Jayalal Divakaran Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jayalal-divakaran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:20:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jayalal Divakaran Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jayalal-divakaran/ 32 32 Kurukkan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kurukkan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kurukkan-2023-sinhala-subtitles/#respond Mon, 06 Nov 2023 06:17:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59419 Kurukkan Sinhala Sub Kurukkan Sinhala Subtitles Kurukkan (2023) Sinhala Sub Kurukkan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අදත් මේ වසරේ තිර ගත වුන මලයාලම් කොමඩියක් තමයි අද මේ ගෙන එන්නේ… මෙ‍ය IMDb 5.4 අගයක් වාර්ථා වුවත් මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් මිස්ට්‍රි ඝනයට වැටෙන චිත්‍රපටයක්. මලයාලම් චිත්‍රපට බොහොමයකම සුලභව දකින්න ලැබෙන චරිතයක් තමයි […]

The post Kurukkan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kurukkan Sinhala Sub
Kurukkan Sinhala Subtitles
Kurukkan (2023) Sinhala Sub
Kurukkan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අදත් මේ වසරේ තිර ගත වුන මලයාලම් කොමඩියක් තමයි අද මේ ගෙන එන්නේ…

මෙ‍ය IMDb 5.4 අගයක් වාර්ථා වුවත් මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් මිස්ට්‍රි ඝනයට වැටෙන චිත්‍රපටයක්.

මලයාලම් චිත්‍රපට බොහොමයකම සුලභව දකින්න ලැබෙන චරිතයක් තමයි පොලිස් කාරයා. වීරයගෙ ඉඳල දුෂ්ඨයා දක්වාම සහ අහිංසකයගෙ ඉඳල විකටයා දක්වාම පොලිස් චරිත වැඩි හරියකම දකින්න ලැබෙනවා. මේකෙත් එක් ප්‍රධාන චරිතයක් පොලිස් පරීක්ෂක වරයෙක්.

චිත්‍රපටය පටන් ගන්නෙ නඩුවක බොරු සාක්ෂි මගින් ගොඩ යන්න බලා ගෙන ඉන්න මිනී මරුවෙකු ක්‍රිෂ්නන් නැමැති මහළු මිනිසෙකුගේ සාක්ෂියෙන් දඬුවමට නියම වීමෙන්.

තමන් කරන හැම දේකින්ම අසාර්ථක වන දිනේෂ් නැමැති පොලිස් පරීක්ෂකයා හට ඉන් ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ ඔහුගේ පළාතේ ප්‍රසිද්ධ තරුණියකගේ ඝාතනයක් සම්බන්ධ පරීක්ෂණ ඔහු අතට පත් වීමත් සමග.මරණය සිදු වූ දවසේ පරීක්ෂාවට යාමේදී රැස්ව සිටි ජනකාය ඉදිරියේ ලිස්සා වැටීම නිසා සමච්චලයට ලක් වන ඔහු මෙම ඝාතනය සම්බන්ධව සැක පිට නිවසට පුවත් පත බෙදන තරුණයෙකු වන හරි අත් අඩංගුවට ගන්නවා.එහි ඇසින්දුටු ප්‍රභලතම සාක්ෂිකරු ලෙස ඉදිරිපත් වෙන්නේ අර ක්‍රිෂානන්ම තමයි.හරී එසේ මෙසේ බඩුවක් නොවන බව කාටත් ඒත්තු යන්නේ ඔහු අත් අඩංගුවෙන් මිදී පැන යාමත් සමගයි. සිය සැක කරු වන හරී සෙවීමට දිනේශ් ඇතුළු පිරිසත් ඔහුගෙන් මරණ තර්ජන එල්ල වූ ක්‍රිශානනුත් උත්සාහ කරද්දී හරී සිය නිර්දෝශී භාවය ඔප්පු කිරීමට වෙනම සටනක් ගෙන යනවා.අන්තිමේදී ඔහු නැවතත් අත් අඩංගුවට පත් වෙන අතර නඩු විභාගය සියල්ලෝ ඉදිරිපිට දිග හැරෙනවා.හරී ඝාතකයා ලෙස ඔප්පු කිරීමට පොලිසියට හැකි වේද, තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට හරීට හැකි වේද ඔබම නරඹන්න.

මෙහි පොලිස් පරීක්ෂක ලෙස Vineeth Sreeniwasan හා ක්‍රිශ්නන් ලෙස ඔහුගේම පියා වන ජේශ්ඨ Sreeniwasan ද හරි ලෙස Shine Tom Chako ද සෙසු චරිත ලෙස Malavikaa Menan, Sruthy Jayan,Srikanth Murali රඟ පානවා.මෙය Jayalal Divakaran ගේ චිත්‍රපටයක්.

තවත් නව චිත්‍රපටයකින් හමුවන තෙක් ඔබ සැමට සිංහලසබ්නෙට් අප ලියලු දෙනා ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන මලයාලම් චිත්‍රපටය නරඹන ලෙස… ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kurukkan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kurukkan-2023-sinhala-subtitles/feed/ 0