David Twohy Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/david-twohy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Aug 2023 21:45:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David Twohy Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/david-twohy/ 32 32 Riddick (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/riddick-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/riddick-2013-sinhala-subtitles/#comments Tue, 15 Aug 2023 20:41:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50512 Riddick Sinhala Sub Riddick Sinhala Subtitles Riddick (2013) Sinhala Sub Riddick (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටියට කලින් තව චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා. ඒ Pitch Black (2000) සහ The Chronicles of Riddick (2004) යන චිත්‍රපටියි. හරි එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු. රිඩික් (Riddick) කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඇමරිකානු විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටියක්. The Chronicles of […]

The post Riddick (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Riddick Sinhala Sub
Riddick Sinhala Subtitles
Riddick (2013) Sinhala Sub
Riddick (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටියට කලින් තව චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා. ඒ Pitch Black (2000) සහ The Chronicles of Riddick (2004) යන චිත්‍රපටියි. හරි එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු.

රිඩික් (Riddick) කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඇමරිකානු විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටියක්. The Chronicles of Riddick කියන චිත්‍රපටි පෙලේ තුන්වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Vin Diesalම තමයි. එතකොටම මේ Riddick කතාව ලියන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ David Twohy කියන කෙනයි. මෙයාම තමයි Pitch Black සහ The Chronicles of Riddick කියන චිත්‍රපටිත් රචනය කරේ වගේම අධ්‍යක්ෂණය කරෙත්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණයට පැමිණියේ 2013 සැප්තැම්බර් 4 වෙනිදා. ඒ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේදීයි. ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ වුනේ 2013 සැප්තැම්බර් 6 වෙනිදා. කියවෙන විදිහට එක්සත් රාජධානියේදී 2014 ජනවාරි 13වෙනිදාලු DVD එකයි Blu-ray එකයි පිටත් වෙන්නේ.

මේ රිඩික් චිත්‍රපටියට ප්‍රසිද්ධ නලු නිලියන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vin Diesal. තව එතකොට කවුරුත් දන්න WWE වීරයෙක් වන Batistaත් මේකේ චරිතයකට පණ පොවනවා.

2013 ඔක්තෝම්බර් 20වෙනිදා වෙනකොට රිඩික්හි ආදායම උතුරු ඇමරිකාවේ විතරක් ඩොලර් 42,025,135ක් වුනා. ඒවගේම අනිත් රටවල් වල මුලු ආදායම ඩොලර් 51,603,759ක ආදායමක් වුනා. මුලු ලෝකයේම ආදායම වුනේ ඩොලර් 93,628,894ක්. උතුරු ඇමරිකාවේ මේ රිඩික් චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්ත මුල් සතිය ඇතුලතදී විතරක් ඩොලර් 19,030,375ක් හොයල තියෙනවා. කතාව මෙහෙමයි.

රිඩික්ගේ වර්ගයේම අය ඔහුට ද්‍රෝහි වෙලා එක විනාශ වීගෙන යන ලෝකයක අතරමං කරලා දානවා. රිඩික් ඒ ලෝකයේ ඉන්න පිටසක්වල විලෝපිකයන් සමඟ සටන් වදිනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන්. ඒවගේම නෙදටත් හිටියටත් වැඩිය ඔහු ශක්තිසම්පන්න අතින් වැඩිවෙනවා. රිඩික්ව ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් දෙනවා කියන නිසා, මේ ත්‍යාගය ගන්න බලාපොරොත්තුවෙන් රිඩික්ව හොයාගෙන දඬයක්කාරයෝ වගයක් මේ රිඩික් ඉන්න ලෝකෙට එනවා. ඒවගේම තවත් දඬයක්කාරයෝ පිරිසක් එනවා. හැබැයි ඔවුන් එන්නේ ත්‍යාගය වෙනුවෙන් නෙමෙයි. ඒ රිඩික් ඒ කණ්ඩායමේ නායකයාගේ පුතාව මැරුවා කියන චේතනාව මත රිඩික්ගෙන් පළිගන්නයි ඔවුන් එන්නේ. ඉතින්, කතාව දිවයන්නේ රිඩික් මොවුන්ගෙන් බේරිලා, ඒ වගේම මේ ලෝකේ ඉන්න විලෝපිකයන්ගෙන් බේරිලා, තමන්ගේ ජීවිතය උදෙසා පළිගැනීම ආරම්භ කරන හැටි ගැනයි. ඉතින් රිඩික්ට මොකක් වෙයිද, ඒ වගේම මේ ආපු කණ්ඩායම් රිඩික්ට මොනවා කරයිද, රිඩික් මේ ලෝකෙන් යයිද, නැත්නම් මොනවා වෙයිද, මොන වගේ විලෝපික ගොඳුරු වලට මොවුන්ට මුහුණ දෙන්න වෙයිද. බලන්න කියලා ආරාධනා කරනවා චිත්‍රපටිය.

“මම දන්නේ නැහැ කොපමණ වතාවක් මරණයේ ලැයිස්තුවට මාව යෝජනා වෙලා, එයින් මාව ඉවත් කරලා තියෙනවද කියලා. ඒ නිසා… මට මේ සිඳුවීමත් ලොකු දෙයක් නෙමෙයි.”

නරඹන්න… රිඩික්… ජීවිත වෙනුවෙන් පළිගැනීම ආරම්භ කරන වීරයා. පේන විදිහට මේ කතා මාලාවේ 4වෙනි කොටස සහ 5ස් වෙනි කොටසුත් ඔන්න ලඟ ලඟම එනවලු. එතකං බලාන ඉමු නේ?

මෙහි පළමු කොටස සහ දෙවන කොටස නැරබිමට මේ පින්තූර උඩ ක්ලික් කරන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චලිදු දේශන් (කිනා) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Riddick (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/riddick-2013-sinhala-subtitles/feed/ 1
The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 20:38:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50495 The Chronicles of Riddick Sinhala Sub The Chronicles of Riddick Sinhala Subtitles The Chronicles of Riddick (2004) Sinhala Sub The Chronicles of Riddick (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාල කවුරුත් වගේ ආදරය කරන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ සුපිරි වැඩ කරු වින් […]

The post The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Riddick Sinhala Sub
The Chronicles of Riddick Sinhala Subtitles
The Chronicles of Riddick (2004) Sinhala Sub
The Chronicles of Riddick (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාල කවුරුත් වගේ ආදරය කරන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ සුපිරි වැඩ කරු වින් ඩීසල් නේ.

මේ බයිස්කොප් එකට imdb මීටරයේ හොද අගයක් හිමිවෙලා තිබෙනවා ඒ 6.6 ක් මගේ මතය හැටියට නම් මේකට තවත් ඉහල අගයක් හිමි වෙන්න ඕන, මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ david thohy අධ්‍යක්ෂකවරයා මොහුම තමයි රිඩ්ඩික් පලමු කොටසත් අධ්‍යක්ෂනය කලේ. එහෙනම් වැඩි කතා නැතිව අපි කථාව පැත්තට යමු කෝ.

මේ කථාව ආරම්භයේදිම රිඩ්ඩික්ව කොටු කර ගන්න පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එනවා රිඩ්ඩික් ඒ කණ්ඩායමට පහර දිලා ඔවුන් ගේ යානාවත් රැගෙන හෙලන් ප්‍රයිම් නැමති ග්‍රහා ලෝකයට යනවා ඒ ඔහු ගේ පැරණි මිත්‍රයව හමුවෙන්න ඔයාලට මතක ඇතිනේ පලමු චිත්‍රපටයෙදි රිඩ්ඩික් අර පිස්සු සත්තු න් ගෙන් ජිවතය බේරගෙන රැගෙන ගිය ඉමෑම් පියතුමා රිඩ්ඩික් එහි යන්නෙ ඉමෑම් පියතුමා බලන්න විතරක් නෙමෙයි අර පලමු චිත්‍රපටයෙ හිටපු කොල්ලෙක් විදියට වෙස්වලාගෙන හිටපු පුංචි කෙල්ල ඇයව හමුවෙන්නත් එක්ක නමුත් රිඩ්ඩික් හෙලන් ප්‍රයිම් වලට යන විට හෙලන් ප්‍රයිම් වලට නික්‍රෝමොන්ගර්ස්ලා නමින් හදුන්වන ජන කොට්ටාශයක් හෙලන් ප්‍රයිම් යටත් කර ගැනිමට පැමිණිමෙන් සිටින්නෙ ඔවුන් ගෙන් ජිවතය ගලවා ගැනිමට නම් ඔවුන් ගේ ආගම වැලද ගන්න වෙනවා එහෙම නොකරන ඕනැම කෙනෙකුට හිමි වෙන්නෙ මරනය එහිදි රිඩ්ඩික් දැන ගන්න ලැබෙනවා ඒ පුංචි කෙල්ල හෙලන් ප්‍රයිම් වලින් ඔහුව සොයාගෙන පිටව ගිහිල්ලා කියලා.

ඔය අතර තුර ඉමෑම් මරණයට පත් වෙනවා නික්‍රෝමොන්ගර්ස්ලට අසු වීමෙන් ඔය අතර වාරයේදි රිඩ්ඩික් නික්‍රෝමොන්ගර්ස්ලත් එක්ක අවුලක් ඇති කර ගෙන එතනින් පැන ගන්නවා එහිදි රිඩ්ඩික් නැවතත් අර නරක හාදයට අසුවෙනවා රිඩ්ඩික් කලිනුත් කොටු කර ගන්න ආපු ඉන්පසු රිඩ්ඩික්ව රැගෙන යනවා ක්‍රිමටෝරියා නැමති සිරගෙදරකට එහිදි රිඩ්ඩික්ට හමුවෙනවා පුංචි කෙල්ලව හැබැයි දැන් නම් ඇය කලින් හිටියා වගේ නෙමෙයි ගොඩාක් වෙනස් ඇය ගේ නමත් වෙනස් වෙලා නමුත් රිඩ්ඩික්ට නික්‍රෝමොන්ගර්ස්ලගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නැහැ ඔවුන් ඔහුව සොයා ගෙන එම ග්‍රාහාලෝකයටත් පැමිණෙනවා, නික්‍රෝමොගර්ස්ල ගේ සේනාධිපති රිඩ්ඩික්ට හොදටම බය වෙලා ඉන්නෙ. ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

මෙහි පළමු කොටස සහ තුන්වන කොටස නැරබිමට මේ පින්තූර උඩ ක්ලික් කරන්න.

බලලා යන ගමන් පොඩි අදහසකුත් කොටලා යන්නකො එහෙනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/feed/ 0
Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/#comments Tue, 15 Aug 2023 20:34:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50473 Pitch Black Sinhala Sub Pitch Black Sinhala Subtitles Pitch Black (2000) Sinhala Sub Pitch Black (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන නැහැනේ. මේක ඉතින් පට්ටම එකක් කිව්වොත් නිවැරිදියි, මොකද කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ නලු vin diseal. ඔහු ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන කරන්නෙ නැහැනෙ. […]

The post Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pitch Black Sinhala Sub
Pitch Black Sinhala Subtitles
Pitch Black (2000) Sinhala Sub
Pitch Black (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන නැහැනේ. මේක ඉතින් පට්ටම එකක් කිව්වොත් නිවැරිදියි, මොකද කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ නලු vin diseal. ඔහු ගැන මම ඔයාලට අලුතින් කියන්න ඕන කරන්නෙ නැහැනෙ.

මේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ david thohy විසින්, ඒ වගේම මේකට imdb මීටරයේ 7.1 ක අගයක් ලැබිලා තියෙනවා ඔයාලට මේක බැලුවම තේරුම් ගන්න පුලුවන් ඒ ඇයි කියලා, මම තවදුරටත් මේ ගැන පම්පොරි ගගහා ඉදලා පලක් නැහැනේ. ඔන්න එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමුකෝ….

මේ කතාව ගලා යන්නෙ රිඩ්ඩික් නම් සිරකරුවෙක් වටා. රිඩ්ඩික් කියන්නෙ රිඩ්ඩික් කියන්නෙ ඔයාල කවුරුත් දන්න සුපිරි නලු වින්ඩිසල්, මෙහිදි රිඩ්ඩික්ව ප්‍රවාහනය කරනු ලබමින් පවතිනවා සලාම් නමින් හදුන්වන සිර කදවුරකට. නමුත් ඔහුව ප්‍රවාහනය කරන්නෙ සමාන්‍ය ජනාතාව ගමන් කරන යානාවක. මෙහෙදි හදිසියේම වගේ යනාවේ හට ගන්නා දෝෂයක් නිසා යනාව කඩා වැටෙනවා වෙනත් ග්‍රහාලෝකයකට. එහිදි යානයේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙක් මිය යනවා. ඒ අතර යානාවේ කපිතානුත් මේ අනතුරින් මිය යනවා. නමුත් මේ අනතුරින් රිඩ්ඩික්ට නම් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ. රිඩ්ඩික් විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක් මේ අනතුරින් දිවි බේර ගන්නවා. නමුත් මේ ග්‍රහා ලෝකය පොඩ්ඩක් විතර අමුතු එකක්. පොඩ්ඩක් විතර කිව්වට ඒක එහෙමම නෙමෙයි. මම ඒ මොකද කියලා කියන්න යන්නෙ නම් නැහැ. ඔයාලට මේක බලනකොට හිතා ගන්න පුලුවන් මම එහෙම් කිව්වෙ මොකක් නිසාද.

ඒ විතරක් නෙමෙයි මේ ග්‍රහා ලෝකයට රාත්‍රි කාලයක් ඇති වෙන්නෙ නැහැ…. හදිසියෙම වගේ රිඩ්ඩික් තමාව සිර කල සිටි තැනින් පැන ගන්නවා. ඔය අතර තුර සීක් නැමති පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය යනවා. ඒකට කොටුවෙන්නෙත් රිඩ්ඩික්ව. නමුත් ඒක කලේ රිඩ්ඩික් නම් නෙමෙයි. ඔය හැම සිදු වීමක් වෙන අතර තුර හදිසියේම වගේ සුර්‍යා ග්‍රහානයක් ඇති වෙනවා. එහිදි මුලු ග්‍රහා ලෝකයම අන්ධකාරයෙන් වැසි යනවා. ඒ අතර තුර අමුතු සතුන් විශේෂයක් මතු වෙන්න පටන් ගන්නවා…… මම තවදුරටත් ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. මොකද එහෙම වුනොත් මම ඔයාලට මුලු කතාව ගැනම කිව්වා වගෙ වෙනවා.

මේ සතුන් ගෙන් රිඩ්ඩික් ඇතුලු පිරිසට දිවි ගලවා ගන්න පුලුවන් වේවිද? රිඩ්ඩික් ඇතුලු පිරිසට මේ ග්‍රහා ලෝකයෙන් පැන ගන්න පුලුවන් වේවිද ? ඔවුන් මේ ග්‍රහා ලෝකයෙන් පැන යන්නෙ කෙසේද? මේ ගැටලු වලට පිලිතුරු සොයා ගන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරබන්නම වෙනවා. මේක බලනගමන් වෙනදා වගේම පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරන්න කියලා ඉල්ලනවා…

මෙහි දෙවන කොටස සහ තෙවන කොටස නැරබිමට මේ පින්තූර උඩ ක්ලික් කරන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pitch-black-2000-sinhala-subtitles/feed/ 1