Vimala Raman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vimala-raman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 Feb 2024 23:26:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vimala Raman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vimala-raman/ 32 32 Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 10:29:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60110 Asvins Sinhala Sub Asvins Sinhala Subtitles Asvins (2023) Sinhala Sub Asvins (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Horror / Mystery / Thriller ගනයට අයත් Asvins කියන හොරර් ටැමිල් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි භයංකාර චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk […]

The post Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Asvins Sinhala Sub
Asvins Sinhala Subtitles
Asvins (2023) Sinhala Sub
Asvins (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Horror / Mystery / Thriller ගනයට අයත් Asvins කියන හොරර් ටැමිල් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි භයංකාර චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/feed/ 1
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/#comments Tue, 26 Sep 2023 15:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54895 Gandeevadhari Arjuna Sinhala Sub Gandeevadhari Arjuna Sinhala Subtitles Gandeevadhari Arjuna (2023) Sinhala Sub Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක […]

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gandeevadhari Arjuna Sinhala Sub
Gandeevadhari Arjuna Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Sub
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක අරගෙන ආවා…

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? ? නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

 

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා… කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ ඔයාලම කතාව බලල ඉන්නකෝ… එහෙනම් ගිහින් එන්නම්, තවත් අළුත් ෆිල්ම් එකකින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/feed/ 7
Oppam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oppam-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oppam-2016-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 17:09:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41587 Oppam Sinhala Sub Oppam Sinhala Subtitles Oppam (2016) Sinhala Sub Oppam (2016) Sinhala Subtitles මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි. සමහර මිනිසුන්, […]

The post Oppam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oppam Sinhala Sub
Oppam Sinhala Subtitles
Oppam (2016) Sinhala Sub
Oppam (2016) Sinhala Subtitles

Oppam (2017)

මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි.

සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට උපත ලබනවා. නමුත්, හැමදෙනෙකුටම මේ වාසනා බල මහිමය පිහිටන්නෙ නැහැ. උපතින්ම ආබාධිත ලෙස උප්පත්තිය ලබන්නාවූ මිනිසුන් අනන්ත අප්‍රමාණ මේ ලෝ තලයේ වෙසෙනවා. නමුත් ඔබ මොහොතකට හෝ සිතුවාද, කිසිඳු ආබාධිත තත්වයක් නොමැති මිනිසුන් සමගින් කෙලෙසද  මෙම ආබාධිත මිනිසුන් එකිනෙකා හා කරට කර සිටිමින්, තම ජීවිත තරඟයෙන් පරාජය නොවී ඉදිරියටම ගමන් කරන්නෙ කියලා… මේ සොබාදහම හරිම පුදුමාකාරයි. කෙනෙක්ගෙන් මොනවා හෝ දෙයක් උදුරා ගන්නවා නම්, ඊට ප්‍රති උපකාරයක් ලෙස වෙනත් උරුමයක් ලබාදීමට තරම් ඔහු ත්‍යාගශීලී වෙනවා. සැමදෙනාටම සාධාරණත්වය. එයයි, සොබාදහම් මාතාව සතු අද්විතීය ලක්ෂණය.

උපතින්ම දෑස් අන්ධතාවයෙන් පෙලෙන්නාවූ ජයරාමන්… නමුත්, මා ඉහතකී ලෙසටම සොබාදහම් මාතාව, මෙම අවිහිංසක මිනිසාගෙන් සිය දෑස් උදුරා ගනිද්දී, ඒ වෙනුවෙන් වන්දියක් ලෙස හරි අපූරු දායාදයකින් ඔහුව සරසවනවා. මෙලොව, අතිශය සුළු පිරිසකට පමණක් උරුමකම් ඇත්තාවූ ත්‍යාගයක්… විංඥානය. එහෙමත් නැත්නම්, සයවෙනි ඉන්ද්‍රිය විදියට හඳුන්වන්නත් හැකියාව තියෙනවා. දෑස් අන්ධතාවයෙන් පෙළුනත්, මොහු සතු හැකියාව උපයෝගයෙන්, දෑස් පෙනෙන්නාවූ පුද්ගලයෙකුටත් වඩා අති සූක්ෂම ලෙස තමා අවට පරිසරය විමර්ශනය කිරීමේ හැකියාවක් මොහු සතුවෙනවා. අතිශය තියුණු බුද්ධි මහිමය, තමා අවට සිටින පුද්ගලයින්ගේ උස අනුමාන කිරීම, බර අනුමාන කිරීම, ඔවුන්ගේ චර්යා රටාවන් විමර්ශනය කිරීම, ඔවුන් කෙබඳු අන්දමේ පුද්ගලයින්ද යන වග නිර්ණය කිරීම, අතිශය ඉහළ මට්ටමේ ශ්‍රව්‍ය සහ ආඝ්‍රහණ හැකියාව, ඕනෑම අන්දමේ සියුම් වූ ශබ්දයක් සැනෙකින් හඳුනාගෙන, එම ශබ්දය කුමන ශබ්දයක්ද, ශබ්දය පැමිණෙන්නේ කුමන දිශාවෙන්ද යන වග දශමයටම නිර්ණය කිරීම, අතිශය තියුණු ඉව මෙන්ම පාරම්පරික සටන් ශිල්පයේ ප්‍රවීනත්වයද මොහු සතු දායාදයන්ගෙන් කිහිපයක් වෙනවා.

මෙවැනි අපූර්ව වූ හැකියාවන් සමුදායකින් සමන්විත වන්නාවූ මෙම සුන්දරතර මිනිසා, තම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින්, සියළු දෙනාගේම නිබඳ ගෞරවයට පාත්‍ර වෙමින් කල් ගතකරන අතරම, මොහුගේ සමීපතම මිතුරා වන්නෙ, සැඟවුණු අතීතයක් සහිත විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්. තමන් හට මුහුණ පෑමට සිදුවුණා වූ අතිශය සෝචනීය අතීත ඉරණමක් හමුවේ, ඊට වගකිවයුතු සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල් ඝාතනය කරමින්, සිය අවසාන පලිගැනීම ලෙස මෙම මහාධිකරණ විනිසුරුවරයා පසුපස හඹා එන්නාවූ, අතිශය තියුණු බුද්ධියක් සහිත දරුණු මිනීමරුවෙකු හමුවේ අසරණ වන මෙම මහාධිකරණ විනිසුරුවරයා, මෙතෙක් කාලයක් ලොවට රහසක්ව පවත්වාගෙන පැමිණියාවූ සිය දියණියගේ බාරකරුවා ලෙස, ඉහත කී දෑස් නොපෙනෙන ජයරාමන් පත්කරනු ලබනවා. නමුත්, නොබෝ කලකින්ම විනිසුරුවරයා සිය නිවසේදීම මරා දමන අතර, මේ සඳහා දෑස් නොපෙනෙන ජයරාමන් කෙරෙහි නීතියේ දෑත් දිගුවන අතරවාරයෙහි, සිය පලිගැනීම සම්පූර්ණ කරගැනීම උදෙසා මිනීමරුවාගේ ඊළඟ ඉලක්කය වන්නෙ, විනිසුරුවරයාගේ සැඟවුණු දියණියයි. දහසකුත් එකක් වූ බාධක කම්කටොළු හමුවේ සිය නිර්දෝෂී භාවය විදහා පාමින්, අවිහිංසක දියණියකගේ ජීවිතය රුදුරැ ඝාතකයකුගෙන් මුදවා ගැනීමට, විශ්මිත හැකියාවන්ගෙන් පිරිපුන් මෙම මිනිසාට හැකියාව ලැබේවිද….?

මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටය මොකක්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත්, සැකයක් නැහැ ගොඩක් දෙනාගේ පිළිතුර වෙන්නෙ Drishyam (2013) චිත්‍රපටය. නමුත්, මං කිව්වොත් ඔබ වැරදියි කියලා….? වසර ගණනාවක් මුළුල්ලේ මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණි Drishyam චිත්‍රපටය, තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද දමමින්, එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත්වූ චිත්‍රපටය තමයි, මෙම Oppam චිත්‍රපටය. Garam Masala (2005), Khatta Meetha (2010), Billu (2009) ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරන ලද, Priyadarshan සහ, මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ ජනප්‍රියතම තරුව, Mohanlal යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ, Imdb දර්ශකයේ 8.0 ක ඉහළම අගයකින් සමන්විත වන්නාවූ මෙම චිත්‍රපයට, ඉන්දියානු රුපියල් කෝටි 61 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමද සමත්විය. එමෙන්ම, Asiavision සම්මාන උළෙලේදී, හොඳම අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ඨතම චිත්‍රපටය, වසරේ ජනප්‍රියතම නළුවා, හොඳම ගායකයා (පිරිමි), හොඳම පද රචනාව, ගායනයේ නව ස්වරය… යන අංශයන් හය සඳහා යෝජනාවී, අදාළ අංශ හයෙන්ම ජයග්‍රහණය ලැබීමට පවා සමත්වූවා. එමෙන්ම, මෙම චිත්‍රපටයේ හින්දි සංස්කරණය, බොලිවුඩයේ ජනකාන්ත නළු අජය දෙව්ගන්ගේ  ප්‍රධාන රංගන දායකත්වය යටතේ, නුදුරු අනාගතයේදීම නිෂ්පාදනය කෙරෙන බැව් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබ තිබෙනවා.

කැමති අය අරගෙන බලන්න.එක හුස්මට බලන්න පුලුවන් තවත් චිත්‍රපටයක් කියලා සැකයකින් තොරව නිර්දේශ කරනවා. තවමත් සැකයක් තියෙනවා නම්, පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම නිගමනයකට එන්නකො.

එහෙනම්, මෙවැනි වූ තවත් රසබර සිත්තමකින් හමුවන තුරාවට, හැම දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

The post Oppam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oppam-2016-sinhala-subtitles/feed/ 0