Vadivukarasi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vadivukarasi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vadivukarasi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vadivukarasi/ 32 32 Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 02:00:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67523 Ooru Peru Bhairavakona Sinhala Sub Ooru Peru Bhairavakona Sinhala Subtitles Ooru Peru Bhairavakona (2024) Sinhala Sub Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි […]

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ooru Peru Bhairavakona Sinhala Sub
Ooru Peru Bhairavakona Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Sub
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles

ආයුබෝවන් ඔයාල හැමෝටම!

ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි අක්කටයි ස්තූති කරගෙනම හෑල්ල දිහාට යංකො..

මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..

ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..
මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..

අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..

ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව.. ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..

Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma

විස්තරේ ගැන කියනව නම්,

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල”
ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන්
මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.? අවතාර වෙන්න බැරිද.? එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.? ඒකට හේතුව මොකක්ද.? එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?
ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?

මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..

– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..

– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..

ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/feed/ 0
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 09:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57627 800 Sinhala Sub 800 Sinhala Subtitles 800 (2023) Sinhala Sub 800 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට […]

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
800 Sinhala Sub
800 Sinhala Subtitles
800 (2023) Sinhala Sub
800 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.

හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .

කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.

Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.

අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.

අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .

ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/feed/ 8