Woody Norman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/woody-norman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Apr 2025 14:58:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Woody Norman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/woody-norman/ 32 32 The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-electric-state-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-electric-state-2025-sinhala-subtitles/#comments Thu, 03 Apr 2025 14:58:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97042 The Electric State Sinhala Sub The Electric State Sinhala Subtitles The Electric State 2025 Sinhala Sub The Electric State (2025) Sinhala Sub The Electric State (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Electric State Sinhala Sub
The Electric State Sinhala Subtitles
The Electric State 2025 Sinhala Sub
The Electric State (2025) Sinhala Sub
The Electric State (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-electric-state-2025-sinhala-subtitles/feed/ 2
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-last-voyage-of-the-demeter-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-last-voyage-of-the-demeter-2023-sinhala-subtitles/#comments Tue, 29 Aug 2023 10:46:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52332 The Last Voyage of the Demeter Sinhala Sub The Last Voyage of the Demeter Sinhala Subtitles The Last Voyage of the Demeter (2023) Sinhala Sub The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 19 වෙනි සියවස කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවොත් මම හිතන්නේ මම වැරදි නෑ. චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් […]

The post The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Last Voyage of the Demeter Sinhala Sub
The Last Voyage of the Demeter Sinhala Subtitles
The Last Voyage of the Demeter (2023) Sinhala Sub
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

19 වෙනි සියවස කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවොත් මම හිතන්නේ මම වැරදි නෑ. චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් ස්කොට්, තෝමස් හාර්ඩි, ජේන් ඔස්ටින්, චාර්ලට් බ්‍රොන්ටෙ, මාක් ට්වේන්, ඔස්කාර් වයිල්ඩ් සහ ආතර් කොනන් ඩොයිල් වැනි විශිෂ්ට ලේඛකයන්ගේ නාමයන් මේ වෙද්දිත් රන් අකුරින් ලියැවී අවසන්. දෙනුවර අන්දරය, ඔලිවර් ට්විස්ට්, අයිවන්හෝ, මෝබිඩික්, වදරින් හයිට්ස් සහ ජේන් අයර් වැනි ලොව සුපතල ග්‍රන්ථයන් එම සමයේ පමණක් නොව අදටත් රසික හදවත් වර්ණවත් කල ශ්‍රේෂ්ට නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රන්ථ බොහෝමයක් ආදර කතා, ඉතිහාස කතා, රහස් පරීක්ෂක වැනි කාණ්ඩයන් යටතේ තමයි නිර්මාණය වෙලා තිබුනේ. ඔන්න ඔය කාලේ තමයි 1897දී අයර්ලන්ත ජාතික බ්‍රෑම් ස්ටෝකර් විසින් “ඩ්‍රැකියුලා” කියන නව කතාව රචනා කලේ. ඒ වගේම මෙම අද්භූත රන්ථය මුළු එංගලන්තයම ත්‍රස්ත කරන්න සමත් උනේ නොසිතූ අයුරින්. පසුව ලෝකයේ විවිධ භාෂා වලට මේ ඩ්‍රැකියුලා පොත පරිවර්ථනය වීමත් එක්ක ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. ඒ වගේම මේ නව කතාව ඇසුරෙන් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා රැසක් නිෂ්පාදනය කරලා තිබෙනවා. අන්න ඒ විදියට ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවුන නවතම ෆිල්ම් එක තමයි The Last Voyage of the Demeter කියන්නේ.

ඩ්‍රැකියුලා මුල් පිටපතේ කවරය සහ බ්‍රෑම් ස්ටෝකර් මහතා

ඔයාලා ඩ්‍රැකියුලා නවකතාව කියවලා තියෙනවනම් මේ ඩෙමීටර් නෞකාව නුපුරුදු දෙයක් වෙන්න බෑ. අන්ධකාරයේ කුමාරයා හෙවත්ඩ්‍රැකියුලා තමන්ගේ ලේ පිපාසිත භීෂණය පතුරන්න රුමේනියාවේ වර්නා වරායේ ඉඳන් එංගලන්තයට එන්නේ මේ නැවෙන් තමයි. ඒ ගැන තොරතුරු අපිට මීනා හාකර්ගේ දිනපොතෙන් වගේම ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතිනුත් දැනගන්න ලැබෙනවා. ඉතිං ඩේලිටෙලිග්‍රාෆ් පුවත්පතේ පලවෙන්නේ ඩෙමීටර් නෞකාවේ කැප්ටන්ගේ ලොග් පොතේ ලියලා තිබෙන විස්තර පමණයි. මෙන්න මේ සිද්ධිය ඇසුරු කරගෙන එදා ඩෙමීටර් නැවේ සිදුවුන අද්භූත සිද්ධියේ රූපමය රචනාව මෙම චිත්‍රපටයෙන් ඔයාලට නරඹන්න පුළුවන්. ඇත්තටම නවකතාවෙදි මේ නැවට දාලා තියෙන ඩෙමීටර් කියන නම බ්‍රැම් ස්ටෝකර් ආවාට ගියාට දාපු නමක් නෙමෙයි. ඩෙමීටර් කියන්නේ ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න දෙවඟනක්. ග්‍රීක ප්‍රවාද වලට අනුව ඇය තමයි ගොවිතැන සහ අස්වැන්නට අධිපති දෙවඟන. මේ දෙවඟනගේ නම ස්ටෝකර් තෝරගෙන තියෙන්නේ යටි අදහස් කීපයක්ම පෙන්නුම් කරන්න තමයි. ඒ මොනවද කියලා මම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි බ්‍රැම් ස්ටෝකර් කියන්නේ මොනවගේ විශිෂ්ට කතුවරයෙක්ද කියලා.

  • ඩෙමීටර් කියන්නේ අස්වැන්නට අධිපති දෙවඟන නිසා ඇයට ජීවය සහ මරණය අධීක්ෂණය කරන්න පුළුවන්: මේ නැවෙන් පෙන්වන්නේ ඩ්‍රැකියුලා විසින් එංගලන්තයට මරණය රැගෙන එන අයුරුයි.
  • වරක් ඩෙමීටර් දෙවඟනට කරදර කිරීමට සමුද්‍රයට අධිපති රජු පොසයිඩන් විසින් ඇයව ලුහුබැඳ එනවා: මේ නැවට මුහුදේදි අත්වන විනාශකාරි ඉරණම එයින් නිරූපණය වනවා.
  • ඩෙමීටර් දෙවඟනව සීරීස් කියාත් හඳුන්වනු ලබනවා: එයින් පෙන්වන්නේ ඩ්‍රැකියුලාගේ දෙබිඩි ජීවිතයයි.
  • ග්‍රීක ප්‍රවාද වලට අනුව මනුෂ්‍ය ශිෂ්ටාචාරයට නීතිය හඳුන්වලා දීලා තිබෙන්නේ ඩෙමීටර් දෙවඟන විසින්: ඩ්‍රැකියුලා නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ජොනතන් හාකරුත් නීතිඥයෙක්.
  • ඩෙමීටර් නෞකාව කුණාටුවකට හසුවී ගසාගෙන එන සිදුවීම රචනා කිරීමට ස්ටෝකර් අභාශය ලබාගෙන තියෙන්නේ 1887දී කුණාටුවකට හසුවී විට්බි වරායට ගසාගෙන ආ “දිමිත්‍රි” නම් රුසියානු නැවේ ඛේදජනක ඉරණමයි.

ඩෙමීටර් දෙවඟන

The Last Voyage of the Demeter චිත්‍රපටය Horror/ Fantacy යන කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නේ. IMDb අගය 6.4කුත්, 90%ක ගූගල් පරිශීලක මනාපත් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ නෝර්යාවීජිනු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන André Øvredal විසින්. චිත්‍රපටය සිනමා ශාලා වලට නිකුත් කෙරුනේ අගෝස්තු 10 වෙනිදා වගේම වෙබ් පිටපත් නිකුත් උනේ අද (29) තමයි. හොලිවුඩය දෙවනක් කල Barbie සහ Oppenheimer චිත්‍රපට දෙකේ ඝට්ටනයට මැදීවීමත් එක්ක මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තානම් සුබ වෙන්නේ නෑ. Game of Thrones කතා මාලාවේ ඩාවෝස් සීවර්ත් ලෙස රංගනයෙන් එක් වූ Liam Cunningham කැප්ටන් එලියට් ලෙසත්, Corey Hawkins ක්ලෙමන්ස් ලෙසත්, Aisling Franciosi ආනා ලෙසත්, ඒ වගේම David Dastmalchian වෝචෙක් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.


කතාව ගැනනම් පොඩ්ඩක් හරි කිව්වොත් ඒක ඔයාලගේ රස විඳීමට බාධා වෙනවා. ඒ වගේම ඔයාලා මීට කලින් ඩ්‍රැකියුලා නව කතාව කියවලා නැත්තම් ඒක කියවලා ඉන්න. එහෙනම් පහලින් ෆිල්ම් එක බාගෙන බලන්නකො…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-last-voyage-of-the-demeter-2023-sinhala-subtitles/feed/ 5
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cobweb-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cobweb-2023-sinhala-subtitles/#respond Sat, 12 Aug 2023 14:23:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49941 Cobweb Sinhala Sub Cobweb Sinhala Subtitles Cobweb (2023) Sinhala Sub Cobweb (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොලිවුඩයේ නිපදවන චිත්‍රපට රැසකගේ ප්‍රධානම ශානර වෙන්නේ ක්‍රියාදාම, ෆැන්ටසි, කොමික් වගේ ශානර උනත් ඒ හා සමාන කරට කර ගේමක් දෙන කාණ්ඩයක් විදියට Horror ශානරය හඳුන්වන්න පුළුවන්. දැවන්ත බොක්ස් ඔෆිස් ආදායම් නැතත් සාමාන්‍යයෙන් හොලිවුඩය කළඹන හොරර් නිර්මාන කාලෙන් කාලෙට […]

The post Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cobweb Sinhala Sub
Cobweb Sinhala Subtitles
Cobweb (2023) Sinhala Sub
Cobweb (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොලිවුඩයේ නිපදවන චිත්‍රපට රැසකගේ ප්‍රධානම ශානර වෙන්නේ ක්‍රියාදාම, ෆැන්ටසි, කොමික් වගේ ශානර උනත් ඒ හා සමාන කරට කර ගේමක් දෙන කාණ්ඩයක් විදියට Horror ශානරය හඳුන්වන්න පුළුවන්. දැවන්ත බොක්ස් ඔෆිස් ආදායම් නැතත් සාමාන්‍යයෙන් හොලිවුඩය කළඹන හොරර් නිර්මාන කාලෙන් කාලෙට නිකුත් වෙලා තියෙනවා. The Exorcist (1973), The Thing (1982), Halloween චිත්‍රපට මාලාව, A Nightmare On Elm Street චිත්‍රපට මාලාව, Friday The 13th චිත්‍රපට මාලාව, Evil Dead චිත්‍රපට මාලාව වැනි ආදායම් වාර්තා පිහිටවු 70, 80 සහ 90 දශකවල පැරණි චිත්‍රපට ඊට කදිම නිදසුනක්. මෑත කාලේ වෙද්දිත් අතරින් පතර බලාපොරොත්තු සහගත නිර්මාණත් එළි දැක්වුනා. It (2017), The Ring (2002), The Grudge (2004), Resident Evil සහ Conjuring Universe’හි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොව පුරා ජනප්‍රිය වූ බව ඔයාලට මතක ඇති.

උඩ කිව්ව චිත්‍රපට වලට අමතරව නිර්මාණය උන ගොඩක් ෆිල්ම්වල කතා තේමාව එකම අච්චුවේ ඒවා විදියට තමයි අපිට දකින්න ලැබුනේ. පවුලක් අළුත් ගෙදරකට ගිහින් එහෙ ඉන්න හොල්මන් කරදර වලට මූණ දෙන හැටි, නැත්තම් මැරිච්ච ආච්චි, සීයා වගේ පවුලේ කෙනෙක්ගේ අවතාර වගේ දේවල් නිතරම යොදාගත් නිසා කාලයක් යද්දි ප්‍රේක්ෂකයන්ට නීරස සහ ඒකාකාරි බවක් නොදැනුනාමත් නෙමෙයි. මෙන්න මේ කාලේ තමයි Jordan Peele කියන සුපිරි අධ්‍යක්ෂවරයා Get Out (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරමින් වාර්තමානයේ හොරර් චිත්‍රපට අළුත්ම මානයකට ගෙනාවේ. ඒ අනුව ඔහුගේම නිර්මාණ වූ Us (2019) සහ Nope (2022) චිත්‍රපටත්, Barbarian (2022), Smile (2022), Conjuring චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේ Malignant (2021) වැනි චිත්‍රපට සාම්ප්‍රදායික හොරර් තේමා වලින් බැහැර උන වෙනස්ම තේමාවන් සහිත නිර්මාණ උනා. ඉතිං මම අද ඔයාලට අරන් ආපු Cobweb චිත්‍රපටයත් එවැනි වෑයමක තවත් සාර්ථක ප්‍රතිපලයක් කියලා හඳුන්වන්න පුළුවන්. Cobweb චිත්‍රපටය මේ වෙද්දි 95%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 61%ක කුණු තක්කාලි අගයකුත්, 6.4ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Samuel Bodin විසින්. රංගනයෙන් දායක වෙන අය අතර Banshee කතාමාලාවේ ශෙරිෆ් හුඩ් එහෙමත් නැත්තම් The Boys කතාමාලාවේ සුපිරි (ප්‍රති)වීර හෝම්ලෑන්ඩර් ලෙස කෙටි කලකින් ලොව පුරා ආකර්ශනය දිනාගත් Antony Starr මාක් ලෙසත්, Now You See Me 2 (2016), The Inteview (2014) යන සිනමාපට වලින් හමුවූ Lizzy Caplan කැරොල් ලෙසත්, Cleopatra Coleman ඩිවයින් ලෙසත්, Woody Norman පීටර් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පීටර් කියන්නේ අහිංසක ඒ නිසාම පාසලේදී නිතර අනිත් ළමයින්ගෙන් කරදර විදින්න වෙන ළමයෙක්. ඉතිං හැලෝවීන් කාලේ ළං වෙද්දි මෙයාටත් අනිත් ලමයි වගේ ගෙවල් වලට ගිහින් ට්‍රික් ඕර් ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඔයාලා දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදට බටහිර රටවල හැලෝවීන් කියලා සමරන උත්සවය ගැන. එදා රෑට පොඩි ළමයි විවිධ ඇඳුම් වලින් සැරසිලා අහල පහල ගෙවල් වලට ගිහින් සිංදු කියලා පැණිරස ජාති ඉල්ලගෙන එකට තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ඒත් පීටර්ගේ අම්මයි තාත්තයිනම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ පළාතේ මීට අවුරුදු ගාණකට කලින් හැලෝවීන් දවසේ පුංචි ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා වගේම ඒ අබිරහස තාම විසඳීලා නැති නිසයි. ඉතිං දවසක් පීටර්ට තමන්ගේ කාමරේ බිත්තිය ඇතුලෙන් තට්ටු කරන සද්දයක් ඇහෙනවා. කල් යද්දි මේ සද්දේ වැඩි වෙනවා වගේම බිත්තිය ඇතුලින් කටහඩකුත් ඇහෙන්න ගත්තම තමයි පීටර් හොඳටම බයවෙන්නේ. ඉතිං මේ සද්දේ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මම කලින් කිව්වා වගේ මේක සාම්ප්‍රදායික හොල්මන් ෆිල්ම් එකක් කියලා හිතාගෙනනම් බලන්න එපා. අවසානය උඩුයටිකුරු එකක් වෙනවා කියලා මම ඔයාලට සහතික වෙනවා.

කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලා ඔයලගෙන් ඉල්ලන ගමන් අපි ගිහින් එන්නම්. තවත් Film එකකින් නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cobweb-2023-sinhala-subtitles/feed/ 0