Rasika Samanjith - SinhalaSub https://dseek.sldrive.cc/genre/rasika-samanjith/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Aug 2023 09:40:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rasika Samanjith - SinhalaSub https://dseek.sldrive.cc/genre/rasika-samanjith/ 32 32 Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:33:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51416 Sweetie, You Won’t Believe It Sinhala Sub Sweetie, You Won’t Believe It Sinhala Subtitles Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් […]

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sweetie, You Won’t Believe It Sinhala Sub
Sweetie, You Won’t Believe It Sinhala Subtitles
Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub
Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් නිර්මාණයක්. රුසියන් සහ කස්කස්තාන් යන භාෂා දෙකෙන්ම එලි දැක්වෙලා තියෙනවා.

චිත්‍රපටය තමයි 2021 වසරේ නිකුත් වූ Sweetie, You Won’t Believe It. ඔරිජිනල් නම ඇවිල්ලා Zhanym, ty ne poverish. ධාවන කාලය විනාඩි 84 යි. 6.2/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි අපි දන්නහඳුනන මුහුණු නම් නෑ. කොහොමහරි ඉතා දක්ෂ කසකස්තාන් නලු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. ඒ Daniyar Alshinov (දස්තාන්), Asel Kaliyeva (සහානා), Azamat Marklenov (අර්මාන්), Yerlan Primbetov (මුරාත්), Dulyga Akmolda (ටාර්සන්), Almat Sakatov (කුකා), Rustem Zhanyamanov (පීටොක්), Yerkebulan Daiyrov (කිසෙක්) සහ Bekaris Akhetov (බූසාව්).

දස්තාන්ගෙ බිරිඳ සහානා ඇගේ පළමු දරුවා බිහි කරන්න ආසන්නවයි ඉන්නෙ. ඇගේ කට ගැන නම් කියන්න වචන නෑ. අපේ බොහෝ ගෑණුන් වගේම තමයි. ෂේප් වෙන්න කොහොම කතා කලත්, මොකක් කිව්වත්, ඒකෙ වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හරි දස්සයි. ප්‍රසූතිය ළංවෙන්න ළංවෙන්න තත්ත්වය තවත් දරුණු වෙනවා. ඇගේ කන්දොස්කිරියාවෙන් දවසකට හෝ බේරෙන්න හිතාගෙන දස්තාන් තමාගෙ අතිජාත මිත්‍රයො දෙන්නත් එක්ක දවසෙ ට්‍රිප් එකක් යනවා. ඒ ටිකක් කැලෑබද ප්‍රදේශයක තියෙන පොඩි ගඟක මාලු බාන්න. ඒ තමයි එයාලගෙ මුල්ම ෆිෂින් ට්‍රිප් එක. පටන් ගැන්මෙදි නම් වැඩේ ලස්සනට, ෆන් එකේ යනවා. ඒත් ඒ කූකූ ප්‍රමුඛ හතර දෙනෙක් කරන මිනී මැරුමක්, මිතුරන් තිදෙනා තම දෑස් වලින්ම දකින තුරු විතරයි. අපි එහෙනම් මධ්‍යම ආසියානු රටක සිනමා ශීල්පීන්ගේ සිනමාත්මක හැකියාවත්රස විඳිමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/feed/ 0
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/medal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/medal-2023-sinhala-subtitles/#comments Tue, 15 Aug 2023 10:13:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50446 Medal Sinhala Sub Medal Sinhala Subtitles Medal (2023) Sinhala Sub Medal (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වෙනසකටත් එක්ක මේ පාර ඔයාලට අරන් ආවා නවතම පන්ජාබ් සිනමා නිර්මාණයක්. ඒ තමයි 2023 ජුනි 02 දින ඉන්දීය සිනමාවට එකතු වුනු Action, Crime, Drama යන කැටගරි වලට අයත් The Medal. පැය 2, විනාඩි 02 ක ධාවන කාලයක් සහිත […]

The post Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Medal Sinhala Sub
Medal Sinhala Subtitles
Medal (2023) Sinhala Sub
Medal (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෙනසකටත් එක්ක මේ පාර ඔයාලට අරන් ආවා නවතම පන්ජාබ් සිනමා නිර්මාණයක්. ඒ තමයි 2023 ජුනි 02 දින ඉන්දීය සිනමාවට එකතු වුනු Action, Crime, Drama යන කැටගරි වලට අයත් The Medal. පැය 2, විනාඩි 02 ක ධාවන කාලයක් සහිත ‘මෙඩල්’, 7.0/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටය වන Shooter [2022] චිත්‍රපටයෙන් පන්ජාබ් සිනමාවේ ස්ටාර් කෙනෙක් වෙන්න වරම් ලද, ගායකයෙක්, නලුවෙක් සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන Jay Randhawa සමග Baani Sandhu, Jag Singh සහ Pradeep Singh Rawat රංගනයෙන් දායක වෙනවා. ජේ රන්දවාගේ Chobbar [2022] චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Maneesh Bhatt ගේම අධ්‍යක්ෂනයක්.

කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?මෙතැන් පටන් ඔබට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/medal-2023-sinhala-subtitles/feed/ 1
Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sur-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sur-2002-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 18:51:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49873 Sur Sinhala Sub Sur Sinhala Subtitles Sur (2002) Sinhala Sub Sur (2002) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “ආ භි ජා” කියන අකුරු තුන ඇහෙද්දි, ඒ මොකක්ද කියල අමුතුවෙන් කාටවත් කියන්න ඕන නෑ. ඕන කෙනෙකුට මතකයට එනවා, ලොවක් නැලවූ, හදවත් සැනසූ මන මෝහනීය ගීතයක්. අලුත් පරම්පරාව නම් දන්නෙ නැතුව ඇති. හැබැයි “SUR” කිව්වම නම් එච්චර මීටර් […]

The post Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sur Sinhala Sub
Sur Sinhala Subtitles
Sur (2002) Sinhala Sub
Sur (2002) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“ආ භි ජා” කියන අකුරු තුන ඇහෙද්දි, ඒ මොකක්ද කියල අමුතුවෙන් කාටවත් කියන්න ඕන නෑ. ඕන කෙනෙකුට මතකයට එනවා, ලොවක් නැලවූ, හදවත් සැනසූ මන මෝහනීය ගීතයක්. අලුත් පරම්පරාව නම් දන්නෙ නැතුව ඇති. හැබැයි “SUR” කිව්වම නම් එච්චර මීටර් නැතුව ඇති. ඒ තමයි “ආ භි ජා” ගීතය ඇතුලත් සුපිරි සංගීතමය හින්දි චිත්‍රපටය. ඉතින් අද අරන් ආවෙ 2002 සැප්තැම්බර් 13 රිදී තිරයේ රැව්දුන් Sur – The Melody of Life චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. Drama, Musical, Romance ෆිලුමක්. ධාවන කාලය පැය 2යි විනාඩි 16 යි. සටන් ගැටුම් වලින් තොර, ගස් වටේ දුවන පෙම්වතුන්ගේ ගීත රාමුවෙන් මිදුණු, ලස්සන කතාවක් ඇතුලත් සංගීතමය නිර්මාණයක්.

Sur චිත්‍රපටය ජනප්‍රිය වුනේම එහි සංගීතය නිසාමයි. “ආ භි ජා”ත් ඇතුලුව මිහිරි ගීත රාශියක් චිත්‍රපටයෙ ඇතුලත් වුනා. ඔක්කොම එක වගේ ලස්සන ගීත. විශේෂයෙන්ම අන්තිම ගීතය වන “කබි ශාම් දලේ”. ඉතින් සංගීතය කිව්වම කාවද මතක්වෙන්නෙ? සංගීත අධ්‍යක්ෂක. තෙලිගු සිනමාව මූලික කරගෙන ඉන්න ඉන්දීය සිනමාවෙ දැවැන්තයෙක්. ඔහු ඉන්දීය සිනමාව වෙනුවෙන් කල සේවය නිසා මේ වසරේ (2023) ඉන්දීය රජය ඔහුට “පද්ම ශ්‍රී” සම්මානයෙන් ගෞරවය පුදකලා. බාහුබලි 1 සහ 2 [2017 / ], මගදීරා [2009], පහේලි [2005], ජිස්ම් [2003] යන අති ජනප්‍රිය චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ විතරක් නොවෙයි පසුගිය 2022 වසරේ, “RRR” චිත්‍රපටයේ “Naatu Naatu” ගීතයෙන්, 95 වෙනි ඇකඩමි සම්මාන උලෙලේ “Best Original Song” සම්මානය, ප්‍රථම වරට ඉන්දියාවට, ඒ වගේම ආසියාවට හිමිකර දුන් අසහාය කලාකරුවා. ඒ තමයි වැඩිය කවුරුවත් නමින් නොහඳුනන, ඇල්බම් නිෂ්පාදකයෙක්, ගායකයෙක් සහ පද රචකයෙකුත් වන M. M. Keeravani. ඔහුගේ සංගීතයෙන් හැඩවුනු ගීත 7 ක් Sur චිත්‍රපටයේ ඇතුලත් වුනා. ඒ සියලුම ගීත වල පද රචනය Nida Fazli ගෙන්.

  • “ආ භි ජා ආ භි ජා” – ලකී අලි, සුනිදි චවුහාන්
  • “ආඕ තුම්හෙ ඒක් නයී බාත්” – ලකී අලි
  • “ඩිල් මේන් ජාගි දඩ්කන් ඒසේ” – සුනිදි චවුහාන්
  • “ජානා ක්‍යා ඩූන්තා හේ” – ලකී අලි
  • “කබි ශාම් දලේ” – මහාලක්ෂ්මී අයියර්
  • “කොයා හේ තුනෙ ජො යෙ දිල්” – ලකී අලි
  • “තූ දිල් කි කුෂී” – ලකී අලි, සුනිදි චවුහාන්

රඟපෑම් පැත්තට ගියොත්, මෙහි සියලුම පිරිමි ගීත ගායනා කල Maqsood Mahmood Ali නොහොත් ලකී අලි තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. ඔහු නලුවෙකුට වඩා ගායකයෙක්, පද රචකයෙක්. Sunoh [1996], Sifar [1998] ඇතුලු ජනප්‍රිය ගීත ඇල්බම් කීපයක්ම එලි දක්වලා තියෙනවා. ඒ වගේම ඔහුට සිනමා පසුබිමකුත් තියෙනවා. ඔහුගේ පියා තමයි පැරණි බොලිවුඩ් විකට නලු මෙහෙමූද්. ඒ වගේම ජනප්‍රිය හින්දි නිලි මීනා කුමාරිගෙ සහෝදරියක් වන මහේලකා තමයි ඔහුගෙ අම්මා. “කහෝ නා ප්‍යාර් හේ” චිත්‍රපටයේ “ඒක් පල් කා ජීනා” ගීතය ගායනය වෙනුවෙන් ඔහුට 2001 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම පසුබිම් ගායනයට (පිරිමි) හිමි සම්මානය හිමිවුනා. 2003 වසරේ පැවති 48 වෙනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම පසුබිම් ගායනය සඳහා, Sur චිත්‍රපටයේ “ආ භි ජා” ගීතය වෙනුවෙන් ඔහුගේ නම යෝජනා වුනත්, Saathiya [2002] චිත්‍රපටයේ “සාතියා..” ගීතය ගායනා කල සෝනු නිගම් හමුවේ පරාජයට පත්වුනා. Lucky Ali (වික්‍රමාදිත්‍ය සිං) සමග Gauri Karnik (ටීනා), Simone Singh (දිව්‍යා), Achint Kaur (පූජා), Harsh Vashisht (අකීබ්), Divya Dutta (රීටා) සහ Ehsaan Khan (හර්මන්) රංගනයෙන් දායක වෙනවා. ඒ සියලු දෙනාගෙ රඟපෑම් විචාරක ගෞරවයට පාත්‍ර වුනා. ඒ ගෞරවයෙන් වැඩි කොටසක් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා Tanuja Chandra ට හිමි විය යුතුමයි. ඇය ඇගේ කාර්යය ප්‍රශස්ත ලෙස ඉටුකර ඇති බව ඔයාලටත් පෙනේවි. තිර රචනයත් ඇයම තමයි. “දිල් තෝ පාගල් හේ” හී තිර රචනයටත් ඇය සම දායකත්වයෙන් සහභාගි වෙලා තියෙනවා. 1998 වසරේ කාජල් රඟපෑ Dushman චිත්‍රපටයෙන්, චිත්‍රපට අධ්‍යක්ෂනය පටන් ගත් ඇයගේ දෙවෙනි අධ්‍යක්ෂනය වුනේ 1999 වසරේ නිකුත්වූ ආක්ෂේ කුමාර් රඟපෑ Sangharsh. හතර වෙනි එක තමයි Sur.

වික්‍රමාදිත්‍ය සිං කියන්නෙ ජනප්‍රිය සංගීතවේදියෙක්, ගායකයෙක්. සංගීත පාසලක් පවත්වාගෙන යනවා. දවසක් වික්‍රම්ට දකින්න ලැබෙනවා, පල්ලියක ගීතිකා කියමින් සිටින ටීනාව. දුප්පත් තරුණියක්. ඇගේ දක්ෂතාවය හඳුනාගන්න වික්‍රම් ඇයව තම පාසලට එක්කන් යනවා. ඔහුට ඕනෙ ඇයව ස්ටාර් කෙනෙක් කරන්න. ඔහුට ඕනෙ ඇයව තව වික්‍රමාදිත්‍ය සිං කෙනෙක් කරන්න. නමුත් ඇය තමන්ටත් වඩා සංගීතයට දක්ෂ වේගෙන එනකොට, වික්‍රම්ට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඔහුගේ මේ ඊර්ෂ්‍යාව ඔහුව කොහේට අරගෙන යයිද? ඔහු ටීනාගේ දෙයක් හොරකම් කරනවා. ඒ මොකක්ද? උත්තරය = Sur. සියලු දේ අමතක වෙන මන මෝහනීය සංගීතයක් සමග හෝරා දෙකක් ගත කරන්න ආරාධනා කරනවා. ඒ වගේම පරිස්සම් වෙන්න, අවාසානයේදී ඔබ නොදැනුවත්වම ඔබේ ඇසට කඳුළක් උණනු නොඅනුමානයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sur-2002-sinhala-subtitles/feed/ 0
I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-am-rage-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-am-rage-2023-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49852 I Am Rage Sinhala Sub I Am Rage Sinhala Subtitles I Am Rage (2023) Sinhala Sub I Am Rage (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පසුගිය, එනම් 2023 අගෝස්තු 01 වැනි දින ඇමෙරිකාවේදී VOD / Digital මාධ්‍යයෙන් නිකුත්වූ බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන I am Rage සිනමා පටයට තමා අද අරගෙන ආවෙ. 3.5/10 ක IMDb අගයක් තමයි […]

The post I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Am Rage Sinhala Sub
I Am Rage Sinhala Subtitles
I Am Rage (2023) Sinhala Sub
I Am Rage (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පසුගිය, එනම් 2023 අගෝස්තු 01 වැනි දින ඇමෙරිකාවේදී VOD / Digital මාධ්‍යයෙන් නිකුත්වූ බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන I am Rage සිනමා පටයට තමා අද අරගෙන ආවෙ. 3.5/10 ක IMDb අගයක් තමයි අරන් තියෙන්නෙ. හැබැයි 75% කට Rotten Tomatoes මීටරේ නම් කරකවගෙන තියෙනවා. ඔයාලම බලලා තීරණය කරන්නකෝ. විනාඩි 89 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Horror, Thriller වර්ගයේ චිත්‍රපටයක්. Hannaj Bang Bendz (එරින්), Antonia Whillans (සාරා), Marta Svetek (මාග්‍රට්), Derek Nelson (ඇඩම්), Luke Aquilina (මයිකල්), Jamie B. Chambers (පීටර්), Niko Foster (විල්සන්) සහ Debbie Sheridan (රූත්) රංගනයෙන් එකතු වෙනවා.

මෙහි කතාව ගොඩනැගෙන්න පැරණි ස්කොට්ලන්ත ධනවත් පවුලක් වටා. එරින් එයාගෙ පෙම්වතා වන ඇඩම් එක්ක, ඇඩම්ගෙ දෙමාපියන්ගෙ ගෙදර යනවා. ඇඩම්ගෙ සහෝදරයා වන මයිකලුත් එදාම එයාගෙ පෙම්වතිය සමග ඒ ගමනට එකතු වෙනවා. මේ ගේ පාරම්පරික නිවසක්. නගරයෙන් බොහෝ ඈත හුදෙකලා පෙදෙසක තියෙන්නෙ. හැතැප්ම සීයකට කවුරුත් නෑ කියලයි කියන්නෙ. ඇඩම් සහ මයිකල් දෙන්නගෙ තාත්තා පීටර්. අම්මා රූත්. සහෝදරිය මාග්‍රට්. තරුණියන් දෙදෙනාට මුල ඉඳන්ම මේ පවුල අල්ලන්නෙ නෑ. අමුතු ජාතියෙ විකාර සිරිත් විරිත් තියෙන්නෙ. ඇඩම් නම් කියන්නෙ එයාගෙ දෙමව්පියෝ පරණ තාලෙ අය කියලා. කෙල්ලො දෙන්නට නවතින්න කාමරයක් ලැබුනට එයාලගෙ බෑග් කාමරේට ලැබෙන්නෙ නෑ. මෙයාලගෙ හැසිරීමත් වෙලාවකට අමුතුයි. කොහොමහරි රෑ කෑම මේසෙදි එයාලගෙ සම්ප්‍රදායක් කියල මොකක්දෝ බීමක් දෙනවා. කෙල්ලො දෙන්නා බිව්වට අනිත් කට්ටිය බොන්න හදනවා විතරයි බොන්නෙ නෑ. ඇයි ඔයාල බොන්නෙ නැත්තෙ කියල ඇහුවම හිනාවෙනවා. ඊට පස්සෙ කෙල්ලො දෙන්නට මොනවදෝ වෙනවා. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ? මොකක්ද මේ පවුලේ අභිරහස? හොඳ හරිය පස්සට. වචන කීපයක් ඇරෙන්න අසභ්‍ය දර්ශන නම් නෑ. හැබැයි අමානුෂික දර්ශන නම් තියෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-am-rage-2023-sinhala-subtitles/feed/ 0
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/#respond Tue, 25 Jul 2023 16:50:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46596 The Enforcer Sinhala Sub The Enforcer Sinhala Subtitles The Enforcer (1995) Sinhala Sub The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Enforcer Sinhala Sub
The Enforcer Sinhala Subtitles
The Enforcer (1995) Sinhala Sub
The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-enforcer-1995-sinhala-subtitles/feed/ 0
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-lost-lotteries-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-lost-lotteries-2022-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 18:26:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45542 The Lost Lotteries Sinhala Sub The Lost Lotteries Sinhala Subtitles The Lost Lotteries (2022) Sinhala Sub The Lost Lotteries (2022) Sinhala Subtitles

The post The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Lost Lotteries Sinhala Sub
The Lost Lotteries Sinhala Subtitles
The Lost Lotteries (2022) Sinhala Sub
The Lost Lotteries (2022) Sinhala Subtitles

The post The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-lost-lotteries-2022-sinhala-subtitles/feed/ 0
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/#respond Sat, 15 Jul 2023 01:41:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44517 Mother’s Day Sinhala Sub Mother’s Day Sinhala Subtitles Mother’s Day (2023) Sinhala Sub Mother’s Day (2023) Sinhala Subtitles අම්මලා එක්ක පැටලෙන්න එපා                 සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, […]

The post Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mother’s Day Sinhala Sub
Mother’s Day Sinhala Subtitles
Mother’s Day (2023) Sinhala Sub
Mother’s Day (2023) Sinhala Subtitles
අම්මලා එක්ක පැටලෙන්න එපා

                සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother’s Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන “නීනා නොවාක්” හෙවත් “කිකිමෝරා”ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. “මදර්” ෆිල්ම් එකට වඩා “මදර්ස් ඩේ” ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.

“Don’t mess with mother”

ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/feed/ 0