James Wan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/james-wan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 15:50:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png James Wan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/james-wan/ 32 32 Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/#respond Sun, 12 May 2024 15:40:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8690 ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ […]

The post Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 75% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ හොරර් සිනමා පටයක අත්දැකීමක් අරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

මැඩිසන් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඇය ගැබ්ගෙනත් සිටිනවා. ඒවගේම තමයි ඇයගෙ සැමියා තරමක් හොඳ නැති කෙනෙක්. කිසිම පාලනයක් නැති කෙනෙක් කිව්වොත් නිවැරදියි. කොහොමහරි ඔහු මේ ළමයෙක් හම්බවෙන්න ඉන්න මැඩිසන්ට පහර දීම පවා කරනවා. ඒවගේම කියන්න ඕන මේ මැඩිසන්ට ගබ්සා වීම් 3 ක් වෙලා තියෙනවා. ඇය ඇත්තෙන්ම ඉන්නෙ හරිම දුකකින්. ඔන්න දවසක් රෑ මොවුන්ගෙ ගෙදර අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඔහුගෙ මේ ජරා සැමියාව සාහසික ලෙස කෙනෙක් ඝාතනය කරනවා. ඒවගේම තමයි ඒ ඝාතනය කරන කෙනා ඇය පස්සෙන් පවා එනවා. කොහොමහරි මෙතැනදී මැඩිසන්ගෙ ඔලුව වැදිලා සිහිය නැතිවෙනවා. ඇහැරෙද්දි ඇයගෙ ළමය නැවත වතාවක් නැතිවෙලා. ඇය මේ ගැන ලොකු කම්පනයකින් ඉන්නෙ. ඔන්න ටික දවසක් යද්දී මේ පහර දීපු කෙනාම තවත් මිනීමැරුම් වගයක් කරනවා. ඒ වගේම තමයි මෙහෙදී විශේෂයකුත් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් මේ ඝාතනය වෙද්දී එයා ඉන්නෙ ඒ ස්ථානයෙ. ඇයට දකින්න ලැබෙනවා වෙන ඝාතන සියල්ලම. ඒත් කොහොමද මේක වෙන්නෙ? මොකක්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය? අවසානය වෙනකම් නරඹන්නකො. වෙනස්ම ආකාරයෙ හොරර් සිනමා පටයක් වෙනවා ඒකාන්තයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු රුක්ෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malignant-2021-sinhala-subtitles/feed/ 0
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aquaman-and-the-lost-kingdom-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aquaman-and-the-lost-kingdom-2023-sinhala-subtitles/#comments Thu, 25 Jan 2024 16:43:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65249 Aquaman and the Lost Kingdom Sinhala Sub Aquaman and the Lost Kingdom Sinhala Subtitles Aquaman and the Lost Kingdom (2023) Sinhala Sub Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

The post Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aquaman and the Lost Kingdom Sinhala Sub
Aquaman and the Lost Kingdom Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Sub
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

The post Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aquaman-and-the-lost-kingdom-2023-sinhala-subtitles/feed/ 2
Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/#comments Mon, 30 Oct 2023 07:52:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58774 Saw Sinhala Sub Saw Sinhala Subtitles Saw (2004) Sinhala Sub Saw (2004) Sinhala Subtitles ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw […]

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw Sinhala Sub
Saw Sinhala Subtitles
Saw (2004) Sinhala Sub
Saw (2004) Sinhala Subtitles

ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

හොදයි එහෙනම් මම මේ ෆිල්ම් එකේ සාරාංශය පොඩිඩක් කියන්නම්. මේක පටන්ගන්නේ මිනිස්සු දෙන්නෙක් නාන කාමරයක හිරකරලා තියෙන දර්ශණයකින්. දෙන්නගේම කකුල් වලට දම්වැල් දාලා බැදලා තියෙන්නේ. ඉතින් මෙ දෙන්නා දම්වැල කඩන්න ට්‍රයි කර කර ඉන්නකොට එක්කෙනෙක්ට හම්බවෙනවා කියතක්. අනිත් කෙනාට හම්බවෙන්නේ කැසටි ටෙප් එකක්. ඒ ටෙප් එකේ තමයි මෙතනින් ගැලවිලා යන ක‍්‍රමය තියෙන්නේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ. ඉතින් මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම රසවිදින්න. ආ! තව එකක් කියන්න ඔනේ ගොඩක් සංවෙදි කටිටිය මෙක බලන්න එපා! ඉතින් මම ළගදීම මෙකේ දෙවැනි කොටසත් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. පළවෙනි ලිපිය හින්දා වැරදි ඇති ගණන් ගන්න එපා. කටිටියම ෆිල්ම් එක රසවිදලා Comment එකකුත් දාගෙනම යන්න හොඳේ!

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/feed/ 2
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48306 Insidious: Chapter 2 Sinhala Sub Insidious: Chapter 2 Sinhala Subtitles Insidious: Chapter 2 (2013) Sinhala Sub Insidious: Chapter 2 (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම්!! මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin […]

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 2 Sinhala Sub
Insidious: Chapter 2 Sinhala Subtitles
Insidious: Chapter 2 (2013) Sinhala Sub
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම්!!

මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.

වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.

තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/feed/ 0
Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:00:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48289 Insidious Sinhala Sub Insidious Sinhala Subtitles Insidious (2010) Sinhala Sub Insidious (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි […]

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious Sinhala Sub
Insidious Sinhala Subtitles
Insidious (2010) Sinhala Sub
Insidious (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.

රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ. තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් Film එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත්. ඔන්න එහෙනම් අපි ගියා තවත් සුපිරි Film එකක් අරගෙන ඔයාල හමුවට එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/feed/ 0
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 08:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47174 Aquaman Sinhala Sub Aquaman Sinhala Subtitles Aquaman (2018) Sinhala Sub Aquaman (2018) Sinhala Subtitles අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් […]

The post Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aquaman Sinhala Sub
Aquaman Sinhala Subtitles
Aquaman (2018) Sinhala Sub
Aquaman (2018) Sinhala Subtitles

අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් පුංචිම පුංචි කොටසකට විතරයි. ඊටපස්සේ හැම වීරයෙක්ම එකට එකතුවෙන යුක්තියේ ලීගය Justice League (2017) චිත්‍රපටය තුලින් තරමක් දුරට ගුණාත්මක චරිතයක් දැකගන්න ලැබෙනවා. කිව්වට විශ්වාස කරයිද මන්දා 2004 වසරේදී තමයි ඇක්වාමෑන් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ විදිහට වසර ගණනාවක් පුරාවටම සැලසුම් අසාර්ථක වේවි ආයෙ ආයෙමත් උත්සහ කරලා අවසානෙදි 2014 වසරේදී Beall වගේම Kurt Johnstad දෙදෙනාව වැඩට අරගෙන තියෙනවා මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න. ඊටත් පස්සෙ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඇක්වාමෑන් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන්ම ලෝකයාට දැනුම් දීමක් සිද්ද කරන්නෙ. මින් පසුව James Wan ව චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට බදවාගන්නේ 2015 අප්‍රේල් මාසයේදී. 2016 වසරේදී Beall විසින් රචිත තිර පිටපත ඔස්සේ චිත්‍රපටයේ කටයුතු ඉදිරියට කරගෙන යන බව දැනුම් දුන්නත් නමුත් පසුව James Wan, Kurt Johnstad, Geoff Johns, Johnson-McGoldrick ඔස්සේ නැවත වතාවක් තිරපිටත වෙනස් වෙමින් නැවත වතාවක් ලියවිලා තියෙනවා. 2016-2017 වසර දෙක අතරතුර තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ව තෝරාගැනීමක් සිද්දවෙන්නේ. Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson, Dolph Lundgren, Yahya Abdul-Mateen II, Nicole Kidman යන අයවලුන් ප්‍රධාන චරිත සදහා පණ පෙවීමක් සිදු කරනු ලබනවා. 2017 මැයි දෙවැනිදා නිලවශයෙන්ම රූගත කිරීම් කටයුතු ආරම්භ වෙන ඇක්වාමෑන් චිත්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට්, ක්වින්ස්ලෑන්ඩ්වල පිහිටි Village Roadshow නම් ස්ටුඩියෝවේදී. මීට අමතරව කැනඩාවේ, ඉතාලියේ වගේම මොරොක්කෝ වලදීත් මෙහි රූගත කිරීම් කටයුතු වෙලා තියෙනවා. පසු කාලීනව 2017 ඔක්තෝබර් 21’වැනිදා රූගත කිරීම් කටයුතු සාර්ථක අවසන් වෙලා තියෙනවා. වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරීම සිද්ද කෙරෙන DC Extended Universe එකෙහි හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් සැලකෙන්නේ.

චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඇක්වාමෑන් කොමික් ඉතිහාසය ගැනත් හැකි විදිහට කියන්නම්. මොකද මේ ලිපිය ලියන්න වෙලා තියෙන්නේ පැය තුන හතරක වගේ කාලෙකින්. ඩිසි කොමික් චිත්‍රාකතා නිර්මාතෘවරුන් අතරේ පරණම අයගේ ලයිස්තුවේ ඉන්න දෙන්නෙක්ගෙ අතින් තමයි මේ ඇක්වාමෑන් කියන චරිතය බිහි වෙන්නේ. Mort Weisinger මේ චරිතය නිර්මාණය කරද්දී Paul Norris විසින් තමයි සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ විදිහට නිර්මාණය වෙන ඇක්වාමෑන් චරිතය මුලින්ම චිත්‍රකතා අතරට එකතු වෙන්නේ ස්වර්ණමය යුගයේ 1941 නොවැම්බර් මාසයේදී දිගහැරුණු More Fun Comics 73’වැනි කලාපය තුලින්. ඊටත් පස්සෙ රිදී යුගයේ 1940-1950 කාලය අතරතුර බිහි වූ Adventure Comics තුලිනුත්, Justice League of America කලාප තුලිනුත් ඇවිල්ලා අවසානයේදී ඇක්වාමෑන් තමන්ටම කියලා 1998 නොවැමබර් 01 වැනිදා දිගහැරුණු Aquaman කලාපයෙන් තමයි මුලින්ම චිත්‍රකතා වලට එකතු වෙන්නේ. ඉතින් ඔය විදිහට නිර්මාණය වුනු ඇක්වාමෑන් කොමික් කලාප බොහොමයක් මේ වෙද්දී දකින්න ලැබෙනවා.

මේ අතරින් New 52 වලට ලොකු විශේෂයක් වගේම ලොකු වැදගත්කමක් ලැබෙනවා 2018 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය එක්ක සසද්දී. මොකද මේ සෝලෝ චිත්‍රපටයේ නිර්මාතෘවරුන් කියලා තියෙන විදිහට ඒ අය ඇක්වාමෑන් චිත්‍රපටය සදහා පාදක කරගෙන තියෙන්නේ New 52 වල නිකුත් වූ ඇක්වාමෑන් චිත්‍රකතා කලාපයන්ලු. හොදම උදාහරණෙ තමයි ඇක්වාමෑන් 7’වැනි කලාපයේම එන Throne of Atlantis කොටස. පොඩ්ඩක් මේකේ තියෙන පින්තුර ටිකවත් ගුගල් කරලා බැලුවොත් තේරෙයි කොමික් වගේම චිත්‍රපටයේ එන චරිතවල/සිද්දීන්වල හුරු බව.

චිත්‍රපටයෙ ඊළග කරුණු කාරණා ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ඇට්ලෑන්ටිස් ගැන දැනගමු. මොකද ඇක්වාමෑන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි තැනක් කිව්වොත් නිවැරදියි. ඇට්ලෑන්ටිස් කියන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන සැගවුණු ජනාවාසයක්. හරියට තෙමිස්කීරා වගේ තමයි. මේ අය පෘතුවියේ ඉන්න ඉහල මට්ටමේ තාක්ෂනික, දැනුම් සම්බාරයෙන් යුක්ත, උසස් මට්ටමේ ජීව කොට්ටාශයක් විදිහට තමයි සලකන්නේ. ඇට්ලෑන්ටිස් නගරේ හැදෙන්නේ එක්ස්ට්‍රට්‍රැස්ටියල් නොහොත් හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයක් වන හන්ටර්ලා විසින්. ඉතින් මේ විදිහට පසුකාලීනව නිර්මාණය වෙන ඇට්ලෑන්ටිස් නගරේ අය තමන්වම ඇට්ලෑන්ටිස්වරු විදිහට හදුන්වගන්න ගත්තා. මේ අයට දායාදයක් වගේ අර හන්ටර්ලා කියන හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයගෙන් ලැබුණු තාක්ෂනය හා දැනුම් සම්බාරය යොදාගෙන තමයි ඇට්ලෑන්ටිස් රාජධානිය හැම අතින්ම දියුණු කරගෙන යන්නේ. මේ කාලේ වෙද්දී මේ අය තරම් දියුණු ජීව කොට්ටාශයක් පෘතුවිය තුල හිටියෙම නැති තරම්. මේ ඇට්ලෑන්ටිස්වරුන්ගෙ දැනුම අතරට මායාකර්ම සම්බන්ධ දේවලුත් අයිතියි. DC චිත්‍රකතා තුල මුලින්ම ඇට්ලෑන්ටිස් කියන ජනාවාසය දැකගන්න ලැබෙන්නේ 1959 බිහිවන Adventure Comics 260’වැනි කලාපය තුලින්. මේ ඇට්ලෑන්ටිස් ඇතුලෙත් නගර කිහිපයක්ම තියෙනවා.

ඇට්ලෑන්ටිස් නගරය

  1. Poseidonis– ඇට්ලෑන්ටිස්වල පිහිටලා තියෙන ප්‍රධානම නගරේ තමයි පොසෙයිඩොනිස් කියන්නේ. රජුගේ සිංහාසනය පිහිටලා තියෙන්නේ මෙතන.
  2. Tritonis – මේ කොටසෙ තමයි දියකිදුරන් වාසය කරන්නේ. ඊකියුලා රජුගේ වාසභූමිය වෙලා තියෙන්නෙත් ට්‍රයිටෝනිස් නගරයයි.
  3. Thierna Na Oge – මේක තමයි ගුප්ත රාජ සභාව විසින් පාලනය කරන ගුප්ත දේශය විදිහට සලකන්නේ.
  4. Shayeris – සැගවුණු මිටියාවතෙ අගනුවර එහෙම නැත්තම් සාමවාදීන්ගෙ නිවහන විදිහට හදුන්වනවා. මීට කලින් ක්‍රාස්ට්නස් කියලත් හදුන්වලා තියෙනවා. ගා(ර්)ත් නොහොත් මුල්ම ඇක්වාලැඩ්ගෙ ජන්ම භූමිය වෙන්නෙත් මෙහෙ තමයි.
  5. Xebel – බර්මියුඩා ත්‍රිකෝණයට පහතින් පිහිටලා තියෙන දණ්ඩන ජනදපයක් විදිහටයි සලකන්නේ. මේරා පැවතෙන්නේ සෙබෙල් වලින්. එයාගෙ තාත්තා තමයි සෙබෙල් පාලනය කරන්නේ.
  6. Sub Diego – සබ් ඩියෙගෝ කියන්නේ සැන් ඩියෙගෝ වලට අයිති මුහුදට ගිලුණු ඇට්ලෑන්ටිස් වලට අයිති කොටසක්. මේ කොටස ඇතුලත ගිලෙන අයට හැකියාව තියෙනවා මුහුද යට වුනත් හුස්ම අරගන්න පුලුවන් වෙන විදිහේ හැකියාව ලැබෙන.

දැන් බලමු කවුද මේ සත් සමුද්‍රයෙ ආරක්ෂකයා කියලා. ඇක්වාමෑන් නොහොත් ආතර් කරි කියන්නේ මතුපිට ලෝකය බලන්න තියෙන වුවමනාව වගේම එහෙට එන්න වැඩිපුර ආශා කරපු නිසා ඇට්ලෑන්ටිස් වලින් මතුපිට ලෝකයටම පිටුවහල් කරපු ඇට්ලැන්නා කුමාරිකාවගෙ වගේම, මෙයින්වල ඇමෙන්ස්ටි මූහුදු බොක්ක අසල තිබුණු ප්‍රදීපාගාරයක් පාලනය කරපු ටොම් කරි නම් සාමාන්‍ය වැසියෙක්ගෙ දරුවා. දරුණු කුණාටුවක් හටගත්ත වෙලාවක තමයි ඇට්ලැන්නා වගේම ටොම් එකිනෙකාව මුණගැහෙන්නෙ. සිහිය නැතුව, වෙරළ ආසන්නයට ඇට්ලැන්නා කුමාරිකාව ගහගෙන ඇවිත් තියෙනවා දැක්කම ටොම් තමයි එයාව බේරගෙන ඇවිත් ප්‍රදීපාගාරයෙ ඉදන් උදව් සත්කාර කරන්නේ. කාලයත් එක්ක මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධෙ වැඩි වෙලා ආදරයක් බවට පත්වෙලා තමයි ආතර්ව බිහිවෙන්නේ. අනික් හැම ළමයෙක්ටම වඩා ආතර් හරිම අමුතු විදිහට උස් මහත් වෙන්නේ. ආතර්ට අවුරුදු දෙකේදී ආතර් පැයකටත් වඩා මුහුද යට ගිලෙන්නේ නැතුව සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ තාත්තා එයාව හොයාගෙන තියෙනවා. කාලයක් යද්දී ඇට්ලැන්නා හෙලි කරනවා ආතර්ට තියෙන හැකියාවන් මොනාද කියලා. ඒවා තමයි මුහුද යට හුස්ම ගන්න, වාසය කරන්න, සමුද්‍ර ජීවින් එක්ක කතා කරන්න තියෙන හැකියාව එහෙම. ඇට්ලැන්නාගෙ මරණයෙන් පස්සෙ ආතර්ගෙ තාත්තා හිතාගන්නවා ආතර්ව කායිකව වගේම මානසිකව පුහුණු කලාම කවදාහරි දවසක එයාට එයාගෙ සම්පුර්ණ බලයන් පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. ආතර්ව එයාගෙ තාත්තා නිතරම දැක්කේ “විශේෂිත” කෙනෙක් විදිහට. පසු කාලීනව ඇට්ලෑන්ටිස් රාජධානියේ රජු වෙන ආතර් සෙබෙල්වල මේරා කුමාරිකාව එක්ක විවාහ වෙනවා.

දැන් පොඩ්ඩක් කතාවට බහිමු චිත්‍රපටය දිහාවට. කලිනුත් කිව්වා වගේ තවමත් ඇතැම් රටවල තිරගත වෙන, ජපානයේ තිරගත වීමට නියමිත ඇක්වාමෑන් තමයි DCEU සිනමාවේ මෙතෙක් බිහිවුණු හොදම සෝලෝ, එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිතයක් වටා හොද හැදින්වීමක් එක්ක දිගහැරුණු හොදම චිත්‍රපටය. හැබැයි ඇක්වාමෑන් නෙවෙයි DCEU එකේ මුල්ම සෝලෝ සිනමාපටය වෙන්නේ. Man of Steel, Wonder Woman තමයි ප්‍රථම හා දෙවැනි ස්ථාන වන පසුවෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වගේ මුදලකින් නිර්මාණය වෙන ඇක්වාමෑන් සිනමාපටය පළමු සතිය තුල සිනමාශාලා 4,125 ක තිරගත කිරීමෙන් අනතුරුව මුල් සතිය අවසානයයේදී ඇමරිකානු ඩොලර් මිලියන 67,873,522 මුදලක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මි. 307+ අගයක්ද, මේ වෙද්දී සිනමාශාලා 4,184 ක තිරගත කිරීමෙන් අනතුරුව ඇ.ඩො.මි. 760 කට අධික මුදලක්ද උපයා ගනිමින් ඩොලර් බිලියන 1,068 සීමාවේ පසුවෙනවා. (2019/01/24 අද දිනට ඩොලර් බිලියන 1,068,253,910 ලෙස සටහන්ව ඇත) තවමත් තිරගත වන නිසා මේ ආදායම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ක්‍රිස්ටොපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් පුරුක වන The Dark Knight Rises (2012) සිනමාපටයෙ ඩොලර් බිලියන 1.085 ක ආදායමද ඉද්රියේදී බිද දමන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කරද්දී හොදම වගේම විශේෂම කාරනාව තමයි එකම අධ්‍යක්ෂකවරයෙකු හටතේ බිහිවූ චිත්‍රපට බිලියනයේ ආදායම ඉපයීමට හැකියාව ලැබුණු දෙවැනි අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් වෑන්ය. (Furious 7 (2015) ආදායම – ඇ.ඩො.බි. 1.516 + Aquaman (2018) ඇ.ඩො.බි. 1,068). මුල් තැන ඉන්නේ ජේම්ස් කැමරන් මහත්තයා. (Titanic (1997) ඇ.ඩො.බි. 2.187 + Avatar (2009) ඇ.ඩො.බි. 2.788 )
  • එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් 25’වැනි තැන හිමි කරගෙන තියෙන්නෙත් ඇක්වාමෑන් චිත්‍රපටයයි. ජනපානයේ තිරගත වීම ආරම්භ වූවාට පසුව ඊට උඩින් 24’වැනි ස්ථානය රැකගෙන තියෙන The Dark Knight Rises (2012) චිත්‍රපටය පසු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • ලොවපුරා තිරගත වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් හොදම සුපර්හීරො චිත්‍රපට 50 අතරේ 9’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 7’වැනි ස්ථානය ලබාගෙන සිටින Captain America: Civil War (2016) මාවල් සිනමාපටය වගේම 8’වැනි ස්ථානය ලබාගෙන සිටින The Dark Knight Rises (2012) සිනමාපටයෙ වාර්තා පසු කරන්න බොහෝදුරට හැකියාව ලැබේවි.
  • ඇක්වාමෑන් සිනමාපටය බොක්ස් ඔෆිස් තුල හොද ආදායම් වාර්තාවක් ලබාගන්න උදව් කල චීනය තුල එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට 50 අතරින් ඇක්වාමෑන් චිත්‍රපටය මේ වන විට 13 වැනි ස්ථානයෙ පසු වෙනවා.

චීනයේ බොක්ස් ඔෆිස් වාර්තාවක සටහනක්

මෙතෙක් බිහි වූ මුල්ම දිය යට අත්දැකීම දකින්න ලැබුණු සුපර්හීරො චිත්‍රපටය වන්නේද ඇක්වාමෑන් සිනමාපටය වීම ලොකු විශේෂත්වයක්. මොකද මෙතෙක් කාලයක් අභ්‍යවකාශයට ගියාම යානයක් ඇතුලේ පාවෙන හැටි, කතා කරන හැටි ඔය වගේ නොයෙක් ආකාරයේ දේවල් දැකලා තිබුනත්, මාවල් සිනමා විශ්වය ඇතුළු වෙනත් කිසිම සිනමාපට විශ්වයකින් මේ විදිහේ සුපිරි ගනයේ දිය යට අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හට රිදී තිරයට තවමත් ලගාකරලා දීලා නැහැ. ඒ අතින් ඇක්වාමෑන් චිත්‍රපටයෙ උත්සහය ඉතාමත් සාර්ථක බව සැකයක් නැතුව කියන්න පුලුවන්.

අනික් විශේෂ කාරණේ තමයි DCEU එකේ එදා මෙදා බිහි වුනු සුපිරි දුෂ්ටයින් අතරින් මුල්ම වතාවට තමයි කළු ජාතිකයෙක්ව හදුන්වා දීමක් කලේ ඇක්වාමෑන්ගේ හතුරෙක් විදිහට සැලකෙන බ්ලැක් මැන්ටා චරිතය සදහා Yahya Abdul-Mateen II නම් රංගධරයාව සම්බන්ධ කරගනිමින්.

හොරර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන ජේම්ස් වෑන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඇක්වාමෑන් චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක මනාප 137,925 ලබා ගනිමින් IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, රොටන් ටෝමෑටොස් දර්ශකයේ 62% ක අගයක්ද ලබාගෙන තියෙනවා. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් වගේම ඔහුගේ බිරිද ඇක්වාමෑන් චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරනවා. ඇක්වාමෑන් සිනමාපටය වෙනුවෙන් අපූරු ගීත ඇල්බමයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ස්කයිලර් ග්‍රේ ගායනා කරන “Everything I Need” නම් ගීතය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. DCEU එකේ මෙතෙක් කාලයක් පුරාවටම වැඩිම ආදායමක් උපයාගත් සිනමා සිත්තම විදිහට ඉහලටම යද්දී ඇක්වාමෑන් චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මේ වෙද්දීත් ආරංචි ලැබිලා තියෙනවා. මොකද චිත්‍රපටය අවසන් වෙලා අවසානයේදී පෝස්ට් ක්‍රෙඩිට් කොටස් බැලුවට පස්සෙ තේරුම් යාවි ඒ කොටස් නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇක්වාමෑන් දෙවැන්න සදහාමයි කියලා. එහෙනම් තවත් මෙතන අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. චිත්‍රපටය රසවිඳින්න ඉඩ දීල මම ගිහින් එන්නම්.

හැමෝටම ජයෙන් ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aquaman-2018-sinhala-subtitles/feed/ 0