James Gunn Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/james-gunn/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 30 Nov 2024 09:40:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png James Gunn Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/james-gunn/ 32 32 Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/#comments Mon, 10 Jul 2023 22:24:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42370 Guardians of the Galaxy Vol. 3 Sinhala Sub Guardians of the Galaxy Vol. 3 Sinhala Subtitles Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Sub Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ? ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන […]

The post Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardians of the Galaxy Vol. 3 Sinhala Sub
Guardians of the Galaxy Vol. 3 Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Sub
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ?

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි මාවල් සිනමා විශ්වයේ 32වැනි සිනමාපටය. ඒ වගේම Jon Watts විසින් අධ්‍යක්ෂණය කල ස්පයිඩර් මෑන් සිනමාපට ත්‍රිත්වයත් Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල ඈන්ට් මෑන් සිනමාපට ත්‍රිත්වයත් හැර එකම අධ්‍යක්ෂකවරයෙකු විසින් මාවල් සිනමා විශ්වයේ සිනමාපට ත්‍රිත්වයක් (Trilogy) අධ්‍යක්‍ෂණය කල තෙවැනි අවස්ථාව තමයි මේ ජේම්ස් ගන් විසින් ගාඩියන්ස් සිනමාපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කිරීම.

ගොඩක් වෙලාවට ආපහු මෙහෙම වෙන එකකුත් නැතිවෙයි මයේ හිතේ. මේකත් ජේම්ස් ගන්ගෙන් ගැලවිලා ආපහු ලැබුණු සිද්ධිය මතක ඇතිනේ. ඒ වගේම මම පුදුම වුණ කාරණේ තමා පලවෙනි වතාවට මාවල් සිනමා පටයක F වචනය අඩංගු වීම. යකො සිරාවටම මේ වචනේ මේකට දැම්මද කියල හිතුනා. හැබැයි ඒ වචනේ එතනට නොදාත් බැහැ  ?

මේ තමා මෑත කාලීනව මාවල් සිනමා විශ්වයට අදාලව නිකුත් කරපු ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක. ආයේ දෙකක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක. කට්ටියටම මාවල් සිනමාවේ ඉස්සර තිබුණු ගතිය නැතිවෙලා කියල හිතෙනවා නම් ඔන්න ඒ අඩුව පුරවගන්න මේක තමා සුපිරිම භාණ්ඩේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ සිනමාපටය සඳහා 8.2ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ අගය අනුව මේ සිනමාපටය IMDB Top 250 ලයිස්තුවේ 167වෙනි ස්ථානය දිනාගෙන තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ 82%ක විචාරක අගයකුත්, 95%ක ඕඩියන්ස් අගයකුත් ලබාගන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනව. ඒ වගේම ඉතාම යහපත් අන්දමින් ලොව වටා තවමත් මෙම සිනමාපටය තිරගත වෙමින් පවතිනවා.

ඉතින් මේකේ කතාව 1000%ක් තේරුම් ගන්න නම් මාවල් විශ්වයට අදාළ සිනමාපට පෙළ සහ අඩුම තරමින් 100%ක් තේරුම් ගන්න නම් මෙම සිනමාපටයට අදාළ මුල් සිනමාපට ද්විත්වය වන, Guardians of the Galaxy Vol. 1 (2014) සහ Guardians of the Galaxy Vol. 2 (2017) නරඹල තියෙන්න ඕනා. හැබැයි මෙහෙමයි, ඔය මොකුත් නොබැලුවා කියල අවුලක් නැහැ අපේ තිසර සහෝදරයා පහලින් ලබා දීල තියෙන කොමික් ආශ්‍රිත විස්තරය බැලුවට පස්සේ නම් සියල්ල සක්සුදක් සේ පැහැදිලි කරගන්නත් පුළුවන්. ?

එහෙනම් ඉතිං මේකේ වැඩි විස්තර කියවන්න සහ දැනගන්න ආස අය තව පොඩ්ඩක් පහලට ගිහින් තිසර සහෝගේ ලිපිය කියවල තව විස්තර දැනගන්න. කතාවට එකතු වෙන අලුත් චරිත, පහුගිය දේවල් මේකට සම්බන්ධ වෙන හැටි ආදී සියල්ලම පාහේ ඒ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතිං උපසිරසත් එක්ක ෆිල්ම් එක බලන්න ඔයාලට පුළුවන් ඔන්න. විශේෂයෙන්ම මේකේ ක්‍රෙඩිට් සීන් දෙකක් තියෙනව. මේ කැමරා කොපියේ ඒ ක්‍රෙඩිට් සීන් දෙකත් ඇතුලත් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒ දෙකත් බලන්න.

තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

මේ අරන් ආවේ Guardians of the Galaxy ටීම් එකේ කොමික් පැත්ත ගැන පොඩි විස්තරයක්. ඉතින් වැඩි කතා නැතුව ඒ ගැන බලමු අපි.

Guardians of the Galaxy කියන්නේ Marvel Comics විසින් ප්‍රකාශයට පත් කරපු සුපිරි වීර කණ්ඩායමක්. Guardiansලා මුලින්ම පෙනී හිටියෙ Marvel Super-Heroes #18 (1969 ජනවාරි) කොමික් එකෙන්. ආරම්භක ටීම් එකේ හිටියේ Vance Astro, Martinex T’Naga, Captain Charlie-27, සහ Yondu Udonta. පස්සෙ ස්ටාකර් ඔගෝර්ඩ්, ඇලෙටා ඔගෝර්ඩ් සහ නිකීද මේ ටීම් එකට ඇතුළත් උනා. හැබැයි මෙයාලා අයිතී උ⁣නේ Earth 691වල 31වෙනි සියවසට. (ප්‍රධාන යුනිවර්ස් එක Earth 616 කියල දන්නවනෙ ඔයාලා)

Dan Abnett සහ Andy Lanning ලියපු cosmic Annihilation එකෙන් තමයි කොස්මික් සුපර්හීරෝ ටීම් එක earth 616 වලට අරන් ආවේ. ඒ 2008 අප්‍රේල් ආපු Annihilation: Conquest #6 කලාපයෙන්. 2008 ජූලි ආව Guardians of the Galaxy vol 2 #1 කලාපයෙන් මෙයාල නිල වශයෙනම ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කියල නම් කෙරුනා.

Earth 616 වල ටීම් එක නිර්මාණය කරලා තියෙන්නේ Annihilation Conquest හි සිදුවීම් වලින් පස්සේ. පලවෙනි ටීම් එක තමයි Adam Warlock, Drax the Destroyer, Quasar (Phyla), Gamora, Starlord, Mantis, Groot සහ Rocket Raccoon ය. Annihilation Wave, Ultron සහ Phalanx ගේ ක්‍රී අධිරාජ්‍යයේ ආක්‍රමණයෙන් පස්සෙ විශ්වයේ සාමය බලාගන්න තමයි පීටර් කුයිල් මේ ටීම් එක හදාගන්නෙ.

Knowhere කියන තැන මූලස්තානය කරන් තමයි පීටර් මේ ටීම් එක හදාගන්නේ. පීටර් එයාගේ සහයකයා උන Nova (aka හියුමන් රොකට්) ගේ උපදෙස් අනුව තමයි නෝවෙයා වලට ආවේ. ඔහුගේ කණ්ඩායම සඳහා පීටර් ෆැලන්ක්ස් ආක්‍රමණය අතරතුර ක්‍රී අධිරාජ්‍යය සඳහා විශේෂ මෙහෙයුම් වල සේවය කළ හිටපු කණ්ඩායම් සගයන් සහ පෙර වරදකරුවන් උන අපරාධකරුවන් බඳවා ගත්තා.

ආයුධ විශේෂඥ සහ උපායශීලී දක්ෂ Rocket සහ සයිකික් පවර්ස් තියෙන Mantis එකතු කරගත්තා. ඒ වගේම පීටර් ඔහු කලින් සිද්දි වලදි වෙන් කරල තිබ්බ ක්වාසර් නම් විශ්වයේ ආරක්ෂකයා සහ ක්වොන්ටම් බෑන්ඩ්ස් හිමිකරු වෙච්ච phyla-vell එකතු කරගත්තා. ඒ වගේම නැවත ඉපදුන Adam Warlock, මන්දාකිනියේ භයානකම කාන්තාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාරාන්තික ඇසසින් කෙනෙක් වෙච්ච Gamora සහ Drax the Destroyer එකතු කරගත්තා.

පස්සෙ කාලෙක හෙලි වෙනව පීටර් විසින් මැන්ටිස්ගේ සයිකික් පවර් යූස් කරල ටීම් එකට කට්ටිය එකතු කරගන්නවා කියල. මෙික මුල් ටීම් එක වෙන් වීමට හේතුවක් වෙනව. ඔහොම ඔහොම ටීම් එකේ කතාව දිගින් දිගට යනවා. ඒවා කියලා ඔයාලව කම්මැලි කරන්න ඕනි නෑනෙ. සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්නයි තියෙන්නේ දැන්.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-3-2023-sinhala-subtitles/feed/ 6
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 11:21:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=24265 Guardians of the Galaxy Vol. 2 Sinhala Subtitles Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxy කණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය […]

The post Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardians of the Galaxy Vol. 2 Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles

Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxy කණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය තුලින්. පසුව විවිද මාර්වල් කොමික් කීපයක් මගින් මේ කණ්ඩායම ඉදිරිපත් කරා. Marvel Two-In-One #4–5 (July–Sept. 1974) සහ Giant Size Defenders #5 සහ Defenders #26–29 (July–Nov. 1975). පසුව මේ කණ්ඩායම Marvel Presents #3–12 (Feb. 1976 – Aug. 1977) පැමිණියා. Thor Annual #6 (1977), The Avengers #167–177 (Jan.–Nov. 1978) සහ #181 (March 1979), Ms. Marvel #23, Marvel Team-Up #86 (Oct. 1979), සහ Marvel Two-in-One #61-#63 & #69 (Nov. 1980) මගින් පැමිණි මේ කණ්ඩායම 1980 දී තමන්ගේම කොමික් කතාවක් ලෙසින් Guardians of the Galaxy #1 ලෙස ඉදිරිපත් උනා.

හැබැයි මුල්ම කණ්ඩායම උනේ අපි මේ වෙනකොට MCU එකේ දන්නා සෙට් එකනම් නෙවෙයි. Major Vance Astro, Major Vance Astro, Martinex, Yondu තමයි මුල්ම ගාඩියන් කණ්ඩායම උනේ. Starhawk, Nikki, Aleta Ogord, Replica, Talon, Yellowjacket, Geena Drake පසුව මෙම කණ්ඩායමට එකතු උනා, MCU ඒක ගැන කතා කරද්දී ඉතින් මේ කණ්ඩායම ගැන කතා කරලා වැඩක් නැහැනේ.. ඉතින් අපි බලමු MCU එකට අදාළ කරගත්තු 2008 දී එළිදක්වපු කණ්ඩායම ගැන. “Annihilation: Conquest” #6 (April 2008) තුලින් තමයි මේ කණ්ඩායම මුලින්ම එළිදක්වුවේ. පසුව 2008 මැයි මාසයේදී Guardians of the Galaxy vol. 2, #1 එළිදක්වනු ලැබුවා.. 2008 එළිදැක්වුණු මෙම දෙවන අදියරේ කතා මාලාව තුලින් තමයි අපි දන්නා කියන ඩ්‍රැක්ස්, ගමොරා, ගෘට්, ස්ටාර් ලෝර්ඩ්, රොකට් රැකූන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් උනේ.

2014 දී පැමිණි Guardians of the Galaxy සිනමාපටය අති සාර්ථක වූවා. ඩොලර් මිලියන 770 ට අධික අදායමක් ලද මෙය James Gunn ගේ අධ්‍යක්ෂණයක්… විශේෂයෙන්ම Awesome Mix Vol. 1 නමින් පැමිණි ගීත මාලාව තුලින් සිනමාපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.. ඉතින් මේ සාර්ථකත්වය නිසාම Awesome Mix Vol. 2 ගීත මාලාව සහිතව Guardians of the Galaxy Vol. 2 නිර්මාණය උනා. ජේම්ස් ගන් ම තම මේකෙත් අධ්‍යක්ෂණය. සිතුව විලසම සාර්ථක වෙමින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 860 ට අධික අදායමක් ලබාගෙන තියෙනවා. මේ අවුරුද්දේ දැනට තෙවෙනියට වැඩිම අදායම ලද සිනමාපටය මෙයයි.

ජේම්ස් ගන් සමඟ සංගීත අධ්‍යක්ෂණය කළ Tyler Bates දෙදෙනා විසින් තමයි මෙහි ගීත ඇල්බමය තෝරා තිබෙන්නේ. බොහෝ දෙනා පවසන විදියට පළමු සිනමාපටයේ Awesome Mix Vol. 1 වලටත් වඩා Awesome Mix Vol. 2 සාර්ථක ගීත ඇල්බමයක් බවයි. සුපුරුදු විදියට ක්‍රිස් ප්‍රේට්, සෝ සල්ඩනා, Dave බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රඩ්ලි කූපර් කණ්ඩායමට අමතරව කර්ට් රසල්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ද එල්වනු ලැබුවා. කතාව ගැන කියන්නනම් අදහසක් නැහැ බලලම දැනගන්නකෝ. හැබැයි කියන්නම් මේ පාරනම් වෙනස්ම කතාවක් තමයි යන්නේ.. MCU එකේ ඉන්ෆිනිටි ජෙම් ප්‍රධාන තේමාවෙන් එලියට ගිහින් අපූරු කතාවක් ගොඩනගලා තියෙනවා මේකෙදි. ඒවගේම අපූරු ආෆ්ටර් ක්‍රෙඩිට් කීපයකුත් තියෙනවා….

ඒ වගේම මේ සලරුව MCU එකේ සංවේදී අවසානයක් සහිත එකක්.මම නෙවේ මේකෙ අධ්‍යක්ෂක තුමාම තමයි කියල තියෙන්නේ ඒක.. ආරම්භක දර්ශණයම බලපු මටත් අවංකවම යොන්ඩුගෙ සීන් එකේදි කඳුලු ආවා. මෙවර කතාව පියවරුන් පාදක කරගෙන නිමවුනත් පීටර් සහ ඊගෝ අතර සම්බන්ධය නොව පීටර් සහ යොන්ඩු අතර සම්බන්ධය සහ යොන්ඩු තමාව රැකගත් ආකාරයට ගෘෘට් හට පීටර් පියෙක් වන ආකාරය සංවේදී ලෙස පෙන්වලා තියෙනවා. ඒ වගේම නෙබියුලා, ගමෝරා සොයුරියන්ගේ කතාවත් මනාව දක්වනවා. මේ කතාව අවසන් වන්නේ මාවල් විශ්වයේ තවත් දැවැන් චරිතයක අනාගත ආගමනයක සලකුනු පෙන්වලා.. ඒ ඇඩම් වෝලොක්.. මෙයා ගැන කියන්නනම් අදහසක් නෑ… ඉස්සරහට කියන්නම්කෝ.. දැනට මතක තියාගන්න ඉන්ෆිනිටි ජෙම් කතාවල මෙයා දැවැන්ත චරිතයක් කියලා.. හැබැයි MCU Infinity War එකේදි මෙයා නෑ කියල තහවුරු කරලා තියෙන්නේ.. ඒ කියන්නේ GoG Vol:3 එනකල් ඉන්න වෙනවා මෙයාව බලාගන්න…

#Hail_Hydra

ඉහත විස්තරය ගෙනාවේ අපේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ සහෝ විසින්. ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථක අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසයි. 2017 මැයි 05 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.0 අගයක් ලබාගෙන තිබෙනවා. විනාඩි 136 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 200ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 146ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 385ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය චිත්‍රපටිය හිතුවෙවත් නැති විදියට සාර්ථක වුන නිසා තමයි මේ දෙවැනි කොටසත් ඉක්මනින්ම නිකුත් කරලා තියෙන්නේ. ඒ වාගෙම කියන්න ඕනි මෙම චිත්‍රපටියත් පාදක වෙලා තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

සුපුරුදු පරිදි කලින් චිත්‍රපටියේ වගේම මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Baby Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

ඉතින් ඔයාලට මතක ඇතිනේ සැන්ඩාර් රොනන්ගේ තරහින් බේරාගත්තට පස්සේ, දැන් ගාර්ඩියන්ස්ලා දැන් වීරයෝ විදියට තමයි හැමෝම පිලිගන්නේ. ඉතින් ඒ නිසා එයාලට මන්දාකිනියේ එක එක තැන්වල වෙන ප්‍රශ්න විසදන්නත් යන්න වෙනවා. එහෙම ගියපු ගමනක් තමයි සෝවේරියන් ලෝකය ලොකු මෘගයෙක්ගෙන් බේරාගන්න ගියපු ගමන. ඉතින් එතනදි රොකට් පොඩි හොරකමක් කරනවා. අන්තිමේට ඉතින් සෝවේරියන්ලට හොද කරන්න වීරයෝ විදියට ගිහින් එයාලගේ හතුරෝ වෙලා එන්න තමයි මෙයාලට වුනේ. ඔය අතරේ කණ්ඩායමේ නායකයා ස්ටාර් ලෝර්ඩ් එහෙමත් නැත්නම් පීටර් ක්විල්ගේ පරම්පරාව මොකක්ද එයාගේ තාත්තා කවුද කියලා හොයාගන්න මෙයාලට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ගමන ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයාලා හිතපු දේවල් වෙන්නෙත් නෑ. මීට වඩා නම් වැඩි විස්තරයක් මම ඔයාලට කියන්නේ නෑ. ඔයාලම බලලා තිරණය කරන්න මන්දාකිණියේ ආරක්ෂකයන් මේ සැරේ මන්දාකිනිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා… . . ^_^ මීලග උපසිරැසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . .!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ කවිඳු ගිම්හාන් (පැතුම්) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/feed/ 0
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-2014-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 11:20:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=24253 Guardians of the Galaxy Sinhala Subtitles Guardians of the Galaxy (2014) Sinhala Subtitles ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් […]

The post Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardians of the Galaxy Sinhala Subtitles
Guardians of the Galaxy (2014) Sinhala Subtitles

ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 170ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 94ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 327ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටිය කොතරම් සාර්ථක වෙලාද කියනවා නම් 2017 මැයි මාසයේදි මෙම චිත්‍රපටියේ දෙවන කොටස තිරගත කරන්න මේ වනවිටත් සැලසුම් කරලා අවසානයි. ඒ වාගෙම මෙම චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

පිටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. ඒත් එයාගේ අම්මා හදිසියේම අසනිපයක් නිසා මිය යනවා. ඒ අතරතුර කවුරුවත් නොසිතූ විදියට Ravagersලාගේ නායකතුමා වුන යොන්ඩු විසි පැහැරගෙන ගිහින් හදාවඩා ගන්නවා. හැබැයි මේ පීටර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රාජකිය හොරෙක්. කොහොමෙන් කොහොම හරි මෙයා රොනන් කියන භයානක නායකයාට අවශ්‍ය වුන බලගතු ගෝලයක් (Orbe) යන්ත්‍රය හොරකම් කරන්න ගිහින් මට්ටු වෙනවා. හැබැයි තනියම නෙවෙයි රොනන්ගේ රණ ශූරියක් වුන ගැමෝරා, රූට් සහ රොකට් කියන අයත් පීටර් එක්ක හිරේට යනවා. ඒ හිරෙන් පැනලා යන්න මෙයාලා උත්සහ කරද්දි පුදුම සහගත දේවල් වෙනවා. ඒ අතර තුර රෙනන් අර ‍‍ගෝලය හොයාගෙන මෙයාලා පස්සේ පන්නනවා. ඉතින් මේ ගෝලය රොනන්ට ගන්න පුලුවන් වෙයිද? මේ ගෝලයෙන් කරන්න පුලුවන්නේ මොනවගේ දේවල්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා.

මේ චිත්‍රපටිය ගැන අමතර කරුණු ටිකකුත් කියන්නම්.

  • G.I. Joe: The Rise of Cobra (2009) චිත්‍රපටිය විසින් මීට පෙර අගෝස්තු මාසයේ විශාලම තිරගත වීම ලෙස චිත්‍රපට ශාලා 4007ක ප්‍රදර්ශනය කර තබා තිබූ වාර්තාව චිත්‍රපට ශාලා 4080ක තිරගත කිරිමෙන් මෙම චිත්‍රපටිය විසින් බිද දමා තිබෙනවා.
  • මෙම චිත්‍රපටියේ “Awesome Mix, Vol. 1” soundtrack එක US Billboard 200 chart එකේ මුල් තැන ලබාගත්තා, එහි විශේෂත්වය තමයි original ගීත කිසිවක් නොමැතිව ප්‍රථම ස්ථනය ලබාගත්ත පළමු soundtrack එක මෙය විමයි.
  • Dave Bautistaට මෙම චිත්‍රපටියේ Drax චරිතය ලැබෙනවා කියා ආරංචි ලැබුනාම ඔහුට සතුටු කදුලු ඇවිත් තිබෙනවා. ඒ මොකද Marvel comic-book චරිතයක් රගපැමට අවස්ථාව ලැබුනු නිසයි. ඒ නිසාම ඔහු අමතර රංගකලා පන්ති වලටත් සහභාගි වෙලා තිබෙනවා.
  • Guardians of the Galaxy ගැන මාර්වල් සමාගම 1969 ජනවාරි මාසයේදි මෙයට වඩා වෙනස් කණ්ඩායමක් ඇතුලත් තර ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියේ සිටින Marvel Comics චරිත පිලිබදව පළවෙනි Star Wars චිත්‍රපටිය නිකුත් විමටත් පෙර සිටන් Marvel චිත්‍රපට වලින් දැකගන්නට ලැබී තිබෙනවා.

                     1. Star-Lord 1976 ජනවාරි මාසයේ Marvel Previewහිදී ද

                     2. Rocket Raccoon 1976 දී Marvel Previewහිදී ද

                     3. Gamora 1975 ජූනි මාසයේ Strange Talesහිදී ද

                     4. Drax the Destroyer 1973 පෙබරවාරි මාසයේ Iron Man චිත්‍රපටියේද

                     5. Groot 1960 නො‍වැම්බර් මාසයේ Tales to Astonishහිදී ද

  • Nebula 1985 ජූලි මාසයේ The Avengers චිත්‍රපටියේද ප්‍රථම වතාවට පෙනී සිට තිබෙනවා.
    මේ පීටර් හොරකම් කරපු ඕර්බ් කියන ගෝලයේ තිබෙන්නේ ශක්ති මැණිකයි (Power Gem). කොමික් පොත්වල සදහන් වල පරිදි මේ ආකාරයේ මැණික් වර්ග 7ක් තිබෙන අතර ඒවා ආරක්ෂා කරන්න වෙන වෙනම සාමාජිකයින් 7 දෙනෙකුත් සිටිනවා. හැබැයි මේ ආරක්ෂකයන්ගේ අනන්‍යතාවය හැමෝටම රහසක් විදියටයි තිබෙන්නේ. ඒ මැණික් 7 සහ ඒවා ආරක්ෂා කරන ආරක්ෂකයන් පහත පරිදිවේ.

                     1. Adam Warlock – Soul Gem.

                     2. Gamora – Time Gem.

                     3. Moondragon – Mind Gem.

                     4. Pip the Troll – Space Gem.

                     5. Drax the Destructor – Power Gem.

“මගේ නම ගෘට්”

තවත් උපසිරසියකින් නැවත මුනගැසෙමු. එතෙක් ඔබ සැමට ජය… . . !

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ කවිඳු ගිම්හාන් (පැතුම්) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guardians-of-the-galaxy-2014-sinhala-subtitles/feed/ 0
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-guardians-of-the-galaxy-holiday-special-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-guardians-of-the-galaxy-holiday-special-2022-sinhala-subtitles/#respond Fri, 02 Dec 2022 17:46:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33441 The Guardians of the Galaxy Holiday Special Sinhala Sub The Guardians of the Galaxy Holiday Special Sinhala Subtitles The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Sub The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles

The post The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Guardians of the Galaxy Holiday Special Sinhala Sub
The Guardians of the Galaxy Holiday Special Sinhala Subtitles
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Sub
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles

The post The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-guardians-of-the-galaxy-holiday-special-2022-sinhala-subtitles/feed/ 0