Kannada - SinhalaSub https://dseek.sldrive.cc/genre/kannada/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Feb 2025 07:14:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kannada - SinhalaSub https://dseek.sldrive.cc/genre/kannada/ 32 32 Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 07:05:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17057 Badava Rascal Sinhala Subtitles Badava Rascal (2021) Sinhala Subtitles Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of […]

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badava Rascal Sinhala Subtitles

Badava Rascal (2021) Sinhala Subtitles

Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of the story.

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/feed/ 0
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/#comments Wed, 16 Oct 2024 01:00:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12865 Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles Shiva and Hari, two friends who are polar opposites in demeanour, are the terror in Mangaladevi. What happens when ego, ambition and jealousy creeps in between their strong friendship? Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles   “ඔබේ සතුරා වෙනුවෙන් ඔබ මිනීවළක් හෑරුවොත් ඔබම එහි වැටිය හැක” “ඉබ්බර […]

The post Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Shiva and Hari, two friends who are polar opposites in demeanour, are the terror in Mangaladevi. What happens when ego, ambition and jealousy creeps in between their strong friendship?

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

 

“ඔබේ සතුරා වෙනුවෙන් ඔබ මිනීවළක් හෑරුවොත් ඔබම එහි වැටිය හැක”
“ඉබ්බර ජගල මූරණයවනිගේ ලාභ”

මේ උපුටා දක්වපු දේ මේ චිත්‍රපටයෙන් නිරූපණය වන කතාවට ගොඩක්ම ගැලපෙන එකක්.

 

IMDB දර්ශකයේ 8.6/10 අගයකට කරකවපු කන්නඩා අළුත්ම චිත්‍රපටයක්..කන්නඩ චිත්‍රපට කර්මාන්තයේ ඉතා දුර්ලභ රාජ් බී ෂෙට්ටි ඔහුගේ රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ඔහුගේ විශිෂ්ටත්වය පෙන්නුම් කරපු චිත්‍රපටයක් කියලා මේක කියන්න පුළුවන්. ළමා වියේ තිබූ අහිංසක මිත්‍රත්වය රැකගත යුතු බවත්, වැඩෙන විට වෛරය, ඊර්ෂ්‍යා සහගත මානසිකත්වය නැතිවෙලා යන්න ඕනි කියන එකත් සංකේතවත් කරන අවසාන දර්ශනය ඉතා සංවේදීයි චිත්‍රපටයක් තමයි මේක..
රාජ් බී ෂෙට්ටි තමා හාස්‍යමය කාලීන නළුවෙකු පමණක් නොව ප්‍රචණ්ඩ භූමිකාවක් නිහඬව කළ හැකි බව ඔප්පු කරපු චිත්‍රපටියක්..

චිත්‍රපටිය තුල ප්‍රධාන චරිත තුනක් වටා කැරකෙනවා:

ශිවා, (විනාශ කරන්නා)
හරි,( ගැලවුම්කරුවා) සහ
බ්‍රහ්මයා,(නිර්මාතෘ)

ඒ වගේම මේ තුන්දෙනා එකිනෙකාට විරුද්ධ වෙලා මැරෙනකම් සටනක නියැලුණාම මොකද වෙන්නේ? ඒක සිත් ඇදගන්නා අදහසක්.
චිත්‍රපටය තුලින් කෝපය කෙතරම් ප්‍රබල විය හැකිද යන්නත් එය මිනිසුන්ගේ ජීවිත හැඩගස්වන්නේ කොයි ආකාරයෙන්ද කියා පෙන්වයි.

චිත්‍රපටය පැත්තට හැරුනොත්…..

රාජකාරියේ යෙදිල ඉන්න මොහොතක තම දියණියට කතා කිරපු වරදට දඬුවමක් ලෙස මංගලුරු වෙත මාරු කරන ලද පොලිස් නිලධාරියෙකු වන බ්‍රහ්මයා විසින් කතාව විස්තර කරයි. මැර කල්ලියක් ලෙස හොයාගන්න කලින් පොඩි පොඩි කෑම විකුණමින් සිටි මිතුරන් දෙදෙනෙකුගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබේ.

ශිවා (රාජ් බී ෂෙට්ටි) සහ හරි (රිෂාබ් ෂෙට්ටි) අතර සහෝදරත්වයට එහා ගිය යාළුකමක් ඇති මංගල දේවිගේ වෙරළබඩ ජීවත් වෙන දෛනෙකි. වෙරළබඩ නගරයක් වන Mangaluru හි හොඳම මිතුරන් වන්නේත් මේ ශිවා සහ හරියි යන දෙදෙනායි. නමුත් පසුව නගරයේ වඩාත්ම බිහිසුණු මැර කල්ලි දෙකක් බවට මොවුන් දෙදෙනාම පත්වේ. ඔවුන්ගේ දිගුකාලීන මිත්රත්වය ඔවුන්ගේ කෑදරකම සහ ඒකාධිපතිත්වය ඔස්සේ නොනැසී පවතීද? චිත්‍රපටිය බලලම මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන්ම නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා☺

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/feed/ 2
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/#respond Mon, 16 Sep 2024 18:30:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75263 Love Li Sinhala Sub Love Li Sinhala Subtitles Love Li (2024) Sinhala Sub Love Li (2024) Sinhala Subtitles

The post Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Li Sinhala Sub
Love Li Sinhala Subtitles
Love Li (2024) Sinhala Sub
Love Li (2024) Sinhala Subtitles

The post Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/feed/ 0
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/#comments Sun, 01 Sep 2024 09:30:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1037 KGF 1 (2018) Sinhala Subtitles A period drama set in the 1970s, KGF follows the story of a fierce rebel who rises against the brutal oppression in Kolar Gold Fields and becomes the symbol of hope to legions of downtrodden people.

The post K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KGF 1 (2018) Sinhala Subtitles

A period drama set in the 1970s, KGF follows the story of a fierce rebel who rises against the brutal oppression in Kolar Gold Fields and becomes the symbol of hope to legions of downtrodden people.

The post K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/feed/ 2
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/#comments Wed, 03 May 2023 16:14:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39929 Gurudev Hoysala Sinhala Sub Gurudev Hoysala Sinhala Subtitles Gurudev Hoysala (2023) Sinhala Sub Gurudev Hoysala (2023) Sinhala Subtitles   Gurudev Hoysala (2023) මේක ඉන්දියාවේ කාර්ණාට ප්‍රාන්තයේ බිහිවුන විශිෂ්ඨ පොලිස් නිලධාරියෙක් ගැන කතාවක් සත්‍ය කතාවක්. කතාව පැත්තට ගියොත් පොලිස් පරික්ශක වරයෙක් හදිසියේ අතුරුදහන් වෙනවා ඒ වෙනුවට ඒ රහස් රජකාරියක් අතරතුර මෙක සෙවිමට වගෙම එම පොලිස් ස්ථානය […]

The post Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gurudev Hoysala Sinhala Sub
Gurudev Hoysala Sinhala Subtitles
Gurudev Hoysala (2023) Sinhala Sub
Gurudev Hoysala (2023) Sinhala Subtitles

 

Gurudev Hoysala (2023) මේක ඉන්දියාවේ කාර්ණාට ප්‍රාන්තයේ බිහිවුන විශිෂ්ඨ පොලිස් නිලධාරියෙක් ගැන කතාවක් සත්‍ය කතාවක්.
කතාව පැත්තට ගියොත් පොලිස් පරික්ශක වරයෙක් හදිසියේ අතුරුදහන් වෙනවා ඒ වෙනුවට ඒ රහස් රජකාරියක් අතරතුර මෙක සෙවිමට වගෙම එම පොලිස් ස්ථානය බාරව වැඩ බාර ගන්න අලුත් පොලිස් පරික්ශකවරයා විදියට තමයි මේ ගුරුදෙව් හොයිසාලා එන්නේ. ඉතින් මෙයා මේ පැත්තේ විස්තර දැනගෙන වැලි ජවාරම් වෙන තැන් එහෙම වටලනවා ඒ අතරේ අර නැතිවුන පොලිස් නිලධාරියා ගැනත් හොයනවා. මේ අතරේ රාත්‍රී රාජකාරියේ ඉන්න සම්පත් කියන පොලිස් නිලධාරියා සල්ලි ගසා කන්න බලාපොරොත්තුවෙන් ගැනු ලමයෙක් හා පිරිමි ලමයෙක් අල්ලා ගන්නවා ලොජ් එකක් ඉදලා. ඉතින් මෙයාලාට සල්ලි නෑ. මෙයාලා බැදලා නැති එකේ ඒක වැරැද්දක් කියලා උදේ වෙනකම් පොලිසියේ තියනවා. පස්සේ උදේ ගුරුදෙව් පොලිස් පරික්ශක එනවා. එයාට විස්තරේ කියලා පැහැදිලි කලාම මෙයාලාට එයා උදව් කරනවා කසාද බැදලා හොද තැනකට යන්න. කොහොම හරි ටික දවසකට පස්සේ බලනකොට මේ බන්දලා දිලා තියෙන්නේ මේ පැත්තේ හිටපු ලොකුම මැරයාගේ දුව. ඊටපස්සේ කොහොමහරි මේ කෙල්ලව හොයලා දෙන්නම් කියනවා ගුරුදේව්.
එහෙනම් මෙතනින් එහාට බලන්න ගුරුදෙව් මේ දෙන්නව හොයා ගනීද? මේ මැරයා එක්ක මොනවා වෙයිද කියලා. හැමොම බලන්න අවසානේ දරුණුවටම ඉවර වෙන කතාවක් ?

The post Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/feed/ 1
Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kabzaa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kabzaa-2023-sinhala-subtitles/#respond Sat, 15 Apr 2023 16:38:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39024 Kabzaa Sinhala Sub Kabzaa Sinhala Subtitles Kabzaa (2023) Sinhala Sub Kabzaa (2023) Sinhala Subtitles

The post Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kabzaa Sinhala Sub
Kabzaa Sinhala Subtitles
Kabzaa (2023) Sinhala Sub
Kabzaa (2023) Sinhala Subtitles

The post Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kabzaa-2023-sinhala-subtitles/feed/ 0
Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/once-upon-a-time-in-jamaligudda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/once-upon-a-time-in-jamaligudda-2022-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 15:56:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38832 Once Upon a Time in Jamaligudda Sinhala Sub Once Upon a Time in Jamaligudda Sinhala Subtitles Once Upon a Time in Jamaligudda (2022) Sinhala Sub Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles මේක ඇවිල්ලා ආදරණිය කතාවක්, කතාවට බහිමු. මෙක පටන් ගන්නේ මාමෙකුයි දුවෙකුයි යන ලස්සන ගමනකින්. ඉතින් මේ මාමා තාමා හිරොෂිමා එවගෙම දුව […]

The post Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Once Upon a Time in Jamaligudda Sinhala Sub
Once Upon a Time in Jamaligudda Sinhala Subtitles
Once Upon a Time in Jamaligudda (2022) Sinhala Sub
Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles
මේක ඇවිල්ලා ආදරණිය කතාවක්, කතාවට බහිමු.
මෙක පටන් ගන්නේ මාමෙකුයි දුවෙකුයි යන ලස්සන ගමනකින්. ඉතින් මේ මාමා තාමා හිරොෂිමා එවගෙම දුව චුක්කි. ඉතින් මෙයාලා යනවා කෙනෙක්ව හොයාගෙන ඒ අතර මගදී හිරොෂිමාගේ කතාව චුක්කිට කියනවා ඒක දැනගන්න චිත්‍රපටය බලන්න. ඊටපස්සේ මෙයලා දෙන්නා තැනකට යනවා රැ වුන නිසා නවතින්න පහුවදා උදේ හිරොෂිමාව අල්ලන් යන්න පොලිසියේන් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඒක දැනගන්නත් චිත්‍රපටය බලන්න ඕන. ඉතින් මේක හරි ලස්සන ආදරණීය කතාවක් හැමොටම ආරාධනා කරනවා මේක බලන්න කියලා.

The post Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/once-upon-a-time-in-jamaligudda-2022-sinhala-subtitles/feed/ 0
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gandhada-gudi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gandhada-gudi-2022-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 01:50:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38118 Gandhada Gudi Sinhala Sub Gandhada Gudi Sinhala Subtitles Gandhada Gudi (2022) Sinhala Sub Gandhada Gudi (2022) Sinhala Subtitles   පුනීත් රාජ්කුමාර්,කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්,අනිවාර්‍යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි පුනීත් රාජ්කුමාර් කියන්නේ..2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා විට අවුරුදු 46 පසුවුනා..කෙසේ නමුත් පුනීත් රාජ්කුමාර්ව ආයෙත් අපිට දකින්න ලැබෙන අන්තිම අවස්ථාව තමයි Gandhada Gudi […]

The post Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gandhada Gudi Sinhala Sub
Gandhada Gudi Sinhala Subtitles
Gandhada Gudi (2022) Sinhala Sub
Gandhada Gudi (2022) Sinhala Subtitles

 

පුනීත් රාජ්කුමාර්,කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්,අනිවාර්යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි පුනීත් රාජ්කුමාර් කියන්නේ..2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා විට අවුරුදු 46 පසුවුනා..කෙසේ නමුත් පුනීත් රාජ්කුමාර්ව ආයෙත් අපිට දකින්න ලැබෙන අන්තිම අවස්ථාව තමයි Gandhada Gudi කියන්නේ…පුනීත්ගේ සිහින ව්යාපෘතියක් උන මෙය,රූපගත කිරීම අවසන් කිරීමට මත්තෙන්ම ඔහු අප අතරින් සමුගන්නවා.. කෙසේ නමුත් ඒ වෙද්දි රූපගත කිරිම් ගොඩක් අවසන් වෙලා තිබූ නිසාත්,පුනීත්ව අවසන් වතාවට දැකගන්න තියෙන අවස්ථාව නිසාත්,Gandhada Gudi අවසන් වශයෙන් මෙලෙසෙ අපිට දැකගන්න ලැබෙනවා.. ඉතින් Gandhada Gudi කියන්නේ ඇත්තටම වාර්තාමය වැඩසටහනක්,කර්නාටක ප්රාන්තයේ තියෙන සුන්දර ස්ථාන සොයා යන ගමනක් ගැන තමයි මේ වැඩසටහනෙන් අපිට පෙන්වන්නේ…මෙහි අධ්යක්ෂක Amoghavarsha JS සමග පුනීත් රාජ්කුමාර් අපිට Gandhada Gudi තුලින් දැකගන්න පුලුවන්… ,අද පුනීත් රාජ්කුමාර්ගේ උපන්දිනය දවසෙම ඔහුගේ අන්තිම වාර්තා වැඩසටහන OTT හරහා මෙලෙසෙ නිකුත් වෙනවා,එහෙනම් ඉතින් කන්නඩ සිනමාවට ආදරේ කරන හැමෝටම ආරාධනා කරනවා,Gandhada Gudi නරඹන්න කියල..

The post Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gandhada-gudi-2022-sinhala-subtitles/feed/ 0
Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/#comments Thu, 09 Mar 2023 00:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1409 කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන […]

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන එක, මෙයාට යෝජනා කීපයක්ම ගෙනාවම මෙයා ඒ ගෑණු ළමයා බලන්න ගෙදරට එක්ක ගියාම, දෙන්නට කතා කරගන්න ඉඩ දුන්නම කුෂ් කියන දේ තමයි ” මම රාත්‍රී සමාජ ශාලා වලට යනවා, මට යාළුවොත් එක්ක හොදට බොන්න ඕනේ, සමහර වෙලාවට මම ගෙදර එන්නේ උදේට, ඔයා මේ දේවල් වලට කැමති නම් මම ඔයාව විවාහ කරගන්නම්.” කියලා තමයි කුෂ් කියන්නේ එතකොටම අර බලන්න ගිය කෙල්ල මෙයාට බෑ කියනවා ඔය විදිහටම කීප සැරයක්ම වුනා හැබැයි එක දවසක් මෙයාගේ යළුවො මෙයාට කරපු වැඩක් නිසා මෙයාටම එපා වෙලා පවුලේ අය කියන දේ අහලා මෙයා අන්තිමේදි කුෂි ව විවාහ කරගන්න තීරණය කරනවා ඊට පස්සේ තමයි ගින්න පත්තු වෙන්නේ, එතකොට මොකක්ද මේ රැවටිල්ල? ඒකත් මම ඔයාලට කියලා ඉන්නම්කෝ, මම කලින්ම කිව්වනේ කුෂ් කැමති යාළුවොත් එක්ක බීලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් කියලා, ඉතින් මෙයා බිරිදට බොරුවක් කියලා රෝහලේ හදිසි වැඩක් තියෙනවා කියලා යාලුවෝ එක්ක සමාජ ශාලාවේ බොන්න යනවා, එතකොට කවුද මේ කුෂි? ඔව් එයත් කුෂ්ගේ විදිහම තමයි තමන්ට ආපු විවාහ යෝජනා කඩා කප්පල් කරලා දාලා යාලුවොත් එක්ක විනෝදායෙන් ඉන්න තමයි මෙයත් කැමති. හැබැයි දෙන්නට දෙන්නා ඒ දේවල් දැන ගන්න ඉඩ තියන්නේ නැති වුනත් දවසක් ඒ දෙන්නටම අතේම මාට්ටු වෙනවා ,??
ඉතින් ඊට පස්සේ තමයි හොදම හරිය, ඊට පස්සේ දෙන්නා මොනා කරගනීවිද?, දෙන්නා නිසා ඇතිවෙන ප්‍රශ්න මොනාද?
මෙයාලා දික් කසාද වෙයිද?, ඒ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලලම ඉන්න වෙනවා,

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/feed/ 1
Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/#comments Wed, 08 Mar 2023 23:35:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1427 දෙමාපියන්ට පසුව ගුරුවරුන් තරම් ජීවිතයට මගහසර පෙන්වා දෙමින් ආශීර්වාද කරන තවත් පිරිසක් නැති තරම්. ඒ තරමට ම සාර්ථක ජීවිතයක් උදෙසා ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අමිල වූත්, අනුස්මරණීය වූත් රැකවරණයක්. ඒ නිසා ම ගුරු ඇසුරේ ගතවන දශකයකට වැඩිවූ කාල පරාසය හැමෝගේ ම ජීවිතයේ එළඹෙන තීරණාත්මක අවදියක්. ඒ වගේ ම මාපිය ස්නේහයෙන් යුතුව දේවත්වයෙහිලා ගුරුවරුන් පුදන ශිෂ්‍යයන් හා තම […]

The post Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
දෙමාපියන්ට පසුව ගුරුවරුන් තරම් ජීවිතයට මගහසර පෙන්වා දෙමින් ආශීර්වාද කරන තවත් පිරිසක් නැති තරම්. ඒ තරමට ම සාර්ථක ජීවිතයක් උදෙසා ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අමිල වූත්, අනුස්මරණීය වූත් රැකවරණයක්.
ඒ නිසා ම ගුරු ඇසුරේ ගතවන දශකයකට වැඩිවූ කාල පරාසය හැමෝගේ ම ජීවිතයේ එළඹෙන තීරණාත්මක අවදියක්. ඒ වගේ ම මාපිය ස්නේහයෙන් යුතුව දේවත්වයෙහිලා ගුරුවරුන් පුදන ශිෂ්‍යයන් හා තම දූ දරුවන්ට සෙයින් ම සිසු දරුවනට අනුකම්පාව දක්වන ගුරුවරුන් අතර ගොඩනැගෙන ඒ සොඳුරු සබැඳියාව ජීවිතයට මුණගැසෙන අතිශයින් සුන්දර වූත්, ආදරණීය වූත් සම්බන්ධයක්. මෙත් කරුණාදී උතුම් ගුණධර්ම මත පිහිටි ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ නිවැරදි මගපෙන්වීම ලබන, වත පිළිවෙතින් සරු, කෙළෙහිගුණ දන්නා, ගුරු ගෞරවයැති කීකරු ශිෂ්‍යයා ඒකාන්තයෙන් ම ඒ සොඳුරු සමාගමයේ උපකාරයෙන් ජීවිතය ජයගනු ඇති.
උතුම් ආකල්ප සම්පත්තියෙන් යුතුව, මෙලොව පරලොව යහපත පෙන්වා දෙමින් සිසු දරුවන් මනාව හික්මවන එවන් වන්දනීය වූ ගුරු මාපියවරු ඔබට අනිවාර්යයෙන් ම මුණගැසී ඇති. ඒ වගේ ම ඔබ ගුරුවරයෙක් නම් ගුණනුවණින් හා වත පිළිවෙතින් සරුව ඔබව සතුටට පත් කළ කීකරු සිසු දරුවන්ව ද ඔබට මුණගැසෙන්නට ඇති. හොඳින් කල්පනා කර බැලුවොත් ඔබ දෙපාර්ශවය ම සතුටට පත් කළේ ඔහු හෝ ඇය සතුව පැවති ගුණ සමුදාය මිස අනෙකක් නො වෙයි. එසේ නම්, ලොව සෑම ක්ෂේත්‍රයක ම මෙන් ම ගුරු ශිෂ්‍ය සම්බන්ධයේ සාර්ථකත්වයත් ගුණධර්ම මත ම යි රඳා පවතින්නේ. ගුරුවරයාගේ හදපිරි ආශීර්වාදය සිසු දරුවාටත්, සිසු දරුවාගේ අසීමිත ගෞරවාදරය ගුරුවරයාටත් ලැබෙන්නේ ගුණධර්ම මත ගොඩනැගුණු එවන් සම්බන්ධයක් තුළ පමණ ම යි.
ශිෂ්‍යයන්ගේ පාර්ශ්වයෙන් මෙන් ම ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් ද වැරදි අඩුපාඩු සිදු නොවෙනවා නොවෙයි. දරු ස්නේහයෙන් යුතුව, ආදරයෙන් රැකවරණ සැලසිය යුතු සිසු දරුවන් ගුරුවරුන් අතින් යම් යම් අපයෝජනයන්ට පත්වෙන අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා. ඒ වගේ ම වාණිජකරණයට ලක්වූ ඇතැම් ගුරුභවතුන්ගේ ක්‍රියාකලාපයන් තුළින් හුදු වෙළඳ ගනුදෙනුවක් මට්ටමට ම උතුම් ගුරු පදවිය පත් වී ඇති අවස්ථාත් දැන් දැන් දුලබ නෑ. එම නිසා සාර්ථක ගුරු ශිෂ්‍ය සබඳතාවයක් පිණිස ගුරුවරුන්ගේ පාර්ශවයෙන් ද ඉටුවිය යුතු යුතුකම් බොහෝයි. විශේෂයෙන් ම දරුවාට නිසිමග පෙන්වා දෙන ගුරුතුමාගේ ජීවිතය සිසු දරුවනට ආදර්ශවත් එකක් විය යුතු ම යි.
දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව යහපත ම පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨතම වූත්, අනුත්තරීය වූත්, අසමසම වූත් ගුරුවරයාණන් වහන්සේ වන්නේ ‘සත්ථා දේවමනුස්සානං’ ගුණ දරණ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ගුරු සිසු සබැඳියාව කෙබඳු ගුණධර්ම මත ගොඩනැගිය යුත්තක් ද යන වග මනාව පෙන්වා දුන්නේත් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ම පමණයි.
“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයා හට පස් කරුණකින් උවටැන් කළ යුත්තේ ය.
1. ගුරුවරයා දැක හුනස්නෙන් නැගිටීමෙන් ද
2. ගුරුවරයාට උපස්ථාන කිරීමෙන් ද
3. ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඇසීමෙන් ද
4. ගුරුවරයාට වතාවත් කිරීමෙන් ද
5. ගුරුවරයා උගන්වන ශිල්පාදිය සකස් කොට ඉගෙනගැනීමෙන් ද වශයෙනි.”
(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)
සැබෑ ගුණධර්ම මත පිහිටි ශිෂ්‍යයාගේ චරිතාපදානයයි භාග්‍යවතුන් වහන්සේ එසේ පෙන්වා වදාළේ. එහිදී ගුරුවරයා හට වත් පිළිවෙත්, පුද සත්කාර, වන්දනාමාන ආදී ගෞරව දැක්වීම්වලට විශේෂ අවධානයක් දැක්විය යුතු බව මනාව පැහැදිලි වනවා. ශිල්ප ශාස්ත්‍රාදිය මනාව පිහිටන්නේත්, ගුරුවරයාගේ උතුම් ආශීර්වාදය නිතැතින් ම හිමිවන්නේත් එබඳු ශිෂ්‍යයන් හටයි. බුද්ධ කාලයේ පැවති ගුරු ශිෂ්‍ය සම්බන්ධය තුළ මේ උතුම් ගුණධර්ම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කෙරුණා. වර්තමානයේ වුව ද පංති කාමරයක් තුළ ගෙවන පැය කිහිපයේ වුව ද දක්ෂ සිසුවාට මෙම සියලු අංගයන්ගෙන් ගුරුවරයාට උපස්ථාන කිරීමට ඕනෑ තරම් අවකාශ තියෙනවා. එසේ ම, අපහසුතාවයට පත් නොකොට නිශ්ශබ්දතාවයෙන් හා මනාව යොමු කළ කන් ඇතිව, සිහිනුවණින් යුතුව උගන්වන දෑ අසා සිටීමත්, එක් වරක් ඉගැන්වූ දෙය නැවත නැවතත් පාඩම් කරමින් සජ්ඣායනා කරමින් සකසා ඉගෙන ගැනීමත් අයිති වන්නේ ශිෂ්‍යයාගේ ගුණයට ම යි. මේ සෑම අංගයක් තුළින් ම තමා සෙත සලසාගන්නේ තමාට ම බව තේරුම් ගැනීමට තරම් ශිෂ්‍යයා බුද්ධිමත් විය යුතුයි.
ඊළඟට ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ උතුම් චරිතාපදානය තුළ දිස්වන උතුම් ගුණධර්ම පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ එහිදී පෙන්වා වදාළා.
“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයන් හට මෙසේ පස් කරුණකින් උවටැන් කරන විට ගුරුවරයා විසින් ද තම ශිෂ්‍යයන් හට පස් කරුණකින් අනුකම්පා කරති.
1. ශිෂ්‍යයා මනා හික්මවීමක් තුළ පුහුණු කරයි.
2. මනාකොට ගනු ලැබූවක් සෙයින් ක්‍රමානුකූලව ශිල්ප උගන්වයි.
3. තමා අසා දැන තිබෙන සියලු ශිල්ප (ගුරු මුෂ්ටි නොතබා) මැනවින් කියා දෙයි.
4. තම මිතුරන් හට ශිෂ්‍යයාව (ගුණ කථනය කොට) හඳුන්වා දෙයි.
5. සියලු දිශාවන්හි ආරක්ෂාව සපයයි.
(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)
මෙම ගුණයන්හි පිහිටා සිටින ගුරුවරයා සිසු දරුවනට ඒකාන්තයෙන් ම වාසනාව කැඳවනු ඇති. විශේෂයෙන් ම ශිෂ්‍යයාව මනාකොට හික්මවීමේදී ගුරුවරයා විසින් විෂය ධාරාවට අමතරව යහපත අයහපත පෙන්වා දෙමින් මෙලොව පරලොව දෙලොවට ම උපකාර කරන්නෙකු විය යුතු ම යි. දැනුමෙන් මෙන් ම ගුණනුවණින් යුතු ගුණවත් දරුවෙකු බිහිකිරීමේ අරමුණයි හැමවිට ම ගුරුවරයා තුළ තිබිය යුත්තේ. එසේ නොවන විට සියල්ලෙන් පිරිපුන් දරුවෙකු සමාජයට දායාද වන්නේ නෑ. එමෙන් ම පාසලේදී වුවත් අමතර පන්තියේදී වුවත් එක ම ආකාරයෙන් ගැළපෙන ප්‍රයෝග, නිදසුන්, ක්‍රමවේදයන් ගෙනහැර දක්වමින් ඉගැන්වීම් කටයුතු මනාව සිදු කළ යුතුයි. ශ්‍රේෂ්ඨ ගුරුවරයා කිසිවිටෙක ගුරු මුෂ්ටි තබාගෙන උගන්වන්නේ නොවෙයි. හෙතෙම ශිෂ්‍යයා තමාගේ දැනුමට සම වීම හෝ තමා ඉක්මවා යෑම පවා නොඉවසන්නේ නොවෙයි. ඒ වගේ ම “මේ මගේ ශිෂ්‍යයා මේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ව්‍යක්තයි. බහුශ්‍රැතයි.ඔහුට මා හා සමාන ව සලකන්න.” යැයි තමා විසින් වැදගත් ඥාති මිත්‍රාදීන්ට ශිෂ්‍යයාව හඳුන්වාදීමත් ශ්‍රේෂ්ඨ ගුරුවරයා අතින් සිදුවෙයි. ගුණයෙන් මෙන් ම ශිල්පයෙන් මනාකොට හික්මවන ලද ශිෂ්‍යයා කොයියම්ම දිශාවකට ගිය ද සාර්ථකත්වයට පත් වෙයි. එහිදී ඔහු කිසියම් සාර්ථකත්වයක්, ජයග්‍රහණයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, ලාභයක් ලැබුවේ ද ඒ සියල්ල ම වෙනුවෙන් සියලු දිශාවන්හි ඔහුට රැකවරණය කලින් ම සැකසුවේ ගුරුවරයා විසිනුයි. ඒ සියල්ල ගුරුවරයා ම ශිෂ්‍යයාට ලබාදුන්නේ වෙයි.
මෙවන් උතුම් ගුණධර්ම මත පිහිටි ගුරු ශිෂ්‍ය සම්බන්ධයත් නම් හැම තැන පවතින්නේ අද පවතින සියලු මතවාද, අඬදබර සන්සිඳී නොයාවි ද….? ඒකාන්තයෙන් මෙවන් ගුණ මත පිහිටි ගුරු සිසු උභය පාර්ශවය ම තමාටත් අනුන්ටත් යහපත ම සලසාලයි. පසුනොතැවෙයි, මනාව යුතුකම් ඉටුකිරීමෙන් ලත් තෘප්තියෙන් සැනසිල්ලට පත් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. දේව ආශීර්වාදය ලබයි. මරණින් මතු සුගතිගාමී වෙයි. තමාට මෙන් ම රට ජාතිය ආගමටත් යුතුකම් ඉටුකරන ශ්‍රේෂ්ඨ පුරවැසියන් වන්නේ ද ඔවුන් ම යි.
එම නිසා දරුවනේ, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ගුණධර්ම මත පිහිටා ගුරුවරුන් ඇසුරු කරන්න. එවිට ගුරුවරුන්ගේ හදවතින් නිරායාසයෙන් නැගෙන ආශීර්වාදය මහමෙරක් සේ ඔබව සුරකීවි. වේගයෙන් පරිහානිය කරා යන ලොවේ කොටස්කරුවෙකු නො වී සිටීමට ඔබට හැකි වේවි. ඔබ ගුරුවරුන් ඇසුරේ ඉගෙනගන්නා කාලයේදීත්, ඉන් අනතුරුවත් දෙමාපියන් ගැන මෙන් තම ගුරුවරුන් ගැන සොයා බලන්න. ඇප උපස්ථාන කරන්න. ඒකාන්තයෙන් ම ඔබට බොහෝ පින් පිරෙනවා.
ඒ වගේ ම පින්වන්ත ගුරුවරුන් වන ඔබත් කළ යුතු එක ම දෙය සිසු දරුවන් කෙරෙහි ස්වකීය දරු ස්නේහය උපදවා ගැනීමයි. ඒ තුළ පිහිටා සිසු දරුවන් හට අනුකම්පාව දක්වන්න. එවිට ඔබ ඔවුන් හට ලබාදෙන අල්පමාත්‍ර වූ දේ පවා ඔවුන්ගේ හිත සුව පිණිස පවතීවි. වේගයෙන් ගුණයන් අගාධයට යන සමස්ත සමාජය ගුණයෙන් අනූන කරවීම පිණිස හැරවීමේ ලක්ෂ්‍යය බවට පත් වීමට හැකියාව ඇත්තේ ඔබ සතුව බව කිසිදා අමතක නොකරන්න
ෆිලුම පැත්තට ගියොත් ,මුරලි කියන්නේ පාසලේ කව්රුත්ම එයාව ගනන් ගන්නේ නැති එයා කියන දෙයක් කව්රුවත්ම අහන්නෙත් නැති පාසලේ උසස් පන්තියක ඉගෙන ගන්න ළමයෙක්. මෙයාගේ තාත්තත් ඉන්නේ මේ පාසලේම වුනාට අඩුම ගානෙ එයාවත් මුරලිට කැමති නෑ. ඉතින් පාසලේ අනිත් ක්වර්වකුත්ම මෙයාට කැමති නෑ.
දවසක් මේ පාසලට අළුතින් පත්වීම අරන් සර් කනෙක් එනවා ගුරු කියලා. මෙයා එද්දිම පාසලේ අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා දැනගන්නවා. මේවට පාසලේ මෙයා කතා කරනවට කව්රුත්ම කැමති නෑ. පාසලට මේ ගුරු සර් ව ආපු දවසේ ඉදන් පාසලේ අනිත් ගුරුවරුනම් මෙයාට පොඩ්ඩක්වත් කැමති නෑ.
ඔහොම ඉන්න කොට සර් මුරලිව කිනවා. එයා ගැන බලද්දි පාසලේම ඉන්න චණ්ඩියෙක් වගේ කියලා මෙයා දැනගන්නවා. පස්සේ මුරලි ඉන්න පන්තියට අළුතින් ගෑණු ලමයෙක් එනවා ස්පූර්ති කියලා. ඉතින් මුරලිට මෙයා ආපු දවසේ ඉදන්ම හිත යනවා. මෙයා ස්පුර්තිව සෙට් කරගන්න ප්ලෑන් ටිකකුත් ගහනවා. පස්සේ නොසිතූ දේවල් ගොඩක්ම සිද්ද වෙනවා. ඔව් ඒ මොනවද කියලා බලන්න, මුරලිට ස්පූර්තිව සෙට් කරගන්න පුළුවන් වෙයිද..? ගුරු සර්ට පාසලේ අනිත් අය කැමති වෙයිද…? මොකද කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

The post Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/feed/ 1