Vinoth Kishan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vinoth-kishan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vinoth Kishan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vinoth-kishan/ 32 32 Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/#comments Fri, 09 Feb 2024 14:57:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66124 Captain Miller Sinhala Sub Captain Miller Sinhala Subtitles Captain Miller (2024) Sinhala Sub Captain Miller (2024) Sinhala Subtitles දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය […]

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Captain Miller Sinhala Sub
Captain Miller Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Sub
Captain Miller (2024) Sinhala Subtitles

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/feed/ 2
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/#comments Tue, 31 Oct 2023 14:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57099 Iraivan Sinhala Sub Iraivan Sinhala Subtitles Iraivan (2023) Sinhala Sub Iraivan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි. පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට […]

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iraivan Sinhala Sub
Iraivan Sinhala Subtitles
Iraivan (2023) Sinhala Sub
Iraivan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.

පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියා‍ගෙන මැරුනේ සර්.

මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ ‍මෙම චිත්‍රපටය තිරගත වුණා.

psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙනම් ඔයාල හැමෝටම මෙක බලන්න කියලා ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

මිහිමත වෙසෙනා අනෙකුත් සත්වයින් සියල්ලන්ටම වඩා භයානකම සත්වයා මිනිසාය!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/feed/ 1
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:25:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1089 විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක […]

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..

පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…

Imdb 8.2 ක් අරගත්තු  Horror, Mystery,  supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/feed/ 0