Rajesh Ram Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/rajesh-ram-singh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 14 Jan 2024 13:48:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rajesh Ram Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/rajesh-ram-singh/ 32 32 Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 13:30:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8579 ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි නූතන යුගයේ නැවත කියවීමක්. Darshan […]

The post Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි නූතන යුගයේ නැවත කියවීමක්. Darshan Kumar, Pia Bajpai, Chandan Roy Sanyal, Priyanshu Chatterjee, යන නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවන මිර්සා ජුලියට් බොක්ස් ඔෆිස්හි කෝටි එකකට ආසන්න මුදලක් උපයාගන්නට සමත් වූවා.

ජාති භේදය ආගම් භේදය වගේ අවාසනාවන්ත දේවල් නිසා දිනෙන් දින සමාජයට ලෝකයට සිදුවන හානිය ගැන තක්සේරු කරලා කියන්න බෑ , ඒවායේ අදිනව ගත් කල විශාල වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ ජිවිත හානි පමණක්මය. එනම් ඝාතනය කිරිම් වැනි කුරිරු සහගත සිදුවීම් පමණක්මය ඉතින් කවදා මේවා අවසානයක් වෙයිද..? අද අප සියලු දෙනා ජීවත්වන මේ නවීන ලෝකය තුලත් ඈත අතීතයේ සිට පැමිණෙන පිළිල අතරින් මේ කාරණාව විශේෂ තැනක් ගන්නවා.

මිර්සා ජුලියට් කියන්නෙත් ජාති ආගම් භේදය යන පිළිකාවට ගොදුරුවුන අවසනාවන්ත පෙම්යුවලක්..! මිර්සා සහ ජුලියට් කියන්නේ කුඩා කාලයේ සිට එකට සෙල්ලම් කර හැදුණු වැඩුනු ⁣දෙන්නෙක් කාලයාගේ ඇවෑමෙන් සිදුවන මිර්සාගේ පියාගේ අභාවය නිසා මිර්සාට තමන් හැදුනු වැඩුනු ගම් පලාත අතහැරයාමට සිදුවෙනවා. කුඩා කල සිටම තම වැඩිමහල් සොයුරන්ගේ සුරතලිය ලෙස හැදෙන වැඩෙන තමන් ගේම කියා මවාගත් ලෝකයක ජීවත්වන ඇය දඩබ්බර සහ තාරුණ්‍යය නිසියාකාරව අවබෝධකර නොගත්ත තැනැත්තියක ලෙස හඳුන්වන්නට පුලුවන්..! එලෙසින් කාලය ගලාගෙන යන විටදී හදිසියේම මිර්සා නැවතත් ජූලී සිටින ගමටම පැමිණෙනවා. එතැන් පටන් ජූලී ගේ සහ මිර්සාගේ ජිවිත වල සිදුවන විපර්යාසන් මොනවද..? ජාති ආගම් භේදය නැමති පිළිකාවට මොවුන් ගොදුරු වන්නේ කෙසේද යන්න චිත්‍රපටය නරඹාම දැනගන්නට යැයි ඉල්ලා සිටීමට කැමතියි..!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/feed/ 0