Aditya Chopra Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aditya-chopra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:51:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aditya Chopra Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aditya-chopra/ 32 32 Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52403 Dilwale Dulhania Le Jayenge Sinhala Sub Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා […]

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dilwale Dulhania Le Jayenge Sinhala Sub
Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

Twenty Years Celebration

“The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි. ‘ආනන්ද් භක්ෂි’ ගේ පද රචනයන්ගෙන් හැඩවුණු මියුරු ගීත ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

  1. මේරෙ ක්වබෝන් මේන් – ලතා මන්ගේෂ්කාර් SEE
  2. රුක් ජා ඕ දිල් දිවානේ – උදිත් නාරායන් SEE
  3. සර ස ජූම් ලූන් මේන් – ආශා බෝස්ලේ SEE
  4. නා ජානේ මෙරේ දිල් කො ක්‍යා – ලතා, උදිත් නාරායන් SEE
  5. තුජෙ දේකා තෝයේ ජානා සනම් – ලතා, කුමාර් සානු SEE
  6. මෙහෙන්දි ලගා කෙ රක්නා – ලතා, උදිත් නාරායන් SEE

‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම් එකක්. පැය 03 වි.10 ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/feed/ 0
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 10:50:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45392 Mohabbatein Sinhala Sub Mohabbatein Sinhala Subtitles Mohabbatein (2000) Sinhala Sub Mohabbatein (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත […]

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mohabbatein Sinhala Sub
Mohabbatein Sinhala Subtitles
Mohabbatein (2000) Sinhala Sub
Mohabbatein (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “

2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි නිෂ්පාදනය, වියෝ වූ ශ්‍රේෂ්ඨ සිනමා කරුවෙක් වූ Yash chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස Nikhil advani කටයුතු කර තිබෙනවා, සංවේදී සිනමා සිත්තමක් වූ Kal Ho Naa Ho අධ්‍යක්ෂනය කලේ ඔහු විසින්. පැහැදිලි වම හින්දි සිනමාවේ දක්ෂ නිර්මාණ කරුවන් පිරිසක් මේ වටා රොක් වී සිටිනවා. මෙහි IMDB අගය 6.8 ක් පෙන්නුම් කරනවා.

‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…

මේ තමා සාරාංශය. කතාව නම් තව දිගයි… මේ සිනමා කෘතියේ ලස්සන ගීත පහක් ද ඇතුලත්. මෙහි ‘වික්‍රම්’ ලෙස Uday chopra රඟ දක්වනවා, ‘කරණ්’ ලෙස Jimmy Shergill රඟ දක්වන අතර ‘සමීර්’ ලෙස Jugal Hansraj රංගනය ඉදිරිපත් කරනවා. ‘නාරායන් ශංකර්’ ගේ චරිතය ජීව මාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී Amithaab bhachchan විසින්. ඔහුගේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි, ඔහු තම චරිතයට ලබා දිය හැකි ඉහලම සාධාරණය ලබා දෙනවා. ‘මේඝා’ ලෙස රංගන දායකත්වය සපයන්නේ සුරූපී නිළි Aishwarya rayi විසින්.’රාජ් ආර්යන්’ චරිතයට පණ දෙන්නේ අද වන විට බොළිවුඩයේ විශාලතම පෙරළිය සිදුකල, අසමසම රංගන ශිල්පියා Shahrukh Khan විසින්, ඔහුගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නාමික සඳරුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mohabbatein-2000-sinhala-subtitles/feed/ 0