Wong Jing Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/wong-jing/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 16:24:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Wong Jing Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/wong-jing/ 32 32 High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:24:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62045 High Risk Sinhala Sub High Risk Sinhala Subtitles High Risk (1995) Sinhala Sub High Risk (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. […]

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
High Risk Sinhala Sub
High Risk Sinhala Subtitles
High Risk (1995) Sinhala Sub
High Risk (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.

කිට් ලී හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයෙක්. ත්‍රස්තවාදී කල්ලියක්, කප්පම් ලබාගැනීමට කුඩා පාසල් ළමුන් ටිකක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන්ගෙ නායකයා ඩොක්ටර් කියල කියාගන්නා අයෙක්. ළමයිව බස් එකකට දාලා ටයිම් බෝම්බයක් හයි කරල තියෙන්නෙ. බස් එකේ කිට් ලීගෙ පුතා සමග බිරිඳත් ඉන්නවා. හොඳ දක්ෂයෙක් හදපු බෝම්බයක්. ලීට බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කරන්න බැරිවෙනවා. බෝම්බය පුපුරනවා. ඔහුගේ බිරිඳ සහ පුතා මිය යනවා. ඊට පසු ලී රැකියාව අත හැරල දාලා අතුරුදහන් වෙනවා. ඔහු ආයෙ මතුවෙන්නෙ අවුරුදු දෙකකට පස්සෙ හොංකොං වලින්. ජනප්‍රිය සටන් නලුවෙක් වන ෆ්‍රැන්කිගේ බොඩිගාඩ් හැටියට. හොංකොංහී ලොකු හෝටලයක මිළ කල නොහැකි ඉතා වටිනා ඉපැරැණි රන් ආභරණ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒකට තද ආරක්ෂාවක් යොදල තියෙන්නෙ. ප්‍රභූවරුන් 100 කට විතරයි ආරාධනා කරන්නෙ. ෆ්‍රැන්කිත් මේ අතර ඉන්නවා.එක්තරා සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් මේ ආභරණ ටික අරගන්න, හෝටලේට ඇතුලුවෙලා, ආරක්ෂකයෝ මරලා, හෝටලෙත් බෝම්බ හයි කරලා, හෝටලේ ඉන්න සියලු දෙනාම ප්‍රාණ ඇපයට ගන්නවා. දෛවෝපගත ලෙස මේ අර මුලින් කී ඩොක්ටර්ගෙ ගැන්සියම තමයි. නමුත් ඩොක්ටර්ගෙ අරමුණ ඉස්සරහ මේ වතාවෙත් දෛවෝපගත විදිහට එක මිනිහෙක් හිටගන්නවා. ඒ තමයි කිට් ලී.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ පැරනි සිනමාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/high-risk-1995-sinhala-subtitles/feed/ 0