Vineeth Radhakrishnan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vineeth-radhakrishnan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 22 Feb 2024 00:47:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vineeth Radhakrishnan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vineeth-radhakrishnan/ 32 32 Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/#respond Thu, 22 Feb 2024 00:47:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61914 Dhoomam Sinhala Sub Dhoomam Sinhala Subtitles Dhoomam (2023) Sinhala Sub Dhoomam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම […]

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhoomam Sinhala Sub
Dhoomam Sinhala Subtitles
Dhoomam (2023) Sinhala Sub
Dhoomam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.

මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන. ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු. එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා

අවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.

සිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද?

Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.

මේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/feed/ 0
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pachuvum-athbhuthavilakkum-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pachuvum-athbhuthavilakkum-2023-sinhala-subtitles/#comments Tue, 19 Sep 2023 08:45:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54421 Pachuvum Athbhuthavilakkum Sinhala Sub Pachuvum Athbhuthavilakkum Sinhala Subtitles Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Sub Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය […]

The post Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pachuvum Athbhuthavilakkum Sinhala Sub
Pachuvum Athbhuthavilakkum Sinhala Subtitles
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Sub
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය වෙන්න ඕනෙ.ඒ කවුරුත් නෙමෙයි Fahadh Faasil.

පාචු කියන්නෙ මුම්බායි වල පාමසියක් කරගෙන යන අහිංසක මලයාලි කොල්ලෙක්.එයාගෙ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ කෙල්ලක් කසාද බැදල ලස්සන ජීවිතයක් ගත කරන එක එයාගෙ හීනය. අහිංසක උනාට ටිකක් විතර තියෙන අහංකාර කම නිසාද කොහෙද බලපු එකම කෙල්ලෙක්වත් මෙයාට සෙට් උනේ නෑ.දවස් තුනකට ගමට එන පාචුට ආපසු යන ගමනෙ මුල ඉඳලම අනපේක්ෂිත සිද්ධි ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා.එයාට ‘මැජික් පහණ’ ලැබෙන්නෙ ඒ ගමනෙදි.අනේ මන්ද මම නම් කියන්නෙ මේ ඔක්කොටම හේතුව මාළු කටුවක් කියල.

ෆෆා මේකෙ ප්‍රධාන චරිතය කරද්දි Viji Venkatesh ,Anjana Jayaprakash,Dhwani Rajesh, Mukesh Rajan සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂනය Akhil Sathyan. එහෙනම් මෙ ලස්සන කතාව පහලින් Download කරන් බලන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pachuvum-athbhuthavilakkum-2023-sinhala-subtitles/feed/ 1
Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandramukhi-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandramukhi-2005-sinhala-subtitles/#comments Sun, 10 Sep 2023 11:34:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53627 Chandramukhi Sinhala Sub Chandramukhi Sinhala Subtitles Chandramukhi (2005) Sinhala Sub Chandramukhi (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යළුවනේ අදත් හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මෙ අරගෙන අවේ. IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් […]

The post Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandramukhi Sinhala Sub
Chandramukhi Sinhala Subtitles
Chandramukhi (2005) Sinhala Sub
Chandramukhi (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යළුවනේ අදත් හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මෙ අරගෙන අවේ.

IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම කරලා තියෙන්නෙ P. Vasu නම් අධ්‍යක්ෂකවරයා විසින්ය මේ චිත්‍රපටියේ රජිනිකාන්ත්, ප්‍රභූ ජොතිකා, නයන්තාර, වඩිවෙලු ඇතුළු තවත් ජන්ප්‍රිය නළු නිළියන් රැසක් රගනයෙන් දයකවේනවා.

කතාව ගැන කියනවානම් සරවනා (රජිනිකාන්ත්) මනෝ විද්‍යඥයෙක් මෙයා ඇමරිකාවේ ඉදන් නිව්ඩුවට ඉන්දියවට එනවා එයාගෙ යළුවා වන සෙන්දිල්ව (ප්‍රභූ) මුනගැහෙන්න ඔය අතරේ සෙන්දිල් ගංගා (ජොතිකා) කසද බදිනවා මෙකට එයලාගේ අම්ම කැමති වෙන්නැ මොකද එයගේ ලොකු අක්කගෙ දුවට තමා බදින්න පොරොන්දු වෙනෙනෙ ඉතින් මෙයාලා එහෙ ගිගින් වෙට්ටයන්පුරම් කියන මළිගාව සල්ලිවට ගන්නවා ඒ මළිගාව චන්ද්‍රමුකී කියන හොල්මනක් ඉන්නවා කියලා කවුරුත් ඒ පැත්තේවත් යන්නෙ නෑ එත් මෙයාලා ගත්ත නිසා ප්‍රභූයි එයාගේ ලොකු අම්මගේ කට්ටියයි එහෙ නවතිනවා. ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු අමුතු දෙවල් වෙනවා හැමොම හිතන්නෙ වත්ත බලාගන්න කෙනාගේ මිණිබීරිය වන දුර්ගා (නායන්තාරා)තමයි කරන්නෙ කියලා කෙනෙක් මෙ ගෙදර ඉන්න ප්‍රියාවයි සෙන්දිල්වයි මරන්න හදනවා.ඇයි මේ දෙන්නාව මරන්නේ? ඇත්තටම මෙක කරන්නෙ දුර්ගාද? මෙ චන්ද්‍රමුකි කියන කියන්නේ කවුද? එයාට මොකද වෙන්නෙ කියලා කතාව බලලාම දැනගන්න ඉතින්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නුවන් හසංක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandramukhi-2005-sinhala-subtitles/feed/ 1