Brandon Christensen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/brandon-christensen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Aug 2023 17:25:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brandon Christensen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/brandon-christensen/ 32 32 Z (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/z-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/z-2019-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:23:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49117 Z Sinhala Sub Z Sinhala Subtitles Z (2019) Sinhala Sub Z (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “…කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් […]

The post Z (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Z Sinhala Sub
Z Sinhala Subtitles
Z (2019) Sinhala Sub
Z (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“…කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු විසිරී තිබූ කාමරයෙන් ඔහු ඉක්මනින් පිට වීමට සූදානම් විය. එක්වරම කාමරය පුරා විසිර තිබූ සෙල්ලම් බඩු ඉබේම ක්‍රියාත්මක වීමට පටන් ගති! විවිධ ආලෝක රටා මඟින් කාමරය ආලෝකමත් වන්නට විය. තැතිගත් සිතින් ඔහුගේ දෙනෙත් කාමරයේ බිත්තියෙහි වූ අමනුෂ්‍ය සිතුවම වෙත යොමු විය. සිතුවමෙහි දෑස් ජීවමානව බැබළෙන්නට විය! එක්වරම…”

“Imaginary Friend හෙවත් හිතින් මවාගත්ත යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඔයා තනියම ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් නම්, ඔයා එක්ක කවුරුත් කථා කරන්නෙ නැත්නම්, ඔයා හිතින් යාළුවෙක් මවා ගන්නවා. ඊට පස්සෙ එයා තමයි ඔයාගෙ හොඳම යාළුවා. ඔයාගෙ හැමදේම කියන්නෙ එයාට. ගෙදර අය හිතන්නෙ ඔයා තනියම කථා කරනව කියලා. නමුත් ඔයා ඇත්තටම කථා කරන්නෙ ඔයාගෙ යාළුවට! එයා තමයි ඔයාට උපදෙස් දෙන්නෙ. ඔයාගෙ යාළුවො හිතයි ඔයා හරිම ආඩම්බරයි කියලා. ඒත් ඊට වඩා හොඳ යාළුවෙක් දැන ඔයාට ඉන්නවා. “නොපෙනෙන මිතුරා!” ඒත්…මේ යාළුවව හදිසියෙ හරි පේන්න ගත්තොත්? මවාගත් බවින් ඉක්මවා ඔයා අවට සිටින අයට බලපෑම් කරන්න ගත්තොත්? ඒක ලේසියෙන් අතඇරල දාන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි!

ඉතින් මේ කථාවෙ පුංචි ‍ජොෂ්ටත් ඉන්නව ඒ වගේ මවාගත්ත යාළුවෙක්. යාළුවගෙ නම ‘සී(Z)’. ජොෂ් කියන්නෙ පවුලෙ එකම දරුවා. ඉතින් එහෙම යාළුවෙක් ඉන්න එකේ පුදුමෙකුත් නෑ.‍ ජොෂ්ගෙ අම්මයි තාත්තයි හිතුවෙ මේ දේ පුතා ලොකු වෙද්දි මගහැරිල යයි කියලා. නමුත් දවසක් ජොෂ්ගෙ අම්ම, තමන්ගෙ පුතා මෙතුවක් කල් හිතින් මවාගෙන කථා කරන යාළුවව ඇත්තටම දකිනවා!!! සෑම සිදුවීමක්ම පටන් ගන්නෙ මෙතැනින්. ජොෂ්ගෙ තාත්තනම් මේ දේවල් ගණන් ගන්නෙ නෑ. නමුත් ජොෂ්ගෙ අම්ම දිනක් අහම්බෙන් දකින දෙයක් නිසා මහත් බියටත් ව්‍යාකූල තත්වයටත් පත් වෙනවා. ඒ තමයි………………

මෙතැනින් එහාට මට කියන්න බෑ. මොකද ‘සී(Z)’ මට ඒකට ඉඩ දෙන්නෙ නෑ! ඔයාල කථාව බලලම තීරණයක් ගන්න. හිතින් මවාගත්ත යාළුවෙක් ඔයාටත් ඕනමද කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරන්ත සිල්වා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Z (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/z-2019-sinhala-subtitles/feed/ 0