Unnimaya Nalappadam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/unnimaya-nalappadam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 03:38:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Unnimaya Nalappadam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/unnimaya-nalappadam/ 32 32 Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/#comments Tue, 24 Oct 2023 07:35:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58270 Pranaya Vilasam Sinhala Sub Pranaya Vilasam Sinhala Subtitles Pranaya Vilasam (2023) Sinhala Sub Pranaya Vilasam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්. ආදරය කියන්නෙ එක විදිහකට […]

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pranaya Vilasam Sinhala Sub
Pranaya Vilasam Sinhala Subtitles
Pranaya Vilasam (2023) Sinhala Sub
Pranaya Vilasam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්.

ආදරය කියන්නෙ එක විදිහකට අර්ථකථනය කරන්න අමාරු දෙයක්. ඒක විවිධ පැතිකඩවල් ඔස්සේ විග්‍රහ කල හැකියි. මේ කතාවෙන් උත්සාහ කරන්නෙ ඒ පැතිකඩවල්කිහිපයක් විවිධ ආකාරයෙන් ගෙන එන්න.කතාව තියෙන්නෙ පුංචි පව්ලක් වටා.තාත්ත රජීව්, අම්ම අනූ, පුතා සුරාජ්. බැලු බැල්මට කිසිම ප්‍රශ්ණයක් නැති පවුලක්. කට්ටිය සතුටින් ජීවත් වෙනව.ඇත්තෙන්ම එයාල සුන්දර මිනිස්සු. ඒත් එයාල අතර ලොකු බැඳීමක් පෙනෙන්න නෑ.තාත්තගෙ පාලනය උඩ තමයි ගෙදර සියල්ල සිද්ධ වෙන්නෙ.කොල්ල ඒකට කැමති නැතත් ඌ යැපෙන්නෙන් ගෙදරින්නේ ඒ නිසා කරන්න දෙයක් නෑ තාත්ත එක්ක වැඩි ඇයි හොඳයියක් නැතුව ඒත් ලොකු ගැටුමකුත් නැතුව එයාගෙ ලෝකෙ එයා ඉන්නෙ.අම්මත් සාමාන්‍ය ගෘහණියක් ස්වාමියාගෙ අණට යටත්ව තමන්ගෙ වැඩ කොටස කර ගෙන ජීවත් වෙනව. දරදඬු පෙනුමක් තිබුනට තාත්ත ඇතුලෙත් ඉන්නෙ සුන්දර මිනිසෙක් බව පේනව.

ගායක සිහිනයක සිටින සූරජ්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඒ ආර් රහමන්ගෙ ඇකඩමියට යන්න ඕනැ උනත් තාත්ත එයාව යොමු කරවන්නෙ පරිගණක උපාධියකට. සුරාජ් කැම්පස් එකේ ජනප්‍රිය චරිතයක්.තමන්ව හොඳට අඳුනගත් ජාඩියට මූඩිය වගේ කෙල්ලෙක් එයාට ඉන්නවා. ඒක ඉතින් අද කාලෙට ගැලපෙන කෙරෙන මොඩර්න් ටයිප් එකේ ආදර බැඳීමක්. තාත්ත රජීව්ට තමන්ගෙ පරණ පාසල් පෙම්වතිය මුණ ගැහෙන්නෙ ඔය අතරෙ. එයා තවමත් අවිවාහකයි, ඔන්න එයාගෙ මතකය අළුත් වෙනවා. එයා අතීතය හා වර්ථමානය අතර හිර වෙන්නෙ පොඩි වරදකාරී හැඟීමකුත් එක්ක.කතාවෙ මුල් හරියෙ මේ සිද්දීන් එක එක පෙල ගැහෙන කොට එක පාරටම හිතාගන්න බැරි twist එකකින් කතාව තනි කර වෙනස් වෙනවා.ඇත්තටම එතන තමයි කතාව පටන් ගන්නෙ.තවත් පැරණි ප්‍රථම ප්‍රේමයක් එලියට එනවා.ඒක වෙනමම එකක්.මෙතනින් එහාට කතාව කියල SPOIL කරන්න කමත් නෑ.

මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ පසු ගිය වසරේ ජනප්‍රිය වූ Super Sharanya චිත්‍රපටයේ එකට රඟපෑ Arjun Ashokan සහ ජනප්‍රිය යොවුන් නිළි දෙපළක් වන Mamitha Baiju, Anaswara Rajan,තාත්තගෙ චරිතය රජිව් ලෙස K U Manoj විශිෂ්ඨ රංගනයක යෙදෙනවා.සෙසු චරිත Hakkim Shah, Miya George සහ Sreedhanya අධ්‍යක්ෂනය Nikhil Muraly ගෙන්.

තවත් ලස්සන මලයාලි චිත්‍රපටියක් ළඟඳීම ගෙන එන්නම්. ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/feed/ 1
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/#respond Sun, 30 Jul 2023 14:15:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47744 Thinkalazhcha Nishchayam Sinhala Sub Thinkalazhcha Nishchayam Sinhala Subtitles Thinkalazhcha Nishchayam (2021) Sinhala Sub Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම!! 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට අරගෙනයි අපි අද ආවේ. Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම […]

The post Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thinkalazhcha Nishchayam Sinhala Sub
Thinkalazhcha Nishchayam Sinhala Subtitles
Thinkalazhcha Nishchayam (2021) Sinhala Sub
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම!!

2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට අරගෙනයි අපි අද ආවේ.

Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම 96% ගූගල් පරිශීලක අගයක් හිමිවෙලා තියෙනවා. මලයාලම් ප්‍රහසන චිත්‍රපටියක වන Thinkalazhcha Nishchayam, 51 වෙනි කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙදී Best Story යන සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Second Best Film ලෙස තේරී පත්වුණෙත් මෙම චිත්‍රපටිය. උතුරු කේරළයේ Kanhangad කියන ප්‍රදේශයේ රූගත කරන ලද මෙම චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම ජීවත් වෙන ආධුනික පිරිස් කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙම ආධුනික පිරිසගේ රංගනය නම් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා නොකියාම බෑ. පීතෘ මූලික සමාජයක ගෙදරක කටයුතු වෙන්නේ කොහොමද? පියාගේ වගකීම් හා බැඳුණු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ආදී ලෙස ලාංකිකයින් වෙන අපිටත් සමීප දේවල් මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.

මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම ‌මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා‍.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් ‌දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රේණුකා සුභාෂිණි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thinkalazhcha-nishchayam-2021-sinhala-subtitles/feed/ 0