Zack Snyder Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/zack-snyder/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Oct 2024 06:08:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Zack Snyder Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/zack-snyder/ 32 32 Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/#respond Sun, 06 Oct 2024 02:00:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13145 Fearing the actions of a god-like Super Hero left unchecked, Gotham City’s own formidable, forceful vigilante takes on Metropolis’s most revered, modern-day savior, while the world wrestles with what sort of hero it really needs. And with Batman and Superman at war with one another, a new threat quickly arises, putting mankind in greater danger […]

The post Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fearing the actions of a god-like Super Hero left unchecked, Gotham City’s own formidable, forceful vigilante takes on Metropolis’s most revered, modern-day savior, while the world wrestles with what sort of hero it really needs. And with Batman and Superman at war with one another, a new threat quickly arises, putting mankind in greater danger than it’s ever known before.

The post Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/feed/ 0
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 14:20:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63382 Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rebel Moon – Part One: A Child of Fire Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire Sinhala Subtitles
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Sub
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

The post Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rebel-moon-part-one-a-child-of-fire-2023-sinhala-subtitles/feed/ 0
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:37:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51140 Dawn of the Dead Sinhala Sub Dawn of the Dead Sinhala Subtitles Dawn of the Dead (2004) Sinhala Sub Dawn of the Dead (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker […]

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dawn of the Dead Sinhala Sub
Dawn of the Dead Sinhala Subtitles
Dawn of the Dead (2004) Sinhala Sub
Dawn of the Dead (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබිලා තියනවා…

මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකත් Walking dead වගේ එකක්. මොකද මේකෙත් ඉන්නේ zombies ලා. හොදයි මේ කථාවේ ඉන්නවා ඇනා කියලා නර්ස් කෙනෙක්. මෙයා තමන් රාජකාරි කරන රෝහලේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිල්ලා husband එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චියේ යෙදිලා පහුවදා වැඩට යන්න ඕනේ නිසා මෙයා නිදාගන්නවා. පහුවදා උදේ නැගිටිනකොට මෙයාට සුපුරුදු ලෝකය දකින්න හම්බෙන්නේ නෑ.

ඔන්න ඔච්චරයි මම කියන්නේ තව කිව්වොත් එහෙම කුතුහලය නැති වෙලා යනවා…තව එකක් මේ ෆිල්ම් එක ඉවරයි කියල හිතන්නේ නැතුව මේකේ අවසාන තත්පරේ වෙනකම්ම බලන්න මොකද මේක ඒ තරමටම කුතුහලයෙන් පිරිච්ච කතාවක්…ඉතින් අපි බලමු ඇනාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්ද? එයාට මගදී හම්බෙන යාළුවෝ කවුද කියලා???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචිර සංදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/feed/ 0
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 07:45:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47155 Justice League Sinhala Sub Justice League Sinhala Subtitles Justice League (2017) Sinhala Sub Justice League (2017) Sinhala Subtitles ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ […]

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Justice League Sinhala Sub
Justice League Sinhala Subtitles
Justice League (2017) Sinhala Sub
Justice League (2017) Sinhala Subtitles

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම් මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත් සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්. එහෙනම් ගිහින් එන්නම්.

හැමෝටම ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/justice-league-2017-sinhala-subtitles/feed/ 0
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 21:37:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47118 Man of Steel Sinhala Sub Man of Steel Sinhala Subtitles Man of Steel (2013) Sinhala Sub Man of Steel (2013) Sinhala Subtitles ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් […]

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Man of Steel Sinhala Sub
Man of Steel Sinhala Subtitles
Man of Steel (2013) Sinhala Sub
Man of Steel (2013) Sinhala Subtitles

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් ‍තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, ‍රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.

ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…

අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දු‍ටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උදා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/feed/ 1
Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/watchmen-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/watchmen-2009-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 20:55:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47080 Watchmen Sinhala Sub Watchmen Sinhala Subtitles Watchmen (2009) Sinhala Sub Watchmen (2009) Sinhala Subtitles එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ […]

The post Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Watchmen Sinhala Sub
Watchmen Sinhala Subtitles
Watchmen (2009) Sinhala Sub
Watchmen (2009) Sinhala Subtitles

එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් ගන්න බැරුව සමහර අය ලිපියට කැත විදිහට බැනලා තියෙනවා. තාමත් කමෙන්ට් මකලා නැති නිසා ඔයාලටම වුනත් බලාගන්න පුලුවන්. මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ ක්ලැසික් ෆිල්ම් එකක් බලන්න හිතෙන අය අතරත් ඒ තරම් පහත් මානසිකත්වයත් තියෙන අයත් ඉන්නවා කියල. ? ආපු කාරණාවට බහිමුකො එහෙනම්. මේකෙ චිත්‍රපටය දිහාවට කෙලින්ම යන්නෙ නැතුව පොඩ්ඩක් වතගොත ගැන බලලා ඉමු.

වොච්මෙන් කියන නම යටතේ කොමික් පැත්ත දිහා බැලුවොත් ජස්ටිස් ලීග් වලට වගේම හොද පැතිකඩක් දීලා තියෙන චිත්‍රකතා බිහිවෙලා තියෙනවා. වොච්මෙන් චිත්‍රකතාවල මූලාරම්භය සිද්දවෙන්නෙ 1986 වසරේ සැප්තැම්බර්වල නිකුත් වුනු Watchmen මුල්ම කලාපය තුලින්. Alan Moore විසින් කතාව ගොඩ නැගෙද්දී, Dave Gibbons විසින් තමයි චිත්‍රකතාව සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ අයගේ කණ්ඩායම තුල Ozymandias, Nite Owl II, Comedian, Doctor Manhattan, Silk Spectre II වගේම Rorschach I කියන චරිතය කිහිපය දකින්න ලැබුණා. 1987 පුරාමටම දිග හැරුණු වොච්මෙන් චිත්‍රකතා කලාප 12 ක් ඔස්සෙ මුලදී දිගහැරිලා තියෙනවා. ඊටපස්සෙ Before Watchmen, DC Universe Rebirth මුල් කලාපය තුලින් වගේම Doomsday Clock තුලින්ද මේ චරිත දැකගන්න ලැබුණා. මේ විදිහට නිර්මාණය වූ වොචේම්න් කණ්ඩායම එක්කාසු කරලා 2009 වසරේ පෙබරවාරි මාසයෙ ඒ නමින්ම චිත්‍රපටයක්ද, 2009 වසරේ මාර්තු මාසයේදී Watchmen: The End Is Nigh නම් ක්‍රීඩාවද, 2019 වසරේදී HBO නාලිකාව හරහා මේ නමින්ම රුපවාහිනී කතාමලාවක්ද එළිදැක්වීමට නියමිතයි.

ඔය විදිහට නිර්මාණය වුනු අති ජනප්‍රිය වොච්මෙන් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් 1986-1987 කාලය අතරතුර බිහිවුනු කලාපයන් 12 ක් පුරාවටම නිර්මාණය වූ චිත්‍රකතා ඇසුරින්. ඔයාලා මේ වෙද්දී චිත්‍රපටය බලලා ඇතියි කියලා හිතන  නිසා කතාව ගැන ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ. ඒත් කෙටියෙන්ම කියනවනම් මේකයි වෙන්නෙ. 1930-1940 කාලෙ රැකවලන වැඩ කටයුතු කරපු කණ්ඩායමක් තමයි “මිනියුට්මෙන්” කියන්නෙ. මේ අයගේ කාලෙන් පස්සෙ වසර දහයක කාලයක් ගත වෙලා නව පරම්පරාවක කට්ටියක් එකතු වෙලා තවත් රැකවලුන් කණ්ඩායමක් නිර්මාණය කරගන්නවා. මේ අයව හදුන්වන්නේ “වොච්මෙන්” කියලා. මේ අය අතරෙත් සමහර අය කාලයත් එක්ක මේ රැකවලන වැඩෙන් අයින් වෙනවා. ටික කාලයත් ගත වෙනවත් එක්කම මුල් කණ්ඩායමේ හිටිය සාමාජිකයන්ගේ කෙනෙක් වන කොමේඩියන්ව දරුණු විදිහට මරලා දානවත් එක්ක රෝෂෑෑක් මේ මරණය විමර්ශණය කරන්න ගන්න තීරණයත් එක්කම වොච්මෙන් කණ්ඩායමේ හිටිය තවත් දෙන්නෙක් ආපහු වතාවක් රැකවලන වැඩ වලට එක්කාසු වෙනවා.

එක කලාපයක් හරි ආසාවට කියවලා තියෙනවනම් චිත්‍රකතාවල තියෙන බැරෑරුම්කම දන්නවා ඇති. ඒ වගේ ලොකු අවධානමක් එක්කම Zack Snyder විසින් වොච්මෙන් චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ කාලෙ මේ විදිහේ චිත්‍රපටයක් නිකුත්වෙනවා කියන්නෙ අනිකුත් කොමික් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුන්ට සෑහෙන ලොකු අභියෝගයක්. මොකද කොමික්වල තියෙන සිදුවීම් වලින් පුළුල් පරාසයක් මේ චිත්‍රපටය ඇතුලේ එහෙන් පිටින්ම ඇතුලත් වෙලා තියෙනවා. අන්න ඒකත් එක හේතුවක් මේ චිත්‍රපටය මේ තරමටම ජනප්‍රිය වෙන්නත්. 2006 වසරේ නිකුත් වන 300 චිත්‍රපටයේ නිර්මාණයට දායක වූ සැක් විසින් අධ්‍යක්ෂණය කෙරෙන වොච්මෙන් චිත්‍රපටයෙ නිෂ්පාදක කටයුතු සිද්දවෙලා තියෙන්නෙ Lawrence Gordon, Lloyd Levin වගේම සැක්ගෙ බිරිද වන Deborah Snyder විසින්. චිත්‍රපටය සදහා ලෝරි ජුපිටර්ගෙ චරිතය සදහා Malin Åkerman ද, ඩොක්ටර් මෑන්හැටන්ගේ චරිතය සදහා Billy Crudup ද, ඒඩ්‍රීීයන් වයිඩිට්ගේ චරිතය සදහා Matthew Goode ද, සැලි ජුපිටර්ගෙ චරිතය සදහා Carla Gugino ද, රෝෂෑෑක්ගේ චරිතය සදහා Jackie Earle Haley ද, කොමේඩියන්ගෙ චරිතය සදහා Jeffrey Dean Morgan ද, ඩෑෑන්/නයිට් ඔව්ල්ගෙ චරිතය සදහා Patrick Wilson කියන නළු/නිලියන් පිරිස සහභාගී වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 120 ක මුදලින් නිර්මාණය වෙන චිත්‍රපටය 2009 පෙබරවාරි 23 වැනිදා ඉදන් තිරගත වීම ආරම්භ වෙලා බොක්ස් ඔෆිස් දර්ශකය තුල  ඇමරිකානු ඩොලර් මිලියන 186.3 ක මුදලක් උපයාගන්න සමත් වෙලා තියෙනවා.IMDb දර්ශකය තුල 7.6/10 අගයකුත්, රොටර්න් ටොමෑටෝ දර්ශකය තුල 68% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඔය විදිහට විශාල ප්‍රේක්ෂක පැසසුමක් ලබාගත්ත මේ චිත්‍රපටය මේ වෙද්දී,

  • 36’වැනි සාටම් සම්මාන උළෙලේ හොදම ෆැන්ටසි චිත්‍රපටය සදහාද, හොදම ඇදුම් මෝස්‌තර නිර්මාණ කරණය සදහාද, විශේෂ ගණයේ ඩිවිඩි පට නිකුත් කිරීම සම්බන්ධයෙන්ද සම්මාන ත්‍රිත්වයක් ලබාගෙන තියෙනවා.
  • 2009 වසරේ පැවැත්වූ ස්ක්‍රිම් සම්මාන උළෙලේහොදම කොමික්-බුක් චිත්‍රපටය සදහාද සම්මානය දිනාගෙන තියෙනවා.

මේ විදිහට යම්තාක් දුරකට සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයෙ දෙවැන්නක්ද නිර්මාණය වෙන්න ඉඩ තිබුණු බව අන්තර්ජාලයෙ සදහන් වෙනවා. නමුත් මේ චිත්‍රපටයෙන් සැක් ස්නයිඩර් ලැබූ ජයග්‍රහණය නිසාම එයාට වෝනර් බ්‍රදර්ස්ලා සුපර්මෑන් වගේම බැට්මෑන්ව DCEU එක යටතේ රිදී තිරයට ගේන්න වගකීම පවරනවා. ඒකෙ ප්‍රතිඵලයක් නිසාවෙන් Man of Steel (2013) වගේම Batman v Superman: Dawn of Justice (2016) චිත්‍රපට දෙක නිර්මාණය කරන්න යෙදුන නිසා වොච්මෙන් සීක්වල් චිත්‍රපටය නිර්මාණය වෙන්න තිබුණු ඉඩකඩ නැතිවුනා කියලයි සදහන් වෙන්නෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/watchmen-2009-sinhala-subtitles/feed/ 0