Tina Fey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tina-fey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tina Fey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tina-fey/ 32 32 Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mean-girls-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mean-girls-2024-sinhala-subtitles/#respond Tue, 27 Feb 2024 14:27:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67020 Mean Girls Sinhala Sub Mean Girls Sinhala Subtitles Mean Girls (2024) Sinhala Sub Mean Girls (2024) Sinhala Subtitles

The post Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mean Girls Sinhala Sub
Mean Girls Sinhala Subtitles
Mean Girls (2024) Sinhala Sub
Mean Girls (2024) Sinhala Subtitles

The post Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mean-girls-2024-sinhala-subtitles/feed/ 0
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/#comments Wed, 01 Nov 2023 00:41:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58906 A Haunting in Venice Sinhala Sub A Haunting in Venice Sinhala Subtitles A Haunting in Venice (2023) Sinhala Sub A Haunting in Venice (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් […]

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Haunting in Venice Sinhala Sub
A Haunting in Venice Sinhala Subtitles
A Haunting in Venice (2023) Sinhala Sub
A Haunting in Venice (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ.

ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.

ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.

A Haunting in Venice හි ඩිජිටල් පිටපත් හැලෝවීන් දිනයට සමගාමීව ඊයේ (30) නිකුත් කෙරුනා. මේක මම කලින් වෙන් කරගෙන තිබුන සිනමාපටයක් නිසා ඔන්න ඉක්මනටම ඔයාලට උපසිරසිය ගෙනාවා. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නත් ඕන. චිත්‍රපටයේ කතාව ගැන කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ. මොකද කලින් චිත්‍රපට නරඹපු අය දන්නවනේ මේ අපරාධ රහස් පරීක්ෂන චිත්‍රපටවල තියෙන ත්‍රිලර් ගතිය. තවත් කියන්න ඕන දෙයක් තමයි Kenneth Brangh යටතේ හර්කියුල් පොයිරෝ නැවත වතාවක් පැමිණෙයි කියලා දැනටමත් ඉඟි පලවෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි චිත්‍රපටයකුත් එයි කියලා ඔයාලා බලාපොරොත්තු තියාගත්තට කමක් නෑ. ඉතිං එහෙනම් මෙදාපාර සුන්දර වැනීසියේ හැලෝවීන් සාදයක සිදුවුන අභිරහස් ඝාතන විසඳන්න ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ හැලෝවීන් දිනයක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/feed/ 1
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 01:08:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41319 Mean Girls Sinhala Sub Mean Girls Sinhala Subtitles Mean Girls (2004) Sinhala Sub Mean Girls (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ […]

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mean Girls Sinhala Sub
Mean Girls Sinhala Subtitles
Mean Girls (2004) Sinhala Sub
Mean Girls (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්.

මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.

IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66%Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ.

ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ.

මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

…It’s So Fetch…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුදර්ශන (king suu) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/feed/ 0