Will Ferrell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/will-ferrell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Will Ferrell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/will-ferrell/ 32 32 Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/despicable-me-4-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/despicable-me-4-2024-sinhala-subtitles/#respond Thu, 08 Aug 2024 01:18:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73162 Despicable Me 4 Sinhala Sub Despicable Me 4 Sinhala Subtitles Despicable Me 4 (2024) Sinhala Sub Despicable Me 4 (2024) Sinhala Subtitles

The post Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Despicable Me 4 Sinhala Sub
Despicable Me 4 Sinhala Subtitles
Despicable Me 4 (2024) Sinhala Sub
Despicable Me 4 (2024) Sinhala Subtitles

The post Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/despicable-me-4-2024-sinhala-subtitles/feed/ 0
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/#respond Wed, 04 Oct 2023 15:50:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55596 The Campaign Sinhala Sub The Campaign Sinhala Subtitles The Campaign (2012) Sinhala Sub The Campaign (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි… මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක […]

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Campaign Sinhala Sub
The Campaign Sinhala Subtitles
The Campaign (2012) Sinhala Sub
The Campaign (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි…

මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක නොකරම බැරි Zach Galifianakis නළුවන් දෙදෙනායි. මේ ෆිල්ම් එක කොච්චර ආතල්ද කියනවනම් මට හිතාගන්න බෑ කොහොමද මේකට මෙච්චරකල් සිංහල සබක් නිකුත් උනේ නැත්තේ කියලා. අපි මේකේ කථව ගැන පොඩ්ඩක් කියනවානම්, මේකෙ වෙන්නේ උතුරු කැරොලිනාවේ 14 වැනි දිස්ත්‍රික්කයේ කොන්ග්‍රස් සභිකයා තේරීමේදී ප්‍රධන පක්‍ෂ දෙකේ අපේක්ශකයන් දෙන්නා අතර සිද්ද වෙන ඡන් ද සටනයි.

Camden “Cam” Brady (Will Ferrell) කියන්නේ ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් නිතරඟයෙන් පිට පිට සිව්වතාවක් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වූ පුද්ගලයායි. ඔහු තරමක් සල්ලාලකමට බර, කිසි වගකීමක් ගන්නේ නැති තමන් ගේ ජයග්‍රහනය සහ තනතුර ගැන විතරක් හිතන කෙනෙක්. ඒ වගේම ඔහුගේ සෑම මැතිවරණ වැඩකටම සහය දෙන්න් ඔහුගේ හොඳම මිත්‍රයා වගේම කලමණාකරුවන Mitch Wilson (Jason Sudeikis)ය. හැබැයි මෙයා Camගේ සල්ලාල වැඩ වලටනම් කිසිම කැමැත්තක් නෑ. පස් වැනි පාරටත් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වෙන්න හිතන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රචාරණ වැඩ කරගෙන ගියත් ඔහුගේ අතින් සිද්දවෙන අවලං වැඩක් ප්‍රසිද්ධ වීමෙන් මේ පාර ඔහුට තිබෙන ජනතාවගේ කැමැත්ත අඩුවෙන්න ගන්නවා. ඒ නිසා ගෙන් දේශපාලන ප්‍රයෝජන ගන්න වගේම ඔහුගේ වැඩ වලට මුදල් වියදම් කරන අති විශාලා දේශපාලන බලයක් තියන ව්‍යාපාරිකයන් දෙන්නෙක් වන මොච් සහෝදරයන්ට Camගේ ජයග්‍රහනය ගැන තියන විශ්වාසය නැති වෙනවා.

එයාලා තීරණය කරනවා මේ ඡන් ද සටනට ඔවුන් ගේ වාසිය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරමින් කැම්ට විරුද්ධව තවත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න. ඒ එම දිස්ත්‍රික්කයේම දේශපාලනයට ස්ම්බන්ධ වංශවර් පව්ලක දෙවන දරුවා වන Marty Huggins “Zach Galifianakis”ය. මාටි හගින්ස් සාමන්‍ය පුද්ගලයන්ට වඩා අමුතු ගති පැවතුම් ඇති අහිංසක පුද්ගලයෙකි. තමන්ගේ තාත්තාගෙ වැඩ ගැන කලකිරීම නිසා පවුලෙන් ඈත් වෙල තමන් ගේ බිරිඳ හා ලමයි දෙන්නා එක්ක සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් පොඩි සංචාරක මගපෙන්වීම් ආයතකයක් කරගෙන යමින් හොඳ පව්ල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. කොහොම හරි මාටිගේ තාත්තාට මාටි ගැන විශ්වාසයක් නැතත් මොච් සහෝදරයන්ගේ ඉල්ලීම මත මොච් සහෝදරයන්ගේ යටි කූට්ටු වැඩ ගැන කිසි දෙයක් දන්නේ නැති ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ තමන් ජීවත්වෙන නගරයට හොඳ දේවල් කිරීමේ අරමුණකින්.

නාම යෝජණා බාරදීමේ අන්තිම විනාඩි කිහිපයේ මාටිගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන් මොන කුප්ප වැඩේ කරත් මැතිවරණ ජයග්‍රහනය ගැන 100% විශ්වාසය තියන් ඉඳපු කැම්ට මේක හිතාගන්න බැරි දෙයක් වෙනවා. හැබැයි කුඩා කාලයේ සිටම මාටිගේ අමුතු ගති පැවතුම් ගැන දන්න නිසා කැම් මේක ලොකුවට ගන්නෙ නැහැ. මේ සේරටම පස්සේ මොච් සහෝදරයන් විසින් මාටිගේ ඡන් ද වැඩ වල උදව්වට මාටි ලගට Tim Wattley (Dylan McDermott) එවනවා. ටිම් විසින් මාටිගේ සාමන්‍ය ජීවිතය මැතිවරණයට ගැලපෙන විදියට උඩු යටිකුරු කරනවා. මේ වෙනස්කම් වලින් පස්සේ කැම්වත්, මාටිවත් හිතපු නැති විදියේ ඒ මහා ඡන් ද සටන පටන් ගන්න අතර දෙන්නට දෙන්න තමන්ව උඩට ගන්න හිතාගන්නවත් බැරි විදියේ දේවල් කරන්න පටන් ගන්නවා. මම හිතනම කතාව මෙතනින් ඇති කියල. මේ ඡන් දෙන් දිනන්නේ කව්ද වගේම කථවේ ඉතුරු විස්තරය දැන ගන්නනම් දැන්ම ෆිලිම් එක පහලින් Download කරන් බලන්න කියල ආරාධනා කරනව. මේ ෆිලිම් එක පුරාවටම ඔයාලට හිනාවෙලාම බලන්න පුලුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/feed/ 0
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/#comments Sat, 23 Sep 2023 08:26:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54575 Strays Sinhala Sub Strays Sinhala Subtitles Strays (2023) Sinhala Sub Strays (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්. […]

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strays Sinhala Sub
Strays Sinhala Subtitles
Strays (2023) Sinhala Sub
Strays (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්.

ඔය අතරේ තව බල්ලෝ කණ්ඩායමක් ඉන්නවා අපි හැමෝටම පාරේ යනකොට හම්බවෙන. උන්ට අපි සරලවම කියන්නේ වල් බල්ලෝ කියලා. මම මේ කියන්නේ කකුල් හතරේ වල් බල්ලෝ ගැන හොඳේ. අන්න එහෙම වල් බල්ලන් ගැන කියවෙන කතාවක් තමයි අද මෙ අරන් එන්නේ.

චිත්‍රපටයේ නම Strays. රඟපාන්නේ බල්ලෝ. එක බැල්ලියෙකුත් ඉන්නවා. මේ කතාව බලන කොට මට මුලින්ම මතක් උනේ Cats & Dogs චිත්‍රපටය. වෙනසකට තියෙන්නේ මේ චිත්‍රපටයේ පූසෝ නැහැ. ඒ වෙනුවට ඇති තරම් කුණුහරුප නම් තියනවා. ඉතින් කියන්න ඕන සමහර කුණුහරුප අපි ඒවායේ ඇත්ත සිංහල වචන වලට කිට්ටු වෙන්න පරිවර්තනය කරා නැත්නම් කතාවේ රසය අඩු වෙන නිසා. ඒ වගේම කියන්න ඕන මේක විහිලු කතාවක් නිසා මුල ඉඳන් අග වෙනකල්ම හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ඔයාලා හැමෝටම.

එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රෙජී (Will Ferrell) කියන්නේ හුරතලේට ඇති කරපු බල්ලෙක්. එයාගේ හාම්පුතා තමයි ඩග් (Will Forte). හැබැයි ඩග්ට රෙජීව පේන්න බැහැ. මොකද රෙජී නිසා ඩග්ගේ හොර වැඩ කෙල්ලට මාට්ටු වෙනවා. ඒ වගේම ගෙදර පිළිවෙලට තියා ගන්නත් අමාරු වෙනවා. ඒ නිසා ඩග් තීරණය කරනවා රෙජීව ඈතක ගිහින් දාලා අතරමං කරන්න. එහෙම අතරමං කරන රෙජීට පාරේ ඉන්න වල් බල්ලෝ තුන් දෙනෙක් සෙට් වෙනවා. ඒ තමයි බග් (Jamie Foxx), හන්ටර් (Randall Park) සහ මැගී (Isla Fisher). ගජ යාළුවො වෙන මේ කට්ටිය එකතු වෙලා ඩග් ගෙන් ඒ කියන්නේ රෙජීගේ හාම්පුතා ගෙන් පළි ගන්න හැටි තමයි කතාවෙන් කියන්නේ. ඒ පළි ගන්න විදිහ නම් බලන්නම ඕන කියලා වැඩක් නැහැ.

Strays ලංකාවේ නම් පෙන්නුවේ නැහැ. සමහර විට තියන කුණුහරුප නිසා වෙන්න ඇති. චිත්‍රපටය විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ උනේ අගෝස්තු 18. Universal Pictures විසින් බෙදා හැරපු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Josh Greenbaum. ඒ වගේම මේකට IMDb 6.3 අගයකුත් Rotten Tomatoes 55% අගයකුත් ලැබිලා තියනවා. පුද්ගලිකව මගේ අදහස නම් මීට වඩා රේටින් ලැබෙන්න ඕන කියන එකයි. මොනවා උනත් කතාවේ රසයට නම් මේ රේටින් අදාල නැහැ. Josh Greenbaum ප්‍රධාන නළු නිලි බල්ලන් 4 දෙනා එක්ක

චිත්‍රපටය රූගත කරන අවස්ථාවක්

ලිපිය ඉවර කරන්න චිත්‍රපටයේ වල් බල්ලන් වෙනුවෙන් රෙජී හඳුන්වා දෙන නීති තුනක් සඳහන් කරන්න හිතුනා.

1. වල් බල්ලන්ට දෙයක් අයිති කරගන්න ඕන නම් ඒකට චූ කරන්න ඕන
2. වල් බල්ලන්ට කැමති දේකට ඇති තරම් සෙක්ස් කරන්න පුළුවන්
3. වල් බල්ලෝ තනි වෙලා නැහැ

එහෙනම් කතාව බලලා කමෙන්ට් එකකතු දාගෙන යන්න කියලා ආරාධනා කරනවා හැමෝටම…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහ චාමිකර විදානගේ සහෝදරයන්ගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strays-2023-sinhala-subtitles/feed/ 1
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/#respond Mon, 11 Sep 2023 17:25:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53099 Barbie Sinhala Sub Barbie Sinhala Subtitles Barbie (2023) Sinhala Sub Barbie (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා… කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා […]

The post Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbie Sinhala Sub
Barbie Sinhala Subtitles
Barbie (2023) Sinhala Sub
Barbie (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා…

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා මාලාව රැල්ලට ලෝකය පුරා හිටි හැටියෙ ජනප්‍රිය වුණා. අන්න ඒ වගේ,

මේ අරගෙන එන්නේ මෑතකාලයේදී සිනමා ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරපු ලෝකය පුරා අතිශය ජනප්‍රියට පත් චිත්‍රපටයක්, ඒක නමින් Barbie. මේ ෆිල්ම් එක තමයි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ ඕපන්හයිමර් ෆිල්ම් එක එක්ක කරට කර සටන් වදින්න ජූලි 21 වෙනිදා Warner Bros. විසින් අතෑරපු බෝම්බෙ.

සමාන්‍යයෙන් බැලුවොත් ලොකු හයිප් එකක් එක්ක හැදුනු ෆිල්ම් එකක් තියටර් රිලීස් කරන කොට සමාන්‍ය ෆිල්ම් රිලීස් කරහම වෙන්නෙ ඒ ෆිල්ම් ආදායම අතින් අතිශය පාඩු ලබන එක. හැබැයි මෙතනදි ඒක සෑහෙන්න වෙනස් වෙලා මේ ෆිල්ම් දෙක වෙනුවෙන් ලොකු රැල්ලක් සමාජ මාධ්‍ය වල ඇති වුණා Barbenheimer නමින්. ඒකෙන් ප්‍රේක්ශකයො ෆිල්ම් දෙක වෙනුවෙන් පිල් බෙදිල රැල්ලටත් එක්කම විශාල පිරිසක් මේක බලන්න තියටර් වලට ගිහින් සෑහෙන හයිප් එකක් ලෝකය වටා හැදුනා.

ඒකෙ ප්‍රතිපලයක් විදිහට බාබි ෆිල්ම් එකට හැකි වෙනවා ධනාත්මක ප්‍රතිචාරත් සමඟම ආදායම අතින් ඕපන්හයිමර් පරදා ඉතා කෙටි කාලයක් තුල ඇමරිකානු ඩොලර් බිලියනයෙ සීමාව පසු කරන්න, එනම් දින 15 වැනි කාලයක් තුලදී. ඒ අනුව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.4 අධික ආදායමක් උපයන්න හැකිවෙලා තියෙනවා වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වැයවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 145 පමණයි. ඒත් එක්කම මේ බාබි ෆිල්ම් එකට හැකි වෙනවා තව තවත් වාර්ථා එක් කරන්න එනම්,

  1. කාන්තාවක් තනිව අධ්‍යක්ෂණය කල (Solo Directed) සිනමාපටයක් ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
  2. වැඩිම ඩොමෙස්ටික් ආදායමක් ලද, කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල සිනමාපටය සහ වැඩිම ආදායමක් ලද කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල දෙවෙනි සිනමාපටය.
  3. 2023 වසරේදී ඩොලර් බිලිනයක ආදායමක් වාර්තා කල පලමු ලයිව් ඇක්ෂන් සිනමාපටය සහ මේ වනවිට අවුරුද්දේ වැඩිම ආදායමක් ලද සිනමාපටය.
  4. Warner Bros. ඉතිහාසයේ දැවැන්තම ආදායමක් ඉපැයූ සිනමාපටය.
  5. රයන් ගොස්ලින් සහ මාග්‍රට් රොබී දෙන්නගෙම ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
  6. බාබි සිනමාපටය තමයි වේගයෙන්ම ඩොලර් බිලියනය වාර්ථා කල සිනමාපට අතර හයවෙනියට රැඳී සිටින්නේ.

දැං පේනවනේ මේ රැල්ල කොච්චර දුරට ගියාද කියලා. හැබැයි කලින් කිව්ව වගේ මේක සාමාන්‍ය ෆිල්ම් එකක් කියන්නත් බෑ. මොකද මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Greta Gerwig මහත්මිය විසින්. ඇය තමයි Little Women(2019), Lady Bird(2017) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ඒ විතරක්ම නෙවේ මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන Margot Robbie සහ Ryan Gosling දෙදෙනායි. ඊට අමතරව මෙයට රංගනයෙන් දායක වෙනවා Will Ferrell, Emma Mackey, Simu Liu, Michael Cera, Kate McKinnon, America Ferrera, Hari Nef, Ariana Greenblatt, Ncuti Gatwa, Connor Swindells වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක්. තවද මේ වනවිට IMDb 7.3 ඉහල අගයක් ගන්න හැකිවෙලා තියෙනවා මනාප 267,000 අධික ප්‍රමානයකින් සහ කුණු තක්කාලි 88% ගන්නත් හැකිවෙලා තියෙනවා.

එහෙනම් ඔය ඇතිනෙ ෆිල්ම් එකේ වටේ විස්තර, දැං අපි බලමු මේ ෆිල්ම් එක සම්බන්දයෙන් අපේ ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්න ටික ගැන. මෙච්චර ජනප්‍රිය වෙන්න තරම් ඇත්තටම කවුද මේ බාබි කියන්නේ? හරි මෙහෙමයි ලංකාවෙ මෙහෙ වැඩිය මේ සංකල්පය ප්‍රසිද්ධ නැතත් ලෝකය පුරා විවිධ රට වල මේ සංකල්පය ඉතා ප්‍රසිද්ධයි. ඉතින් අපි බලමු කොහොමද බාබි නිර්මාණය වුණේ කියලා,

රූත් හැන්ඩ්ලර් නැතිනම් බාබි සංකල්පයේ නිර්මාතෘවරිය කියන්නේ මැටල්(Mattel) බෝනික්කො හදන සමාගමේ සම නිර්මාතෘවරියක්. එයා දකිනවා දවසක් එයාගෙ දුව පොඩි බෝනික්කො එක්ක සෙල්ලම් කරනවා සහ එයාගෙ හීන වගේ බෝනික්කන්වත් සරසනවා. ඉතින් රූත් තේරුම් ගන්නවා පුංචි ගෑහැනු ළමයින්ට තමන්ව දිරිමත් කරන්න පුළුවන් සහ මානසික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් බෝනික්කෙක් ඕනෙ කියලා. ඒ අනුව ඇය 1956 බාබිව නිර්මාණය කරන්න සංකල්පය මැටල් එකට ඉදිරිපත් කරනවා. බාබිට ඕන දෙයක් වෙන්න පුළුවන් කියන සංකල්පයත් එක්ක තමයි රූත් බාබිව ඉදිරිපත් කරන්නේ, ඒ කියන්නේ වෛද්‍යවරියක්, ගුරුවරයෙක්, ගුවන් නියමුවෙක්, ගඟනගාමියෙක් වුණත්. ඉතින් බාබිගේ අනාගතේ ගැන දැකපු මැටල් එක තීරණේ කරනවා බාබිව නිර්මාණය කරන්න. ඒ අනුව 1959 මාර්තු මාසයේදී නිළ වශයෙන් බාබිව වෙළඳපොලට හදුන්වා දෙනවා. බාබිව නිර්මාණය කරල තියෙන්නේ ශක්තිමත්, ස්වාධීන, ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක් විදිහට, ඒ නිසා මේක සමාජය තුල සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්න ගන්නවා. ඒකට පුළුවන් වෙනවා සමාජය තුල සංස්කෘතික තුල විශාල බලපෑමක් එල්ල කරන්න ඉතින් බාබි බෝනික්කෙක්ට වඩා වැඩි දෙයක් බවට පත් වෙන්න හැකිවෙනවා. අවසානයේදී සමාජයේ කාන්තාශක්තියේ සලකුණ බවට බාබි පත් වෙනවා. බාබිගේ සැබෑ සංකල්පය තමයි සමාජය තුල කාන්තා ශක්තිය පිළිඹිබු කරලා පෙන්නන එක. ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙද්දි නව බාබි නිෂ්පාදන මැටල් එකෙන් ඉදිරිපත් කරනවා. එයාල විවිධ ශරීර වර්ණයන් තියෙන බෝනික්කන් හඳුන්වා දෙනවා. ගැහැනු ළමයින්ට ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න මැටල් එකෙන් වෛද්‍යවරියන්, ගඟනගාමීන්, ගරුවරු වශයෙන් විවිධ වෘතීන් එක්ක බාබිව නිර්මාණය කරන්න ගන්නවා. ඒ අනුව බාබි මේ වෙනකොට බ්‍රෑන්ඩ් එකක්, කාන්තා ශක්තියේ සංඛේතයක් වගේම මේ සංස්කෘතියෙ කොටසක් බවට පත්වෙලා හමාරයි. ඊට අමතරව බාබි නමින් ඇනිමේශන් ෆිල්ම්, ටීවී සීරිස් ගනනාවක් නිෂ්පාදනය වෙලා තියෙනවා. අපේ කට්ටියටත් මතක ඇති ටීවි එකේ අපි පොඩි කාලෙත් ලස්සන ලස්සන බාබි ඇනිමේශන් ෆිල්ම් විකාශනය වුණා.

රූත් හැන්ඩ්ලර් සහ ඇගේ සැමියා එලියට් හැන්ඩ්ලර්

දැං කට්ටියට හිතා ගන්න පුළුවන්නෙ බාබි කියන්නෙ කොච්චර දුරට ලෝකය පුරා ව්‍යාප්ත වුණ සහ ජනප්‍රිය වුණ බෑන්ඩ් නේම් එකක්ද කියලා. ඊලඟට අපේ කට්ටියට ඇතිවුණ ප්‍රශනයක් තමයි මොකක්ද මේ ෆිල්ම් එකේ කතාව කියන එක ගැන. මොකද ට්‍රේලර් එකත් කතාව ගැන හරියට අදහසක් ගන්න බැරි විදිහටනෙ තිබුනේ. බාබි ලන්තෙකුයි ඇත්ත ලෝකෙකුයි මොකක්ද මේ විකාරෙ කියලා ගොඩක් කට්ටියට හිතෙන්න ඇති. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ කියනවට වඩා දැං ඔයාලටම පුළුවන් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරල බලලාම දැනගන්න.

ෆිල්ම් එක බලනවාද නැද්ද කියන එක ඔයාල තීරණේ කරන්න, මොකද මේක ලස්සන සිංදු ටිකක් එක්ක යන හාස්‍ය මුසුවුණු සමාජෙට වටින පණිවිඩයක් දෙන ෆිල්ම් එකක්. මෑතකදි ඉතා ජනප්‍රියට පත් Dua Lipa ගෙ Dance The Night සිංදුවත් Billie Eilish ගෙ What Was I Made For? සිංදුවත් මේ ෆිල්ම් එකේම තමයි තියෙන්නේ. හැබැයි ෆිල්ම් එක බලන අයට එක දෙයක් කියන්න ඕනෙ, ඒක තමයි මේක ඩොලර් බිලියනයක් හෙව්වට මෙච්චර ජනප්‍රිය වුණාට එච්චර ලොකු දේවල් ෆිල්ම් එකෙන් බලාපොරොත්තු වෙලා මේක බලන්න එපා. මොකද මේක සරල කතාවක්. හැබැයි ඔයාල මේක සරල කතාවක් කියල හිතන් බැලුවොත් ඔයාලට මේකෙන් ගැඹුරු පණිවිඩයක් තමන්ගෙ ජීවිතේට වුණත් එක් කරගන්න බැරි නෑ.

ළමායි ඔන්න ඔරිජිනල් පිටපත UPDATE කරා…

එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/barbie-2023-sinhala-subtitles/feed/ 0