒ විතරක් නෙවෙයි රජිණිගේ 2.0 චිත්‍රපටයද අති සාර්ථක ලෙසින් උතුරු ඉන්දියාවේ ආදායම් ඉපයුවා. කොහොම හරි ප්‍රේක්ෂකයින් හා විචාරකයන්ගෙන් ජේලර්ට දෙස් විදෙස් වශයෙන් ඒකාකාරව ඉතාමත් ඉහළ ලෙසින් ධනාත්මක ප්‍රතිචාර හිමිවුණා. සෘණාත්මක ප්‍රතිචාර නැත්තටම නැති තරම්. අනිරුද්ගේ පසුබිම් වාදනය ඉතා ඉහළින්ම ප්‍රශංසාවට ලක් කෙරුණා. අධික ශබ්දයෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නිසා සිනමාශාලාවක ස්පීකරය, තිරය ඉරාගෙන එලියට පැනපු අවස්ථාවක් සටහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. බැලූ බැල්මට සරල කතාවක් වුණත් රජිණිගේ විලාසය සහ නෙල්සන්ගේ හාස්‍ය ස්ඵර්ශය එක්ක විනෝදකාමී චිත්‍රපටියක් කළා. ආනන්ද විකටන් පුවත්පතෙන් ද ජේලර් වෙනුවෙන් ලකුණු 43ක සැළකිය යුතු ඉහළ ලකුණක් ලබා දී තිබෙනවා.

Jailer Box Office Rampage.

ජේලර් බිහි කළ බොක්ස් ඔෆිස් වාර්ථා.

  • නිකුත් වූ දිනම ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් එකතු කරගනිමින් ආරම්භක දින වැඩිම ආදායමක් හිමිකරගත් තෙවන කොලිවුඩ් චිත්‍රපටිය බවට පත් වනවා. ජේලර් තෙවෙනි වන්නේ රජිණිගේම 2.0(ඉ.රු. කෝටි 115), Kabali(ඉ.රු. කෝටි 110) යන චිත්‍රපට දෙකටයි. ඒ වගේම මෙය රජිණිගේ ඉ.රු. කෝටි 100 ඉක්මවූ 11වන චිත්‍රපටයයි.
  • ඇමරිකාවේ තිරගත කිරීමෙන් (Premiere Show ආදායම රහිතව.) ඇ.ඩො. මිලියන 5ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් මිලියන 5 පසුකළ රජිණිගේ දෙවන චිත්‍රපටය මෙයයි. රජිණි හැර දකුණු ඉන්දියානු නළුවන්ගෙන් ඇමරිකානු ආදායම් ඇ.ඩො. මිලියන 5 ලබා ඇත්තේ ප්‍රබාස් පමණයි. ඒ Bahubali 1 & Bahubali 2 යි.
  • විදෙස් රටවලින් ඇ.ඩො. මිලියන 23ක්(ඉ.රු. කෝටි 190) උපයාගනිමින් විදෙස් රටවල වැඩිම ආදායම් ඉපයූ දෙමළ චිත්‍රපටය බවට පත් වෙනවා.
  • Overseas ආදායම ඇ.ඩො. මිලියන 20 පසුකළ හතරවන කොලිවුඩ් චිත්‍රපටය වගේම, රජිණිගේ තෙවන චිත්‍රපටය. ඒ වගේම 2.0ට පසුව මේ කඩයිම කෙටි කාලයකින් පසුකළ චිත්‍රපටය.
  • උතුරු ඇමරිකාවේදී ඇ.ඩො. මිලියන 7 ඉක්මවූ ප්‍රථම කොලිවුඩ් චිත්‍රපටය.
  • තමිල්නාඩුවෙන් ඉ.රු. කෝටි 100ක Share(කොටස) ඉපයූ ප්‍රථම චිත්‍රපටය.
  • තෙළිඟු ප්‍රාන්තවලින් ආරම්භක දින වැඩිම ආදායමක් ඉපයූ කොලිවුඩ් චිත්‍රපටය.
  • තෙළිඟු බසින් හඬ කවන ලද පිටපතෙන් ඇ.ඩො. මිලියන 1.25 පසුකළ තෙවන දෙමළ චිත්‍රපටය.(Enthiran, 2.0 ට පසුව.)
  • බැංගලූර්වල තම කර්මාන්තයේම KGF Chapter 2 චිත්‍රපටයට හිමි වූයේ දර්ශන වාර 1,037ක් පමණයි. ඒත් ජේලර් චිත්‍රපටයට දර්ශන වාර 1,093ක් පමණ ලබා දී තිබුණා.
  • කර්ණාටක ප්‍රාන්තයේ ආරම්භක දින වැඩිම ආදායම ඉපයූ දෙමළ චිත්‍රපටය. මෙතෙක් කර්ණාටක ප්‍රාන්තයේ හඬකවා නිකුත් කළ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය.(ඉ.රු. කෝටි 5+)
  • 2023 වසරේ කේරළ ප්‍රාන්තයේ ආරම්භක දින වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටය.(ඉ.රු. කෝටි 5.85)
  • ජේලර් වසරේ වැඩිම Overseas Opening ආදායම වූ ඇ.ඩො. මිලියන 4.8ක් ඉපයුවා. ඒ Pathan චිත්‍රපටයේ ඇ.ඩො. මිලියන 4.6ක වාර්ථාව බිඳ දැමීමක්.
  • එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 2023 වසරේ තිරගත වූ චිත්‍රපටවලින් ඉහළම ආදායම හිමිකරගත් Barbie (2023) චිත්‍රපටයේ ආදායමද ජේලර් පසු කර යනවා.
  • ශ්‍රී ලංකාවේ(ඉ.රු. කෝටි 4.5+), මැලේසියාවේ(ඉ.රු. කෝටි 25+), කැනඩාවේ(ඉ.රු. කෝටි 12+) වැඩිම ආදායම් ඉපයූ දෙමළ චිත්‍රපටය.
  • ප්‍රථම වතාවට චෙන්නායි නගරයේ සියළුම දර්ශනවාර ටිකට්පත් දින දෙකකට පෙරම විකිණී අවසන් වනවා.
  • තමිල්නාඩු ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 200+ක් වගේම දින 14ක් වැනි කෙටි කාලයකින් එම සීමාව ඉක්මවූ චිත්‍රපටය.
  • තෙළිඟු ප්‍රාන්තවල ආදායම ඉ.රු. කෝටි 75+ක්. 2.0 පසුව එම සීමාව පසුකළ දෙවන දෙමළ චිත්‍රපටය. කර්ණාටක ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 65+ක්. එම සීමාව පසු කළ පළමු දෙමළ චිත්‍රපටය. කේරළ ප්‍රාන්තයේ ආදායම ඉ.රු. කෝටි 50+ක්.
  • ඒ සමඟම දකුණු ඉන්දියා ප්‍රාන්තවල ඉ.රු. කෝටි 50 ආදායම ඉක්මවූ Non-Sequel චිත්‍රපටය. මීට පෙර සියළුම දකුණු ඉන්දියා ප්‍රාන්තවලින් ඉ.රු. කෝටි 50+ ඉක්මවා තිබෙන්නේ Sequel චිත්‍රපට වූ Bahubali 2 සහ KFG 2 පමණයි.
  • 6වන දිනයේදී Non-Rajini වාර්ථාවක් වූ Vikram චිත්‍රපටයේ ජීවිත කාලීන ආදායම වූ ඉ.රු. කෝටි 420 ඉක්මවනු ලැබුවා.
  • Non-Rajini වාර්ථාවක් වූ පොන්නියින් සෙල්වන් 1 (2022) චිත්‍රපටයේ මුළු ආදායම් ප්‍රමාණය වූ ඉ.රු. කෝටි 512+ ජේලර් චිත්‍රපටය දින 10ක් තුලදී පසු කර යනවා.
  • රජිණිගේ උතුරු ඇමරිකාවේ ඇ.ඩො. මිලියනය පසුකල 10වන චිත්‍රපටය. (Sivaji, Enthiran, Linga, Kabali, Kaala, 2.0, Petta, Darbar, Annaatthe, Jailer)
  • තමිල්නාඩු, කේරළා, උත්තර් ප්‍රදේශ් මහ ඇමතිවරුන් සහ වෙනත් රාජ්‍ය නිළධාරීන් ජේලර් චිත්‍රපටය නරඹා තිබෙනවා. විශේෂයෙන්ම උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් රජිණිකාන්ත් සමඟින් ම චිත්‍රපටය නැරඹුවා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත ජේලර් නරඹා තම අදහස් සමාජමාධ්‍යයේ හා රූපවාහිනී නාළිකාවලට ඉදිරිපත් කර තිබුණා.

මේ වාර්ථා පිහිටවූ නළුවාගේ වයස අවුරුදු 72යි. තමන්ගේ ජීවිතයේ දුර්වල අවදිය ගත කර සිටිමින් මෙතරම් බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවන් බිහි කිරීම ඇත්තටම ආශ්චර්යක්. “රජිණි වාර්ථා බිඳ දමන්නෙක් නෙවෙයි, වාර්ථා නිර්මාණය කරන්නෙක්.” – සන් පික්චර්ස් අධිපති කලානිධිමාරන්.

Thalaivar 170 චිත්‍රපටය Jai Bheem (2021) අධ්‍යක්ෂක ටී. ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා. අනිරුද් සංගීතය අධ්‍යක්ෂණයෙන් සහභාගි වනවා. එහි රජිණිකාන්ත් සමඟින් අමිතාබ් බච්චන්, මන්ජු වොරියර්, ෆහද් ෆාසිල් ප්‍රධාන චරිත ද තෙළිඟු සිනමාවේ ශර්වානන්ද් හෝ නානි විශේෂ පෙනීසිටීමක් කරනු ලබන බවට ආරංචියි. එසේ වූවොත් අමිතාබ් හා රජිණිකාන්ත් එකට රඟපාන්නේ වසර 32කට පසුවයි. මේ චිත්‍රපටය වෙනුවෙන් කොණ්ඩ විලාසිතාව(තියෙන කෙස් ටික) වෙනස් කරගෙන තියෙනවා. මෙහි රූගත කිරීම් ඔක්තෝබර් මාසයේ ආරම්භ වන බවට පැවසෙනවා. ජයිභීම් චිත්‍රපටය නිකුත් වී දිනවල වන්නියර් කුලයට අපහසයක් සිදු වූවා යැයි කියමින් ඊට දේශපාලනිකව විරෝධතා ක්‍රියාත්මක වුණා. මේ චිත්‍රපටයටත් එවැනි ආකාරයෙන් විරෝධතා, මතභේදයන් ඇති වේ යැයි දැනටමත් අපේක්ෂා කරනවා.

Laal Salaam චිත්‍රපටයට රජිණි දීර්ඝ විශේෂ පෙනීසිටීමක් කරනු ලබනවා. විෂ්ණු විෂාල් හා වික්‍රන්ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වනවා. මෙහි රූගත කිරීම් මේ වෙද්දි අවසන්ව තිබෙනවා. හඬකැවීම් හා පසු නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නියමිතයි. ලාල් සලාම් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඓශ්වර්යා රජිණිකාන්ත් විසින්. සංගීතය ඒ. ආර්. රහුමාන් විසින් සපයනවා.

Thalaivar 171 චිත්‍රපටය ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරනු ලබනවා. තවමත් නිෂ්පාදන ආයතනය කුමක්ද යන්න තහවුරු කරගෙන නැහැ. මොකද Thalaivar 171 වෙනුවෙන් නිෂ්පාදන ආයතන කිහිපයක්ම පොරකමින් සිටිනවා. කොහොම වුණත් සන් පික්චර්ස් හා 7 ස්ක්‍රීන් ස්ටූඩියෝ ආයතන නම් දෙක වැඩි වශයෙන් සඳහන් වෙනවා. මේ චිත්‍රපටයේද සංගීතය අනිරුද්ගේ. Leo චිත්‍රපටය නිකුත් වීමෙන් අනතුරුව මෙහි පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන බවත් 2024 වසරේ පෙබරවාරි මාසයේ රූගත කිරීම් ඇරඹෙන බවත් පැවසෙනවා. කොහොම වුණත් Master (2021) චිත්‍රපටයෙන් පසුව ලෝකේෂ් කනගරාජ් රජිණිට කතාවක් ඉදිරිපත් කළ බව එකල පුවත් වල සඳහන් වුණා. එම ව්‍යාපෘතියට කමල් හාසන් නිෂ්පාදනයෙන් දායක වන බවටත් සඳහන් වුණා. ඒත් කමල් හාසන් ලෝකේෂ් සමඟින් වෙනස්ම ව්‍යාපෘතියක් ලෙසින් වික්‍රම් ආරම්භ කළා.

ලබන වසරේ නිකුත් වීමට නියමිත Project K චිත්‍රපටියේ දුෂ්ඨයාගේ චරිතය සඳහා රජිණිකාන්ත් සම්බන්ධ ගැනීමට නිෂ්පාදන ආයතනය අදහස් කර තිබුණත්, නළු ප්‍රභාස් තමන්ගේ Idol එක වුණ රජිණිව ඒ සඳහා යොදාගෙන අවමන් කිරීමට කැමති වුණේ නැහැ. ප්‍රභාස්ට රජිණිකාන්ත් කෙරෙහි මහත් ගෞරවයක් තිබෙනවා වගේම ඔහු දැඩි රජිණි රසිකයෙක්. මොකද ඒ බව ඔහුගේ චිත්‍රපටවලම සඳහන් කරනවා වගේම බොහෝ චිත්‍රපටවලට රජිණිගේ ආභාෂය ලබාගෙන තිබෙනවා දකින්න පුළුවන්. පසුව නිෂ්පාදනය ආයතනය මේ චරිතය වෙනුවෙන් කමල් හාසන් සම්බන්ධ කරගන්නවා.

නෙල්සන් සහභාගී වූ වැඩසටහන් වලදී Jailer 2, Kolamavu Kokila 2 චිත්‍රපට පිළිබඳව ඔහුට අදහසක් ඇති බව සඳහන් කළා. ඉතා සුළු කාලයක් පෙනී සිටියත් මැතිව් සහ නරසිම්මා චරිතවලින් සිදු වූ බලපෑම ප්‍රබල වීම නිසාවෙන් මෝහන් ලාල්ගේ සහ ශිවා රාජ්කුමාර්ගේ රසිකයින් මොවුන් දෙදෙනාගේ Spin-off චිත්‍රපට ලබාදෙන ලෙසට ඉල්ලීම් කරනවා. ඔවුන් දෙදෙනාට කිසිදු දෙබසක් හෝ සටන් ජවනිකාවක් නොමැතිව පසුබිම් සංගීතය සමඟ චරිතය උසස්කර පෙන්වීම පමණක් සිදු කළා. අධ්‍යක්ෂක නෙල්සන් මෑතකදී වැඩසටහනකට සම්බන්ධ වෙමින් රජිණිකාන්ත් හා විජයි තමන්ගේ අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමන්ට අදහසක් ඇති බව සඳහන් කළා.

ඉතින් අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්.නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

“බුරන්නෙ නැති බල්ලොත් නැහැ. වැරදි නොකියන කටවල් ඇත්තෙත් නැහැ. අපේ වැඩේ බලාගෙන දිගටම යන්න ඕන.”
රජිණිකාන්ත් – (ජේලර් චිත්‍රපටයේ සංගීතය එළිදැක්වීමේදී.)

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jailer-2023-sinhala-subtitles/feed/ 10
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/#comments Tue, 04 Jul 2023 23:09:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42882 Lust Stories 2 Sinhala Sub Lust Stories 2 Sinhala Subtitles Lust Stories 2 (2023) Sinhala Sub Lust Stories 2 (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත […]

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lust Stories 2 Sinhala Sub
Lust Stories 2 Sinhala Subtitles
Lust Stories 2 (2023) Sinhala Sub
Lust Stories 2 (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද…  කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..  එහෙනම් ගිහින් එන්නම්..

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/feed/ 2
Gurthunda Seethakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gurtunda-seetakalam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gurtunda-seetakalam-2022-sinhala-subtitles/#respond Mon, 30 Jan 2023 17:30:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35586 Gurthunda Seetakalam Sinhala Sub Gurthunda Seetakalam Sinhala Subtitles Gurthunda Seetakalam (2022) Sinhala Sub Gurthunda Seetakalam (2022) Sinhala Subtitles

The post Gurthunda Seethakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gurthunda Seetakalam Sinhala Sub
Gurthunda Seetakalam Sinhala Subtitles
Gurthunda Seetakalam (2022) Sinhala Sub
Gurthunda Seetakalam (2022) Sinhala Subtitles

The post Gurthunda Seethakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gurtunda-seetakalam-2022-sinhala-subtitles/feed/ 0