Basil Joseph Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/basil-joseph/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 07 Feb 2024 16:32:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Basil Joseph Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/basil-joseph/ 32 32 Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 15:50:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11617 සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් […]

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.

Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/feed/ 0
Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 07:08:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49994 Godha Sinhala Sub Godha Sinhala Subtitles Godha (2017) Sinhala Sub Godha (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති […]

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Godha Sinhala Sub
Godha Sinhala Subtitles
Godha (2017) Sinhala Sub
Godha (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“කන්නාඩික්කල්”
ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ,
අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම.
ගුස්ති ශූරයන්ගේ බිම .
ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම.
ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ ,
ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්.
ඇත්තෙන්ම හිටියේ නෑ.
කන්නාඩික්කල් මැද තිබුන “මනයත්” ගුස්ති භූමියටරටේ සිව් දෙසින්ම ,
ගණන් කල නොහැකි තරම් විශාල සෙනඟක් ගුස්ති ඇල්ලීමට ඇවිත් තිබෙනවා.
හනුමාන් දෙවියන් නමදිමින්,
තෙල් ගැල් වූ , යකඩ මෙන් , ශක්තිමත් වූ ශරීරයත් සමඟ,
උඩු රැවුල කරකවමින්,
පුළුල් පපු තලයකින් යුතුව,
ගුස්ති බිමට පය තියනුයේ ඕනම දෙයක් කිරීමට සුදානමින්.
දීප්තිමත් දෑසෙන් බලන ඒ බැල්මම,
හිත ගොඩක් කලබල කරනවන සුළුයි.
ගුස්ති මෙයාලට විනෝද ක්‍රීඩාවක්
විතරක්ම නෙමෙයි.
ඔවුන්ගේ ජීවිතය.

ඒත් කාලය වෙනස් වෙලා ,
විනෝදය වෙනස් වෙලා ,
සිතුවිලි වෙනස් වෙලා ,
කැමති දේ වෙනස් වෙලා ,
හැම දෙයක්ම වෙනස් වෙලා.
ගුස්ති කියන්නේ , ඔලිම්පික් වලින් ඉන්දියාවට පදක්කම් ටිකක් දිනලා දෙන ක්‍රීඩාවක්ම විතරක් වෙලා.
ඒකත් උතුරු ඉන්දියානුවන්ගෙන්.
දක්ෂ ගුස්ති කරුවන්ගේ විජයග්‍රහණ දුටු මේ “මනයත්” බිම ,
මේ ගුස්ති භූමිය
කීර්තිමත් ගුස්ති අතීතයේ මහිමය කියාපාන සිහිවටනයක්.
ඒ ගාම්භීර යුගය හදවතේ රඳවාගන ,
ඒ සම්ප්‍රධාය ගැන ආඩම්බර වෙන මිනිසුන් තවමත් මෙහෙ ඉන්නවා.
මේ ඔවුන්ගේ කතාවයි!

අද අරගන ආවේ 2017 මැයි 17 දින තිරගත වීම අරඹන ලද Godha (2017) චිත්‍රපටය. Sports/Drama කාණ්ඩයට අයත් වන මෙම මලයාලම් සලරුව IMDB 7.5/10 හිමි කර ගැනීමට සමත් වෙලා තියනවා. ඉන්දියානු රුපියල් කෝටි 30.6 ක Box office අදායමක් සමඟ 2017 වර්ෂයේ වාණිජමය අතින් සාර්ථක වූ මලයාලම් චිත්‍රපට අතර ඉහලම ස්ථානයක වැජඹෙන මෙම සිනමාපටය ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව සිනමා ශාලා තුල දින 90ක් පමණ තිරගත වී තිබෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Basil Joseph විසින්. කතාව ලියල තියෙන්නේ Rakesh Mantod විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. ප්‍රධාන නළුවා වශයෙන් Tovino Thomas ද, ප්‍රධාන නිළිය වශයෙන් Wamiqa Gabbi ද රංගනයෙන් දායක වෙලා තියනවා. Oru Mexican Aparatha(2017) චිත්‍රපටය බැලුව නම් Tovino Thomas නොදැන ඉන්න විදියක් නෑ.

මල්ලව පොර ක්‍රීඩාව වටා ගෙතී තිබෙන මෙම සලරුව ආරම්භයේ සිට අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් විදියට සහතික කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ SPD සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/feed/ 0